උතුරු නැගෙනහිර දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙනගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා පනතක් ගෙන එන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් යාපනය නල්ලූර් හින්දු විද්‍යාලයේ උත්සවයකට සහභාගී පැවසීය.
සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා බැවින් උතුරු නැගෙනහිර සිංහල රජයේ සේවකයින්ට දෙමළ භාෂාවත්, දෙමළ සේවකයින්ට සිංහල භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා මගින් නීතිරීති පැනවීමට තීරණය කොට ඇති බව ඔහු කීය.
එමෙන්ම සිංහල හා දෙමළ භාෂා දෙකම දැනගෙන සිටීම සංහිඳියාව වර්ධනය වීමකට වඩා ඉතා ඉහළ රැකියාවක නිරත වෙමින් රටතුළ ජීවත් වීමට පහසු තත්ත්වයක් ඇති කරන බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශිකලාට ඉතින් අසල්වාසීයා කතා කරන දෙමල භාෂාවට වඩා දීපාන්කරේ ඉන්න සුද්දෝ කතාකරන ඉංග්‍රීසිය ලොකුයිනේ. කනටත් මී පැණි වගේලු..හැබැයි ඉතින් ඔහොම හිතන ගොඩ සුද්දන්ට සිංහලවත් කතා කරගන්න බැහැ හරියට? විග්නේශ්වරන් මහත්තයට ඔය භාෂා තුනම පුළුවන්. අපේ අයට ඒ එකක්වත් හරියට බැහැ? (අ)
මෙහෙ රාජ්‍ය භාෂාව සිංහල පමණක් වියයුතුයි. (නි)
ඊට වඩා වටිනවා හැමෝටම ඉංග්‍රීසි ඉගැනුවා නම් . එතකොට දෙමළ අය එක්ක විතරක් නොවේ අනිත් රටවල අය එක්කත් කතා කරන්න පුළුවන්. ඉදියාවේ වුණත් දෙමළ දන්නේ තමිල් නාඩු වැසියන් පමණි. (අ)
භාෂාවක් ඉගැනීම අනිවාර්ය කළ යුතු නැ. (අ)
අපේ බහුතරයක් හින්දි, කොරියන් ටෙලි නාට්‍ය බලන්න හොදනම් අසල්වැසියාගේ භාෂාව ටිකක් ඉගෙන ගාත්නම් හොදනැද්ද (අ).
ඉන්දියාවේ බොහෝ භාෂා තිබුණත් හැම කෙනෙකුටම හින්දි පුළුවන්. පකිස්තානයේත් එහෙමයි තමන්ගේ භාෂාව මොක වුණත් හැම දෙනාටම උර්දු පුළුවන්. ඉතින් මේ පුංචි ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ ඔක්කෝම බක පණ්ඩිතයෝ නිසා. (අ)
වැරදි කෝණයෙන් බලපු නිසා රට අගාදයට ඇද දැම්මා දැන්වත් ජාතින් අතර සමගිය ඇතිකිරීමට සිංහල සහ දෙමල අනිවාර්ය කල යුතුයි ගම්වල තවම ඉන්නවා දරුවෝ ඉගෙන ගන්නවට ඉර්සියා කරන අය (අ)
බොහෝ දේශප්‍රේමින් පර සුද්දන් කියන අයගේ භාෂාව ඉගෙනීම උසස් කොට සැළකුවත්, රටේ ඉන්න ගමේ ඉන්න අල්ලපු වැටේ ඉන්න තමන්ට නෑකම් කියන භාෂාවන් ඉගෙනීම මදි කමක් කොට සිතනු ඇත. ජාත්‍යන්තරය සමඟ ඉදිරියට යාමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය බව සිතුවත් රටේ ඉන්න එවුන් එක්ක ඉදිරියට යාමට භාෂාවක් අපි නොදනිමු. ප්‍රමාද වී හෝ විග්නේශ්වරන් මහතාගේ යෝජනාව පැමිණීම ගැන ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි අගය කරමු.(අ)
ඉතාමත් හොඳ දෙයක් ගොබ්බෙයෝ වගේ කෑ ගහන්නේ නැතුව ඉගෙන ගන්න. ඉගෙන ගත්තු දෙයක් කවදාවත් අපතේ යන්නේ නෑ. (අ)
හොඳදේට කවුරු කළත් හොඳයි කියන්න ඕනෑ (නි)
මේ මහාඇමති හොඳ දෙයක් කියල කරන්ඩ හදන්නේ මෙච්චරයි.(අ)
සුරෙෂ්ලා වැනි අරාබි හාම්පුතුන් යටතේ සේවය කරන අයට හොඳට තේරෙනවා අරාබි භාෂාව ඉගෙන ගැනීමේ වටිනා කම. අනික සුරේෂ් වැනි බුද්ධිමතුන් දන්නවා ඒ රටවල මානසික පීඩාවෙන් දිවි ගෙවන මිනිසුන්ගේ අයිතිවාසිකම් පවා. කාන්තාවන්ට ඒ අය මොනතරම් ගෞරවයෙන් සලකනවද කියල වැටහෙන්නේ සුරෙෂ්ලා වගේ බුද්ධිමත් අයට පමණයි. (අ)
අපිට නම් දෙමල ඉගෙන ගන්න තරම් පිස්සුවක් නෑ, ඒ කාලය අපි යොදවන්නම් ඉංග්‍රිසි ඒගෙන ගන්න, ඕගොල්ලෝ අපේ රටේ ඉන්නා නම් කරුණාකර සිංගල ඉගෙන ගන්න ඔයාලටනේ සිංහලුත් එක්ක වැඩ කරද්දී සිංහල ඕන,ඕක අපිට පරදේසක්කාර භෂාවක් අනික නිකන් දෙමල වගේ කියම්න්නේ කනට මිහිරි භාෂාවකුත් නෙමේනේ (අ)
මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි ඇයුරු මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ (අ)
එවැනි නීති අනුමත කිරීමට පළාත් සභාවට බලයක් නෑ (අ)
ඒ මනුස්සය හරි , සමහරක් තනකොල මයි කන්න හදන්නේ (අ)
සිංහලයින් දෙමළාව තියන්න ඕනා තැන තිබ්බ නැති එකේ වරද තමයි මේ? කාගේ හයිය අරගෙනද දන්නේ නැහැ, ළඟකදී ඉඳලා මෙයා දඟලනවා ටිකක් වැඩියි? (අ)
ඉතාම හෝද වැඩක්. බුද්ධිමත් අයට මේක තේරෙනවා හොදට. (ර)
ජාතියක් කියන්නේ මනුෂ්‍ය ජාතිය. අනිත් ඔක්කොම තිරිසන් ජාතිය. අපි එ් පැත්තට වැටෙන්න ඕනෑ නැහැ. සිංහල භාෂාවක්. අපි උපන්නේ ශ්‍රි ලංකාවේ. අපේ මුතුන්මිත්තෝ ආවේ කොහෙන්ද කියලා ඔය ජාතිමාමකයෝ අහනවද? දේශපාලන වාසි වලට කුල මල ජාති ඇදගෙන ආවොත් අපිට වෙන්නේ එකා මත්තෙම මැරෙන්නයි (නි)
ඉතින් ඔය පණ්ඩිතයන්ට තියෙන්නේ, විග්නේශ්වරන් මහත්තයට බුලත් අතක් දීලා දෙමළ ඉගෙනගන්නනේ. අනික උර්දු හා හින්දු භාෂාව සිංහලට වැඩිය ගොඩක් ලොකුත් ඇතිනේ. (නි)
විග්නේශ්වරම් මහතා කියපු එකම හොඳ කතාව (නි)
විකුම් රංගන, ඔබේ ප්‍රකාශය ගැන අපි කණගාටු වියයුතු වන්නෙමු. සමහරවිට මෙය ඔබේ නොදැනුවත්කම වෙන්නට පුළුවන්. ඔබ වැන්නන් මේ තත්ත්වයට පත්කිරීමට ජාතිප්‍රේමින් වශයෙන් පෙනීසිටින දේශපාලකයන් වගකිව යුතුය. (නි)
ශ්රී ලංකාවේ ත්‍රස්තවිරෝධී සටන ආයුධයක් කරගෙන එල් ටී ටී ඊ උදව්වෙන් බටහිර ධනවාදී රටවලට පැනගත් ශ්‍රී ලාංකික දමිළයෝ මාස කිහිපයක් තුළ ඉංග්‍රීසි, ප්‍රංශ හා ජර්මන් වැනි දුෂ්කර භාෂා ඉගෙනගෙන ඒ රටවල ආර්ථික හා දේශපාලන බලයක් ගොඩනංවා ගත්තා. ලංකාවේ උපත ලබා මුළු ජීවිත කාලයක් ලංකාවාසීන්ගේ බදු මුදල් වලින් අධ්‍යාපනයත් සෞඛ්‍යය සේවයත් නොමිලයේම ලබාගෙන පිටරටදී සිංහල පුලුවන්ද කියා ඇසුවිට "එනක්කු සිංගල තේරිය ඉල්ලේ" කියන්නේ මහත් උජාරුවෙන්. මේ තත්වයට ඍජුවම වගකියන්න ඕනෑ දමිළ දේශපාලුවෝ. සිංහලයාට දෙමළ උගන්වන්න ගියදාට ඔය ඇත්තෝ දමිළයන්ගෙන්ම ඉල්ලන් කන දවස වැඩි ඈතක් නොවේ. (නි)
තමිල්නාඩුවට ගිහිල්ලා කින්න දෙමළ ඉගෙනීම අනිවාර්යයි කියලා. සිංහල රටේ සිංහල ඉගැනීම අනිවාර්ය වුණාට, අනෙකුත් භාෂා තම තමන්ගේ ඕනෑ එපාකම් වලට යොදාගන්න. ලංකාවට අනිවාර්ය භාෂා දෙකක් එපා. සිංහල ඉගෙනීම දෙමළ ජනතාවට අනිවාර්යයි, එයයි මේ රටේ අනන්‍යතාව. (නි)
අපේ ළමයින් නම් දෙමළ ඉගෙනගන්නවා. ඔබේ ළමයින්ට සිංහල ඉගැන්වුවොත් හොඳයි නේද? (නි)
විග්නේෂ්වරන් මහත්මයා, සිංහලයි දෙමළයි පැත්තක තියල පාලි භාෂාව ඉගැන්නුවා නම් හොඳ නැද්ද? ලංකාව බුද්ධාගමේ රටක් වුණාට පාලි භාෂාව අනිවාර්ය කරලා නැහැනේ. මේ හදන්නේ ජපානෙට ගිහිල්ලා දෙමළ අනිවාර්ය කරන්න කියනවා වගේ වැඩක්. (නි)
මේ මම ඊර්ෂ්‍යාවට කියන කතාවක් නොවේ. අනන්‍යතාව රැක ගැනීමට කියන කතාවක්. පුලුවන්නම් ලංකාවේ කොඩියෙන් අනවශ්‍ය පාට නැති කරලා දෙන්න. ලංකාව ස්වෛරී රාජ්‍යයක් වෙන්නේ එවිටයි. (නි)
අනිවාර්යයෙන් වියයුතු දෙයක්. ඉතාම හොඳ වැඩක්.(ම)
එහෙනම් තමිල්නාඩුවේ මිනිස්සුන්ටත් සිංහල ඉගෙන ගන්න අනිවාර්‍යය කරන්න එතකොට අපි මේකට එකග වෙන්නම්. මේක සිංහලයගේ රට, මේක බෞද්ධයගේ රට, මේක අපේ රට ඔය ගොල්ලොන්ට මේකේ ඉන්න බැරි නම්, යන්න කෝ දෙමළ බහුතරයක් ඉන්න තමිල් නාඩුවට. (බ)
උගන්වන භාෂාවට වඩා ආචාර්ය ධර්ම වලට ගරු කරන උත්තම පුරුෂයා බිහි කිරීම වැදගත්. එවන් අය බිහි කළොත් ලංකාවේ සංහිඳියාවෙන් හැමෝම සතුටින් ජීවත් වේවි (බ)
දිගුකල් යුද්ධය නිසා සිංහල දෙමළ අය අතර බිඳීම යාකරන්න හොඳම දෙයක් තමා යෝජනා වෙලා තියෙන්නේ. නමුත් මෙහි අනිවාර්යෙන්ම යටි අරමුණක් ඇතුවයි මේ අදහස උඩට එන්නේ. ඒ කෙසේවෙතත් තමන්ගේ හදවතේ ආදරයක් කැමැත්තක් නැතුව බසක් ඉගෙනීම සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම අනිවාර්ය කිරීම කෝපය සහ කළකිරීමට හේතුවෙනවා. මම සිංහල ඉංග්‍රීසි වලට අමතරව ජපන්බස ඒ රටට ගොස් ඉගෙනගත්තා. මේ රටේ දෙමළ ඉගෙනගන්න මගේ සිතට ආදරයක් කැමැත්තක් ඇතිවෙන්නේ නැහැ. (නි)
ආචාර්ය එඩ්වඩ් පෙරේරා මහතාගේ අදහසට මාත් එකගයි. යුරෝපා රටකට ජිවත් වෙන ඕනෑම සුළු ජාතිකයෙක් එම රටේ මහජාතියේ භාෂාව ඉගෙනගන්නම ඕනේ . හැබැයි අපේ රටේ විතරක් එකේ අනිත් පැත්ත . .(රේ)
මොන භාෂාවත් ඉගෙනීම වැදගත් (නි)
මෙතන මූලිකම ප්‍රශ්නය 75% සිංහල කතාකරන රටේ 18% පමණක් කතාකරන දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කළ එකයි. නමුත් කළයුතුව තිබුනේ දෙමළ භාෂාව "දෙවන ප්‍රධාන භාෂාව" ලෙස නිල වශයෙන් පිළිගැනීමයි. නමුත් මේ මහත්තුරු මේ හදන්නේ යුද්ධයෙන් දිනාගත නොහැකිවූ දේ වක්‍රාකාරව නිලවශයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමක්. අද සැබෑ තත්වය තමයි ඉංග්‍රීසි බැරිනම් කොළඹ කිසිම කාර්යාලයකින් හෝ බැංකුවකින් වගේ ආයතනවලින් පහසුවෙන් වැඩක් කරගන්න සිංහල දෙමළ දෙගොල්ලන්ටම බැහැ. සැබෑ ප්‍රශ්නය එලෙසම පවතිද්දී වටෙන් එන්නේ පොල් පැලේට බව නම් තේරෙනවා. (නි)
ඉගෙනගැනීම හොඳයි. හැබැයි අනිවාර්ය නැහැ. මොකද මේක සිංහල රට. (ම)
ඔබතුමාලත් ටිකක් දඟලන්නේ නැතුව ඉන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
මම රාජකීය විද්‍යාලයේ 1973 සිට 1985 වෙනකම් හිටපු කාලේ, දෙමළ භාෂාව අනිවාර්ය විෂයක් හැටියට ඉගෙනගත්තා. දැන් කියවන්නට පුළුවන් පමණකි. (නි)
මේක තමිල්නාඩුව නොවෙයි, මේක සිංහල රට. එහෙම බලෙන් ඉගෙනගන්න කිසි අවශ්‍යතාවක් අපිට නැහැ (නි)
කොහොමත් දකුණේ හුඟක් සිංහල පාසල්වල දෙමළ භාෂාව කලින් ඉඳලම උගන්වනවා. මගේ ළමයි දෙන්නා වාර විභාග වලදී සිංහල විෂයට වැඩිය දෙමළ විෂයටයි වැඩි ලකුණු ගන්නේ. ඕනෑම භාෂාවක් ඉගෙනගැනීම තම තමන්ගේ යහපතට හොඳයි. නමුත් නීතිරීති පනවලා බලකිරීමකින් ඉගෙනගන්න කියනවා නම් එ්ක එතරම් සුබවාදී නොවන බවයි මගේ නම් හැඟීම. (නි)
ඕනෑම භාෂාවක් ඉගෙනගැනීම හොඳයි. නමුත් විග්නේශ්වරන්ගේ යටි අරමුණු හා පසු අරමුණු කොයිවගේද කියලා දැන්ම කියන්න බැහැ (නි)
රටක බහුතරය සුළු ජාතික භාෂාවක් ඉගෙනගැනීමට වැඩිය සුළුතරය බහුතරයගේ භාෂාව ඉගෙනීම වඩා ප්‍රායෝගික වෙනවා. (නි)
මේක අනිත් පළාත් සභාවලත් කරන්න බැරිද? (නි)
හොඳ වැඩක්. ඒ වගේම සිංහල අය හා දෙමළ අය විවාහ වෙන්නත් උනන්දු කරවන්න. එතකොට දෙගොල්ලාම එක මහා ජාතියක් වෙයි ඉදිරි කාලයේදී. (නි)
හැබැයි ඒ කතාවේ නම් කිසිම වරදක් මට පෙනෙන්නෙ නැහැ (නි)
අසංග, මේක ශ්‍රී ලාංකිකයන්ගේ රට. (නි)
නරකද ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත්තා නම්. ජාත්‍යන්තර භාෂාවකුත් සම්පුර්ණ වෙනවනේ. එයාලා සිංහල දන්නේ නැහැ කියලා අපි එ්කටත් වන්දි ගෙවන්න ඕනෑද? සිංහල කියන්නේ ලෝකයේ තියන අලංකාර භාෂාවලින් එකක් කියලා තෝරලා තියෙනවා කියලා දන්නේ නැද්ද? එහෙම තියෙද්දී මොන එහෙකටද කච කච ගන්නේ (නි)
මේ රටේ ප්‍රධාන භාෂාව දෙමළ වුණානම් ඔබතුමා ඔහොම කතාකරන එකක් නැහැ (නි)
සමහරු මෙතනදීත් කච කච ගානවා. මේ පුද්ගලයා කියලා තියෙන්නේ හොඳ දෙයක්. දෙමළ ළමයින්ට බොහෝවිට ඉංග්‍රීසිත් දැනුම තියෙනවා. (නි)
අපිට ඔහේ සිංහල උගන්වන්න එන්න පුළුවන්. හැබැයි මෙහෙ ඉඳලා දිනපතා එන්න යන්න බැහැනේ. අපිටත් ඔහේ පදිංචිවෙන්න දෙනවද? (නි)
සර් අපේ ආචාර්ය ඔබට..(ම)
අන්තිමේදී ඔයත් එහෙනම් තේරුම් ගත්ත යතාර්ථය , ඕක කරන්න හැදුවේ ලලිත් ඇතුලත් මුදලි මහත්තය ටික කාලයක් වැඩේ කෙරුණා , පස්සේ පස්සේ අධ්‍යාපන කට්ටියට ටිකටික අමතවුණා , ඇත්තටම මේක මුළු රටේම කළ යුතු දෙයක් (අ)
ලීලාගේ අදහසට මමත් එකගයි. අනෙක මහා මිනිසුන්ගේ තියෙන මාන්නෙට පොඩි අය පලි නැ. පාසල් ළමුන්ට බසා තුනක් ඉගේනගන්න තියෙනවා නේද ? ඒ මදිවට විෂයන් 9 ක් තියෙනවා පවු නේද ළමා කාලේ. අනේ අපේ දරුවන් (අ)
අනිවාර්යයෙන් වියයුතු දෙයක්. 3 ශ්‍රේණියේ සිට සිංහල මාධ්‍ය පාසල්වල දෙමළත්, දෙමළ පාසල්වල සිංහලත් ඉගැන්විය යුතු වගේම ඉංග්‍රීසි ඉගැන්වීම මීට වඩා සරල හා ප්‍රායෝගික වියයුතුයි. ප්‍රායෝගික නොවීම හේතුවෙන් කොච්චර ඉගැන්නුවත් කීයෙන් කී දෙනාටද ඉංග්‍රීසි කතා කිරීමට හැක්කේ (නි)
ඉංග්‍රීසිත් බැරුව සිංහල විතරක් දැනගෙන රස්සාවක්වත් හොයාගන්න බැරි එකේ දෙමළ ඉගෙනගෙන මොනවා කරන්නද (නි)
මෙයට අමතකවෙලා මහා ආණ්ඩුවෙන් ගන්න ඕනෑ නීති පළාත් සබාවක් ගන්නේ කොහොමද කියලා. අපිට දෙමළ ජනතාව එක්ක කිසිම තරහක් නැහැ. නමුත් අමතක කරන්න එපා මේක සිංහල රට කියලා. දේශපාලකයන්ට තාම බැරිවුණා අපිට බලෙන් පටවපු පළාත්සබා විසුරුවා දාන්න. මේක කරන්න නියම බලය ගත්ත කෙනා මහින්ද රාජපක්ෂ. එයත් නොකළා නම් තව මොන කතාද? අපේ දරුවන්ට සිංහල රටක් නැතිවේවි. (නි)
මේවා මුළු ලංකාව පුරාම කරන්න තිබුනේ නිදහස ලබා ගත් දින සිට .(ම)
භාෂා නම් සියයක් දැනගත්තත් පාඩුවක් වෙන්නේ නැහැ , ඉස්සර මම ද්‍රවිඩ තරුණයන් වැඩි හරියක් සිටපු තැනක වැඩ කළා , මුල් කාලයේ ඒ භාෂාවෙන් ඒ අය මට නිතර බැන්නා ,මම හොර රහසේම ඒ භාෂාව ඉගෙන ගන්තා කතා කරන්න පමණක් , මට ඒ භාෂාව තේරෙනවා කියා දැනගත් දා සිට ඒ බැනීම නැවතුනා. අදටත මට වැඩක් ගන්න ඒ භාෂාවෙන් පුළුවන්. (අ)
ඔය වැඩකටම නැති භාෂා දෙකම කුණු කුඩේට දාල වැඩකට තියෙන භාෂාවක් උගන්වන්න කාගෙවත් උනන්දුවක් නැහැ එහෙම වෙනතක් කල් අනුන්ගේ ආධාර මත යැපෙන ලෝකෙන් උතුම් රට .(අ)
ලංකාවේ ඉන්න හැමෝම සිංහල ඉගෙන ගත යුතයි.එක අනිවාර්යි. ශ්‍රීලංකා සිංහල නිසා. දෙවෙනුව ඉංග්‍රීසි දෙමල භාෂාව. දෙමල භාෂාව අනිවාර්ය නැ කියලා මම හිතන්නේ. ප්‍රංසයේ ප්‍රංස භාෂාව ජර්මනියේ ජර්මන් භාෂාව වගේ. (අ)
එක හොද අදහසක්.මොකද සිංහල කතා කරන ජාතියක් ඉන්නේ අපි විතරයි ..හැබැයි ද්‍රවිඩ ජාතිකයන් ලෝකේ ඕනෑම තැනක ඉන්නවා .ප්‍රස්නේ තියෙන්නේ වැඩිපුර කතාකරන භාෂාවක් වන ද්‍රවිඩ සහ මලයාලම් භාෂාවන්ට ලෝකේ ඕනෑම තැනක තැනක් තියෙනවා .උදාහරණය ගත්තොත් සෞදි අරාබියේ රැකියාවක් කරද්දී ඉංග්‍රීසි වලට වඩා තැන තියෙන්නේ දෙමල හෝ මලයාලම් කතා කරන අයට එතෙන්දි සිංහල භාෂාව ඔවුන් දන්නේ නැහැ අපෙන් අහනවා ඔබල කොයි රටේද කියල ලංකාවේ කිව්වම ඒ අය දෙමලෙන් කතාකරනවා .අපිට උත්තර දෙන්න බැරි වුනාම අපි කියන්නේ අපි සිංහලම් කියල ..බොහෝ අය දන්නේ නැහැ ලංකාව සිංහල රටක් කියල ඒ ගමන ඔවුන් සිංහල දන්නේ නැති නිසා හින්දි භාෂාවෙන් කතා කරනවා එකත් අපි දන්නේ නැහැ ..ඒ ගමන තමයි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඔවුන් ඉංග්‍රීසි දන්නේ නැත්නම්.අරාබි භාෂාවෙන් කතා කරනවා ,,මේ වගේ ප්‍රසන ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා ඒ නිසා දෙමල පමණක් නොවෙයි හින්දි පවා පාසල් වල උගන්වනවා නම් රට රැකියාවන් වලට යන ලාංකිකයින්ට හොද පිටුවහලක්.නිකන් ජාතිවාදය වපුරන්නේ නැතිව විග්නේශ්වරම් මහතාගේ කතාව සාධාරණය කරන්න . (අ)
හොඳ වෙඩක්. මේකට සිවාජිලිංගම් හරස් වේවිද? (අ)
හලෝ කුමාර්, ශ්‍රීලංකික වුණාට විග්නේශ්වරට එයාගේ පටු අරමුණ විතරයි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. (අ)
රොමේෂ් ඔබ මෙම කතාවෙහි අර්ථය ඉතා හොදින් තේරුම් අරන් තියෙනවා.ඔබ හරියටම හරි.දෙමල කොහොමද මේ රටේ රාජ්‍ය භාෂාව වෙන්නේ?හපන්න බැරි ඇත ඉබින්නා වගේ මෙයාලගේ සෙල්ලම හරි ලස්සනට කරනවා.මෙතන අදහස් දක්වපු ගොඩක් දෙනෙක් එම සෙල්ලම හොදට කරනවා කියල තප්පුලනවා (අ)
මේ අදහස ඔලුවට දැම්මේ ලේලී පොඩ්ඩ වද්ද? ගෙදරින්ම ඔය වැඩේ පටන් ගන්නවා නම් බොහොම හොඳයි . (අ)
මෝඩ වෙන්නේ නැතුව, බොරු තර්ජන දාන්නේ නැතිව, සිංහල අපි ඒ අයත් එක්ක සතුටෙන් ඉන්න ඕන නම්, ඒ භාෂාව ඉගෙන ගනිමු. නිකන් මෝඩ වෙන්න එපා. ඒ අයට අවශ්‍ය කරන්නේ තමන්ගේ භාෂාව, ජාතිය රැක ගන්න මිසක්, බුද්ධාගම වනසන්න නෙමෙයි. ඒක තේරුම් ගන්න. ඒ මිනිස්සු ගොඩකට ඉංග්‍රීසි බැහැ. අපේ කී දෙනාටද ඉංග්‍රීසි හරියට පුළුවන්. දුප්පත් අපිට මොන පිලිසරනක්වත් නැති කරන්න එපා කියල ඒ අය කියන්නේ. මේක පොඩ්ඩක් හදවතින් හිතන්න. පොර ටෝක් දෙන්න කටත් පුළුවන්. ප්‍රශ්නයකට විසදුමක් දෙන්න ලේසි නැ. මේක මුළු ලංකාවටම අනුමත කරනවා නම් හොදයි. (අ)