IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


සහල් ගැටළුවට ජනපති කෙවිට අතට ගනී

(අංජුල මහික වීරරත්න)

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය.

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදීය.

රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පැවසීය.

ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබේ.

නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.

සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.

ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි

සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.

කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය .

එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලේන්තිරාජා මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මලරමති ගංගාතරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.කේ. වාසල, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යු. පින්නලන්ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ඒ.එල්. චන්දික යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (32)

සහල් ගැටළුවට ජනපති කෙවිට අතට ගනී

karolis Saturday, 07 December 2024 09:23 PM

එක පෑන් පාරෙන් පුළුවන් කියපුවාට දැන් කෙවිටකුත් ඕනේලු...!

:       4       6

ThepanisSunday, 08 December 2024 04:49 PM

කෙවිට අතට ගත්තා කියලා වැඩක් නැහැ. ජටාවක් බැඳලා අමුඩෙකුත් ගහලා කුඹුරුවලට බහින්නම ඕනෑ එහෙම නොකර හාල් ප්‍රශ්නය විසඳන්න නම් බැහැ. අවුරුදු 76 ක් සංවර්ධනයක් නොකරම ගතවූ කාලයේ අවුරුදු 11ක් පමණ රටේ පාලනය කළා. ජේආර් ආණ්ඩුව බලයට පත්වූ කාලයේ එහෙම දේවල් කරල ගොවීන් දිරිගැන්වීම් කළා. වෙළෙන්දෝ පස්සේ පැන්නුවේ නැහැ..

:       3       4

nimal Saturday, 07 December 2024 10:48 PM

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉක්මණින්ම සහල් - පොල් සහ වෙනත් අත්‍යාවශ්‍ය අහාර ගැටළුවට විසඳුම් නොලැබුණොත් කාන්තාවන් එකමිටට නැගිටීවි. මලිමාවට ඡන්දය දුන් කාන්තාවන්, හවුල් ආණ්ඩුවට බනිනවා. රටේ මිනිසුන්ව පොරොන්දු දීලා ඡන්දය ලබාගෙන ඡන්දේ දුන්නු දවසේ ඇඟිල්ලේ ගාපු තීන්ත මැකීයාමටත් පෙර මිනිස්සුන්ට බොරු කරන ආණ්ඩුවක් කියලා....

:       7       6

Gamini Saturday, 07 December 2024 11:36 PM

අම්මෝ දැන් ඉතින් ඉවරයි... අන්න කෙවිට අරගෙනලු. ඒක විසඳනවා කිව්ව කෙනාට මොනවටද කෙවිට? තවත් ගැලරිය අමතන කතා දාන්න එපා... පච විතරයි...

:       10       11

සිල්වා Saturday, 07 December 2024 11:45 PM

ජනාධිපතිවරයා විසින් නියම කර තිබෙන නව මිල ගණන්වලට අනුව තොග මිල සහ සිල්ලර මිල අතර වෙනස රුපියල් පහකි. තොග වෙළෙඳුන්ගෙන් මිලට ගෙන යන සිල්ලර වෙළෙඳුන්ට ලැබෙන්නේ රුපියල් පහක් පමණයි. එම රුපියල් පහෙන් ප්‍රවාහන ගාස්තු, පැටවීම සහ බෑම ගාස්තු ගෙවීමටත් ලාබයක් උපයන්නටත් එය කිසිසේත්ම ප්‍රමානවත් වන්නේ නැත. එබැවින් මෙම තත්ත්වය ප්‍රායෝගික වන්නේ නැත. මෙහි මෝල් හිමියන්ට යම් වාසිදායක බවක් පෙනෙන්නට ඇත.

:       0       7

ඉන්දික Sunday, 08 December 2024 12:40 AM

ගත්ත කෙවිටෙන් ඡන්දේ දුන්නු අයට ගහන්න ඕනෑ. 220ට තිබ්බ හාල් නාඩු කිලෝව 230 කරන්න ජනපති ඕනෑ නැහැ. ඒවා මුදලාලිලාට පුළුවන් වැඩ. ජනපති ඉන්න ඕනෑ ජනතාව පැත්තේ. 220 එක අඩු කරලා දෙන්න...!

:       5       10

sam Sunday, 08 December 2024 07:01 AM

නියමයි. හාල් මල්ල මාෆියා කාරයින් ජනතාව සූරන් කාලා සැප විඳින කාලකණ්ණි.

:       1       7

ජගත් සෙනෙවි Sunday, 08 December 2024 07:10 AM

මාධ්‍ය සන්දර්ශන… රට ඩයස්පෝරා එකට විකුණමින්...

:       12       14

විපරමා Sunday, 08 December 2024 07:55 AM

කෙලින් කථාව. මරේ මරු. තැටමිලි නෑ, නැලවිළි නෑ, සහෝදරයා, ඔබට අපේ ප්‍රණාමය...!

:       14       13

කෝරලගේ Sunday, 08 December 2024 08:08 AM

අපි ඔබට සහ NPP ට 2/3 ක බලයක් ලබා දුන් අතර ඒ සඳහා නිශ්ශබ්දව සහ ස්වාධීනව බිම් මට්ටමින් වෙහෙස මහන්සි වී වැඩ කළෙමු. අපගේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත සාධාරණ මිලකට දෝෂ රහිතව සැපයීමට නව නීති සම්පාදනය කරන්න. ඔබ ගැනීමට තීරණය කළ හැකි ඕනෑම දැඩි ක්‍රියාමාර්ගයක් සඳහා අපි සියල්ලෝම ඔබ පිටුපස සිටිමු.

:       7       17

Dewa Sunday, 08 December 2024 08:16 AM

ජනාධිපතිතුමා ඔබ හරි. මුලින් හොඳින් කටකාර ප්‍රශ්නය නිරාකරණය කිරීමට උත්සාහ කිරීම සහ එහෙම බේරෙනවා කිව්වට ඇත්තටම ගැනීම..

:       5       10

Aruna Sunday, 08 December 2024 08:27 AM

සොරුන්ගේ රජවරු දෙන්නෙක්...

:       2       4

සිල්වා Sunday, 08 December 2024 09:54 AM

තොග සහ සිල්ලර මිල අතර වෙනස රුපියල් පහකි. සිල්ලර වෙළඳාමට අදාල පැටවීම, බෑම සහ ෂොපින් මලු යන වියදම් දැරීමට කිලෝවකට රුපියල් පහක් ප්‍රමාණවත් වන්නේ නැත. සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය ද සාකච්ඡාවට ඇතුළත් කරගෙන වඩාත් ප්‍රයෝගික මිල මට්ටමක් සකස් කළ යුතුයි.

:       3       9

වික්‍රම විදුරSunday, 08 December 2024 02:35 PM

සිල්වා මහත්තයා.. මේ මාධ්‍ය කැමරාම ඉස්සර තොග සිල්ලර වෙළඳුන් ළඟට ගියාම කිව්වේ මෝලෙන් දෙන්නේම 260ට අපි විකුණන්නේත් 260ට කියලනේ.. ඇයි මතක නැද්ද? මෝල් කාරයෝ බොරු කියනවාද තොග සිල්ලර වෙළෙන්දෝ බොරු කියනවාද කියලා දන්නේ නැහැ. ඒත් දැන් ඒත් ඒ දෙක අතර වෙනස 5 නම් මදි තමයි. හැබැයි ඉස්සර ලාභය 0% ඒ වෙළඳුන්ටම අනුව දැන් ලාභය 1.75% ක් තියනවා.

:       0       4

සිල්වා Sunday, 08 December 2024 07:26 PM

ඡන්දය ඉවරයි. බොරු කියන කාලය අවසන් කරමු. යථාර්ථයට මුහුණ දෙමු. සිල්ලර වෙළඳාමට හරි ලාභයක් නොලැබෙන විට සහල් විකිණීම නවතා දමාවි. පාරිභෝගිකයින්ට සහල් නොලැබෙන තත්ත්වයට පත්වේවි...!

:       0       2

[email protected] Sunday, 08 December 2024 10:08 AM

තව ටික දවසක් යනකොට ජනතාව කෙවිට අතට ගනියි...

:       5       16

අමල් Sunday, 08 December 2024 10:26 AM

කෙවිට අතට ගන්න ඕනේ, මේ වගේ පතෝල, වැටකොළු පෙඳ ආණ්ඩුවක් පත් කරලා එවපු මාලිමා අම්බරුවන්ට ගහන්න...!

:       16       22

randil dunuwilleSunday, 08 December 2024 01:23 PM

දැන් සජිත්ට දුන්න අය රනිල්ට දුන්න අය අම්බර්වන් නෙවෙයිද? රට හරක්ද තමන්ගේ ගොන්කමේ තරම පැහැදිලියි...

:       10       9

fairoos Sunday, 08 December 2024 11:07 AM

ඉතාම හොඳ තීරණයක්...

:       8       13

Toni Sunday, 08 December 2024 11:09 AM

පාර තියන්නැහැ කෝණෙන්... පාර තියන්නැහැ කෙවිටෙන්... ජහ පුතා

:       0       8

සෙනෙවිරත්න Sunday, 08 December 2024 12:34 PM

රජය සතුව වී තොග තිබුණි නම් මෙසේ මෝලුන්ට හිතුමතේ කටයුතු කළ නොහැකිය. යමෙකු මෙහිදී රජයට දොස් තබන්නේ නම් කළ යුත්තේ හිටපු පාලකයින්ට පළමුව දොස් තැබීමයි. මෙම ප්‍රශ්නයේදී ජනතාව රජය සමගය, පරාජිතයින් තම දුක මඩ ලෙස ප්‍රදර්ශනය කරයි...

:       10       16

මැක්ස්Sunday, 08 December 2024 01:12 PM

මාලිමා බේගල්වලට මුවා වූවන් තම දුක තුනී කර ගන්නේ ආණ්ඩුවේ මරි මෝඩකම් සේදීමට ඉදිරිපත් වීමෙනි. මාලිමාවුන් ජවිපාවුන් සමයේ ගිනි ලන ලද ආණ්ඩුවේ වී ගබඩා ප්‍රමාණය ද නිකමට මෙන් ගණන් කිරීමත් මේ ගැන උනන්දුවන්ට කළහැකි වැඩකි.

:       11       14

Don perea Sunday, 08 December 2024 12:35 PM

මෙහෙමත් ගොන්නු ඉන්න රටක්...

:       2       14

FreemanHAT Sunday, 08 December 2024 01:23 PM

කාටවත් දොස් කියලා වැඩක් නෑ... අතෑරලා දාපු වී අලෙවි මණ්ඩලේ ගබඩා ටික අලුත්වැඩියා කරලා ලෑස්ති වෙන්න මහ කන්නේ අස්වැන්නෙන් කොටසක් රජයට මිලදී ගන්න. බොරු රඟපෑමයි අනිත් අයට චෝදනා කරන එකෙනුයි අපිට වැඩක් නෑ...

:       2       16

සෙනෙවිරත්න Sunday, 08 December 2024 02:23 PM

අමල්ට කියන්න තියෙන්නේ වැටකොළු පතෝල ආණ්ඩුව තමයි අර ලොහාන්ලා වගේ මැරයෝ බල්ලෝ වගේ කූඩුවට දැම්මේ, ඒ වගේ අයගේ මාර්ග සංදර්ශන නතර කළේ, තමුන්ලා ඒ කාලේ අයට පාරේ කාණුවලට බැහලා ඉඩ දුන්නා තමයි. ඉස්සරහට එහෙම කාණුවලට බහින්න එපා ඔවුන්ගේ යුගය ඉවරයි. ඒ වගේම අරක්කු බදු නොගෙවපු බලවත්තු පූසෝ වගේ බදු ගෙව්වා, නැත්නම් ඔවුන්ගේ ව්‍යාපාර තහනම් කළා, ඒවගේ ඒවාට කට පියාගෙන හිටපු අයට ඡන්දේ පුදලා මේ රජයට වැටකොළු පතෝල කියන්නේ පහුගිය ආණ්ඩුවෙන් කාපු අයම වෙන්න ඕනෑ.

:       6       4

අමල්Sunday, 08 December 2024 04:47 PM

සෙනෙවිරත්න වගේ බත් කාපු හරක් 68 ලක්ෂයෙන් දැන් බාගෙට බාගයක් කන්නේ තණකොළ ! මොකද පොල්සම්බෝලයි බතුයි (හාල් රුපියල් 260, පොල් රුපියල් 220, ළුෑණු රුපියල් 500) තියා ලුණුයි, බතුයි වත් කන්න බැරුව ඉන්නේ..., ළඟදීම ලුණු හිඟයකුත් එනවාලු ! අපි රත්වත්තෙලාව හිරේ දාලා තියෙන්නේ සහෝදරවරුනි ! කන්න නැතත් බඩ සුද්දයි සහෝදරවරුනි ! ගහන්න අත්පුඩියක් සහෝදරවරුනි...!

:       2       9

Sahan Sunday, 08 December 2024 02:33 PM

දායක සභාවේ අය හෝදනවා හේදිල්ලක් ලොවෙත් නැති වෙන්න. දැන්වත් තේරුම් ගනිල්ලා රැවටිලා ඉන්නේ... ලැජ්ජයි තමයි. ඒත් මොනවා කරන්නද?

:       1       4

Toni Sunday, 08 December 2024 03:03 PM

ඉස්සර කිව්වේ කොහොමද? දැන් සතියෙන් බැහැ.. මාසෙන් බැහැ.. අවුරුද්දෙන් බැහැ.. අවුරුදු පහෙන් බැහැ. ආයේ විපක්ෂයට ගිය දවසකට ඔක්කොම ක්‍රම දන්නවා.. පචම පච...

:       1       6

Sunil Sunday, 08 December 2024 03:05 PM

ඔහොමම කෙවිට අරගෙන රාජාංගණේ පින් ළිඳ සංගමයට යන්න...

:       1       5

ගමේ එකාලා Sunday, 08 December 2024 03:05 PM

ආසියාවේ ආස්චර්‍ය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්න ආපු දූෂිත දේශපාලුවෝ රටම හොරාකාලා කාබාසිනියා කරපු හැටි මතක නැති මොලේ...!

:       5       3

Rohana Sunday, 08 December 2024 04:30 PM

අපි මාලිමාවට රැවටුණාද මන්දා...?

:       0       9

Vipula Sunday, 08 December 2024 09:27 PM

රජයට අයත් විශාල සහල් මෝලක් අතහැරලා දාලා තියෙනවා. මේක නැවතත් ක්‍රියාත්මක කරලා රජය විසින් ඉදිරි කන්න වලදී වී මිලට ගෙන සහල් කර සතොස හරහා විකුණන්න වැඩ කරන්න. ඔය ඉන්න සියළුම ව්‍යාපාරිකයින් අවස්ථාවාදීන්. ඩඩ්ලි සිරිසේන කරලියට පැමිණියත් හරි සහල් ප්‍රශ්නය රටේ ඇති කරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 53 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 249 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 200 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 575 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 574 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1327 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site