රන්ජන් රාමනායක යනු නිතර අභියෝග බාර ගන්නා අපූරු රංග ශිල්පියෙකි. ජනතාවගේ නළුවා සම්මානයෙන් අඛණ්ඩව සම්මාන ලැබීමටත් විටෙක මේ සියල්ල හේතුවක් විය හැකියි. දේශපාලන ජීවිතයේදී මෙන්ම රංගන ජීවිතයේදී නිරන්තරයෙන් අභියෝග බාර ගන්නා ජනතාවගේ මේ නළුවා මෙවර බාරගත් අභියෝගය වන්නේ ”කාන්තා චරිතයක් රඟපෑමයි”. මෙහිදී හැඩිදැඩි පිරිමි චරිත රඟපෑ රංජන් තමුන්ගේ පෞරුෂය ගැන හිතුවේ නැද්දැයි රසිකයෝ ප‍්‍රශ්න කරති. අපි ඒ ප‍්‍රශ්නය රංජන්ට යොමුකළෙමු. රන්ජන් කොහොමද මේ දවස්වල? මේ දවස්වල කලා කටයුතු වලට වැඩිපුර දායකත්වය ලබා දෙන්න තීරණය කලා. මොකද පසුගිය අවුරුදු දෙක තුන වැඩිපුර ගතකළේ දේශපාලනය වෙනුවෙන්. පූර්ණ කාලීනව දේශපාලනය කළ නිසා චිත‍්‍රපටවලට ආරාධනා ලැබුණු චිත‍්‍රපට 11 ක විතර රඟපාන්න බැරි වුණා. ඒත් පසුගිය කාලයේදී අලූත් චිත‍්‍රපට හතරක රඟපෑවා. ජීවිතය ලස්සනයි, මායා, සිද්ධාර්ථ සහ පරපුර ඒවායි. ඇයි දේශපාලනයෙන් අයින් වෙන්නද හදන්නෙ? මගේ රැකියාව කලාවයි. දේශපාලනය කරන්නේ සේවයක් ලෙසයි. මැදපෙරදිග අපේ ශ‍්‍රමික ප‍්‍රශ්නය වෙනුවෙන් 2000 සිට පෙනී සිටියදී ඒ අයට වෙන අසාධාරණ ගැන තානාපති අංශ වලින් විමසන විට ඔයා කවුද ඒ ගැන විමසන්න? ඔයා නළුවෙක්නෙ කියලා පෙරළා මට ලැබුණු උත්තරය වුණා. ඒ නිසා ක‍්‍රියාකාරී දේශපාලනයට ඇවිත් ඒ හඬ නගන්න මට ඕනෑ වුණා. පසුගිය කාලයේදී මේ දේශපාලන වැඩ නිසා මට කලාවේ ලැබුණු බොහෝ චරිත වලට දිනපවා දෙන්න බැරි වුණා. ඒ නිසා මම අපේ රනිල් වික‍්‍රමසිංහ නායකතුමාට කතාකරලා සර් කලාව වෙනුවෙන් වැඩිපුර කාලය යොදවන්න මට වෙලාව වෙන් කර ගන්න ඕනෑ කිව්වා. ”රන්ජන් ඔයා අයිති කලාවට. ඔයා අපේ පක්‍ෂයට ආලෝකයක්. ඔයාගේ කලාව කරන අතරේ අවශ්‍ය වෙලාවට එන්න. කියලා එතුමා කිව්වා. මොකද මම වැඩක් කරනවා නම් එය හරියට කරන්නෙ. දේශපාලනයේ සිටින අතරේ මගේ කලා කටයුතුවලත් යෙදෙන්න ඕනෑ. හරි, අපි ඊළඟට දැනගන්න කැමැතියි ඔබ මේ බාර ගත්ත කාන්තා චරිතය ගැන? මේ කාන්තාව නිකම්ම කාන්තාවක් නොවෙයි. අයුක්තියට එරෙහිව සටන් වදින වීර කාන්තාවක්. අද්භූත බළයක් ඇති කාන්තාවකගේ චරිතයක්. මේ නිසාම කිසිම පැකිලීමකින් තොරව මේ චරිතය බාර ගත්තා. මෙම චිත‍්‍රපටය කාන්චනා නමින් දමිළ තිරයේ නිර්මාණය වූ චිත‍්‍රපටයක් නේද? ඔව්, කාන්චනා කියන දමිළ චිත‍්‍රපටයේ පරිවර්ථනයක්. සිංහලට නම් කරලා තියෙන්නේ ”මායා” කියලයි. මෙවැනි චිත‍්‍රපටයක රඟපෑම ගැන හිතන්නෙ කොහොමද? මෙවැනි පරිවර්ථන චිත‍්‍රපට බොලිවුඩයේ, කොලිවුඩයේ විතරක් නොවෙයි අද හොලිවුඩයෙත් සිද්ධ වෙනවා. හින්දි සිනමාවේ නිර්මාණය වූ බොඩිගාඞ් එදා මුලින්ම මම ලීඩර් ලෙස කළා. ලෝකයේ මේ පරිවර්ථන හෙවත් රිමික්ස් කලාව දැන් ආට් එකක් වෙලා. මෙම තෙළිඟු චිත‍්‍රපටය දමිළට පරිවර්තනය වී පසුව සල්මන් සහ සංජේදත් රඟපාන නිර්මාණයක් වුණා. සිංහලට කරන මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ මම. මේ විදියට කාන්තා චරිතයක් කිරීම ඔබගේ පෞරුෂයට හානියක් නේද? සම්මානනීය ප‍්‍රකට නළු කමල්හසන් මිසිස් ඩවුට් ෆයර් කියන චිත‍්‍රපටයේ සම්මානනීය චරිතයක් කළා. ෂාරුක් ඛාන් චිත‍්‍රපයක ගීත දර්ශනයකට කාන්තාවක් ලෙස පෙනී සිටියා. අම්තාබ් මෙරේ අඟනේ මේ... ගීතයට පෙනී සිටියා. ඇත්තටම මේවා රංග ශිල්පියකුට ලැබෙන විරල අවස්ථා. සමහර විට මේ අභියෝග ලැබෙන්නෙ ජීවිතයට එක්වරක් විතරයි. සුපර් සික්ස් නිර්මාණය කළ සතිස් කියන නිෂ්පාදකවරයා තමයි මේ චරිතයට මාව තෝරා ගත්තේ. ආරුමුගම් කියන අධ්‍යක්‍ෂවරයා තමයි මෙය නිර්මාණය කරන්නෙ. ඔබ සල්මන්වත්, සංජේවත්, අමිතාබ්වත් නොවෙයි. මහ ඇමති අපේක්‍ෂක වූ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. සමාජයට ආදර්ශවත් විය යුතු එවැනි කෙනෙක් මෙවැනි චරිතයක් තෝරා ගැනීම සුදුසුද? මතක තබාගන්න, මේක නිකම්ම චරිතයක් නොවෙයි. වීර කාන්තාවකගේ චරිතයක්. මෙවැනි චරිත රඟපාන්න කොච්චර නම් නිළියන් සිටිනවාද? මේ චරිතයේ හැටියට සටන් කරන කාන්තාවක් වෙන්න ඕනෑ. මම මීට පෙර ක‍්‍රියාදාම චරිත බොහෝමයක් කළා. ප‍්‍රකට විචාරකයෙක් ඒ නිසාම මට කිව්වෙ සිංහල සිනමාවේ අන්තිම වීරයා කියලයි. මෑන් හෑස් මෙනි ෆේසස් (Man has many faces) කියලා කතාවක් තියෙනවනෙ. නළුවෙකුට එය චරිත රංගනයට වඩාත් පෑහෙන කියමනක්. මේ චිත‍්‍රපටය ලොකු පෙරලියක් කරන බව මම ඒකාන්ත වශයෙන්ම දන්නවා.
සටහන - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොදයි..ඒත් එයාට ගැලපෙන දේ ලැබුණේ නෑ....
සරත් කුමාර්ට පුලුවන් නම් රන්ජන් බැරි ඇයි?
මරු ආ......
රන්ජන් අයියා ඔයා තාමත් තැෙලනවා, ඒෙහම තමයි ෙහාද පන්නරයක් ලැෙබන්ෙන්.මුල් කාෙල් විහිලු චරිත, පස්ෙස වීර චරිත, දැන් අයියා ෙහාදම චරිත තෝරාෙගන තමන්ගේ අනාගත ඉලක්කයට යන්න.
රංජන් අයියා නළුවෙක් විදිහට ඔයා සාර්ථකයි... එත් ජනතාවට එපා වුන දේශපාලකයෝ රකින එක නවත්තලා.. මිනිසුන්‍ගෙ හදවතට සමිප වෙන්න බැරි දේශපාලකයෝන්ට එක වටහලා දිලා ඔයා හරිදේ කරන්න..... නැත්නම් ඔයාට වෙන්නෙත් ඒ ටික.......
ඇත්තටම සිංහල සිනමාවේ අන්තිම වීරයා රන්ජන් තමා .. දැන් ඉන්න අනිත් අය ගැන හිතුවහම....
රන්ජන්ට හොදට රගපායි ...
සැබැම කෙනා දැන් හදුනා ගන්න. මෙතෙක් කලක් හිටියේ ඩුබිලිකේටි රන්ජන්. දැන් තමයි නියම චරිතය එලිදැකල තියෙන්නෙ. කවද හරි ඇත්ත එලිවෙනවනෙ
ඔබ අපට සිටින හොඳ රංගන ශිල්පියෙක්.ඕනෑම චරිතයක් රගපාන්න පුළුවන්.දේශපාලනය සම්පුර්ණයෙන්ම ඉවත් කරල දිගටම රගපාන්න.
ඔයා නම් මාරම නළුවෙක් තමයි.මගේ සුභ පැතුම්!
වෙනසක් නෑ අපේ........හිතන්නත් අමාරුයි...අපේ සුභ පැතුම්....
නියමයි රංජන් අයියා....
ස්වාභාවික ශරීරයත් වෙනස් වෙලාද..
ඇත්තටම හොදයි. ඒ නථවෙක්නේ
අගය කළ යුතු වැඩක්.... සුබ පැතුම් රංජන් අයියා !!!!!!!!!!
ඔබේ දේශපාලනයත් එක්කනම් මමත් එකග නෑ. නමුත් ඔබගේ රංගනය මම අගය කරනවා.
බටහිර චරිත කොපිකරල ලාංකීකයෝ රවට්ටන කෙනෙක්......
රංගනය කියන්නේ ඕනම චරිතයකට පණ පොවන එකයි.සුභ පැතුම්..
මෙයාට දැන් තමයි නියමම චරිතේ ලැබිලා තියෙන්නේ.කාගේත් අඩුපාඩු තියෙනවා.මොනවා කරන්නද? සුභ පැතුම් මචං
ඒ චරිතවෙත් හොදට කරනවානම් එච්චරයි ඕනෙ...
ඔබට හරියටම හරියන චරිතේ දැන් තමයි ලැබිල තියෙන්නේ ...
ගැළපෙනම චරිතේ නිසා හොදට කරයි
පිස්සු මනුස්සයෙක්නේ
ඔබේ දේශපාලනයට වඩා රංගනය අගේ කරනවා. සුභ පැතුම්
නියමයි ගොඩක් හොදයි ...............
නියමයි...
මෙහෙම කරලවත් බලමු ඉතිං ගොඩ යන්න..
දැවැන්ත චිත්‍රපට නිශ්පාදකවරු පාසල් දර්ශන මත යැපෙන තරමට අද සිංහල සිනමාව අසරණ වෙලා. ඒ අස්සේ මෙයා කරන්න හදන්නේ මොකක් ද ? නාඩගමක් නටනවද ?
තව තවත් ඉදිරියට යන්ඩ සුභ පතනවා. ජය වේවා.
සුභ පැතුම් රංජන් අයියා
ෂෝක්
හැබැයි පරක්කු වෙලා හරි ලැබුණේ නියමම චරිතේ
ඕහ්...සිංහල සිනමාව....
ඔබගේ මෙම රගපෑම අති විශ්ෂ්ඨයි
ඔබේ දේශපාලනයත් එක්කනම් මම එකග නෑ. නමුත් ඔබගේ රංගනය මම අගය කරනවා. ඔබට මගේ සුභපැතුම්
ඇත්තමයි මෙන්න මේවගේ අය තමයි දේශපාලනේට සෙට් වෙන්නේ. මොකද ඕනම විදියකට වෙනස්වෙන්න පුළුවන් කාටවත් හිතාගන්නවත් බැරිවෙන්න. ජයවේවා රංජන් අයියා.
සහරාවේ සිහින දකින අයට ගොඩක් උදවු කරපු කෙනෙක්.ඔබට ජය!!!
මෙයාටම ගැළපෙන චරිතේ
නියම කොල්ලා
ලංකාවේ කෙනෙක් මෙවැනි චරිතෙක ඉන්නවා අපි දැකලාවත් නෑ.ඔබට ජය ශ්රී!!!
ඒක හරිම විහිඵවක්...
කාන්තා චරිතයක් රගපාන එක ප්‍රතිරූපයට ප්‍රශ්නයක් නෑ.රංජන්ගෙ අදහස හොදයි.නමුත් නඵවෙක් විදියට රංජන් ප්‍රතිරූපය විනාශ කරගත්තෙ සිය කැමැත්තෙන්මයි.රංජන්ට තියෙන පෙනුමෙන් එයා තවම වැඩක් ගත්තෙ නැහැ.
දැවැන්ත චිත්‍රපට නිශ්පාදකවරු පාසල් දර්ශන මත යැපෙන තරමට අද සිංහල සිනමාව අසරණ වෙලා. ප්‍රේක්ෂක ආකර්ශනයක් නෑ. ඒ අස්සේ මෙයා කරන්න හදන්නේ මොකක් ද ? නාඩගමක් නටනවද ?
ඒක ඔබේ කැමැත්ත. සුභ පැතුම්!
ඔය මොළ ගෙඩි ටික වෙහෙසවලා අපේම පිටපතක් හැදුව නම් කොච්චර හොදද
ඉතා අගෙයි
මගේ උණුසුම් සුභපැතුම් රංජන් රාමනායකට..
රංජන් අයියා වගේ තරුණ, කොන්ද පණ තියෙන කළුවෝ අපේ රටේ දැන් හොයා ගන්න අමාරුයි
අපේ රටට බිහිවුණු දක්ෂ, ජනප්‍රිය, දැය හිතකාමී රංගන ශිල්පියෙකි.සුභ පැතුම්!
රගපෑම සැබෑ ජීවතයට ආදේශ කරලා හිතන එක වැරදියි
ලාංකීය සිනමාවේ හැරුම් ලක්ෂයක්.හොදයි.මගේ සුභ පැතුම්
ඉන්දියාවෙනම් මේ චරිත කරන්නේ නපුන්සක අයයි,ස්තුතියි ගොඩක් ලස්සනයි.
රංජන් අයියා ඔබ ඇත්තටම ලංකාවේ සිනමාවට අළුත් පැත්තක් හදුන්වලා දුන්න දක්ෂ නළුවෙක්. මම හිතන්නෙ ඔයාගේ මේ මායා ෆිල්ම් එකට හොද ප්‍රතිචාර තියෙයි කියලා. අපේ සුබ පැතුම්.
ඔබ අපේ රටට බිහිවුණු දක්ෂ, ජනප්‍රිය, දැය හිතකාමී රංගන ශිල්පියෙක්.හැබැයි ඔබට පමණක් නෙමෙයි අනෙක් කලාකරුවන්ටත් දේශපාලනය නම් ගැළපෙන්නේ නෑ
නියම කලාකාරයෙක් ඕනම චරිතයක් රඟපාන්න ඕන, ඔබ එඩිතර නඵවෙක්, මගේ සුභ පැතුම්...!