( +++ ජයන්ත සමරකෝන්)
මහරගම අපේක්ෂා රෝහලට හිඟ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් වෙන්කළ රුපියල් කෝටි 100න් කෝටි 80ක්ම කලින් ණයට ලබාගත් ඖෂධ වෙනුවෙන් හිඟ බිල්පත් ගෙවීමට වැය වන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ‘ලංකාදීප’ යට ඊයේ (11) පැවසීය.
මෙම රෝහලේ කලක් තිස්සේ පැවති ඖෂධ හිඟය ගැන අවධානය යොමු කළ නව රජයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිර්දේශය මත අත්‍යවශ්‍ය ඖෂධ සඳහා පසුගිය 7 වැනිදා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 100ක් වෙන්කරදී ඇත. හිඟ බිල්පත් ගෙවීමෙන් පසුව මේ වන විට රෝහලේ හිඟවී පවතින ඖෂධ 24 අතුරින් 15ක්ම හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදය යටතේ ප්‍රදේශීය ලෙස මිලදී ගත් බවද අධ්‍යක්‍ෂවරයා කීය.
ගතවූ වසර 5 තුළ රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා පෞද්ගලික ඖෂධ සමාගම් රැසකට හිඟ බිල්පත් නොගෙවීම නිසා කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක් මිලදී ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.
රෝහලට අත්‍යවශ්‍ය තවත් ඖෂධ වර්ග 9ක් විදේශවලින් මිලදී ගැනීමට ඇනවුම් කර ඇතැයිද ඔහු පැවසීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිඟ පිළිකා ඖෂධ ගන්න ලැබෙන කෝටි 100 න් 80 ක්ම යන්නේ හිඟ බිල් ගෙවන්න
king Thursday, 12 December 2019 05:23 AM
කමක් නෑ යකෝ... තාප්පවල චිත්‍ර අඳිනවා. ඒ ඇති ඔබලාට හා.. හා.. හේ.. හේ.. තේරුණාද?
anilThursday, 12 December 2019 05:50 AM
මේ අර චතුරද?
king Thursday, 12 December 2019 08:18 AM
ඔයා හරියටම අඳුනාගත්තනේ.... හොර ගෙඩියා...
ReporterThursday, 12 December 2019 07:21 AM
මේවා කලින් ආණ්ඩුවේ වැඩ වල ප්‍රතිඵලයක් කියල තේරෙන්නෙ නැද්ද ?
JayanthaThursday, 12 December 2019 07:23 AM
කින් ඔයා බූරු තර්ක නොදා ඉන්නවද?
kingThursday, 12 December 2019 08:16 AM
යකෝ නුවණ තියන කතා ඕවා...!!!
PrabathThursday, 12 December 2019 09:03 AM
මොනවා වුණත් ජයන්ත මහත්තයා කියලා තියෙනවා හරියටම...
Thiw Thursday, 12 December 2019 05:40 AM
හොරා කාපුවට මිනිස්සු හෙන ඉල්ලනවා...
vidya Thursday, 12 December 2019 05:44 AM
පවිත්‍රා නෝනා කරපු වැඩේ හරිම හොඳයි. පිළිකාවක් හැදුණු කෙනා සහ එම පවුලේ උදවිය පමණයි... එහි තියෙන දුක දන්නේ... ණයට ගත්තා නම් ණය ගෙවීම ඉතාම උතුම් ගුණයක්...
Raveendra Thursday, 12 December 2019 05:56 AM
මේ කියාගෙන එන්නේ අහිංසක රෝගීන් ගැන හිතලද නැත්නම් හිටපු ඇමතිගේ අඩුපාඩුවක්ද? තව අවුරුදු කීපයකින් අලුතෙන් පැමිණෙන ඇමතිත් මේ විදියටම දැන් ඉන්න ඇමති ගැන මෙලෙසම සදහන් කරයි නේද ? අපට ඔය හිටපු කෙනා වැඩ කරාද නැද්ද අදාළ නැත. ඔබලා පත්කරේ මුල් පුරවැසියා කාගේවත් ඇදුම් හෝදන්න නෙවෙයිනේ. ඒ නිසා බයිලා කතා අඩුකරලා කරන වැඩේ හරියට කරන්න. නැතිනම් දාලා යන්න.
ThusithaThursday, 12 December 2019 08:44 AM
මේ කියන්නේ ඇමති නෙවේ . රෝහලේ අධ්‍යක්ෂක.
Ranjith Thursday, 12 December 2019 06:27 AM
ඒ කියන්නේ මෙච්චර කාලයක් මුදල් වෙන්කරලා නැතිද? නැතිනම් ඒවා හොරා කාලාද? එහෙනම් හොරා කෑවේ කව්ද?
Mahesh Thursday, 12 December 2019 07:09 AM
මෙයා දැන්ද මේවා කියන්නේ...? මරු අධ්‍යක්ෂක... ලෙඩ්ඩුන්ට මෙච්චර කල් පිටින් බෙහෙත් ගන්න කියන්න ඇති මෙයා. ජනාධිපතිතුමනි, කරුණාකරලා දක්ෂ මොලේ තියෙන මනුස්සයෙක් රෝහලට පත්කරන්න.
ඉන්දික Thursday, 12 December 2019 08:04 AM
මේ රෝහලේ අධ්‍යක්ෂකට කොන්දක් නෑ. තමන්ගේ තනතුර රැකගන්න ජීවිත කීයක් පාවා දීලාද? මේක පාස්කු ප්‍රහාරයට අන්ත වැඩක්... වහාම රෝහල් අධ්‍යක්ෂක අත්තඩංගුවට ගන්න. බෙහෙත් නැතුව තිබියදී පවා ඇමතිගේ වුවමනාවට එය සැඟවීම කොතරම් පාපයක්ද? නීචද? ජීවිත කීයක් අනතුරේ දාලද?
max Thursday, 12 December 2019 08:37 AM
අපේක්ෂා රෝහල ඇතුළු සමස්ත සුව සේවය විනාස කරමින් ගසා කෑ හිටපු ඇමති හොරකම් කළ මුදල් නැවත ලබා ගතහොත් එය භාවිතා කර වඩාත් හොද සේවයක් රෝගීන්ට ලබා දිය හැකියි.
gunda Thursday, 12 December 2019 10:16 AM
මේ කියන්නේ ඩොක්ටර් වසන්ත දිසානායකට පසුගිය කාලය මුළුල්ලේම පිළිකා රෝහලට ගෙනාවේ බාල බෙහෙත් සහ කල් ඉකුත් වූ බෙහෙත් නම් අලුතෙන් වෙන්කරපු මුදල් පරණ බෙහෙත්වල හිඟගෙවන්න ගන්නේ ඇයි? ඒවා ගෙන්වපු අයට ගෙවන්න කියන්න. දිසානායකත් ඊට හවුල් නම් ඔබ ඔබේ සල්ලිවලින් ගෙවන්න. නැත්නම් හවුල් වෙච්ච අයට ගෙවන්න කියන්න. නැත්නම් බාල බෙහෙත්වලට නොගෙවා ඉන්න...
Lakmini Friday, 13 December 2019 10:00 AM
පිළිතුරක් ලෙස ඔබතුමා වෛද්‍ය පරිපාලන සේවයට අාවම ඔය විදියට කරන්නකෝ... කලින් ගත්ත බෙහෙත්වලට නොගෙවා අලුත් බෙහෙත් ගන්න තිබ්බා ඔයාගේ බාප්පාගේ කොම්පැනියෙන් බෙහෙත් ගත්තා නම්...