හෝමාගම පණාගොඩ යුද හමුදා කඳවුර සමීපයේදී ව්‍යාපාරිකයකුගේ පුතකු පෞද්ගලික බස් රියදුරෙකුට සහ කොන්දොස්තරවයකුට පහර දුන්නැයි 170 අතුරිගිරිය-පිටකොටුව හා 190 ගොඩගම-පිටකොටුව මාර්ගවල බස් වර්ජනයක් පවතී.
බස් හිමියන් කිහිප දෙනකු පැවසූයේ වර්ජනයක් කරන බව බස් සේවකයන් තමනට දැනුම් නොදුන් බවයි.
කැබ් රියකට ඉස්සර වීමට ඉඩ නොදුන්නැයි 25ක 30ක පිරිසක් රියදුරාට හා කොන්දොස්තරට පහර දුන් බව බස් සේවකයෝ කියති.
ව්‍යාපාරිකයාගේ පුතා සැකපිට අත්ඩඅංගුවට ගත බවත් ව්‍යාපාරිකයා සොයන බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරන් හිතන් ඉන්නේ පාර ඔවුන්ට විතරයි කියලා (ස)
වර්ජන , කැපිලි . දුෂණ , අනතුරු , උද්ධමන ( ඉසුරින් පිරි හෙටක්. ) (නි)
ප්‍රශ්නය කාගේ උනත් බස්වල වැඩකරන අය කියන්නේ (අතලොස්සක් හැර) මගියෙක්ට අනුකම්පාවක් නැති වැදගත්කමක් දීල කතා කරන්න නොදන්නා පිරිසකටය. එහෙයින් ඉදල හිටලා හරි බලපුළුවන් කාරයෙක්ගෙන් පාරක් දෙකක් කෑවට අපට දුකක්නම් නැත. (ස)
අතලොස්සක් හැර ගොඩක් බස් රියදුරන් කිසිම වැදගත්කමක් නැති කට්ටියක්. සමහර බස් රියදුරන් කොන්දොස්තරට ඕනෑ විදියට තමයි එලවන්නේ. එයාලට මොනවා හරි වුණොත් වර්ජන. අපිට මොනවා හරි වුණොත් දෙයියන්ගේම පිහිටයි. (නි)
වර්ජනය කරන්න, පාඩුව කාටද? ලීසිං එකෙන් ඇවිත් වාහනය අරගෙන යන්නේ අපේයෑ? (නි)
හිටි ගමන් ඔබට සුභ ගමන්! (නි)