IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හැටන් දැරියෝ හතමුණ ළමා නිවාසයට

හැටන් පාසලක ශිෂ්‍යාවන් 6 දෙනකු ලබන 24 වැනි දා දක්වා හතමුණ බෝසත් බාළිකා ළමා නිවාසයේ රඳවා තබන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුෂ්‍යන්ත එපිටවෙල මහතා නියෝග කෙළේය. හැටන් පාසලක නේවාසිකාගාරයේ නතර වී සිටිය දී මෙම සිසුවියන් හය දෙනා අනවසරයෙන් නේවාසිකාගාරයෙන් පිට වී මින්නේරියේ  හේන්වල පාසල් මිතුරියකගේ නිවසකට පැමිණ සිටිය දී සොයාගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. මින්නේරියේ මිතුරිය දැන් එම පාසලේ ආදි ශිෂ්‍යාවක බව ද එහි නතර වූ දැරියන් අවුරුදු 15 සිට 19 දක්වා වයසේ අය බව පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

හැටන් දැරියෝ හතමුණ ළමා නිවාසයට

මෙල්බන් වැසියා Wednesday, 11 July 2012 10:41 AM

ඔය අලුතෙන් ආපු රුපවාහිනී චනෙල් වලින් පොඩි ළමයිට ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා. හරිම අපුරුයි ලංකාවේ වැඩ.

:       0       0

ශානිකා Wednesday, 11 July 2012 05:38 PM

මේ වයසේ ළමුන්ගේ හිතුවක්කාරකම් නිසා මේ ලමයින්මයි අමාරුවේ වැටෙන්නේ...ආයේ මේ වගේ දේවල් නොකරන්න ළමා නිවසේ දාපු එක හොදයි,,එතකොටවත් විනයක් ඇතිව හැදෙයි...

:       0       0

අභීලාශිනී Wednesday, 11 July 2012 11:50 AM

ඒ ළමයි දෙමාපියන්ට භාරදුන්නම් වඩා හොඳයි.....තව ප්‍රශ්න වෙන්න කලින් . නංගියේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න...

:       0       0

දමිත Wednesday, 11 July 2012 03:14 AM

ගිහිං තියෙන්නෙ පරණ යාලුවෙක් හමුවන්න වෙන්න ඇති...

:       0       0

ගාල්ලෙ ඇතීනා, Wednesday, 11 July 2012 03:14 AM

ළමයි හය දෙනෙක් යනකන් පාලිකාව කොහෙද දන්නේ නෑ හිටියේ.ළමයි විතරද ළමා නිවාසෙට යැවුවේ?

:       0       0

ඇටිකිච්චා Wednesday, 11 July 2012 06:08 PM

"අපි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු" තංගල්ල ප්‍රාදේශීය සභාව

:       0       0

ඉන්දික Wednesday, 11 July 2012 11:37 AM

ඔය වගේ සිදුවිම් නම් සෑහෙන්න සිදුවෙනවා කොළඹ පෑත්තේ . දෙමපියනුත් සල්ලි විතරක් හොයලා මදි.ළමයි ගෑනත් හොයන්න ඕන. මොනවා හරි උනට පස්සෙ බොරුවට දඟලලා වෑඩක් නෑහෑ.

:       0       0

සොබ්බේ Wednesday, 11 July 2012 12:12 PM

ලංකාවනම් හොදයි .. ලංකාවේ ඉන්න මිනිස්සුනේ හොද නැත්තේ....

:       0       0

අමිල Wednesday, 11 July 2012 06:59 AM

අවුරුදු 19 ළමා වයසක්ද අද කාලේ

:       0       0

තිලක් Wednesday, 11 July 2012 08:03 AM

හේන් කොටන්න යන්න ඇති

:       0       0

පිලිපීනෝ Wednesday, 11 July 2012 02:18 PM

ෂුවර් එකටම පාලිකාවගේ වැඩ නිසා වෙන්න ඇති ළමයි පැනල ගියේ....

:       0       0

දයා,saudi Tuesday, 10 July 2012 09:30 PM

අපූරුයි වැඩේ.පෙර පුහුණුවකටවත් ගෙනාවද කියන්න බෑ නේද?

:       0       0

sltk2004 Tuesday, 10 July 2012 09:51 PM

අනෙය් පව්. අනවසරයෙන් නේවාසිකාගාරයෙන් යනඑක මෙච්චර ලොකු වරදක් ද? අනිත් එක එහෙ මෙහෙ ගිහින් නෙමේ නේ, ගිහින් තියෙන්නේ පාසල් මිතුරියකගේ ගෙදර නේ. මෙවැනි දෙයක් කල කියල ළමය් නිවාසව හිර කලාම කොච්චර මානසික පීඩනයක් එනවා ඇති ද ?

:       0       0

ඇත්ත Tuesday, 10 July 2012 10:24 PM

මෙක සුලුවට ගන්න එපා. මතකනෙ අර හක්මන අවුරුදු 14 ලමයට වුනු දෙ..!! මොකක් හරි වරදක් වුනනම් අද අපි හෙමොටම වෙන්නෙ දුක් වෙන්න...!!

:       0       0

රුවන් Tuesday, 10 July 2012 11:39 PM

නේවාසිකාරයෙන් පිට යනවා කියන එකේ තේරුම එහේ මෙහේ යනවා කියන එක තමයි. sltk, ඔයා ළමයින්ගේ දෙමාපියන්ට වග කියනවද?

:       0       0

වලභ Tuesday, 10 July 2012 11:46 PM

ඔන්න ප්‍රාදේශීය සභාවලට වැඩ

:       0       0

දයා ,සෞදි Wednesday, 11 July 2012 10:16 AM

මේ හතමුණ කියන්නෙත් දකුණු පළාතේම ගමක්ද . එහෙනම් ...!

:       0       0

ගාල්ලෙ ඇතීනා, Thursday, 12 July 2012 04:11 AM

උඹ නාඩන්- උඹ නාඩන් අපට ඕව හොඳ පාඩම්'

:       0       0

චින් Tuesday, 10 July 2012 11:38 PM

මේ ළමයි දැන් හොඳ හොඳ දේවල් ඉගෙන ගනියි. මේ නිවාස වල ට දාන්නේ අපචාර වලට පවා බඳුන් වූ දෙමවුපිය ආරක්ෂාව අහිමි වූ දරුවන්. අනවසරයෙන් ඉස්කෝලෙන් ගියා නම් පොලිසිය දෙමවුපියන් ගෙන්වල බාරදෙන්න ඕන. දැන් 24 වෙනකන් ඉන්නේ නැතුව දෙමවුපියන් මෝසමක් දාල ළමයින්ව බාර ගන්න. නැත්නම් ළමයි එහේම තියාගන්න කියන්න තමයි වෙන්නේ.

:       0       0

අබරං ආතා Wednesday, 11 July 2012 10:50 AM

අම්මපා අපි නුවර ඉස්කෝලෙ යද්දි හොස්ටල් එකෙන් පැනල ගෙදර ගියා මතකයි. හැබැයි අපිට වෙන මගුල් වල යනවට වඩා ගෙදර යන එක තමයි ඒ කාලෙ වටින්නෙ. නමුත් ඉතිං දැං කාලේ ගෑනු ළමයින්ගේ හොස්ටල් වල සිද්ධ වෙන දේවල් වල හැටියට, මේ වගේ දේවල් ගැන හොඳට හොයල හිතල බලන්න වෙනව. අනික එක වයසෙ ළමයි නෙමෙයි නෙ මේ කට්ටිය නේ.. කොහොමටත් ළමයි හොස්ටල් වල තනි කරල උගන්නන්න හිතන දෙමවුපියන්ටත් හොඳ පාඩං මෙව්ව...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 178 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 445 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 326 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 944 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 97 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 205 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site