ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දුන් තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ සර්ටියෝරාරි රිට් ආඥාව අවලංගු කරන ලෙස නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉකුත් 30 වැනි දින යොමු කළ විශේෂ අභියාචනා පෙත්සමට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නීතීඥවරු කියති.
ලබන 29 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද, මේ වන තෙක් තම සේවාදායකයන්ට කිසිදු නොතීසියක් ලැබී නැතැයි නීතීඥවරු වන සුනිල් වටගල සහ එම් ඒ සුමන්තිරන් මහත්වරු කියති.
කෙසේ වෙතත් නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කැරුණු විශේෂ අභියාචනා පෙත්සම බැලීමට හෝ එහි පිටපත් ලබා ගැනීමට ලේඛකාධිකාරීවරයා තමන්ට අවසර නොදුන් බව ද එම නීතීඥවරු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිරානි කියන්නේ එන්.ජී.ඕ බලකනුවක්. (නදී)
මහේෂ් , ඔබ නිවැරදියි (නි)
වැලිගමගේ, මේ මහේෂ් කියන පුද්ගලයාගේ අදහස් ඔහොම තමා. කාගේ හරි ලනුවක් කාලා මොනවහරි ලියනවා. ෂරියා දඩුවම් තමා හරි මෙයාලා වගේ අයට (නි)
මහේෂ් සිල්වා මහත්තයෝ , ඔබතුමා මුකයෙන් ද අදෝමුකයෙන්ද කතාකරන්නේ කියල මට ටිකක් හිතාගන්න අමාරුයි. (ස)
සහෝදරවරුනි, ඔබ කවදත් අසාධාරණයට විරුද්ධව නැගී සිටියා. ඔබට ජය.සමහර මෝඩ අය තවමත් රට කන අයට කඩේ යන කතා කියනවා. රට විනාශ කරන්න උදවු දෙන්නේ අන්න ඒ අයයි. මිනිසුනි හොඳට ඇස් ඇර බලනු මැනවි අනුවන කතා නොකරනු මැනවි (නි)
මෙන්න බල්ලා මල්ලෙන් එලියට පැනලා. මේ ඉන්නේ කට්ටියම රටට ආදරේට ඇවිල්ලා.(නදී)
ශිරාණි බණ්ඩාරනායක කියන්නේ දෙමල ඊළාම් වාදය පිළිගන්න කෙනෙක්. එයා පෙඩරල් ක්‍රමේ පිලිගන්නවා. දෙමල ජාතික සන්දානය මෙයා වෙනුවෙන් පෙනි ඉන්න එකෙන්ම කාටත් එක තේරෙනවා. මෙයාලා කවදත් කරන්නේ සිංහල ද්‍රෝහී වැඩ. අර පෙරටුගාමී කියන්නේ මුන් එක්කම හිටපු කොටි පැටියෙකුගේ පක්ෂයක්. ඒකේ ඉන්න සිංහල නිවටයෝන්ට හොඳ දඬුවම් දෙන්න ඕනා. කවුරු කොහොම කිව්වත් ශිරාණි ගෙදර යවපු එක හොඳ වැඩක්. එකම ප්‍රශ්නය මෙයා පත් කලේ ඇයි කියන එකයි.(නදී)
අගවිනිසුරුතුමියව ආපහු පුටුවට ගෙනෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දෙය.(ස)
ගිය හකුරට නාඩන්නේ. තියෙන හකුර රැක ගන්නේ. (නි)
සියලුම පළාත් සභා අහෝසි කොට අපි ඩොනමෝර් ක්‍රමයට යමු. 1948 නිදහසින් පසු සෙනෙට් මණ්ඩලය නැවතත් ස්ථාපිත කරමු. පළාත් සභා අපිට එපා.(නදී)
කොහොමත් මේ ගේම් එක ඉවර වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ තව ආසන දෙකක් නැති කරගන්නවා. ඒක ඒ ගොල්ලෝ දන්නවා , ඒ වුනාට ඇමෙරිකාවට කඩේ ගිහින් ලොකු සල්ලියක් ඒ ගොල්ලෝ අතට ගන්න පුළුවන් කියලනේ වැඩ.(නදී)
'දෙපැත්තම අසනු' කියලා ස්වාභාවික යුක්ති මුල ධර්මයක් තියෙනවා නේද? (නි)
අපිට නම් එතුමිය තවමත් අගවිනිසුරුම තමයි (නි)
අගවිනිසුරුතුමියව ආපහු පුටුවට ගෙනෙන්න පුලුවන් නම් ඒක තමයි ලොකුම දෙය, අපිට නම් (නි)
එයාට සීනි බෝල හරියන්නේ නැහැ. චොකලට් එකක් දෙන්න. නිකන් සුදුළුනු පොඩිකරන්න එපා.(නදී)
ඇයි අපට බැරිද? සාලිට බැරිද? අනේ පැත්තකට ගන්න ගිනි පෙට්ටි. රට කන්න හදන්නේ නැතුව.(නදී)
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් මේ නගන කිඹුල් කඳුළු ඇය වෙනුවෙන් නොවේ. මේ අය කවුද කියා හඳුනා ගන්න.(නදී)