හිටපු අග විනිසදුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට මැයි මස 29 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විජිත හේරත්, ආර් සම්බන්දන් මහත්වරුන්ටද එදිනට පෙනී සිටින ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීනි නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නොතීසි නිකුත් කළේ නීතිපතිවරයා විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.
හිටපු අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිකුත් කළ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණ නිකු කළ රිට් ආඥාව ඉවත දැමීමට නීතිපතිවරයා විසින් මෙම විශේෂ අභියාචන පෙත්සම ගොනු කර තිබිණි.
මෙම අභියාචන පෙත්සම සලකා බලනු ලැබුවේ සලීම් මර්ෂුක්, සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර මහත්ම මහත්මීගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට දැං පිනක් දහමක් කර ගෙන ඉන්න දෙන්නෙත් නැහැනේ..!(නු)
ඊට පස්සේ කියාවි අපි නිත්‍යානුකූලව කටයුතු කලා කියලා(නු)
නෙතුමි, කවුරු ගැනද කථාකරන්නේ? 43වැනි අග විනිසුරුවරියනම් ඔය කියන ගරුත්වය රැකගෙන කටයුතු කල නිසා ද මේ කරදර.(නු)
ඊළඟට විදුලි බිලට පස්සේ කරලියට මේ ගැටළුව ආයෙත් එයිද?(නු)
මෙහෙමත් නීතියක්..!(නු)
මිනිස්සු හැදු නීති, මිනිස්සුන්ම කඩකරනවා, කවද හරි මේ අය දේව නීතියට වගකිවයුතුමයි.(නදී)
ශාන්තගේ කීම හරියට හරි..!(නු)
අපේ දරුවන්ට අනාගතය කොහොම වෙයිද කියලා හිතාගන්නවත් බැහැ..!(නු)
අපිට තේරෙන්නේ නෑ දැං මේ වෙන දේවල්..!(නු)
අපේ නීතිය දැං විහිළුවක් වගේ..!(නු)
මාධ්‍යයේ පෙන්නන, කියන තරම් ලොකුවට ජනතාවට මේවා දැනෙන්නේ නැ. අපේ ගමේ ගොඩේ ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිතවලට ඕව බලපාන්නේ නැති තාක් ඒ මිනිස්සු තමන්ට වාසි පැත්තට ඡන්දෙ දෙනවා. මේවට තමා කියන්නේ මාධ්‍ය සංදර්ශන කියල. විපක්ෂයේ කවුරුත් හිතට ගත යුත්තේ ජනතාවට දැනෙන කාරනා මතු කරගෙන විරෝධයක් ගොඩ නගපු දාට තමා ඒ ගොල්ලෝ දිනන්නේ කියලා..(නු)
එයාට පුළුවන් අවශ්‍යනම් නිර්දොෂී බව පෙන්වන්න . හොදම ක්‍රමය එයයි..!(නු)
මීට වඩා ප්‍රථිරූප හදාගන්න හදපු ලොක්කෝ ගිය ගමන් අපි දැක්කා, ඇහුවා. යමු , ඔහොම යමු!(නදී)
රත්න, අගවිනිසුරුවරිය නිවැරදි වෙන්න ඇති එත් එල්ල වෙන චෝදනා වලින් ගරුත්වයයි රැකියාවයි දෙකටම හානිවෙනවනේ. (නි)
දුමින්දට ඇප, අගවිනිසුරුවරියට නොතීසි. හෙට වෙනකොට මහජනතාවටත් නඩු දායි.(නදී)
පුදුම අවාසනාවන්ත කාලයක් මේ ගෙවාගෙන යන්නේ. වෙලා තියෙන්නේ බහුතරයකට මේක නොතේරන එක (නි)
අගවිනුසුරුතුමිය කිසි දිනකදි නොසිතු දෙයක් තමයි දැන් සිද්ධ වෙල තියෙන්නෙ.රැජිනක් වගේ හිටපු එතුමිය අද තම්න්ගෙම සෙසු විනිසුරන් ඉදිරියේ කුඩුවක නැගිලා සාක්ෂි දිම නීතියේ සමානත්මතාවය කාටත් පොදුයි කියන ධර්මතාව පෙන්නුම් කරන එකක් ... ඇයකරපු දේවල් දැන්වත් තෙරුනොත් හොඳයි. ශාන්ත ලියපු දෙවල් සමග මමත් එකඟයි.(නු)
මේක දේශපාලන පලිගැනීමක් වෙන්න බැරිද?(නදී)
අපි අපේ මව්බිමට ආදරෙයි, නිකන් කාටවත් ආවඩන අයත් නොවෙයි. හිටපු අගවිනුසුරුතුමිය සම්බන්ධ කාරණා හරි හැටි නොදැන, අනෙකුත් රටේ අඩුපාඩු එක්ක පටලවාගෙන නපුරු කතා ගොතන අය බොහොමයි. ලන්ඩනයේ ගරු ශාන්ත සේනාධීර නීතීඥ මහතාට කෘතඥ වෙමි. (නි)
දැන් ඒ දිනවල මෙතුමිය වෙනුවෙන් පාරේ බැහැලා කෑ ගගහා ගිය කට්ටිය මෙතුමිය සමග උසාවි එයිද දන්නෙ නැහැ. (නි)
දුමින්ද මහත්තයව මිනි මැරුම් චෝදනාවෙන් නිදහස් කරයි ලගදිම. මොකක්ද මේ නීතිය. පළිගන්නේ නැතුව මරාගෙන කෑවානම් ඉවරයි.(නදී) .
මොකාක් හරි ප්‍රශ්නයක් තමයි
කුමාර, මට කියන්න ඔය කියන නීතියේ සමානාත්මතාවය කොහෙද තියෙන්නේ කියලා? (නි)
මම හිතුවා අත්ත්ටමමෙප්‍රශ්නය ඉවරයි කියලා (දී)
ඔබ නීතියට විරුද්ධව යමක් කලානම් එයට දඩුවම කෙසේ හෝ ඔබට විදීමට සිදුවනු ඇත..(නු)
ඔන්න ඔය මනුස්සයට පිනක් දහමක් කරගෙන ඉන්න දෙන්න. (ස)
අනේ මගේ රටට ගිය කලක් රට වැසියනට වෙච්ච නස්පැත්තිය කාට කියන්නද ? දෙවියනි ඔබ කොහිද මම සොයමි. (ස)
අතීතය කණපිට පෙරලන්න තියා මොනවා කරන්න හැදුවත් අපිටත්, පිටස්තර ලෝකයාටත් අමතක වෙන්නේ නැහැ ඒවා කවදාවත්. (නි)
කාට විරුද්ධවද සිතාසි යවන්න බැරි ඕන නම්...(නු)
මොනවා කලත් එදා තීන්දුව තමයි හරි...!(නු)
ගරු අගවිනිසුරු තුමියට කරන මෙම අපහාසය සහ පලිගැනීම පිළිබද ව්දේස ගත අපගේ බලවත් කණගාටුව සහ පිළිකුල මෙසේ සනිටුහන් කරමු .(නදී)
කකුලේ බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්ද ? (ස)
තීන්දුව දැනටමත් තීන්දුයි!(නු)
අනිච්චේ දුක්කේ කිව්වලු. රටට ගිය කලක්. (ස)
වරදක් කලානම් දඩුවමක් ලැබිය යුතුමය.. ලොව පොදු ධර්මතාවය එයයි..! (නු)
නීතීඥ්යෙකු ලෙස කලක් ශ්‍රීලංකාවේ කටයුතු කල නිසා අපේ රටේ අධිකරන ඉතිහාසය තුල සිදුවී ඇති ශෝචනීය කාල පරිඡේදයකට අවතීර්නය වීතිබීම පිලිබඳ මට ඇතිවෙන්නෙ මහත් සංවේගයක්.මීට වගකියයුතු කවුරුන් උනත් මින් අපේ රටට සිදුවී ඇති හානිය පිටරටක ජීවත්වන අපට මහත් සංවේගයක් ඇතිවෙනවා.අගවිනිසුරුතුමියත්, පාර්ලිමේන්තුව නියෝජනයකල කිහිප දෙනෙකුගේ අදුර්දාර්ශී ක්‍රියා පිලිවෙත මේ සැමට හේතු සාධක වීඇති බව ඒ පිලිබඳ ඇතුලත් හැන්සාඩ් වාර්තා හා අනෙකුත් ලිපි හා විවිධ මාධ්‍ය පුවත් කියවු මට පෙනීගියා. ලොවපුරා මතුව ඇති ගිනි ඇවිලීමට පිදුරු දමමින් අපේ නීතීඥ් සංගමය කරගෙනයන ශ්‍රිලංකාවට අපකීර්තියක් ගෙනදෙමින් ගෙනයන ක්‍රියා පිලිවෙත මා හෙලාදකින්නේ මහත් පිලිකුලකින් බවත් කිවයුතුයි.අපි දේශය පෙරට තබා පටු දේශපාලන මත මෙහිදී ඉවත් කරගතයුතු බව රටට ආදරය කරන කාගෙත් යුතුකම විය යුතුයි.(නු)
එයාලගේ උසාවිය එයාලාගේ නඩු අපි බලාසිටිමු..!(නු)
බුද්දිය ගලනය නොවෙයිද ඉතිං මේවා සිදුවෙනකොට..!(නු)
මොනවා කියලා කියන්නද මම (දී)
අනේ මන්ද, ජන්දයක් ආව දවසට මේ මුකුත් මිනිස්සුන්ට අමතක වෙන එකයි ප්‍රශ්නේ, ඒ වෙලාවට අන්දරේලා , කේවට්ටයෝ කෑගහන්න ගත්තම අයෙමත් කතිරේ ගහයි. දෙයියෝ සාක්කි...!!!(නු)
හුගක් අයට උසස් තනතුරක් එක්ක රැකියාවක් ලැබුනත් ගරුත්වයයි රස්සාවයි රැකගෙන ඉන්න බැරි ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
ඇයි මෙතුමිය ආයෙත් කැදවන්නේ..?(නු)
මොකද්ද මේ අපේ රටේ නීතියට වෙලා තියෙන්නේ..!(නු)
දුමින්ද එළියේ අගවිනිසුරු ඇතුලේ. මේකද රටක නිතිය ?(නදී)
ඔන්න සරත් ෆොන්සේකාට කරපු එකේ අනික තමයි ශිරාණි බණ්ඩාරනායක මහත්මියටත් කරන්න යන්නේ. රජයට අවනත නොවු විපාක. අනේ කවදා ඉවර වේවිද මේ පලිගැනීම.(නදී)
දෙයියෝ සාක්කි
මේ යන ගමන වේගවත් වැඩිබව වැටහෙනකොට හුගදෙනෙක් ප්‍රමාද වැඩියි! (නි)