IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


හිටපු ඉතාලි නායකයාට නඩු වැලක්

ඉතාලි හිටපු අග‍්‍රාමාත්‍ය සිල්වීයෝ බෙරුලූස්කෝනිට විරුද්ධව චෝදනා ගොන්නක් මත මිලානෝ නුවර අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙයි. මොරොක්කෝ ජාතික බාලවයස්කාර (16) තරුණියක් සමග පැවැත් වූ අනියම් සම්බන්ධතාවය ඔහුට විරුද්ධව ඇති නඩු අතරේ ප‍්‍රධාන තැනක් ගනී. 2010 වසරේ එක්තරා දිනක රුබී නැමැති එම ලාබාල තරුණිය නීතිවිරෝධිව ඉතාලියේ රැඳීසිටීමේ චෝදනාව යටතේ මිලානෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අගමැති බොරුලූස්කෝනි පොලිසියට කතා කෙළේය. තරුණිය ඊජිප්තු ජනාධිපති මුඛාරක්ගේ නෑයකු බැවින් නිදහස් කරන ලෙස දැන්වීය. එහෙත් එය සාවද්‍ය ප‍්‍රකාශයක් බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය. රුබී හා හිටපු අග‍්‍රාමාත්‍ය වරයා අතර තිබු සම්බන්ධතාවය සොයාගෙන එම කරුණු ද අධිකරණයට ඉදිරිපත් කෙළේය. මේ අතර බෙරුලූස්කෝනිට අයත් මීඩියා සෙට් රූපවාහිනි මාධ්‍ය ජාලයේ (රූපවාහිනි නාලිකා කිහිපයක හිමිකරුවෙකි) ඇතැම් විකාශන අයිතිය වෙනත් මාධ්‍ය ආයතනයකට විකිණීමෙන් ලත් යුරෝ ලක්‍ෂ 2200ක් හෙවත් රුපියල් කෝටි 3300ක මුදලින් රජයට අයවිය යුතු බදු නොගෙවා එය පැහැරහැරීමේ චෝදනාව යටතේ ද ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙයි. තවද ඔහුට විරුද්ධ නඩුවකට බොරු සාක්කි දුන් බව කියා එංගලන්ත ජාතික නීතිඥයකු වන ඬේවිඞ් මිල්ස්ට යුරෝ ලක්‍ෂ හයක අල්ලසක් බෙරුලූස්කෝනි විසින් දී ඇත. පසුගිය දා අධිකරණය හමුවේ පෙනී සිටි ඬේවිඞ් මිල්ස් තමාට එවැනි මුදලක් ඉතාලියේ හිටපු අග‍්‍රාමාත්‍යවරයා දුන් බව පිළිගත්තේය. යුරෝපයේ ප‍්‍රධාන ධනවතකු වන 75 හැවිරිදි බෙරුලූස්කෝනි තම බිරියගෙන් ද නීත්‍යානුකූලව වෙන්ව සිටී. මේ කෝටිපති දේශපාලනඥයාට කවර දඬුවමක් දෙනු ඇත්දැයි ඉතාලියම බලා සිටී. බෙරුලූස්කෝනි හා රුබී රුබී ඬේවිඞ් මිල්ස් බෙරුලූස්කෝනි    



අදහස් (0)

හිටපු ඉතාලි නායකයාට නඩු වැලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 9 0

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 16 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි
2024 නොවැම්බර් මස 28 13 0

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම


කන්තලේ වැවක වාන කැඩේ
2024 නොවැම්බර් මස 28 135 0

අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.


තාවකාලික වාහන අංක තහඩු භාවිතය නවත්වයි
2024 නොවැම්බර් මස 28 232 0

තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 748 0

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2160 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site