(අංජුල මහික වීරරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු සියලු නිලධාරීන්ට අද (12) උපදෙස් දුන්නේය.
මීට පසු විශ්ව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙවැනි සිද්ධි වලට මුහුණ දීමට ඉඩ නොතැබිය යුතු බවද ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට පවසා තිබේ.
අදාල පහර දීමේ සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ලැබුණු ඒ පිළිබඳව ගන්නා ඉදිරි පියවර තීරණය කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ බව කියන එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුතකු වන විදුර සේනාරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු උපකුලපතිට පහරදීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි
Sunil Monday, 12 December 2022 03:59 PM
මෙයා කරන්නේ වාර්තා ඉල්ලන එක පමණයි. එයට පසු වාර්තාව කුණු කූඩේ...
ධම්මජින්න හිමි Monday, 12 December 2022 05:03 PM
අතුල සේනාරත්න මහාචාර්යතුමා වීරකැටියෙන් බිහිවූ විශිෂ්ඨ ජනතා පුත්‍රයෙක්. එවැනි අය රැකගත යුතුයි.
dhamneth Monday, 12 December 2022 05:05 PM
වහාම ජනාධිපති කොමිසමක් පත්කර සොයාබලන්න පාසල්වලින් විශ්ව විද්‍යාලවලට ඇතුල්වන විනයගරුක විනීත සිසුන් කැම්පස් ඇවිත් ටික කලකින් දාමරිකයින් බවට පත්වන්නේ කොහොමද කියලා? කැම්පස්වල ලොකු ඵලදායක සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි.
Lal Monday, 12 December 2022 05:47 PM
මේ ජවිපෙ ත්‍රස්තවාදීන්ව ඇරෙස්ට් කරන්න.
ranjith Monday, 12 December 2022 06:16 PM
මේ වගේ ජරාවැඩ කරන සරසවි සිසුන් විශ්වවිද්‍යාලවලටත් අපකීර්තියක්...
Prase Monday, 12 December 2022 06:28 PM
අනිවාර්යයෙන් මේ හරක් ගෙදර යවන්න ඕනෑ. ඔවුන් උපාධි අරගෙන රාජ්‍ය සේවයට ආපුවාම වෙන්නේ රටේ ජනතාවගේ බදුමුදල් විනාශ කරලා හොරකමක්...