IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


'හිටපු ඩීඅයිජීට සැලකු හැටි හරි නෑ'

ජාතික ආරක්ෂාව හා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් කැප වු නිලධාරියකු වු විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්.සරත්චන්ද්‍ර සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය අනුමත කළ නොහැකි, නොහොබිනා කටයුත්තක් යැයි ජාතික හෙළ උරුමය නිවේදනයකින් කියයි.

යුද ජයග්‍රහණයට මුවා වී දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමින්,කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය සොරකම් කළ දුෂිත දේශපාලනඥයන් නිදැල්ලේ සිටිමින් මාධ්‍ය ඉදිරියේ බඩපිලුම් ගසද්දී මේ නිලධාරියා සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කළ ක්‍රියා පටිපාටිය රටේ මැදහත් ජනතාව අනුමත නොකරන බව ද නිවේදනයේ දැක්වේ.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේ කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජිප් රථයක් විශ්‍රාම ගැනීමෙන් පසු භාවිතයට ගැනීමෙන් රුපියල් 140,000 කට ආසන්න මුදලක් අවභාවිතා කළැයි සරත්චන්ද්‍ර මහතා විශේෂ කාර්ය බළකායේ හිටපු සුවිශේෂි දක්ෂ නිලධාරියෙකි. ඔහු ජාතික ආරක්ෂාව හා ප්‍රභූ ආරක්ෂාව  සම්බන්ධයෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ අයකි.

යුද ජයග්‍රහණය මුවා වී ජාති ප්‍රේමීන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමින් කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය හොරකම් කළ හා කොල්ලෑ දුෂිත දේශපාලඥයින් නිදැල්ලේ සිටිමින් මාධ්‍ය ඉදිරියේ බඩපිලුම් ගසද්දී මෙවැනි සුළු සිද්ධියකට එම නිලධාරියාට එරෙහිව පොලිසිය ක්‍රියා කිරිම මැදහත් ජනතාව අනුමත කරන්නේ නැත.

දුෂණ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරන ආකාරය පුදුමය දනවයි. ඔහු නීතිය මකුළු දැළකට සමාන කර  ඇත. මැස්සන් එහි පැටලේ. උකුස්සන්ට පියාඹා යන්නට බාධාවක් නැත.



අදහස් (0)

'හිටපු ඩීඅයිජීට සැලකු හැටි හරි නෑ'

චන්න Friday, 25 November 2016 03:41 PM

නිදාගෙන ඉන්න බලධාරීන් මේක පත්තරෙන් දැකලා මොනවාහරි දෙයක් කරයි (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Saturday, 26 November 2016 05:47 PM

කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකළ කොයියම් තරාතිරමක පුද්ගලයෙකු වුවද ඔහු කළ රාජකාරිය එම වරද කිරීමට නිකුත් කරන සහතිකයක්ද? එහෙමනම් හිරේ විලංගුවේ ඉන්න අනෙකුත් පුද්ගලයන්ගෙනුත් කිනම් හෝ සේවයක් රටට සමාජයට සිද්ධ වී ඇති. එහෙම උපකල්පනය කර ඔවුන්ටත් කර තිබෙන්නේ අසාධාරණයක් කියා නිදහස් කර හැරියොත් රටේ නීතිය කොයිබටද? (නි)

:       0       0

රත්නසිරි Friday, 25 November 2016 04:17 PM

මෙතන අදහස් දමන සමහරුන්ට බැංකු මංකොල්ලකාපු අය මතක් වෙන්නේ නැද්ද? (නි)

:       0       0

සුසන්ත Friday, 25 November 2016 04:29 PM

අපි මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලාසිටිමු (නි)

:       0       0

වින්සන්ට් Saturday, 26 November 2016 09:48 PM

කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය හොරකම් කළ හා කොල්ලකෑ දුෂිතයනුත් සුවිශේෂි නම් මෙතුමා කුමක් කියන්නේද? සුළු වැරදි වලට වගේම විශාල වැරදි වලටත් නීතිය ක්‍රියාත්මක වියයුතු බව කිවුවා නම් වඩා සුදුසු නොවන්නේද? සුවිශේෂි පුද්ගලයන් තමන්ගේ සුවිශේෂිභාවය රැකගැනීම ඔවුන්ගේ වගකීමකි. (නි)

:       0       0

අබය Saturday, 26 November 2016 10:00 PM

යහපාලනය සහ පෙර පැවැති පාලනය යන දෙගොල්ලොම කරන්නේ සාධාරණය ඉටුකරන මුවාවෙන් පළිගැනීම්ය (නි)

:       0       0

හර්ෂ Friday, 25 November 2016 04:37 PM

සරණපාල, එතකොට අර්ජුන් මහේන්ද්‍රන්ලාත් යනකොට මහජනයාගේ බදු දීලා ගියද? ඒක වෙන්න ඇති තාමත් නිදැල්ලේ... (නි)

:       0       0

කෝලිත Friday, 25 November 2016 04:38 PM

නුඹ සහ මම නිදහසේ හුස්ම ගන්නේ සරත්චන්ද්‍ර වගේ අයගේ ජීවිත කැපකර කළ සේවය නිසා බව අමතක කරන්න එපා... (නි)

:       0       0

සනුල් Friday, 25 November 2016 05:14 PM

යුරෝපා හවුල, ඇමරිකන් හා ඉන්දියන් රාජ්‍ය මැදිහත්වීම මත ඩයස්පෝරා ඩොලර් වලට ගිජු වී රට අවුලක හෙලූ සමහරුන් අනාගත ඉතිහාසයේ දේශද්‍රෝහීන් ලෙස නම් කෙරෙනු ඇත. (නි)

:       0       0

නිහාල් Saturday, 26 November 2016 10:56 PM

මා දන්නා තරමින් නම් මෙවැනි උසස් නිලධාරින් විශ්‍රාම ගිය පසු රජයේ නොයෙක් රාජකාරි පවරනවා. කමිටු, කොමිසන් ආදී වැඩ බොහොමයි. ඉතින් එවැනි අවස්ථා වල තමන්ට දී තිබුනු වරප්‍රසාද එම සේවය නිමවනතෙක් දිගටම ලබාදෙනවා. සරච්චන්ද්‍ර මහතාම මෙය රටට පැහැදිලි කළයුතුයි (නි)

:       0       0

ගෝතම Friday, 25 November 2016 05:24 PM

දැන් යන විදියට ඔහොම ගියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ ඉදිරියට (නි)

:       0       0

පුබුදු Saturday, 26 November 2016 11:08 PM

හිටපු මැති ඇමතිවරු වාහන තවම නොදුන් නිසා ඔක්කොටම නඩු දාලා හිරේ නිසා මෙයාට විතරක් සහනයක් දෙන්න හොඳ නැහැ. (නි)

:       0       0

රත්නායක Sunday, 27 November 2016 12:35 AM

රජය හැමදේම හරි පිළිවෙලට කරන්නෙ. ඒක ඔයාලට තේරෙන්නෙ නැද්ද? මුලින්ම අල්ලන්නෙ සුළුම වැරදි කරපු අය. ටික ටික ලොකු ලොකු අයට මාරු වෙනවා. මහබැංකුව වගේ ලොකු වැරදි කරපු අය අල්ලන්නෙ අන්තිමට. ඒකට ගොඩක් කල් යනවා. ඒ කියන්නෙ යන විදියට නම් අවුරුදු 20ක් 25ක්වත් යයි. ඔයාලා කලබල නොකර ඉන්නකෝ. (නි)

:       0       0

අනුර Sunday, 27 November 2016 01:49 AM

ගොඩක් දෙනෙකුට මුල අමතක වෙලා වගේ (නි)

:       0       0

අනුර Sunday, 27 November 2016 03:22 AM

නිතිය කාටත් පොදු දෙයක්. මොන පිස්සුද? කොටි ත්‍රස්තයන්ට එය අදාළ නැහැ (නි)

:       0       0

ඉසුරු Friday, 25 November 2016 08:29 PM

හිරේ දානවා නම් මුලින්ම දේශපාලන හොරු ටික දාන්න, රටට වැඩක් කරපු මිනිසුන්ව නැතුව. (නි)

:       0       0

සෙනරත් Sunday, 27 November 2016 03:52 AM

මේ වගේ වැඩ කරලා ලකුණු දාගන්න ගොඩක් උදවිය හරිම දක්ෂයි. මේ චෝදනාවේ විදියට රුපියල් 140,000.00 ක් පාඩුකළා නම්, රජයේ සේවය කරපු ලොක්කන්ගෙන් 90% ක් පැන්ෂන් ගියාට හිරේට නියම වෙන්න ඕනෑ. දේශපාලකයෝ 99% ක් ම හිරේට යන්න ඕනෑ. මේවා සහගහන අපරාධ. චෝදනාවට සාපේක්ෂව ඔහු කරපු සේවයත් බලන්න ඕනෑ. (නි)

:       0       0

වෙනුර Saturday, 26 November 2016 01:18 AM

අනේ අපි නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)

:       0       0

නලින් Saturday, 26 November 2016 02:26 AM

වරදක් සිදුවුවානම් එවන් පුද්ගලයෙක්ගෙන් රුපියල් 140000 ක් කොටස් වශයෙන් විශ්‍රාමික වැටුපෙන් කපාගන්නට තීන්දුවක් දී වරදට දඬුවමක් ලෙසද අනෙකුත් රජයේ නිලධාරීන්ට පාඩමක් ලෙසටද ක්‍රියාකළා නම් අප කොතරම් සතුටුවනවාද? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 26 November 2016 02:31 AM

මේ වගේ රටට වැඩ කරපු අය බස් එකේ ගියොත් ඔහුගේ ජීවිත ආරක්ෂාවට මොකද වෙන්නේ? විශ්‍රාම ගිය මෙවැනි විශේෂ නිලධාරීන්ට ආරක්ෂාව දීම රටේ යුතුකමක් නේද? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 26 November 2016 02:39 AM

ගරු ජනාධිපතිතුමනි, මෙවැනි දේ ඔබගේ අවදානයට යොමුවේවා! (නි)

:       0       0

ලුම්බිණි Saturday, 26 November 2016 02:42 AM

එතකොට අර සරත් ෆොන්සේකා අල්ලාගෙන ගිය විදිය? (නි)

:       0       0

සාගර Sunday, 27 November 2016 07:44 AM

ඔහුට ක්‍රියාත්මක වූ ආකාරය වැරදියි තමයි (නි)

:       0       0

නලීන් Saturday, 26 November 2016 04:18 AM

හොරු නම් කවුරුත් හොරු (හේ)

:       0       0

චානක Saturday, 26 November 2016 06:54 AM

වැරද්දක් කරලා තියෙනවනම් තරාතිරම නොබලා දඩුවම් දිය යුතු වේ ...(හේ)

:       0       0

දහම් Saturday, 26 November 2016 06:55 AM

නිතිය කාටත් පොදු දෙයක්.(හේ)

:       0       0

අජිත් ඉසන්ත Saturday, 26 November 2016 07:04 AM

නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න.(හේ)

:       0       0

සහන Saturday, 26 November 2016 07:53 AM

තම තමන් හරියට නීතියට වැඩ කලානම් ඔය ප්‍රශ්න නැහැනේ . මෙතැන් ප්‍රශ්නේ තියෙන්නේ කල පුද්ගලයාගේ තරාතිරම අනුව නීතිය වෙනස් කරන්න යන එක අනුවයි. මෙයින් සමස්ත නීති පද්දතියම විනාශවෙනවා. දැන් ආරක්ෂක ඇදුමකුත් සිවුරකුත් දාගෙන නීති කඩන අයටයි සාමාන්‍ය ජනතාවටයි වෙනම නීති හදන්න වෙන්නේ (හේ)

:       0       0

නිමල් Saturday, 26 November 2016 12:20 PM

මේ කරපු දේ වැරැදියි.(හේ)

:       0       0

ටිරෝන් Saturday, 26 November 2016 12:56 PM

අරුම පුදුම රටක් මේක පට්ට හොරු එළියේ (අලුත් සහ පරණ) ජාතියට සේවෙයක් කරපු අය අත්අඩංගුවට වරදක් කළානම් ලොකුද පොඩිද නැහැ ඒ් වුනාට මේ වැඩේ හරි නෑ.(හේ)

:       0       0

සරණපාල Friday, 25 November 2016 01:14 PM

නමුත් විශ්‍රාම යනකොට මහජනයාගේ බඩු දීල යන්න ඕනෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 510 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site