හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට පැනවූ සියලූ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කර ඔහුට හිමි සියලූ වරප‍්‍රසාද හා අයිිතිවාසිකම් හිමි කර දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ගෙන ඒමට යයි. මේ සඳහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද යෝජනාවක් සම්මත කළේය. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලසුන හෙබවූ පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ යෝජනාව ඉදිරිපත් කළේය. පොන්සේකාගේ ඡුන්ද අයිතිය තහවුරු කර විදේශ ගමන් බලපත‍්‍රයද ආපසු දෙන්නැයි එම යෝජනාවෙන් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා..හා...හා...යාන්තම් තව සටන් පාඨයක් ඉතිරි වෙලා.
එක සැරයක් ඒ මනුස්සයා රවට්ටලා දේශපාලනයට ගෙනල්ලා සියළු දේ නැති කර දැම්මා. unp එක දැන් ආයි දගලන්නේ එතුමාගේ පිටින් බලයට එන්න. අම්මපා, ෆොන්සේකාට මේක තේරුම් ගන්න මොළයක් නැති හැටි
ආයේ පාරක් ජෙනරාල්තුමාව ඇතුලේ තියන්න ද හදන්නේ.....
නිදහස් කරාට පස්සේනේ කියන්නේ.....
කළු පැල්ලම සම්පූර්ණයෙන්ම ඉවත් කරමු
දෙන වෙලාවට දෙයි....
කට්ටිය ලකුණු දා ගන්නයි හදන්නේ.....
ගරු රනිල් වික‍්‍රමසිංහ මහතානෙනි, කරුණාකර සරත් පොන්සේකා මහතාව ඔබගේ ඉත්තෙකු කර ගැනීමට උත්සාහ නොගන්න
ආපහු වැඩක් දෙන්නද දන්නේ නෑ අපේ ජනපතිතුමාට?
හොද යෝජනාවක්නේ
මේ මනුස්සයාට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න. කොටින්ම කියනවනම් රාළගේ පහනෙන් නම් එළිය බලන්න එපා
එතුමාට ඉන්න දෙන්න පාඩුවේ
කරුණාකර ඔය දෙගොල්ලොම එතුමාගේ පාරෙන් ඉවත් වෙන්න.අපි බලා ගන්නම් එයාව
අර මනුස්සයව අමාරුවේ දාලා දැන් වීරයෝ වෙන්න හදනවා.....
ජනරාල්තුමාව එළියට දාලා තියෙන්නේ දෑත් දෙපා බැඳ විලංගු දාලා.මේ හදිසියේ රජයට අපේ ජනරාල්තුමාව එළියට දාන්න හේතුවත් දැන් ඔය චෝදනාවලට ජනරාල් තුමා මඟින් පිළිතුරු බැඳ තමන්ගේ ගැලවීම සලසා ගැනීමට උත්සාහ ගැනීම වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.දැන් බඩු මිළ ඉහළ ගිහින් රජය කෙරෙහි පවතින මහජන අප්‍රසාදය උනත් සෑහෙන්න අඩු වේවී කියලා උපදේශකවරු හිතුවද දන්නේ නෑ..කොහොම වුනත් අතිගරු ජනාධිපතිතුමා මිනිස්සු හිතන විදිහේ නිකම් මෝඩයෙක් නෙවෙයි.වසර 40 ක දේශපාලන අත්දැකීම් ඇති පරිණත දේශපාලනඥයෙක් ඇති අතිගරු ජනාධිපතිතුමා ජනරාල්තුමා එළියට දාන්න ගත්තු තිරණය පිටුපස සෑහෙන දූර දර්ශී වැඩපිළවෙලක් තිබෙන බව මට වැටහෙනවා.ටිකක් බලාගෙන ඉන්න.. මම කියන කාරණය ජනතාවට තව ටික කාලයකදී වැටහෙයි.