හබරන දිගම්පතහ රක්ෂිතයෙන් හොරෙන් කපා ඉරූ දැව තොගයක් සීගිරියේ සංචාරක හෝටලයකට ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ නිලධරයෝ කියති.
කොළඹ ව්‍යාපාරිකයන්ට අයත් හෝටලයකට මේ දැව ගෙන ගිය බව කියන දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සම්පත මේ විදියට වල පල්ලට යනවා වැසි දෙවියෝ උරන වෙලා අහක බලන් යනවා මේ හෙල බිම දින දින දැන් කාන්තාර වෙනවා බොන්නට වතුරත් නැතිවී අනේ මැරෙන්න වෙනවා (ස)
අයියෝ සල්ලි
අනාගතය තමයි විනාශ කරන්නේ මේ
මේ ගස් හිටවපු මිනිස්සුම වෙන්න ඇති ඇවිල්ලා තමන්ගේ වගේ කපාගෙන යන්නේ. මෙයාලට දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම්. (නි)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙක් වශයෙන් ඉහත පාඨක අදහස් පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමි. අප දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වනාන්තර ආරක්ෂා කරගැනීමට නිරතුරු කැපවීමෙන් කටයුතු කරති. වන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අඛණ්ඩව සිදුකෙරෙන නමුත් එම බොහෝ අවස්ථා මාධ්‍ය ආවරණයන්ට හසු නොවන බැවින් පාඨක අවධානයට ලක්වන්නේ මෙවැනි වූ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත්වූ වන අපරාධ පමණි. එසේ වුවද වන අපරාධ අනාවරනය කරගැනීමේදී මහජන සහාය ඉතා වැදගත් වේ. මන්දයත් එක් අඩවි වන නිළධාරියෙකු යටතේ පාලනය වන වන අඩවියක් යනු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක වපසරිය වන අතර, එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයකට සමාන වූ වන බීට්ටුවක් පාලනය කිරීමට සිටිනුයේ එක් බීට්ටු වන නිළධාරියෙකු සමග වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙපලක් පමණි. බොහෝ ප්‍රදේශවල මීටත් වඩා අඩු කාර්ය මණ්ඩලයකින් පරිපාලන කටයුතු කරගෙන යන අතර, මහජන සහයෝගයෙන් තොරව විශාල වනාන්තර ප්‍රදේශ රැක බලාගැනීම නිළධාරියෙකුට හෝ දෙදෙනෙකුට පමණක් ඉතා අපහසු කාර්යභාරයක් බව කිව යුතුය. එහෙත් කාර්ය මණ්ඩලය අඩුවූ පමණින් අපගේ වගකීම පැහැර හැරීමට කටයුතු නොකරමු. හැකි උපරිම ශක්තිය යොදා අපගේ වන සම්පත් රැකගැනීමට සියළුම වන නිළධාරීන් කටයුතු කරන බවද ප්‍රකාශ කළ යුතුය. (නි)
මේ දවස් වල කාගෙහරි ලොකු ලොක්කෙක්ගේ ගෙයක් අලුත් කරනවද දන්නේ නැහැ. (නි)
අනේ! අපරාදේ ලෑලි ටික. මොරටුවේ අපේ බාප්පා කෙනෙක් ඉන්නවා. එයාට ඇරියානම් හොදයි. ඒකෙන් එයා යමක් කරයි. (නි)
මේ සිද්ධිය මතම කී දෙනෙක් දැං හම්බකරගනීද?(නු)
ඕකට කියන්නේ ආශ්චර්යය කියලයි.(නදී)
ඇල්ලුවට වැඩක් නෑ .නීතිය හරියට ක්‍රියාත්මක නොවේනම් (ස)
ලී ටික කතාකරලා කියයිද දන්නේ නැහැ, අපිව කවුරුවත් කැපුවේ නැහැ,අපි අපිවම කපාගත්තා කියලා. (නි)
නියඟය එනවා කියන්නේ අහන්නත් දෙයක්ද ? (ස)
හෙට නිදහස් බය වෙන්න එපා (නු)
ඉතාමත් සතුටු දායක පුවතක්. ගම් උදා කාලෙ වගේ දෑන් ඉතින් ලෑලි ටික පෑලියගොඩ පෑත්තට යවන්න.(නු)
ඔය ලී තොගය උසාවි අරින්න එපා.. හෙටම වෙන්දේසි කරන්න.. ගස් කපපු අයව හිරේ යවන්න.. (නු)
ඒ ටික වෙන්න වැඩි ඈතක් නැහැ ආනන්ද.. මොන දේකම අනත් සීමාවක් තියෙනවා.. ලංකාවෙ නීතිය කවදාවත් නැති විදියට වල් වැදිලා.!(නු)
වනාන්තර කපා කොන්ක්‍රීට් වනාන්තර ඇති කරමු (ස)
ඕක කොච්චර කල් ඉදන් කරන වැඩක්ද ? (ස)
උපරිම දඩුම දෙන්න (ස)
ඕන පිටිපස්සේ ඉන්න ලොක්කෝ ටික බේරේවි (ස)
ඔය එකක් විතරයි..!(නු)
එක අතකට මේ වෙන දේවල් දිහා බැලුවාම එල්.ටී.ටී.ඊ එක රට පාලනය කළානම් කියලා.. අඩුම ගානේ අපි දන්නවා ඒගොල්ලන්ගෙන් අපිට හොදක් වෙන්නේ නැහැ කියලා..!(නු)
මේ හෝටලය හදන දුප්පතා හදුණන දේශපාලනඥයෙක්වත් නැද්ද?(නු)
අල්ලනවා පත්තරවලත් දානවා. ඊට පස්සෙ කිසිම සද්දයක් නැහැ.. සියල්ල යට යනවා. කැලේ සුද්ද වෙනවා.. නඩු නැහැ..!(නු)
වර්තමාන පරපුරට ඉතිරිවන්නේ කාන්තාරයක්ද.(ස)
මිනිසුන්ට බේන්නට වතුර පොදක් නැතිව වනන්තරේ ඉන්න සතා සිව්පාව පවා අසරණ උනා පසුගිය මාස කිහිපයේ.. එහෙම එකේ මේ වගේ ගස් කපාදාන අයට හොද දඩුවමක් දෙන්න ඕන... මේ රටවල්වල කැලෑවට ගස් වලට දක්වන ආදරය නිසා කලට වෙලාවට වැස්ස ලැබුණා.. නිකරුණේ කිසිම ගසක් කපන්නේ නැහැ.. දැං වත් ඉතුරුවෙලා තියෙන කැලෑව ආරක්ෂාකළ නොගත්තොත් ලංකාවට වැස්ස වලාහක දෙවියන්ගේම පිහිටයි..!(නු)
ඕකට කියන්නේ ආශ්චර්යය..!(නු)
මොනවා වෙන්නද බමුණුගම ඔය ලී වලින්ම ඒ හොටලය හදනවා..!(නු)
මේ ගස් කපන කැපිල්ලට නියගය එනව කියන එක අහන්නත් දෙයක්ද?(නු)
මේ තරම් විනාශයක් කරනතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අය මොකද කළේ..!(නු)
දැන් මේ ලී ටිකට මොකද වෙන්නේ ? (ස)
මෙහෙම තමයි අපි සුබ අනාගතයක් කරා පිය තබන්නේ. (ස)