කාන්තා හා පිරිමි කොණ්ඩා මෝස්තර ආසියා තරග වලින් වසර කිහිපයකට ශුරයා වූ ගම්පහ නිලංක රංගජීව (25) තව තවත් ජගත් තරගවලට ඉදිරිපත් වීමට යයි. ඔහු කාන්තා කොණ්ඩා මෝස්තර ඉසව්වෙන් අසියා ශූරයා විය. පිරිමි කොණ්ඩා මෝස්තර අංගයෙන් හතර වැනියා විය. දැනට ඉතාලියේ වෙරොනා නුවර ජිවත්වන රංගජිව ප්‍රථමයෙන් 2007 වර්ෂයේ දී ආසියා පැසිපික් කලාපීය තරගාවලියට මුලින්ම ඉදිරිපත් විය. 2010 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ලෝක රූපලාවන්‍ය හා කොණ්ඩා මෝස්තර තරගාවලියට සුදුසුකම් ලැබ එයට සහභාගී වීම සඳහා පැරිස් නුවරට පැමිණ ඊට සහභාගී නොවී ඉතාලියට පැමිණීම පිළිබඳව දුක්වන බව රංගජිව කියයි. මේ වනවිට නීත්‍යානුකූල නොවන අයුරින් ඉතාලියේ ජීවත් වුවත් සැප්තැම්බර් 15 වැනි දායින් පසුව ඉතාලි නව රජය මගින් නීත්‍යනුකූල නොවන පුද්ගලයන් නීත්‍යනුකූල කිරීම සඳහා ගෙන එන නව නීතිය යටතේ රැඳී සිටීමේ අවසර පත්‍රය ලබා ගත් පසු 2014දී නැවතත් පැරිසියේ ලෝක රූපලාවණ්‍ය හා කොණ්ඩා මෝස්තර තරගයට ඉදිරිපත් වීමට රංගජීව බලාපොරොත්තුවෙන් සිටී.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
126 දැනට බලලා තියෙනවා. කවුරුත් කිසිම ප්‍රතිචාර දලා නැහැනේ. (අ)
සුභ පතමි (අ)
ඔබට ජය (අ)
ඔබ ඇති දක්ෂයෙක් බව අපි නම් දන්නවා . ජය වේවා . (දී)
නියමයි !!! වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්....(ස)
සුභ පැතුම්...(ස)
නියමයි නිලංක .....සුභ පැතුම්....(ස)
එලම තමයි....(ස)
මගෙන් උණුසුම් සුභ පැතුම්....සදා ජය...(ස)
නියමයි.....(ස)
සුභ පැතුම.....(ස)
ලංකාවේ කොල්ලෙක්නේ.....ජය වේවා !!! (ස)
මගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)