|
|
පියාගේ ප‍්‍රතිභාපූර්ණ රංග කුසලතාවයද, මවගේ ශාස්ත‍්‍රීය සංගීත රිද්මයද සිය ආත්මයෙන්ම සමීප කරගත් මේ පුතුන් දෙදෙනා ගැන හෝ ඒ මාපිය යුවළ ගැන අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැත. මුළු රටම ඔවුන් ගැන දන්නේය. ජැක්සන් ඇන්තනි - කුමාරි මුණසිංහ නමැති ඒ ප‍්‍රවීන කලාශිල්පී යුවළගේ මේ පුතුන් දෙදෙනා මෙන්ම දියණිය මාධවී යන ඒ පවුලම කලා අංශයේ ගසට - පොත්ත මෙන් බැඳී සිටින පවුලකි. අද අප මේ කතා කිරීමට සූදානම් වන්නේ ඒ හැඩකාර - කලා පවුලේ මේ විසේකාර පුතුන් දෙදෙනා ගැනයි. විසේකාර කොල්ලන් යැයි කාට හෝ කියූ කළ බොහෝ දෙනා හිතන්නේ ඔවුන් මොකක් හෝ දඩබ්බර වැඩක් කර ඇතැයි කියා විය හැකිය. මේ කාලයේ එවැනි දේ බහුලව අසන්නට ද ලැබේ. නමුත් මේ දෙදෙනාගේ විසේකාර කම ඇත්තේ කලාව වෙනුවෙනි. ඒ සෞන්දර්යාත්මක විසේකාරකම සමාජයට යහපතකි. ඒ නිසාම අප ඔවුන් දෙදෙනා මෙලෙස සැඳැල්ලට කැඳවීමු.
‘‘ජැක්සන්-කුමාරි’’ යුවළගේ ලොකු පුතා හෙවත් පවුලේ දෙවැන්නා අඛිල ධනුද්ධරය. තුන්වැන්නා හෙවත් පවුලේ අන්තිමයා සජිත අනුත්තරය. ඔහු ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ, සෝමරත්න දිසානායකගේ සූරිය අරණ චිත‍්‍රපටයේ වැදි පැටියාගේ චරිතය සමගය. එම චිත‍්‍රපටයේ රඟපාන විට කොලූ පැංචෙකු වූ සජිත අද කඩවසම් නව යෞවනයෙකි. ශාන්ත ජෝෂප් සහ කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති සජිත පසුගිය වසරේ උසස් පෙළට මුහුණ දී විශිෂ්ඨ සමාර්ථ ලබා ඇත. කලා අංශයෙන් ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ඇති ඔහු දැන් සූදානමින් සිටින්නේ සරසවි ප‍්‍රවේශය සඳහාය. එලෙසින් සරසවි වරම් ලබා සිටින සජිතගේ අරමුණ වන්නේ උපාධිය ලබා ගත් පසු කලා අංශයේ විවිධ ඉසව් ඔස්සේ නිර්මාණාත්මක ගමනක යෙදීමටය. වයස අවුරුදු 21 සපුරන සජිත කලා අංශය තෝරා ගැනීම ගැන පවසන්නේ මෙලෙසිනි.
‘‘කලාව අපේ පවුලෙන්ම ආ දෙයක්. හැබැයි සාමාන්‍ය පෙළ දක්වා අම්මයි - අප්පච්චියි අපට මග පෙන්වීම හැර බලපෑම් කළේ නැහැ. අපට කැමති විදියට විෂයයන් තෝරා ගන්න ඉඩ දුන්නා’’
ඒ විදියට අධ්‍යාපනය ලද සජිත කලා අංශය තෝරා ගත්තද, අය්යා අඛිල ධනුද්ධර කලා අංශ ගැන හිතපු කෙනෙක් නම් නොවෙයි. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අඛිලගේ වයස අවුරුදු 23කි. ඔහුගේ ආසාව තිබෙන්නේ වාණිජ අංශයටය. එම අංශයෙන් ඩිප්ලෝමා සහතික ලබා ඇති ඔහු කලාවට සම්බන්ධ වී ඇත්තේ අහම්බයකිනි.
‘‘ඇත්තෙන්ම අය්යා කලාවට සම්බන්ධ වීම ගැන මට අද පුදුමත් හිතෙනවා. එයාගෙ වැඩිපුර ආසාව තිබුණේ ව්‍යාපාර අංශයට.”
සජිත මල්ලී අය්යා ගැන අද පවසන්නේ එලෙසිනි. අඛිල මුලින්ම තාරුණ්‍ය ස්පර්ශ කළේ රොමේෂ් සුගතපාලගෙ ‘‘දිගුදෑස දුටුවාම’’ ගීතයේ රූප රචනයට පෙනී සිටීමෙනි. ඉන්පසු එහි දෙවැනි ගීතය වූ දිගු දෑස දුටුවාම ගීතයට පෙනී සිටි අඛිල සිනමාවට පා තබන්නේ සෝමරත්න දිසානායකයන්ගේ ‘‘සිරිපැරකුම්’’ චිත‍්‍රපටය සමගය. එහි ප‍්‍රධාන චරිතයට දායකව සිටින්නේ මේ අඛිලය. හෙට දින තිරගත වීමට නියමිත සිරි පැරකුම් චිත‍්‍රපටයේ රඟපාන ඒ චරිතය සමග අඛිල ගැන බොහෝ දෙනා කතා කරනු ස්ථිරය. සජිත ගැන බොහෝ දෙනා අද කතා කරන්නේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් නිසාය. එහි ෂෂිකා ජෝන්ස් සමග නර්තනයේ යෙදෙන්නේ ඔහුය. සජිත එක්ක අතීතයට ගියොත්, මුලින්ම ඔහු ගැන කතා කර ඇත්තේ ශ්‍රී ලාංකීය රසිකයින් නොවේ. යුරෝපයේ සිනමාලෝලී රසිකයින්ය. ඕෆ්රෝඞ් නමැති ජර්මානු චිත‍්‍රපටයක රඟපෑම ඊට හේතුවය. සුමිත් කුමාරගෙ කුරුළු පිහාටු සහ සජිතගෙ අප්පච්චි කළ අබා චිත‍්‍රපටවල රඟපා ඇත්තේ ඉන් පසුවය.
මේ විදියට විස්තර කියැවෙන සජිත සහ අඛිල ඇතුළු පවුලේ කට්ටිය එකට එකතුවුනාම එතැන පුදුම සුන්දර හමුවක් නමුත් ප‍්‍රශ්නය වනනේ මේ ඔක්කොම කාර්ය බහුල අය නිසා එකට එකතුවීමට ලැබෙන කාලය ඉතා අල්ප වීම මේ ළඟදී දවසක මේ පවුලේ අය ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක යෙදුණා.
එහිදී කට්ටිය එකට එකතුවෙලා ගී - ගයමින් - රඟමින් ගත කළ මොහොත අතිශය සුන්දර සිහිවටනයක් බව සජිත සිහිපත් කරයි. අම්මා ගායන ශිල්පිණියක් නිසා එවැනි අවස්ථාවලදී මේ අයට ඇයගෙන් සුන්දර ගීත අහන්නට ලැබෙයි. අක්කා මාධවීට ඉතා හොඳ ගායන හැකියාවක් ඇත. ඇය වැඩිපුර ගයන්නේ චන්ද්‍රලේඛා සහ නිරෝෂාගේ ගීතය. අද මාධවි ගැන වැඩිපුර කතා නොකරන්නේ ඇය විවාහ වූ නිසාම නොවෙයි.
ඇය උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින නිසයි. මේ වන විට කැළණි සරසවියේ පුරාවිද්‍යා, අංශයේ උපාධිධාරිණියක වන්නීය. අනාගතයේදී මහාචාර්යවරියක ලෙස කටයුතු කරනු ඇතැයි සජිත මල්ලී අනුමාන කරයි.
‘‘ඇත්තෙන්ම අය්යටයි - මටයි ඉගෙන ගන්න ආසා හිතුණෙ අක්කා නිසයි. අක්කා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහළින්ම සමත් වුණා. මට මේ උසස් පෙළ ඉස්තරම් විදියට පාස්වෙන්න උදව් කළේ අක්කා. අපේ අම්මා රජයේ රැකියාවක් කළේ. ඉතින් අම්මයි - අප්පච්චියි කාර්ය බහුල වුනාම ඉස්සර අක්කා අපට උයලාත් දුන්නා. අපිව බලා ගත්තෙ එයා. අක්කා විවාහ වුණේ වෛද්‍යවරයෙක් එක්ක. දැන් ඒ අය්යත් වැඩිපුර විදේශීය අධ්‍යාපනය ලබා මෙහි ඇවිත්. ඒ දෙන්නත් අපි එක්ක සිටීම ගැන අපට ලොකු සතුටක් තියෙන්නෙ.’’
තම පවුලේ ශක්තිමත් බව සහ ඉස්තරම් ආකාරයේ සහෝදර බැඳීම ගැන ඒ පවුලේ බඩ පිස්සා ප‍්‍රකාශ කළේ එලෙසිනි. මේ අය්යා - මලෝ දෙන්නා තම අම්මා - අප්පච්චි මෙන්ම අක්කා ගැනද වඩාත් ආඩම්බර වෙයි. ඒ ආඩම්බරකමට හේතුවක් ඇත. අරුත්බර බව ඊට හේතුවය. විසේකාර තාරුණ්‍යය සමාජයට හිතකර වී ඇත්තේ ඔවුනට මේ පවුලෙන් ලැබුනු හරවත් බව, මඟ පෙන්වීම නිසාම නොවේද? සජිත සහ අඛිලගෙ හමුව අවසන අපට වටහාගත් දේ එයයි. රටට ප‍්‍රකට වගේම ඔවුනගේ පවුලත් අරුත්බර යැයි සඳහන් කළ හැකිමය.
පසුතලය : Cotton Collection - (ධර්මපාල මාවත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූරිය අරනේ පුංචි කොල්ලා දැන් ලොකු වෙලානේ , ඔබට සුබ අනාගතයක් වේවා ! (ස)
අපේ කලාවේ අනාගතය හොදයි වගේ. (නි)
වාසනාවන්ත දරුවෝ... (නි)
දෙන්නටම දැක්කම ආදරේ හිතෙනවා. (නි)
කුමුදු, මොකද මේ අඩන්නේ? (නි)
කොන්ද කෙළින් තියාගෙන හොද මිනිස්සු වෙන්න. (නි)
ලස්සන් කොල්ලො දෙන්නාට ලස්සන අනාගතයක් (දී)
අපේ රටට ආඩම්බරයක්, ඇසට කඳුළු ආවා. ඒ සතුටු කඳුළු . ඔයාලගේ පවුලටම තෙරුවන් සරණයි. (ස)
සුභපැතුම් (දී)
තාත්තා ගිය කලා ලොවේ පාර හොඳයි. ඒත් ඉතින් ප්‍රවේශමෙන්... (නි)
ඔබලාට ධිර්ගායු (දී)
ජැක්සන් මහත්තයාට මම සුභපතනවා (දී)
නියමයි..!(නු)
ඔයාලට සුභ අනාගතයක්..!(නු)
ඉතාලියේ ලෙකෝ නුවරට නෑදෑයින් බලන්න එකතෙක් අපි මග බලාගෙන ඉන්නවා..!(නු)
. ඔබේ සිය පවුලට සුභ පැතුම් තෙරුවන් සරණයි (අ)
මේ පුතුන් දෙදෙනාට මගේ සුභපැතුම් (දී)
ප්රතිභාපූර්ණ කලා කාමි පවුලක උරුමය අනාගත පරපුරට දායාද කරදිම සදහා ඔබ දෙපලට වාසනාව ශක්තිය ධෛර්ය උදා වේවා (ස)
ජයවේවා (දී)
සුභ අනාගතයක් දෙන්නාටම! (නි)
මේ අර පුංචියට හිටිය කොලු ගැටයා නේද (දී)
අපිට ඔබලා ආඩම්බරයක් (දී)
තාත්තා මෙන්ම කලාකෙත පෝෂණය කරන්නට ඔබටත් ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
දාහකින් හොයා ගන්න බැරි ළමයි (දී)
නියමයි.(නදී)
ඔබගේ මුළු පවුලටම සුභ පැතුම්! (නි)
තාත්තා තරුණ කාලේ වගේමයි. (නි)
සුබ අනාගතයක් වේවා ! ඔබ දෙදෙනාම (ස)
අයියා මලෝ දෙන්නට මම සුභ පතනවා! (නි)
කුමුදු අඩනකොට මාත් අඩනවා. ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් පතමි.(නදී)
පියාගේ අඩි පාරේ (දී)
සුබ අනගතයක් වේවා (දී)
ඒ දෙන්නා නම් ලස්සනයි. (නි)
ලෝකෙටම ආදර්ශයක් වෙන්න හැදෙන්න පුතේ (දී)
දගකාර හැඩකාර කොල්ලෝ දෙන්නෙක් (දී)
කලාබර බව පෙනුමෙන්ම පෙනෙනවා. (නි)
අපේ කලාවට හොද අනාගතයක් ලැබෙන්නේ මේ අය නිසයි. (නි)
පුතේ මම ඔබලාට සුභ පතනවා (දී)
මේ කොල්ලෝ දෙන්නා රටටම හොඳ ආදර්ශයක්. (දී)
අර පොඩියට හිටපු පුංචි කොල්ලා නේද මේ (දී)
ඔබ දෙපළට ජය වේවා! (නි)
බලන්නකෝ තරුණ පෙනුම (දී)
මේ පුතුන් දෙදෙනාටයි ඒ දුවටයි මම සුභපතනවා (දී)
සුභපැතුම් ඔබලාට (දී)
කලාව පිරිපුන් කලාකරුවෙකුගෙන් ලංකාදීපයට ලැබුණු දායාදයක් (දී)
හරිම ලස්සන කොල්ලෝ දෙන්නෙක්. (නි)
පුතේ නුබට සුභපැතුම් (දී)
ඔබට සුබ අනාගතයක් (දී)
මේ වගේ දේ දකින්න ලැබීමත් හරිම ආඩම්බරයි. (නි)
තාත්තවට වගේ කලාව කළාට කමක් නෑ හොඳ කාලා කාරයෙක් නිසා කාටවත් කඩේ යන්න එපි (අ)
පුතුනේ මගෙන් හා මොහාන් බාප්පාගෙන් සුබ පැතුම් (අ)
නියමයි. (අ)
කලාවට නවක මුහුණු දවසින් දවස එකතු වෙනවා (දී)
අපෙන් සුභ පැතුම්! (නි)
නියමයි අයියා! (නි)
නියමයි අයියා! (නි)
තාත්තා වගේම වෙන්න බලන්න. (නි)
ලස්සන පවුලක්. (නි)
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)
ඇස් වහක් කටවහක් නැහැ. ලස්සන කොල්ලෝ දෙන්නා (දී)
මම සුබපතනවා ඔබ දෙපලටම (දී)
ඔබ දෙදෙනාට සුභ අනාගතයක්! (නි)
අප්පච්චි වගේ හැදෙන්න පුතේ (දී)
කලා ලොවට ඔබ ආදර්ශමත් පවුලකි. (නි)
පුතාලටඅනාගත ජිවිතයට සුභ පැතුම් (දී)
මම ජැක්සන්ට නම් ඉතින් වැඩිය කැමති නැහැ. (නි)
මමත් ඔබ දෙපළට සුභ පතනවා. (නි)