IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හැඩකාර ගයත්‍රි ජීවිතය ගැන කියන හැටි

මේ හැඩකාර ගයත්‍රි රංගනයට පැමිණියේ නව යොවුන් වියේදීය. එලෙසින් රංගනයට පැමිණි ඇය තවමත් සිටින්නේ තාරැණ්‍යයේය. නමුත් රංගනයේදී බොහෝ විට ඇය වයසින් මුහුකුරා ගිය චරිත සමග අපට හමුවෙයි. ඒත් එදාට සාපේක්ෂව ඇයව නිතර දෙවේලේ දක්නට ලැබෙන චරිතයක් නොවෙයි. රංගනයට එහා ගිය ජීවිතේ රූපලාවන්‍ය ශිල්පිනියක, මවක, ගෘහනියක, බිරිඳක ලෙස කටයුතු කරන ඇයට මේ සියල්ල අතරේ ජීවිතය දැනෙන්නේ කෙසේද? ගයාත්‍රි ඒ ගැන කියාවි. ගයත්‍රි කොහොමද ජීවිතේ ? කාර්ය බහුලයි. ඒත් ගොඩාක් හොඳින් ඉන්නවා.   කාලයක් එක දිගට රඟපාලා දැන් තරමක් ඈත් වෙලා ඉඳහිට රඟපෑමේ යෙදෙනවා. එහෙම නේද ? රංගනයටම කියලා වෙන්වූ කාලයක් මට එදා ඉඳලම තිබුණේ නැහැ. මවක, බිරිඳක, ගෘහනියක ලෙස සහ ඉන්පසුව රූපලාවන්‍ය ආයතනයේ වැඩකටයුතු සමග ගෙවන කාලයට අමතරව ලැබෙන කාලය තමයි රංගනය සඳහා වෙන් කර ගන්නේ. පසුගිය කාලයේදී හොඳ නිර්මාණ කීපයකටම දායක වුණා. එයින් එකක් හැටියට මේ දිනවල විකාශය වන ෂර්ලි පී. දෙලංකාවලගේ ‍"සත්කුළු පව්ව" සඳහන් කරන්න පුළුවනි. මේ විදිහට ඉදිරියේ තව නාට්‍ය දෙකකට පමණ දායක වෙනවා. දිගටම කියලා රඟපෑවේ නැතත් ‍"පබළු"  නාට්‍යයේ විතරක් ටික කාලයක් දීර්ඝව රඟපෑවා. නමුත් ඉදිරියේ උපරිම කොටස් පනහකට පමණ සීමා වූ ඒවායේ විතරක් රඟපාවි.   කාර්ය බහුල වන විට සමහරුන්ට තම රූප ස්වභාවය පවත්වා ගන්න බැරිවෙනවා. නමුත් ගයාත්‍රි එදාට වඩා අද ලස්සනයි කිව්වොත් ? කාන්තාවක් ලෙස හැමදාම ලස්සනට සිටිය යුතුයි. ලස්සන වෙනවා කියන එක හිතත් එක්ක බලපාන දෙයක්. හිත ලස්සනයි කියන්නෙ අනුන්ට ආදරය කිරීම සහ ගෞරව කිරීමයි. මම හැමදාම එහෙම කළ කෙනෙක්. සමහර විට මට ආදරය නොලැබෙන්න පුළුවනි. නමුත් අපි ආදරය කළයුතුයි. මගේ ඒ ආදරයත් එක්ක  හිතේ තියෙන පිරිසුදුකම මුහුණින් පේනවා ඇති. එය ලස්සනද කියලා මං දන්නෙ නැහැ.   රඟපෑමට පැමිණ ගෙවී ගිය කාලයට සාපේක්ෂව අද ක්ෂේත්‍රයට පැමිණ සිටින නිළි පිරිස ගැන ඔබට දැනෙන විදිහ කොහොම ද ? නිළියන් කියන චරිත ඉතා ගෞරවනීය විදිහට ජීවත් වුණොත් ඉතාමත් හොඳයි. චරිතය රඟපාලා එය තමන්ගේ පෞද්ගලික ජීවිතයට පටලවාගත යුතු නැහැ. මෙය අනුන් පිනවන වෘත්තියක්. නිළියන් යනු බොහෝ වෙලාවට ලස්සනටල පිළිවෙළට ඉන්නල තවත් පිරිසකට ආදර්ශයක් ගෙන දෙන පිරිසක්. අන්න ඒ දර්ශනය සමාජයට දීම වැදගත්.   අද සිටින අය ඔය කියන ගරුත්වය සමාජයට දෙනවද ? සමහර අතළොස්සක් විතර නිළියන් යැයි කියාගත් පිරිසක් ක්ෂේත්‍රයට පැමිණ සිටිනවා. හොඳ තත්ත්වයේ සිටින ප්‍රතිභාපූර්ණ  අයට වෙලාවකට ඒ අයව කැළලක්. ඒත් ඒ අය වෙනයි. ගරුත්වය ඇති පිරිස වෙනයි. ඒ මිම්මෙන් මනින්න බැහැ.   එදා නිළියක් ලෙස ඔබ ක්ෂේත්‍රයට එනවිට ලැබුණු පිළිගැනීම අද කාලයේ අයට ලැබෙනවාද? කොහොමද එය සසඳන්නේ ? ඒ කාලයේ රංගන ක්ෂේත්‍රයට පැමිණීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ. අසීරු දෙයක් වුණා. ඉතාමත් හොඳ දක්ෂතාවක් වගේම සුන්දරත්වයත් බලපෑවා. අධ්‍යක්ෂවරු නිර්මාණවලට නවක නිළියන් තෝරා ගත්තේ ආවට- ගියාට නෙවෙයි. නමුත් මේ කාලයේදී ඉතා කෙටි මාර්ගවලින් ප්‍රවිෂ්ටවීමට වගේම  ප්‍රවීණ අය ඇසරු කිරීමට ලැබී තිබෙනවා. ඉස්සර එහෙම නැහැ. ප්‍රවීණයන් අසලට ගියෙත් පුදුම බයකින්. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ගරුත්වයටයි. මේ කාලයේ සිටින සමහර අය  ඔවුනට නම් කියලා පවා කෙලින්ම ආමන්ත්‍රණය කරන තරමට ගරුත්වය හීන වෙලා. ක්ෂේත්‍රයට ඇති ගරුත්වය  නැති වෙන්නේ එවැනි දේ නිසයි.   ඔබ වයසට වඩා එහා ගිය චරිත රඟපෑවා. පසුගිය කාලයේදී එහෙම කළේ දැන් සිටින අය එක්ක තරග කරන්න බැරි නිසා ද? මොකක්ද හේතුව? නැහැ. ඒකට හේතුව මමත් දන්නෙ නැහැ. සමහර විට පබළු නාට්‍යයේ චරිතය ගැන මට දෙවරක් හිතන්න වුණා. නමුත් බිමල් තමයි මගේ චරිතයට පෑහෙන පිරිමි චරිතය කළේ. අපි දෙන්නම සම වයසේ අය. පබෝදා මගේ හොඳ මිතුරියක්. ඒ නිසා මේ අය එක්ක රඟපෑම මට කැමැත්තක් මිස ප්‍රශ්නයක් වුණේ නැහැ. චරිතය සඳහා ලොකු වෙනසක් කළේ නැහැ. නමුත් ප්‍රධාන චරිතයකට කාලය ලබාදීමට මට තියෙන කාලය අඩුයි. ඒත් ඉදිරියේදී ගිවිස ගත් චරිතවලින් එය වෙනස් වේවි.   අවංකවම කියන්න ඔබ පෙම්වතියගේ චරිතය රඟපානවට චන්න කැමතිද? ඇත්තටම මේ වන විට චන්න අයියා සම්පූර්ණයෙන්ම මාව වටහාගෙන ඉන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.   ඔහු පෙම්වතා ලෙස රඟපානවට ඔබ කැමතිද? කිසිම ප්‍රශ්නයක් අද වෙනකල් ඇති වෙලා නැහැ. රංගනය පැත්තෙන් එයා එයාගේ කාර්යය හරියට කරන කෙනෙක්. අනෙක එයාගේ පෙම්වතිය වන චරිත බොහෝ විට මගේ මිතුරියන්. ඒ සියල්ල හැරත් නළුවකු සහකරු ලෙස තෝරා ගැනීමේදී මේ සියල්ල ගැන වටහාගෙන තමයි විවාහය සිදු කරන්න ඕනෑ. එතැනදී මගේ තේරීම හරිග වයස ප්‍රශ්නත් එක්ක මුල් කාලයේදී යම් යම් දේ හිතට ඇතිවුණා. නමුත් වයසත් එක්ක ලබන අත්දැකීම් මත දැන් ඒ කිසිවක් දැනෙන්නෙ නැහැ.   පවුලක් හැටියට මේ විදියට ජීවිතය ගෙවන විට බාහිරව ඊට අකුල් හෙලපු අයත් සිටියා කියලා හිතනවද? ඒවා ජයගත්තෙ කොහොමද? පවුලට විෂබීජ කියන දේ ගේන අය හිටියෙ නැද්ද? ඕනෑම පවුලක ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මොකද විරුද්ධ අදහස් දරන දෙන්නෙක් එක වහලකට ආවාම අදහස් සමාන කර ගන්න මුළු ජීවිත කාලයම මදි. වෙන වෙන අය දාන විෂබීජ වෙන්න පුළුවන්. නමුත් දරුවන් නිසා සියල්ල උපේක්ෂාවෙන් බැලිය යුතුයි. වගේම දැරිය යුතුයි. අපි ආසියානු කාන්තාවන්. අපට ගෘහ ජීවිතේ වෙනුවෙන් බැඳුණු සභ්‍යත්වයක් තියෙනවා. සදාචාරයකුත් තියෙනවා. ඒ ගැන හිතන්නම වෙනවා. මම නිතරම දුවල දෙන්නගෙ ගෞරවය රකින මවක්. මට හිතේ සතුටට එය හොඳටෝම ඇති. ඔවුන් සමාජයේ බැබලෙන්නෙ ඒ ගරුත්වය තිබුණොත් විතරයි. අපි දරුවන්ට ගරුත්වය ලබා දිය යුතුමයි. මවගේ චරිතය එහිදී සුවිශේෂයි.

සටහන/ ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

හැඩකාර ගයත්‍රි ජීවිතය ගැන කියන හැටි

ඉෂාර Thursday, 03 May 2012 03:11 PM

ඔයා ලස්සනයි

:       0       0

චතුරිකා Monday, 30 April 2012 03:28 PM

ගයාත්‍රි, ඔබ ගොඩක් ලස්සනයි. මම ඔබට සුභ පතනවා

:       0       0

මුකර්ජි Monday, 30 April 2012 03:52 PM

ඇත්තටම ඔයා රාණි මුකර්ජි වගේ. හැබැයි ආඩම්බර වෙන්න එපා

:       0       0

අසෝක Thursday, 03 May 2012 12:26 AM

රඟපෑම විශිෂ්ඨයි....සුභ පැතුම්

:       0       0

සුමිත් Sunday, 08 April 2012 03:59 PM

සොහොයුරිය ඔබ අපට ආඩම්බරයකි. ඔබ හොද චරිතවත් වගේම හොද පවුල් ජීවිතයක් ගත කරන්නියකි.

:       0       0

රංග, දෝහා Sunday, 08 April 2012 04:11 PM

නෝනත් ලස්සනයි, නෝනගේ පාටත් ලස්සනයි, නෝනගේ මහත්තයත් ලස්සනයි,  මුලු පවුලම ලස්සනයි.

:       0       0

ජයවර්ධන Sunday, 08 April 2012 06:05 PM

ගයත්‍රි හොද අගය කලයුතු කාන්තාවක් වගේ. අදහස් නිවැරදි වගේම අගය කරනවා. එයා රටේ සිටින අනික් කාන්තාවන්ට ආදර්ශයක් මම හැමදාමත් එයාට ගරුකරනවා.

:       0       0

අනුර Saturday, 14 April 2012 08:24 AM

සමහර නිලියන්ට නියම කනේ පාරක් දීලා.

:       0       0

රන්දි Sunday, 08 April 2012 11:16 PM

ඔබ රාණි මුඛර්ජි වැනියි. අපි සුබපතනවා.

:       0       0

අයේෂා Thursday, 26 April 2012 03:10 PM

ඔබ ඉතාමත් ලස්සනයි.

:       0       0

තිලන්ක Monday, 09 April 2012 11:18 AM

ඔයාගේ අදහස් මම ගොඩක් අගය කරනවා..

:       0       0

මධුශංක Friday, 04 May 2012 11:05 AM

අක්කේ ඔයා ලස්සනයි ගොඩාක්ම

:       0       0

අජිත් Monday, 30 April 2012 12:53 PM

ලස්සනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1395 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1770 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5579 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1501 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5898 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5519 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17784 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site