පොලිස් කාකි වර්ණයෙන් ම මිස වෙනත් කාකි නිල ඇඳුම් නොඅදින ලෙස පොලිසිපති එල්.කේ.ඉලංගකෝන් මහතා පොලීසියේ සාමාජිකයන්ට නියෝග කරයි. පෞද්ගලිකව මසා ගන්නා නිල ඇඳුම් කාකි වුවත් පාටෙහි වෙනස්කම් ඇතැයි පොලිස්පති පෙන්වාදෙයි. උප පරීක්ෂකවරුන්ගෙන් පහළ නිලයන්හි සාමාජිකයන් පොලීසියෙන් නිකුත් කරන කාකි පමණක් නිල ඇඳුමට යොදාගත යුතු බවත් ඉන් ඉහළ නිලයන්හි සාමාජිකයන් පෞද්ගලිකව නිල ඇදුම් මසාගන්නේ නම් එම ඇඳුම් වල පැහැය පොලීසියෙන් නිකුත්කරන ඇඳුමේ පැහැයම විය යුතු බව ද පොලිස්පති කියයි. පොලීසියට මාරු වී එන පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් එම බළකායේ නිල ඇඳුමෙන් රාජකාරී කිරීම ද පොලිස්පති චක්‍රලේඛය අනුව තහනම් වේ. මේ නිල ඇඳුමේ පැහැය හා නිල ඇඳුම හරිහැටි පාවිච්චි නොකිරීම නිසා පොලීසයට ප්‍රශ්න රැසක් මතුවී ඇතැයි ද පොලිස්පති කියයි. මේ ගැන නිරන්තර සෝදිසියෙන් සිටින ලෙස ඔහු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී වරුන්ට නියෝග කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමුතු දෙයක් නොවෙයි. ලංකාවේ බොහෝ දේවල් චක්‍රලේඛ වලට පමණක් සීමා වෙලා තියෙන්නේ. කවුද අද කාලේ කෙනෙක් හරියට නීතියට වැඩ කලේ? (ස)
පොලිසියෙන් වසරකට දෙන නිල ඇදුම් රෙදි , ගංජා හේන් වටලන්න, කසිප්පු තිප්පොළවල් අල්ලන්න, හොරු සමග මුදේ පීනන්න, ලින් වලට වැටෙන්න, පෙට්රෝල් යන්න, උසාවි යන්න, ආචාර පෙලපාලි,ප් රභු ආරක්ෂාව, එකී, මෙකී නොකී රාජකාරි වලට ප්‍රමාණ වත් නැහැ නේ ද? නියමිත වර්ණයේ රෙදි ටිකක් වැඩිපුර හෝ සහන මිලකට සැපයීම වටිනා බව පෙනේ.(නදී)
දෙවියනි මම හිතුවාට වඩා පොලිස්පතිතුමා හොඳයිනේ. (ස)
හිතුමතේට පොලිස් අදුම බෑ වගේම හිතුමතේට නීතියත් බෑ එවිට දෙකම ලස්සනයි. (ස)
කිසිම ප්‍රශ්නයක් නැහැ. සිවිල් ඇදුමෙන්නේ එන්නේ. (නි)
උපන් ඇඳුමෙන් හරි කමක් නැහැ රාජකාරිය හරියට කරනවා නම්... (නි)
ඇදුමක් ඇතුව හරි නැතුව හරි රාජකාරිය අකුරටම සාධාරණව කරන්න කියල නියෝගයක් දෙන්න බැරිද?(නදී)
පහල නිලදාරින්ට විතරක් එක නිතියක්. හැමෝටම එක නිතියක් උනොත් එක සිවිල් මිනිස්සුන්ටත් ආදර්ශයක්. නැත්නම් නීති ක්‍රියාත්මක කරන තැන ඉහලට එක නිතියයි, පහලට එක නීතියයි උනොත් සිවිල් අපිටත් ඉහල පහල කියලා දෙචිදියකට සලකයි.(නදී)
නිල ඇදුම පස්සේ ඔය තරම් එලවන්න එපා. ඇදුමට වඩා උතුම් රාජකාරිය. කුල්ලයි, පොල්ලයි,කොට කලිසමයි ඇන්ද රාල හාමි කාලයේ රටේ විනයක් තිබුණා. අද රටේ අපරාධ, මංකොල්ල,මීනී මැරුම්,අපචාර,දුෂණ,හොර අවි, මත්ද්‍රව්‍ය රජවෙලා. මේවා මර්දනය පමා කිරීමෙන් ජනතාව දොස් නගන්නේ රජයට. (නි)
ප්‍රභාගේ කථාව හරි. (නි)
නිල ඇදුම තුලින් මුළු දෙපාර්තමේන්තුවම නියෝජනය කරන නිසා මේ තීරණය ගොඩක් වැදගත්. ඒ වගේම අර පුත්තලම හා කල්පිටිය රෝහල් වල ගෙනයන නිල ඇදුම් වෙනස් කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙනුත් නිසි පියවර ගන්න. (නි)
නියමයි ගාමිණී.....මේක තමයි ඇත්ත. (නි)