ඇල්පිටිය රෝහලේ ආපන ශාලාවෙන් හෙදියක රුපියල් 40ට මිලට ගත් කෑම පාර්සලයක මළ ගොළු බෙල්ලෙකු සිටි බවට කළ පැමිණිල්ලක් අනුව අවන්හල් හිමියා ඇල්පිටිය උසාවියට ඉදිරිපත් කරන බව ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යු.කේ.ඞී.රජිත මහතා කියයි.
මෙහි වරදකට උපරිම දඩය රුපියල් පන්දාහකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොලුබෙල්ලෙකුත් දාලා බත් එකක් රුපියල් 40කට දෙන්න පුලුවන්ද? පාඩු නැද්ද? සයිප්‍රස් රටේ ගොලුබෙල්ලෝ හරිම ගණන් කෑමක්. ලංකාවේ තවම ගණන් ගිහින් නැතුව ඇති. (නි)
ළඟදීම බලු මසුත් බත්පතේ තියේවි මේ යන ක්‍රමයට. (නි)
නර්ස් නෝනා ගොලුබෙල්ලෙක් එක්ක බතුත් කාලා නඩුත් දාල. අපි මෙහෙ (වියෙට්නාමේ ) $ 75.00 ගෙවලා හම්බ වෙන්නෙත් ගොලුබෙල්ලෝ විතරයි. ගොලුබෙල්ලෝ කන එක හොඳයි, කොන්ඩේ වැවෙනවා (නි)
ලංකාවේ බත් පාර්සලයකට ගොලුබෙල්ලෙක් දාලා දුන්නහම හරි ගාණ කීයද? (නි)
ගොලුබෙලි මස් කරියක් විදිහට හැදුවා නම් රුපියල් 50 කට දෙන්න තිබුනා.පවුන්ඩ් වලින් නම් බර ගානක් වෙනවා. (නි)
මුදලාලි, මොකද ගොළුබෙල්ලෙක් දැම්මේ, කතා කරන බෙල්ලෙක් දාන්නේ නැතුව. (නි)
කඩ මුදලාලි බලංගොඩ මානවයා අමතක නොකළ කෙනෙක් (නි)
රුපියල් 40 ට ඔයත් වැඩියි. දැන් කාලේ බඩු ගණන් හැටියට . (නි)
අවන්හල් හිමියා අලුත්ම අත්හදා බැලීමක් කරලා වගේ. දඩයත් එක්කම බලපත්‍රය අහෝසි කරන්න ඕනෑ නැවත අවන්හල් නොකරන්නම. (නි)
එළු මස්, කුකුල් මස් ගණන් වැඩියි. රුපියල් හතලිහට ඔයිට වඩා දෙයක් දෙන්නේ කොහොමද? (නි)
ලංකාව ඇවිල්ල හරිම අපිරිසිදු රටක්. හැම දේම අපිරිසිදුයි. පිරිසිදුකම කියන එක අපේ ඇඟේ නැහැ. කවදත් තිබිලත් නැහැ. (නි)
මේ චීනෙට යවන්න හදපු බත් පාර්සලයක් වෙන්න ඇති. (නි)
දඩය නම් හෙනට වැඩිනේ... ඔය තරම් "හෙන" ලොකු දඩයක් ගෙව්වට පස්සේ ආයේ ඔය වරද කරන එකක් නැති වෙයි.. (ස)
අමිල, හොදට හම්බකර ගන්න සුපර් සාස්තරයත් දන්නා නිසා ආසියාවේ ආශ්චර්යය රටේ කොරියන් රෙස්ටුරන්ට් එකක් දාන්න (නි)
අපි ගොලුබෙලි මස් කන්නෙ නැතත් ඕනෑතරම් බෝම්බිලි කරවල කන්නේ. (නි)
චමිල, ඇති රසක් නැහැ.මෙහේ තුන් වේලටම සුප් තියෙනවා. ඒවට අනිවාර්යෙන්ම බෙල්ලො දානවා. පිලී රහයි රබර් වගේ හැපෙනකොට. (නි)
අමිල, කියලා දෙන්න බෙල්ලො කොච්චර රසද කියලා. අපරාදෙ, ෂුවර් එකටම උයන්න ඇත්තේ කොරියන් ගිහින් ආපු කෙනෙක්... (ස)
කෑම පාර්සලයක් ඇතුලෙ ගොළුබෙල්ලේක් ??? හිතා ගන්නත් බෑ. (ස)
මීට පස්සේ මුතු බෙල්ලෙක් දාල දෙන්න කිසිම ප්‍රස්නයක් ඇතිවෙන්නේ නැත. (ස)
අයියෝ ඕව මොනවද? කොරියාවේ අපිට සමහර දවසට තුන්වේලටම බෙල්ලෝ තමා කන්න දෙන්නේ.(ස)
කුකුලෝ උනත් පණපිටින් දෙනවයැ? (ස)
කලබල වෙන්න දෙයක් නෑ මේක චීනෙන් ,සින්ගප්පුරුවෙන් හෝ හොන්ග්කොන්ග් වලින් ඉම්පෝර්ට් කරපු කෑම එකක්. (ස)
කතා කරනකොට ගොත ගැහෙන අයට හොදයිලු ගොළු බෙලි සුප්. මිසී ගැන ආදරයක් හිතිලද දන්නේ නෑ කැන්ටිමේ මුදලාලිට.(ස)