ඇමෙරිකාවේ ටෙක්සාස් උමා රෝහලේදී අස්වාභාවික හදවතක් සමඟ උපන් ‘‘ ඔඩ්රිනා කාඩිස් දැරිය මාස තුනහමාරක් වු පසු රෝහලෙන් පිටව ගියාය.
ඇගේ හදවත ශරීරය පිටතින් පිහිටියේය.
අසු ලක්ෂයකට එකක් වශයෙන් මෙවැනි දරුවන් උපදිතියි වෛද්‍යවරු කියති.‘‘එක්ස්ටොපියා කෝඩිස් ‘ යනුවෙන් එම තත්වය හැදින්වේ.
මෙලෙස උපදින දරුවන් දහයකින් නවයක්ම උපතේදී මරණයට පත් වෙතියි කියති. කලාතුරකින් ලැබෙන මේ වාසනාව අත්කරගන්නට ඇමෙරිකා දියණියකට හැකි විය.සිරුරේ බාහිරින් පිහිටි හදවත ආරක්ෂා කිරිම සදහා රෝස පැහැති ආරක්ෂිත පලදනාවක් වෛද්‍යවරු සවි කළහ.
මේ සිදුවීම වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් බව වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු. රත්තරන් දරු පැටියෙක්. පපුව හොස් ගාලා යනවා. (නි)
බුද්දික පෙර ආත්මය ගෙන කියනවනේ. කෝ එක උදාහරණයක් දෙන්න? ඒ වගේම හැම ආත්මවලම තමුන්නාන්සේලම උපත ලැබුවොත් කොහොමද අනිත් අයටත් චාන්ස් එකක් දෙන්නේ? මම නම් හිතන්නේ නැහැ මේ වගේ කතාවක් බුදු හාමුදුරුවෝ කියාවි කියලා. (නි)
මාගලී, සල්ලි දීලා ලෙඩ සුව කරන අයට දෙයියෝ කියලා දෙයියන්ව හෑල්ලුවට ලක් කරන්න එපා. බුද්දික, හැම මිනිහම සුවෙන් හිටියම මේ දොස්තරලට රස්සාවක් නැති වෙනවා. මේ ලෝකේ සමබරතාව නැති වෙනවා. මෝඩ අදහස් දාන්නේ නැතුව ඉන්න (නි)
කර්මය... පින්- පව් , ( කුසල් අකුසල් ) දෙකටම අදාලයි, කර්ම වාදය , කාටවත් ගරහන්න, අපහාස කරන්න යොදාගන්න දෙයක් නොවෙයි. බෞද්ධ දර්ශනය හරියට නොදන්නා අදහස් කියවන අයත් ඇතැම් විට වැරදියට තේරුම් ගෙන කලබල වෙති. (නි)
වාසනාවන්ත දරුවෙක්. (නි)
දේවි කියන එකට සම්පූර්ණයෙන්ම එකඟයි. අපිට කර්මය පෙන්නලා ගොනාට අන්දවලා දේශපාලුවො රටමු හූරගෙන කනවා. හැබැයි බණදෙසන ඈයෝ නිහඩයි. (නි)
මෙන්න මිහිපිට දෙවිවරු. ලොව තාක්ෂනය තව තවත් දියුනුවෙවා (නු)
කරුමය,දෙවියෝන්ට වඩා එහායින් දෙයක් හිතන්න බලමු.(නදී)
හරිම දුක හිතෙන සිදුවීමක් .එත් මේ දරුවා නිරෝගිමත්ව ඉන්නවා නම් ඒ හොදටම ඇති.(නදී)
අනේ දෙවියෙක් හිටියත් එකයි, නැතත් එකයි. ඒ දරුවාව සනීප වෙනවා නම් අපිට ඇති. (නි)
බුද්ධික හරියටම හරි. දෙවියෙක් ඉන්නවා නම් ඇයි මෙහෙම වෙන්නේ.දොස්තරවරු පමණයි දෙවියන්. (නි)
තෙරුවන් සරණයි, චූටි දෝණි ඔයාට! (නි)
කළලය පිළිසිඳ ගන්නකොට සිදු වුණ අඩුපාඩුවක් නිසා කියලා මට නම් හිතෙන්නේ. සේරම වෙන දේවල් කර්මයට බැර කරලා හිතන මිනිස්සු ඉන්නේ ලංකාවේ තමා. ඒකනේ ලංකාව මේ තරම් පෝසත් වෙලා තියෙන්නේ . (නි)
කර්මය කියන්නේ මේකට තමයි බුදුදහමට අනුව (නි)
මේ දුවට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. (නි)
මේ දරුවට අනාගතේ නිරෝගිමත් වෙන්න කියලා පතනවා (නි)
ඔන්න බලන්න අපේ අයගේ දැනුම. සමහරු මේක විහිලුවකට අරගෙන. සජිත් වගේ අය එහෙමයි. දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා නම් ඇයි මෙහෙම මැව්වේ? අමතක වෙලාද,ඔලුවක් නැතුව මවපුවා? මේක තමන් පෙර ආත්ම වල කළ අකුසල කර්ම වල පල විපාක. දොස්තරවරුන්ට පමණයි මේකට යමක් කරන්න පුළුවන්. අන්න මිහිපිට ඉන්න දෙවිවරු. සුබවාදීව හිතන්න සෙනරත් වගේ. (නි)
සකුන්තලා කියන්නේ මැරිලා බබලන තරුවක් බවට පත් වෙන්න කියලද? නැත්නම් මේ සිනමා නිලියක් වෙලා ඒ ළමයාගේ මුළු ජීවිතයම කාල කන්නි කර ගන්න කියලද? (නදී)
මේ දරු පැටියා අනාගතයේදී බැබලෙන තරුවක් වෙන්න කියල නිරෝගී සුව පතනවා.(නදී)
මොන කර්මයක්ද මේක. පුදුමයක් දෙවියෙක් ඉන්නවා කියන එක ඔප්පු කිරීමක්. කර්මයට මෙහෙම ඉබේ වෙන්නේ නැහැ. මේක කරන බලවේගයක් තියෙනවා. ඒ තමයි නිර්මාතෘවරයා, දෙවියා, මේ ගොල්ලෝ කවදා මේවා තේරුම් ගනීද දන්නේ නැහැ.(නදී)
අල්ලා දෙවියන්ගේ පිහිටයි ! (ස)
මේ දරු පැටියා ආරක්ෂා වේවා! (නි)
ඔන්න බලන්න කාටවත් මේකේ සුබවාදී පැත්ත පෙනෙන්නේ නැහැ. මේ ළමයට හදවත් සැත්කම් කරන්න ලේසියිනේ. ඇමරිකාව නිසා නිසි පිළියම් කලට වෙලාවට ලැබේවි මේ දරුවට (නි)
හදවත කොහේ තිබුණත් කමක් නැහැ. රත්තරන් දුවට කරදරයක් අපහසුවක් නැත්නම්. (නි)
ලොකු වෙනකල් වුණත් ශරීරය වෙහෙසන ක්‍රීඩා වලට යන්නේ ප්‍රවේශමෙන්. පුතාට නිදුක් නිරෝගී දිගාසිරි! (නි)
ඇත්තටම කළ විස්කම ගැන සතුටුයි. (නි)