IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කරයි

මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කළේය.

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව රට තුළ නීතිය ක්‍රියාත්ක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඒ අනුව අප්‍රේල් මස 22 වැනිදා සිට මාසයෙන් මාසයට ජූලි 22 වැනිදා දක්වා හදිසි නීතිය දීර්ඝ කළේය.  

එසේ වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් මාසයකට හදිසි නීතිය දීර්ඝ නොකර ඇතැයි වාර්තා වේ.

නිල ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා හදිසි නීතිය දීර්ඝ කෙරෙන අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තබා නැතැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත. 

රජයේ මුද්‍රණාලයද ඒ බව තහවුරු කළේ යැයි ප්‍රංශ පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත. 

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් 258 දෙනකු මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.  

055

 



අදහස් (17)

හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කරයි

ගල්කටස් Friday, 23 August 2019 12:55 PM

ඕක අයින්කර ගන්න ඕනෑ වැරදිකරන මිනිසුන්ට මිසක් අහිංසක මිනිසුන්ට නෙමේ. අරක්ෂාව තහවුරු නම් ෆොන්සේකා මහත්මයා කියනවා නම් අපි පිළිගන්නවා.. නැත්නම් අම්මො අපි කැමති නැහැ අයින් කරනවට... ෂුවර් එකටම අල්ලලා ඉවරයිද උන්ව..?

:       10       422

ගොන්ගාලේ ගොඩබණ්ඩාSaturday, 24 August 2019 12:39 AM

මෛත්‍රීපාල සිරිසේන තුරුම්පු ආසියා විසිකළ බව විශ්වාස කරමි. ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන චන්දය එන බව දැන් පැහැදිලියි. සිරිසේනට තමන්ගේ බලය ශක්තිය පෙන්වන්නට හැකි එකම ක්‍රමය එයයි. පොහොට්ටුවෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන වෙනම තරග නොකර තෝරාගත් ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයිනුත් තවත් ප්‍රදේශ වල පොහොට්ටුවේ නියෝජිතයිනුත් ලෙස පත්වීම තුලින් තම බලය පෙන්වීමටමෛත්‍රීපාල සිරිසේන මෙහිදී හැකිවෙනවා. මෙය ලංකා දේශපාලනය නොසිතු විරු දෙසකට කැරකෙන බව මා විශ්වාස කරනවා.

:       0       1

kolam boss Friday, 23 August 2019 01:04 PM

ඉතාම හොඳ පියවරක්.. රටක ආරක්ෂාව පවත්වාගෙන යන්න හදිසි නීතියක් අවශ්‍ය නැහැ. අත්අඩංගුවට ගන්න රටේ සාමාන්‍ය නීතිය හොඳටම ප්‍රමාණවත්... හදිසි නීතියෙන් කරන්න පුළුවන් එකම දේ පොලිසියේ තියාගෙන අධිකරණයට ඉදිරිපත් නොකර දසවද දෙන්න පුළුවන්කම විතරයි...

:       1854       217

NuwanSaturday, 24 August 2019 05:28 AM

ත්‍රස්තවාදියෙකුගේ අදහසක්...

:       86       1639

kolam bossSaturday, 24 August 2019 09:47 AM

ඔබ 1983 න් පසු ඉපදුණු කෙනෙක් .

:       1013       47

kolam bossSaturday, 24 August 2019 09:53 AM

එක්කෝ ඔය ළමයා ඉපදිලා තියෙන්නේ මේ රටේ යුද්ධයක් තියෙන වෙලාවේ.. නැත්නම් ඔය ළමයා ආරක්ෂක අංශයක රස්සාව කරනවා. මේ රටේ හදිසි නීතියක් සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. වැරදිලා හරි ඔය ළමය මෝටර් බයිසිකලේක හරි යද්දී ආරක්ෂක අංශෙක නිලධාරියෙක් අණ නොතකා ගියා කියා වෙඩි තිබ්බොත් හදිසි නීතිය යටතේ ඔහු සාධාරණයි. ඔය ළමයා වලපල්ලේ .

:       421       558

jayasathSunday, 25 August 2019 06:06 AM

හදිසි නීතියට කැමති නුගත් වහල්ලු නැත්නම් ලිං මැඩියෝ ...

:       8       2

අනුර එදිරිසිංහ Friday, 23 August 2019 02:28 PM

හදිසි නීතිය ගෙන ඒමේ අරමුණ වුනේ තාවකාලිකව තත්වය සමනය කරන්න වුනත් මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ව දීර්ඝකාලීනව පාලනය කරන්න මේ ආණ්ඩුව නීතිරීති ගේන්න අසමත් වෙලා. ත්‍රස්තවාදීන්ව ඇල්ලුවාට මේවාට මූලික වෙච්ච කණ්ඩායම, ඔවුන්ගේ අරමුණ හොයාගත්තද? හදිසි නීතිය අයින්කරපු ගමන් නිකාබයේත්, බුර්කාවේ තහනමත් ඉබේම අවසන් වෙනවා නේද? හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත්ත අයත් නිදහස් නේද? අන්තවාදී දේශනා, අන්තවාදී මද්‍රසා පාසල් නියාමනය කෝ? මහත්වරුනි, දේශපාලන බලය වෙනුවෙන් රටේ අ⁣නාගතය පාවාදෙන්න එපා...

:       149       3107

Bamunuarachchi Friday, 23 August 2019 02:53 PM

එතකොට බුර්කාව එලිබහී නේද?

:       367       1670

Mohamaed RizanSunday, 25 August 2019 04:27 AM

බුර්කාව කියන දෙය ලංකාවට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ......දැන් අරාබියෙත් බුර්කාව කියන දෙය ටිකෙන් ටික නැති වෙනවා....

:       2       12

de silva Friday, 23 August 2019 04:19 PM

ඕක තියෙන එකෙන් ත්‍රස්තයින් පමණක් නොවේ.., පාතාලය, කුඩු ජාවාරම වැනි දේවලුත් මර්ධනය වෙලා තිබුණා. මට නම් ඕක තිබුණා කියලා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අමාරුවේ වැටිලා තිබුනේ හොර ජාවාරම් කාරයින්ව..

:       0       245

king benatSaturday, 24 August 2019 02:03 AM

ඔයා පිට රට නේද ඉන්නේ ? එහෙනම් ප්‍රශ්නයක් නැහැ තමයි .

:       0       1

BamunuarachchiSunday, 25 August 2019 02:08 PM

ඔබ හරි... හදිසි නීතිය නිසා අමාරු හොරදෙටුවන්ට ත්‍රස්තයින්ට මිස අපි වැනි සාමාන්‍ය ජනතාවට නොවෙයි. ඕක කොහෙත්ම අපිට දැනුනේ නැහැ. දන්නෙත් නැහැ. පාතාලයන් බයයි දන්නවා.

:       2       14

උදිත Friday, 23 August 2019 04:24 PM

හදිසි නීතිය අයින් කළා කියලා ලංකාවේ මිනිස්සු දැනගන්නේ ප්‍රංශයේ පත්තරවලින්... එතකොට මරු රටක් අයිසේ මේක...

:       0       185

ලුම්බිණි Saturday, 24 August 2019 02:31 AM

කල යුතු දෙයක්.

:       2       0

Sugath Premalal Saturday, 24 August 2019 04:50 AM

ලංකාව බටහිර සහ ඇමෙරිකාවේ රූකඩයක් වෙලා... අපි හිතන විදියට නම් හදිසි නීතිය තවත් මාස 6 ක්වත් තියෙන්න ඕනෑ.. මොන හේතුවක් නිසාද අපි බටහිර සහ ඇමෙරිකාවට ඕනෑ විදියට වැඩ කරන්නේ...?

:       12       600

sirimal Saturday, 24 August 2019 08:22 AM

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව මාස 4ක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද හදිසි නීතිය අවසන් කිරීමට ගත් තීරණයත් සමඟම දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි "මහජන සාමය පවත්වාගෙන යාම සඳහා" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අගෝස්තු 22 වන නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ත්‍රිවිධ හමුදාවල සියලුම සාමාජිකයින් කැඳවා ඇති බවත් වාර්තාවෙනවා. අපි අහන්නේ මේ අර අඳින්නේ අලුත් අගමැති කෙනෙක් පත්කර ආයෙත් අර ඔක්තෝම්බර් නාඩගම නටන්නවත්ද කියලයි. දැන් දැන් එහෙම කතා හරියට ප්‍රචාරය වෙනවා.

:       22       169

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 131 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 71 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 709 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 156 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 263 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 817 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site