තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංග පෞද්ගලික හේතුවක් මත නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකාරිත්වය සහ තේරීම් කමිටු නිලධාරීන් ඔහුට එම අවසරය දී නැතැයි වාර්තාවේ. වමතින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවා හදිසියේම ශී‍්‍ර ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වී ඇත්තේ සිය ඥාතියකුගේ විවාහ මංගලෝත්සවයකට සහභාගි වීමට බවද දැනගන්නට ඇත. එහෙත් කණ්ඩායම් කළමණාකාරිත්වය මෙන්ම තේරීම් කමිටු නිලධාරීන්ද එකහෙළාම පවසා ඇත්තේ තරගාවලියේ අවසන් තරග දක්වාම තරංග කණ්ඩායමේ රැඳී සිටිය යුතු බවයි. මෙම එක්දින තරගාවලියේ පළමු තරග 3 ට සහභාගි වූ තරංග එහිදී ලබාගත්තේ ලකුණු 9 ක් පමණි. අනතුරුව තරංගගේ ස්ථානය ගත් මහේල ජයවර්ධන මේ දක්වා තරග 6 කදී ලකුණු 270 ක් ලබා සිටී. සිකුරාදා පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 3 කින් පරාජය කිරීමත් සමගම කොමන්වෙල්ත් බැංකු එක්දින තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල ඉතාමත් ආසන්නව සිටී.
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදිසියේම සියරට එන්න කළ තරංගගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වේ
දීපාල් Saturday, 25 February 2012 11:24 PM
ඇයි ඒ?