IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හදිසියේම සියරට එන්න කළ තරංගගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වේ

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංග පෞද්ගලික හේතුවක් මත නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකාරිත්වය සහ තේරීම් කමිටු නිලධාරීන් ඔහුට එම අවසරය දී නැතැයි වාර්තාවේ. වමතින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවා හදිසියේම ශී‍්‍ර ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වී ඇත්තේ සිය ඥාතියකුගේ විවාහ මංගලෝත්සවයකට සහභාගි වීමට බවද දැනගන්නට ඇත. එහෙත් කණ්ඩායම් කළමණාකාරිත්වය මෙන්ම තේරීම් කමිටු නිලධාරීන්ද එකහෙළාම පවසා ඇත්තේ තරගාවලියේ අවසන් තරග දක්වාම තරංග කණ්ඩායමේ රැඳී සිටිය යුතු බවයි. මෙම එක්දින තරගාවලියේ පළමු තරග 3 ට සහභාගි වූ තරංග එහිදී ලබාගත්තේ ලකුණු 9 ක් පමණි. අනතුරුව තරංගගේ ස්ථානය ගත් මහේල ජයවර්ධන මේ දක්වා තරග 6 කදී ලකුණු 270 ක් ලබා සිටී. සිකුරාදා පැවැති තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 3 කින් පරාජය කිරීමත් සමගම කොමන්වෙල්ත් බැංකු එක්දින තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල ඉතාමත් ආසන්නව සිටී.  



අදහස් (0)

හදිසියේම සියරට එන්න කළ තරංගගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 402 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 83 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 260 0


බලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 316 0

බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


යාපනය තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 180 0

යාපනය දිස්ත්‍රික් තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය.


යාපනය අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 227 0

යාපනය මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්‍රම් පාක්කියසෙල්වම් දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14639 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site