සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයෙක් නාගදීපයේ නාගපූෂණී අම්මාන් කෝවිලේ පූජාවකට උඩ ඇඳුම නොගලවා අද සහභාගී විය. හින්දු කෝවිලක පුද පූජාවක් පවත්වන පෙදෙසට පිරිමිනට ඇතුළු විය හැක්කේ උඩු කය නිරාවරණය කර ගැනීමෙන් පසුවය.
පූජකවරයාගෙන් මේ ගැන ඇසූ විට ඔහු කීවේ ආරක්ෂක අංශවල අය සමග ගැටුම් ඇති කර ගැනීමට නොකමැති නිසා දේවාල සිරිත ඔවුනට සිහිපත් නොකරන බවයි.
මෙම පොලිස් නිලධරයාට කෝවිලේ සිරිත මම කියා දුන්නෙමි. එහෙත් ඔහු කමිසය ගැලවූයේ නැත. එවිට මම ඔහුට පැවසූයේ මහින්ද රාජපක්ෂ ජනපති කෝවිලට පැමිණි අවස්ථාවේ ද කෝවිල් සම්ප්‍රදාය අනුගමනය කළ බවයි.
මේ සිද්ධිය දුටු බොහෝ දෙනෙක් අවඥාවෙන් කතා කළහ.
කෝවිලේ පූජකවරයා එම අවස්ථාවේදී විරෝධය නොපෑවේනම් පොලිසීයට ඔහු වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිවුවත් වැඩේ වැරදියි. (නි)
ඔබේ කතාව හරියට හරි සුසන්ත, ලෝකයේ කිසිම රටක පොලිසිය තම රාජකාරියේදී එක එක ආගම්වලට ජාති වලට ඕනේ විදිහට වැඩ කලයුතු නැහැ , මොකද ඔහු එම දෙවියන්ගෙන් ආශීර්වාද පතා නොගියානම්,ඔහුගේ රාජකාරි කටයුත්තක් සදහා ගියානම්, එහි වරදක්නම් මට පෙනෙන්නට නොමැත. (අ)
ජනාධිපති තුමා ගියේ ආගමික කටයුත්තකට. නිලධාරියා ගියේ රාජකාරියට. එය දෙකක්. පුජාවට පන්සල් යන පොලිස් මහත්වරු පාවහන් හිස් වැසුම් ගලවලා එන්නේ. පන්සලේ හොරෙක් ත්‍රස්තවාදියෙක් හැංගිලා හිටියොත් අල්ලන්න එන්නේ පුර්ණ නිල ඇඳුමෙන් ආයුධ සහිතව. (නි)
මෙතන පැහැදිලිවම සහ ඉස්සරලාම කියලා තියනවා සාමාන්‍ය ඇදුමින් ආවා කියලා. ඒ කියන්නේ සිවිල් ඇදුමෙන් ආවා කියන එක. (නි)
පොලිසියේ කෙනා රාජකාරියට යන්න ඕනෑ එයාගේ නිල ඇඳුමෙන්. හදිස්සියේ ඔතන මොනවහරි කලබලයක් සන්සින්දවන්න පොලිසියට එන්න වුනා නම් එයාලා යුනිෆෝර්ම් එක ගලවලා කරලද එන්න ඕනෑ? (නි)
ඔහු රාජකාරියට ගියා නම් එය නිවැරදියි. මතකද නිල ඇදුම් නැතුව කදුළු ගෑස් ගහලා රිච්මන්ඩ් එකේදී පොලිස් නිලදාරින්ට වුන දේ ? (නි)
පොලිස් නිලදාරියා කෝවිලට ගිහින් තියෙන්නේ සිවිල් ඇදුමෙන්. ඒ කියන්නේ රාජකාරියකට නෙමෙයි. එහෙම නම් එතනට යා යුත්තේ ඒ පිළිවෙලට. එහෙම බැරිනම් නොගිහින් ඉන්න ඕනෑ. (නි)
ඒ පොලිස් නිලධාරියා ගිහින් තියෙන්නේ පුජාවට සහබාගි වීමටයි. එසේ නම් මානව අයිතීන් උල්ලංඝනය නොවන අයුරින් ඒ ආගමික නීතිරීතිවලට ගරුකල යුතුයි. (නි)
නන්දන, දීඝවාපිය ඩෝසර් කරනකොට මුහුදු මහා විහාරය කඩනකොට එහෙම ඔයත් හිටියේ දැක්කේ නැහැ ඇහුනේ නැහැ වගේ නේද? ලබන පාරවත් ඔයාව ජිනීවා ගෙනියන්නම් ඉන්න ඉවසලා. (නි)
අපේ පොලිසිය කොහමත් අමුතු වැඩ කරන්න දක්ෂයිනේ (අ)
සුසන්ත මහත්තයෝ, එතකොට පන්සල් වලට හිස් වැසුම් පාවහන් නැතිව එන්න කියන්නේ බලපෑමක් නෙමෙයිද? මෙතන තියෙන්නේ බලපෑමක් නොවේ සිරිතක්. අනික අපි ආරාධනා පත්‍ර දීලා ගෙන්වා ගත්තේ නැහැනේ. (නි)
මේකට අදහස් දක්වපු ගොඩක් ඉන්නේ අර උපන් ජාතියට,ආගමට ගරහන සිංහලයන්ගේ ගොඩේ. (නි)
මගේ හිතෙත් ලොකු ආසාවක් තියෙනවා අපේ රටේ ලොකු ලොක්කෙක්ව මුස්ලිම් ඇදුමක් අන්දවලා පල්ලියකට එක්කගෙන යන්න. (නි)
පාවහන් හිස්වැසුම් වැනි දේවල් පහසුවෙන් ඉවත් කළ හැකිය . එහෙත් රාජකාරි නිල ඇඳුම සේවයේ යෙදී සිටියදී ඉවත් කිරීමට ලෝකයේ කිසිදු නීතියක නැත. ආරක්ෂක නිලදාරීන් හැමවිටම ජනතාවගේ ආරක්ෂවටයි යන්නේ, මගේ මතය පොලිසිය සේවයේදී කොහේ වුණත් නිල ඇඳුමින් සිටිය යුතුයි. (නි)
එයා නිකන් 'ජොලියට' වගේද දන්නෙ නැහැනේ ආවේ? (නි)
හැමෝටම තිබෙනවා ආත්ම ගරුත්වයක්. අන්‍ය ජාතියකට අයත් ආත්ම ගරුත්වය තමන්ගේ ජාතිය විසින් නැති කරද්දී එයට එරෙහි වීම ජාතියට ගැරහීමක් නොවේ. (නි)
හැබැයි මෙහෙමයි. ඔය පොලිස් නිලදාරියාගේ 'බොඩිය' පෙන්නන්න බැරි තත්වයේ එකක්ද දන්නේ නැහැනේ. ඒ නිසා අපි ඒ ගැනත් හිතන්න ඕනෑ. මුළු ඇගේම පච්ච කොටලා තියෙන්න පුළුවන්. නැත්නම් කෙසඟ සිරුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් හිතන්න වෙනවා.අනික ඉතින් මෙයාලට නීති රීති අදාළ නැති හින්ද සිරිත් විරිතුත් අදාළ නැහැ කියලා හිතන්න ඇති. (නි)
රාජකාරිය සඳහා පන්සලට යන පොලිශ් නිලදාරියා හිස්වැසුම් හා සපත්තු ගලවලා යන්නේ.එතුමා බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ එම බෞද්ධ චාරිත්‍රය කරනවා. ඉතින් බෞද්ධයින් වන අපි අනිකුත් ආගමික සිද්ධස්ථාන වලට යනකොටත් එම ආගමික චාරිත්‍ර හැකි පමණින් ගෞරවාන්විත සිදුකරනවා නම් අපි හැබෑම බෞද්ධයන් වෙනවා.මෙම නිලදාරියා එම ස්ථානයට ගොස් තියෙන්නේ නිල ඇඳුම් නැතුව. එතුමට පහසුවෙන් කමිසය ගලවලා තමුන්ගේ තියෙන උද්දච්ච, පහත්, නුගත්කම ප්‍රදර්ශනය නොකර සැබැ සිංහල බෞද්ධයෙක් ලෙස යන්න තිබුනා. (නි)
ආණ්ඩව සාමි, පොලෝසියේ අය නම් බින්දට කමක් නැහැ.තුවාල වෙලත් නැහැ. (නි)
රාළහාමිට අමතක වෙන්න ඇති ඩියුටි ඕෆ් කියලා (නි)
එතකොට අර මුහුදු මහ විහාරය එහේම කඩන ඒවා පෙන්නේ නැද්ද ? (ස)
පොලිස් නිලධාරිය මොකටද කොවිලට ගියේ දෙවියන්ගෙන් ආසිරි ලබාගන්නද ? ඉතින් ලැබෙයි ද ? කෝවිලේ සිරිත් කැඩුවම (ස)
අර අහිංසක මිනිස්සු ජිනිවා ගිහින් කියන්නේ මේ දේවල් තමා. අධි ආරක්ෂක කලාප ඉවත් කරන්න කියන්නේ අපි කොළඹ ඉදන් නොදකින මෙවැනි අනන්තවත් වැරදීම් වෙන නිසා. කොහොමද පොලිස් ප්‍රකාශකගේ උත්තරේ.... (ස)
මේක කොළඹ පන්සලක වුනානම් කුණු බිත්තර ගහනවා. අපි දෙමල නිසා කට වහගන ඉන්ට ඕන බයට. අපට ඉතින් ජිනිවා ගිහින් කියනවා හැර වෙන පිහිටක් තියනවද... (ස)
ආගමකට ගරු කිරීමට නොඳන්න අය නීතිය ක්‍රියාත්මක කරන ආකාරය කෙසේදෑයි සිතා ගත හෑක(ස)
කණගාටුයි....ලැජ්ජයි.... අප්පිරියයි.... ආගමකට ගරු කරන්න තව කෙනෙක්ගේ සංස්කෘතියකට ගරුකරන්න දන්නේ නැති අයටද එහෙ ආරක්ෂාව බර දීල තියෙන්නේ.... (ස)
පුජකතුමා "ආරක්ෂක අංශත් එක්ක ප්‍රශ්න ඇති කරගන්ට ඕන නෑ කිවලු. බලන්න මොනතරම් බයකින් පීඩනයකින්ද ඇත්තේ.මේවා කොළඹ අයට තේරෙන්නේ නෑ. ජිනිවා නොයා වෙන කොහෙද ඉතින් අපි යන්නේ. ගිහාම කියන්නේ ද්‍රෝහියෝ කියල. (ස)
අයි මේකට කියන්නේ නැද්ද "ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඔහොම කළාට ඔක්කොම එකම මිම්මෙන් මනින්න එපා කියල. (ස)
තවත් බෞද්ධ රටක් වන බුරුමෙන් පච්චයක් කොටගෙන තවත් බෞද්ධ රටක් වන ලංකාවට අපු සුද්දව ගුවන් තොටුපලේදීම හරවා යවන්න තරම් කරියක්ෂම නිලදාරියෝ මේක දැක්කද.... (ස)
මේක දැන් ඇහුනේ නෑ දැක්කේ නෑ වගේ ඉන්න.. මොකෝ මේක උනේ දෙමල හින්දු කෝවිලකනේ...හැබැයි ඇහුවම කියන්නේ අපි තරම් මානව හිමිකම් රකින,උතුම්,ශ්‍රේෂ්ඨ ජාතියක් මේ මිහිපිට නෑ කියල. (ස)
ඕක ඉතින් ඉපදීමෙන් උරුම වූ දේ තමයි. (ස)
රාජකාරි වෙලාවේ පුර්ණ නිල ඇදුමින් ඕනෙම නිලදාරියකු ඉන්න ඕනේ. නැත්නම් නිල ඇදුම් නැතුව ඉන්න ඕනේ. (ස)
සහෝදරත්වය (ස)
මට මතක හැටියට දළදා මාළිගාව ඇතුළත රාජකාරි කරන පොලිස් නිලධාරීන් ඉන්නේ පාවහන් රහිතවයි. ඒ අය මාලිගාවේ ඉන්නේ පූජාවට සහය දෙන්න නොවේ රාජකාරියටයි. පොලිස් නිලධාරීන් නිල ඇදුමෙන් ඉන්නේ රාජකාරී වෙලාවටනම් මෙයා පූජාව පවත්වන්න ගියේ ඇයි. ජනාධිපතිතුමා කෝවිලට ගියේ බැතිමතෙක් හැටියට රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක තුමත් ගියේ බැතිමතෙක් හැටියට. පූජා කටයුතු වලට යන්නේ උඩු ඇදුම නැතිව. මුත් රාජකාරියට යන්න ඕනත් ඒ විදියටද ? (ස)
මේ කතාවට අදහස් ප්‍රකාශ කරන ගොඩක් දෙමළ සහෝදරයන් හිතන්නේ මේක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැඩීමකට උදාහරණයක් කියලා. නමුත් මෙතන මානව හිමිකම් අහිමිවෙලා තියෙන්නේ ඒ පොලිස් නිලධාරියාගේ නේද ? ඔහුට තමන්ගේ ඇදුම නැතුව උඩුකය නිරුවතින් යන්න කියා කිසියම් ආගමික කොට්ඨාශයක් එහෙම බලපෑම් කිරීම වැරදියි. අනික පූජකවරයා දැනගත යුතුයි ඒ පොලිස් නිලධාරියාට තත්ත්වය අවබෝධ කැර දීමට (ස)
මොකද මේවට රිංගන්න යන්නේ? එයාල ඇදුම් ගලවල ගියත් අපිට මොකෝ දෙවියන්ට හොදනම්. මමනම් සල්ලි දුන්නත් ඕවගේ රිංගන්නේ නැහැ. (ස)
මම මේ ගැන දරන්නේ වෙනත් අදහසක්. පොලිස් නිලධාරියා එතනට ගියේ රාජකාරී කටයුත්තක් සදහා නම් ඔහු සිය පූර්න නිල ඇදුමෙන් සැරසී සිටිය යුතුය. ඔහු එතනට ගියේ දෙවියන් කෙරෙහි ඇති වූ භක්තියක් නිසා නොව, සිය රාජකාරිය ඉටු කිරීම සඳහාය. (අ)
පටලවා ගන්න එපා, (අ)
මම දන්නා තරමින් අඩ නිරුවත් වෙන්න කියලා ඉල්ලන්න කාටවත් අයිතියක් නැහැ. (නි)
හැමෝම විවිධ අදහස් ලියනවා. මේවා පුද්ගලයන්ගේ හුදු කී්‍රයාවක් පමණයි. මිනිස්සු ඇයි මෙච්චර පොඩි දේවල් වලට මත ගැටුම් හදන්නේ. සියල්ල සුන්‍යත්ත්වයෙන් බලන්නෙ. එතකොට ලෝකයේ සියල්ල හිස් බව ඔබට වැටහේවි. (අ)