යාපනය හින්දු විද්‍යාලය සහ කොකාවිල් හින්දු විද්‍යාලය අතර පැවැති මහ කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. මෙම තරගය කොකාවිල් හින්දු විද්‍යාලයීය පිටියේදී ඊයේ (3) නිමා විය. ‘හින්දුන්ගේ හටන’ ලෙසින් හැඳින්වෙන මෙම තරගය පස්වැනි වරට පැවැත්විණ. යාපනය හින්දු විද්‍යාලය වෙනුවෙන් වී. ජැස්මිනන් ලකුණු 127 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරුවා වූ ජී. මදුෂාන් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීය. තරගයේ විරයා ලෙස යාපනය හින්දු විදුහලේ වී. ජස්මිනන් සම්මාන දිනා ගත්තේය. කොකාවිල් හින්දු විදුහල 275 (පී. පන්ගුජන් 98, කේ. ජනුතස් 61, කේ. රගුලන් 37, වී. වාමනන් 49/3, අර්. රක්ෂ්මන් 65/3, වී. නීලජානාන් 13/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 265 (කේ. රගුලන් 82, එල්. අතිත්තන් 47, එස්. සිලෝජන් 44, වී. සින්තුජන් 66/4, අර්. රක්ෂ්මන් 79/3) යාපනය හින්දු විදුහල කඩුලූ 8 ට 316 (වී. ජස්මිනන්, 127, කිරුසොබාන් 66, ජී. මදුෂාන් 64, පපිදරන් 72/3, කේ. රගුලන් 62/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd