IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හැපුණු හැටි බලන්න ගිහින් හප්ප ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ස්ථාන දෙකක අනතුරු බැලීමට වේගය අඩු කළ වාහන දෙකක් අනතුරට ලක් විය.

කහතුඩුව පිවිසුමේ කිලෝමීටර් 5.4දී ඉදිරියෙන් ගිය වාහනය යකඩ වැටේ හැපුණේය. එම අනතුර බැලීම සඳහා පසුපසින් ආ වාහනයක් වේගය අඩු කරද්දී තවත් වාහනයක් ඒ වාහනයේ හැපුණේය.

කුරුඳුගහ හැතැප්මේදීත් එවැනි අනතුරක් සිදු විය.

මඟුල් ගෙදරකට යමින් සිටි පිරිසක් රැගෙත් වාහනයක් යකඩ වැටේ දෙවරක් වැදී කැරකී අඩි 15ක් පල්ලමට වැටුණේය.

ඒ අනතුර බලමින් වාහනයක ආ ආරක්ෂක අංශ සාමාජිකයකුගේ රියේ රේගු නිලධරයකුගේ වාහනයක් හැපුණේය.



අදහස් (0)

හැපුණු හැටි බලන්න ගිහින් හප්ප ගනී

ශාන්ත Tuesday, 14 May 2013 08:33 AM

මෙයාලට නම් පිස්සු. ගැලපෙන්නේ නැති දේ හඳුන්වා දුන්නම ඔහොම වෙනවා. අපේ මිනිස්සු ඕපා දුප හොයන්න කැමතියි.(නදී)

:       0       0

රනිල් Monday, 13 May 2013 08:27 PM

අපි වෙනත් රජයක් පිහිටවපු දවසකට මේ අධිවේගී මාර්ග මන්දගාමී මාර්ග බවට පත්කරනවා ජනතාවට හිරිහැරයක් නොමැතිව නිවිහැනහිල්ලේ ගමන්කරන්න. (නි)

:       0       0

සරත් Monday, 13 May 2013 08:47 PM

වරුණ කීපාරක් අධිවේගි පාරේ ගිහින් තියෙනවාද? මම දහපාරක් විතර ගියා. හැබැයි එක දවසක් විතරයි බල්ලෙක්ව දැක්කේ. පාරෙ කොලිටි එක එතරම් හොද නැහැ. ඒත් අනතුරු සිදුවෙන්නේ ඒ නිසා නොවෙයි. වාහනේ යන කොට දැනෙනවා පාර සමතලා නැහැ කියලා ගැටි වලවල් තියෙනවා. අධිවේගී පාරක එහෙම වෙන්න බැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 14 May 2013 12:04 AM

හොද නැත්නම් වලවල් තියේ නම් ඇයි ඔයගොල්ලෝ යන්නේ? (නි)

:       0       0

සෝමසිරි Tuesday, 14 May 2013 01:19 AM

මම මේ අදහස දාන්නේ පිටරටක ජීවත් වෙන නිසයි. ඇත්තමෙ අදිවේගී මාර්ගයක් හරියටම ලෙවල් නැතිකම් වාහනය උඩපනිනවා. මොකද වේග සීමාව වැඩි නිසා. එවිට පදවන වේගය අඩුකළාම ඔය කියන අනතුරු වලක්වා පුළුවන්.(නදී)

:       0       0

ඉෂාර Monday, 13 May 2013 04:28 PM

අර මහත්තයෙක් කට කැඩෙනකල් දවසක් රූපවාහිනී වැඩ සටහනක කිව්වේ ඕකනේ. ලංකාවේ අපි කරන්නේ වැඩක් නැති වැඩමයි කියලා.(ස)

:       0       0

නිසාර් Monday, 13 May 2013 04:30 PM

ඕක චිත්‍ර පටියක කොටසක්ද? (ස)

:       0       0

රශී Monday, 13 May 2013 04:31 PM

කහතුඩුවේ ඇක්සිඩන්ට් එක වුණේ නම් ඉස්සරහින් ගිය වාහනය හැපුන නිසා පිටිපස්සෙන් ආපු වාහන වලට එක සැරේටම වාහන නවත්තන්න බැරි වුණ නිසා.අනික වර්ෂාවත් බලපාන්න ඇති. (නි)

:       0       0

ආනන්ද ආර් Monday, 13 May 2013 04:37 PM

මොනවා හෝ දැක්කම තමන් ඉන්නේ කොතනද කියල අමතක වෙනවා. මේක මනා විනයක් නැතිකමයි. තවම අපේ හුඟක් දෙනෙකුට එහෙම විනයක් නැහැ. සාමාන්‍ය පාරක නීතිගරුකව විනයගරුකව වාහනයක් පදවන්න බැරි අය අධිවේගී මාර්ගයකදී ඉතින් ඇනගන්නවා තමයි.(ස)

:       0       0

වරුණ Monday, 13 May 2013 04:43 PM

ඔය දක්ෂිණ අධිවේගී මාර්ගය අනතුරු විමානයක් නිසි ප්‍රමිතියක් නැතිකම තමා. පොඩි බ්රේක් පාරක් ගැහුවත් ලිස්සන්නයි බලන්නේ එහෙන් හෙමතැනම බල්ලෝ පනිනවා. (ස)

:       0       0

ප්‍රභාත් Monday, 13 May 2013 05:09 PM

ඉස්සෙල්ලම කරන්න ඕනේ අදිවේගී මාර්ගයක් පාවිච්චි කරන හැටි මිනිස්සුන්ට කියා දීම. (ස)

:       0       0

ඉන්දික Monday, 13 May 2013 05:17 PM

වරුණ, අධිවේගී මාර්ගයේ බ්රේක් ගහන්නේ ඇයි ? (නි)

:       0       0

හසන්ත Monday, 13 May 2013 05:32 PM

මම කීප විටක් මේක කිව්වා ඒ දවස්වල... මිනිස්සුන්ට හරියට මේ පාර පාවිච්චි කරනහැටි කියල දෙන්න කියලා. අඩු ගානේ මෙන්න මේකවත් බලලා ඉගෙන ගන්න කොහොමද පාරක වාහනයක් එලවන්නේ කියලා... https://www.facebook.com/groups/227019757340891/ වාහනයක් තිබුන පලියට, බලපත්‍රයක් තිබුන පලියට, අධිවේග මාර්ගයක් තිබුන පලියට හරියට වාහන එලවන්න බැහැ. නොදැන ගිහින් අනතුරු කරගෙන පාරට බනින්න එපා. අනතුරු නොවී පදවන හැටි හරියට ඉගෙන ගන්න. (නි)

:       0       0

චතු Monday, 13 May 2013 05:44 PM

වරුණ අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය ගැන කතා කරන්නේ වෙන අධිවේගී මාර්ග වල ප්‍රමිතිය කොයි වගේද කියල දන්නවා ද? පාරේ යන්න දන්නේ නැති එක පිළිගන්නේ නැහැ, ප්‍රමිතියක් නෑලු. නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගේ තමයි. (නි)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 07:35 AM

ඉන්දික බල්ලෝ පනින හින්දා.(නදී)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 07:40 AM

චතු, මම අවුරුදු 4ක් මැද පෙරදිග අධිවේගී මාර්ග වල වාහන එළවලා තියෙනවා. ඒවා එක්ක බලනකොට මේක නිකන් එහෙ අතුරු පාරක් වගේ. මම කතා කළේ දාලා තියෙන කාපට් එකේ තත්වය ගැන. පොඩි වැස්සටත් පාරේ වතුර හිටිනවා (නි)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 07:44 AM

චතු, ඉන්දික, සරත්, සෝමසිරි වගේ පළපුරුදු කෙනෙක් කියන දෙයින් ඇත්ත නැත්ත මොකද්ද කියලා බලන්න. නැත්තම් වෙබ් එකට ගිහින් බලන්න අධිවේගී පාරවල් වල තත්වය තිබිය යුත්තේ කෙසේද කියලා ?ලංකාවේ අධිවේග පාරේ සමහර තැන්වල ලයිට්වත් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 87 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2241 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 321 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 412 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1634 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1597 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 848 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site