දක්ෂිණ අධිවේගී මාර්ගයේ ස්ථාන දෙකක අනතුරු බැලීමට වේගය අඩු කළ වාහන දෙකක් අනතුරට ලක් විය.
කහතුඩුව පිවිසුමේ කිලෝමීටර් 5.4දී ඉදිරියෙන් ගිය වාහනය යකඩ වැටේ හැපුණේය. එම අනතුර බැලීම සඳහා පසුපසින් ආ වාහනයක් වේගය අඩු කරද්දී තවත් වාහනයක් ඒ වාහනයේ හැපුණේය.
කුරුඳුගහ හැතැප්මේදීත් එවැනි අනතුරක් සිදු විය.
මඟුල් ගෙදරකට යමින් සිටි පිරිසක් රැගෙත් වාහනයක් යකඩ වැටේ දෙවරක් වැදී කැරකී අඩි 15ක් පල්ලමට වැටුණේය.
ඒ අනතුර බලමින් වාහනයක ආ ආරක්ෂක අංශ සාමාජිකයකුගේ රියේ රේගු නිලධරයකුගේ වාහනයක් හැපුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය ගැන කතා කරන්නේ වෙන අධිවේගී මාර්ග වල ප්‍රමිතිය කොයි වගේද කියල දන්නවා ද? පාරේ යන්න දන්නේ නැති එක පිළිගන්නේ නැහැ, ප්‍රමිතියක් නෑලු. නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගේ තමයි. (නි)
මෙයාලට නම් පිස්සු. ගැලපෙන්නේ නැති දේ හඳුන්වා දුන්නම ඔහොම වෙනවා. අපේ මිනිස්සු ඕපා දුප හොයන්න කැමතියි.(නදී)
චතු, ඉන්දික, සරත්, සෝමසිරි වගේ පළපුරුදු කෙනෙක් කියන දෙයින් ඇත්ත නැත්ත මොකද්ද කියලා බලන්න. නැත්තම් වෙබ් එකට ගිහින් බලන්න අධිවේගී පාරවල් වල තත්වය තිබිය යුත්තේ කෙසේද කියලා ?ලංකාවේ අධිවේග පාරේ සමහර තැන්වල ලයිට්වත් නැහැ (නි)
චතු, මම අවුරුදු 4ක් මැද පෙරදිග අධිවේගී මාර්ග වල වාහන එළවලා තියෙනවා. ඒවා එක්ක බලනකොට මේක නිකන් එහෙ අතුරු පාරක් වගේ. මම කතා කළේ දාලා තියෙන කාපට් එකේ තත්වය ගැන. පොඩි වැස්සටත් පාරේ වතුර හිටිනවා (නි)
ඉන්දික බල්ලෝ පනින හින්දා.(නදී)
මම මේ අදහස දාන්නේ පිටරටක ජීවත් වෙන නිසයි. ඇත්තමෙ අදිවේගී මාර්ගයක් හරියටම ලෙවල් නැතිකම් වාහනය උඩපනිනවා. මොකද වේග සීමාව වැඩි නිසා. එවිට පදවන වේගය අඩුකළාම ඔය කියන අනතුරු වලක්වා පුළුවන්.(නදී)
හොද නැත්නම් වලවල් තියේ නම් ඇයි ඔයගොල්ලෝ යන්නේ? (නි)
වරුණ කීපාරක් අධිවේගි පාරේ ගිහින් තියෙනවාද? මම දහපාරක් විතර ගියා. හැබැයි එක දවසක් විතරයි බල්ලෙක්ව දැක්කේ. පාරෙ කොලිටි එක එතරම් හොද නැහැ. ඒත් අනතුරු සිදුවෙන්නේ ඒ නිසා නොවෙයි. වාහනේ යන කොට දැනෙනවා පාර සමතලා නැහැ කියලා ගැටි වලවල් තියෙනවා. අධිවේගී පාරක එහෙම වෙන්න බැහැ (නි)
අපි වෙනත් රජයක් පිහිටවපු දවසකට මේ අධිවේගී මාර්ග මන්දගාමී මාර්ග බවට පත්කරනවා ජනතාවට හිරිහැරයක් නොමැතිව නිවිහැනහිල්ලේ ගමන්කරන්න. (නි)
අර මහත්තයෙක් කට කැඩෙනකල් දවසක් රූපවාහිනී වැඩ සටහනක කිව්වේ ඕකනේ. ලංකාවේ අපි කරන්නේ වැඩක් නැති වැඩමයි කියලා.(ස)
මම කීප විටක් මේක කිව්වා ඒ දවස්වල... මිනිස්සුන්ට හරියට මේ පාර පාවිච්චි කරනහැටි කියල දෙන්න කියලා. අඩු ගානේ මෙන්න මේකවත් බලලා ඉගෙන ගන්න කොහොමද පාරක වාහනයක් එලවන්නේ කියලා... https://www.facebook.com/groups/227019757340891/ වාහනයක් තිබුන පලියට, බලපත්‍රයක් තිබුන පලියට, අධිවේග මාර්ගයක් තිබුන පලියට හරියට වාහන එලවන්න බැහැ. නොදැන ගිහින් අනතුරු කරගෙන පාරට බනින්න එපා. අනතුරු නොවී පදවන හැටි හරියට ඉගෙන ගන්න. (නි)
වරුණ, අධිවේගී මාර්ගයේ බ්රේක් ගහන්නේ ඇයි ? (නි)
ඉස්සෙල්ලම කරන්න ඕනේ අදිවේගී මාර්ගයක් පාවිච්චි කරන හැටි මිනිස්සුන්ට කියා දීම. (ස)
ඔය දක්ෂිණ අධිවේගී මාර්ගය අනතුරු විමානයක් නිසි ප්‍රමිතියක් නැතිකම තමා. පොඩි බ්රේක් පාරක් ගැහුවත් ලිස්සන්නයි බලන්නේ එහෙන් හෙමතැනම බල්ලෝ පනිනවා. (ස)
මොනවා හෝ දැක්කම තමන් ඉන්නේ කොතනද කියල අමතක වෙනවා. මේක මනා විනයක් නැතිකමයි. තවම අපේ හුඟක් දෙනෙකුට එහෙම විනයක් නැහැ. සාමාන්‍ය පාරක නීතිගරුකව විනයගරුකව වාහනයක් පදවන්න බැරි අය අධිවේගී මාර්ගයකදී ඉතින් ඇනගන්නවා තමයි.(ස)
කහතුඩුවේ ඇක්සිඩන්ට් එක වුණේ නම් ඉස්සරහින් ගිය වාහනය හැපුන නිසා පිටිපස්සෙන් ආපු වාහන වලට එක සැරේටම වාහන නවත්තන්න බැරි වුණ නිසා.අනික වර්ෂාවත් බලපාන්න ඇති. (නි)
ඕක චිත්‍ර පටියක කොටසක්ද? (ස)