හොරණ මහවත්තේ කහ ඉරක් මතදී ගැබිණියක අනතුරට පත් කළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හමුදා සෙබළකු නැවත අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගැබිණිය කහ ඉර මතින් පාර මාරු වෙද්දී සැකකරු විසින් පදවාගෙන ගිය යතුරු පැදියේ ගැටීමෙන් පසු හොරණ රෝහලට ඇතුළත් කළ අතර සිසේරියන් සැත්කමක් මගින් ඇය බිහි කළ දරුවා දින තුනකට පසු බ්‍රහස්පතින්දා මිය ගියේය.
දරුවාගේ මරණ පරීක්ෂණය පැවැත්වූ හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතාගේ නියෝගයක් මත ඇප මත සිටි සැකකාර හමුදා සෙබළා යළි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්ම මාස කීයක්නම් මේ දරුවව කුසේ දරා ගෙන ඉන්න ඇද්ද? දරුවා මැරුනා. අම්මටත් මොනව වෙයිද පසුකාලීනව මෙ බලපෑමෙන්. දඩුවම් පුලුවන්තරම් දෙන්න ඕනෙ. නිරපරාදේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන නිසා.(නදී)
අපරාදේ ජීවිත දෙකක්. ටැෆික් ලයිට් දානවා නම් හරිනේ. දිනපතාම විනාඩි දහයක් ඇවිදගෙන යන මම ටැෆික් ලයිට් හයකින් මාරුවෙනවා, තාම දැක්කේ නැහැ කව්රුවත් වාහනයකකට අහුවෙනවා.අවුරුදු දහහතරකටම. (නි)
රොෂාන්, හමුදාවට හැමදා රටවැසියා ගරු කළ යුතුයි. නමුත් එය කෙළෙසා ගැනීම ඔවුන් නොකළ යුතුයි. (නි)
කහ ඉර උඩින් පර මාරු වෙද්දී එන වාහන ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. මොකද හයියෙන් එන වාහනයකට එක පාර නවත්තගන්න බැරී බව අපි හැමෝම දන්නවනේ (නි)
කියියම් පුද්ගලයෙක් හිතාමතා අනතුරක් කරන්නෙ නැහැ. නමුත් සිදුවුනේ ලොකු අපරාධයක්. (නි)
කහ ඉර උඩදී හප්පන එක නොසැලකිල්ල මිසක් අහවල් එකද ටිරාන්? උපරිම දඩුවම් දෙන්න ඕනෑ. හමුදාවේ අය වුනාම අනික් අයට වැඩිය නීති ගරුක, විනය ගරුක වෙලා සාමාන්‍ය මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න ඕනෑ. එතකොට තමයි අපේ හමුදාව ලෝකේ ඉන්න විනයගරුකම හමුදාවක් කියන එක තහවුරු වෙන්නේ. අඩුම තරමේ නූපන් දරුවන්ගේ උපදින්න තියෙන අයිතියවත් තහවුරු කරන්න මහන්සිගන්න හැමදෙනාම. (නි)
ටිරන් , මේ මොන කතාද? කහ ඉර මත හැප්පුවොත් ගස් තමයි. (නි)
ආමි එකේ කට්ටිය යන්නේ උඩින්. මිනිස්සු ඉන්නවා කියලා කිසිම ගානක් නැහැ (නි)
ඇත්ත කතාව ටිරාන් හිතල මිනිස්සුන්ව හප්පන්නේ නැහැ. කෙසේ හෝ අවාසනාවන්ත සිදුවීමක්. පාරේ යන පදිකයොත් හිතුමතේ පාර පයිනවා. කහ ඉර කියන්නේ ඕන වෙලාවක පාර පනින්න නෙවේ. පාරේ වාහන නැත්නම් මාරු වෙන්න තියෙන තැනක්. මිනිස්සුත් කිසි බැලිල්ලක් නැහැ ඔහේ පයිනවා වට පිට බලන්නේ නැතුව. මේක අපි හොදටම දකිනවා පාරේ යද්දී. නොසැලකිල්ල තමයි මේ අනතුරට හේතුව. වලක්වාගන්න තිබ්බ අනතුරක්.(නදී)
අයිඋඔ සල්ලි
ටිරාන් හරි, පේනවිදියට මේක සිද්දවෙච්ච අනතුරක්. (නදී)
ටිරාන් මහතා අදිකරණ තීන්දුව දී ඇත.(නදී)
සාමාන්‍යයෙන් කව්රුවත් ඕනෑකමින් හප්පන්නේ නැහැ.වැරදීමක් විය හැක. නමුත් නොසැලකිල්ලක් නම් ඒකට දඬුවම් කළ යුතුයි (නි)
ටිරෝන් ඔයාට ඔල්මාදෙද. අනතුරෙන් අනතුරට පත්වෙන්නෙ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්. ඉපදෙන්න ඉන්න දරුවෙකුත් ඉන්නවා. ඕනේකම නෙවෙයි තමන්ට තමන්ව පාලනය කරගන්න බැරිකම තියෙන්නේ. කහ ඉර ලං වෙනකොට වේගය පාලනය කරගන්න ඕනෙ කමක් තියෙන්නේ. අනික වේග සීමාවක් තියෙනවනෙ කහ ඉරක් ලගින් යන්න.(නදී)
කහ ඉර මතදී නම් නොසැලකිලිමත්කම තමයි නේද? (නදී)
කහ ඉර මත නම් අපරාධයක්. පව් අහිංසක දරු පැටියා (නි)
මොනවා උනත් උතුම් මව් ගුණයට ගෞරවයක් නැති පුද්ගලයන්ට දඬුවම් පමුණුවන්න ඕනේ. සාරධර්ම ඒ තරමටම දැන් පිරිහිලා නිසා අවස්ථානුකූලව වරදේ ස්වාභවය අනුව දඬුවම් නොකලොත් අපේ රට තව තවත් අරාජික වෙනවා වලක්වන්න බැහැ. දරුවෙක් බිහිකරන්න ඉන්න අම්ම කෙනෙක් පාරේ ගමන් කරද්දී හෝ ඕනෑම තැනකදී වාහන පදවන උදවිය හෝ ඕනෑම කෙනෙක් ඒ අම්ම කෙරෙහි දැඩි අවදානයක් ගන්න ඕනේ ඇයි? ඒක ජාතික වගකීමක් මෙන්ම ඒ අම්මත් අපේ අම්ම වගේ නිසා.(නදී)
ලංකාවේ හදිසි අනතුරු වැඩියි. මෙයට පිට රටකින් චීනයෙන් හෝ ජර්මනියෙන් ආදර්ශයක් ගෙන නීති තද කල යුතුයි. මේ නොසැලකිල්ලට ලොකු වන්දියක් ගෙවිය යුතුයි.(නදී)
නොසැලකිල්ල වෙන්නත් පුළුවන් වැරදිමක් වෙන්නත් පුළුවන්. අපිත් වාහන එලවන නිසා මුකුත් කියන්න බෑ. හැබැයි බීල වාහන එලවලනම් දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)
හමුදාවට ඉස්සර වගේ සලකන්නේ නැහැ. (නදී)
ටිරාන්, යතුරුපැදියේ නොසැලකිල්ල මිසක් වෙන මොකද්ද මෙතන තියෙන්නේ? කහ ඉරක් උඩදී පදිකයකු යටකරා කියන්නේ කතා දෙකක් නැහැ.(නදී)
කහ ඉර ගැන සැලකිලිමත් නොවෙන ඕනෑම රියදුරෙකුට දඬුවම් ලැබිය යුතුයි. (නදී)
කහ ඉර මත පාර මාරුවෙන මගීන් අතරින් රිංගා යන්න යතුරු පැදිකරුවන් බොහෝ විට උත්සාහ කරන නිසා අනතුරු සිදුවෙනවා. (නි)