දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ ශ්‍රී ජිනරතන සාමනේර භික්ෂු ආයතනයේ දෙහැවිරිදි දරුවෙක් සිටී. අඟ හිඟකම් නිසා මව්පියන් මේ දරුවා පංසලට භාර දී ඇත.
දරුවා භාර දී ඇත්තේ ඔහුට වයස මාස දෙකක් වූ විටය.
විහාරාධිපති හල්මිල්ලෑවේ ප්‍රේමරතන හිමියෝ දරුවා හදා වඩා ගනී.
හාමුදුරුවන්ගෙන් ලැබෙන කිරි බෝතලය බී සිවුරට තුරුළු වී නිදාගන්නා මේ දරුවාගේ කුදු මහත් කටයුතු කරනුයේ පංසලේ හාමුදුරුවරු කැමැත්තෙන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල බෞද්ධකම ගැන කෑගහන නමුත් සිංහල බෞද්ධයන්ට කිසිවක් නොකරන්නන්ට මෙය හොද ආදර්ශයක් (නි)
සාදු..සාදු..! ඔබ වහන්සේට අනේක වාරයක් පින්. (නි)
මේ දරුවාව අතරමං කරලා යනවිට උදව්වට කවුරුත් නැහැ. පින්වත් හාමුදුරුවරු අවුරුදු දෙකක් ළමය හැදුවා නම් ඔහුගේ අනාගතයත් උන්වහන්සේලා බලා ගනී. මෙතැන බුරන අය දැනගන්න ඕනෑ හාමුදුරුවරු අපේ මුර දේවතාවුන් බව. (නි)
මේ දරුවාව ක්‍රිස්තියානි මිෂනාරි සහෝදරතුමන්ලාට භාර දුන්නා නම් හොද අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායි හොද පුරවැසියෙක් වන්නට ඉඩ තිබුණා.වහා මේ දරුවා පරිවාස බාරයට ගත යුතුමය (නි)
සුරංග අන්තයට හිතන්න එපා. මේක උතුම් පින්කමක්. ඒක අගය කරන්න (නි)
මේ දරුවාටද අනිකුත් දරුවන් මෙන් පාසල් අධ්‍යාපනය ලබා දිය යුතු බව මගේ අදහසයි. තවද, ඔහු පැවිදි කල යුත්තේ නිසි වයසේදී ඔහුට පැවිදි ජීවිතය ගැන අවබෝධයක් ලබා දීමෙන් සහ පැවිදි ජිවිතයට ඔහුගේ කැමැත්ත ලබා ගැනීමෙන් මිස බල කිරීමෙන් නොවිය යුතුය. හතර කෙන්දරේම හරි නැති නිසා අපේ දෙමව්පියන් තම දරුවන් පැවිදි බිමට ඇතුලත් කල අවස්ථා මා අසා ඇත. (නදී)
ඔබ වහන්සේලාට ගොඩක් පින් ඔය කරන දේට. ඔය ටික ඇති ඔබ වහන්සේලාට නිවන් දකින්න. (නි)
දරුවාට උදව් කිරීම හොදදෙයක්. නමුත් මෙය භික්ෂුන් වහන්සේලාට කොහොත්ම ගැලපෙන දෙයක් නොවෙයි. සියලු දෙනාගේ ධර්ම අවබෝදය පිණිස, මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ ගේ "බෞද්ධයාගේ අත්පොත" හි කොටසක් දක්වන්න කැමැත්තෙමි. භික්ෂුන් වහන්සේලා "එක්විසි අනෙසනයෙන්" වෙන්ව වාසය කළ යුත්තෝය. ගිහියන් ට සංග්‍රහ කිරීමට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. "එක්විසි අනෙසනය" හි නොකළයුතු කරුණු 21 හි, 12 වෙනි කරුණ: හිස පිරිමැදීම ආදියෙන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම නොකලයුතුය යන්නයි. ගිහියන් තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සදහා භික්ෂුන් ආශ්‍රය නො කළ යුතුය. ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නො විය යුතුය. මේ හේතුවෙන් මේ දරුවන්ගේ දෙමාපියන්ටත් අකුසල් සිද්ධ වෙනවා. වැඩි අවබෝදයක් ලබාගැනීමට උන්වහන්සේ ගේ "බෞද්ධයාගේ අත්පොත" හි පිටු අංක 34-36 කියවන්න. (නි)
බොහොම පින්! (නි)
ඇයි රනිල්, පන්සල්වල හාමුදුරුවරු උගන්වන්නේ සහ ඉගෙනගන්නේ නැති කොටසක් කියලද හිතන්නේ? (නි)
රනිල් වරදවා තීරුම් ගන්න එපා. " මේ දරුවාව ක්‍රිස්තියානි මිෂනාරි සහෝදරතුමන්ලාට භාර දුන්නා නම් හොද අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායි හොද පුරවැසියෙක් වන්නට ඉඩ තිබුණා" ඔබගේ කියමනෙන් අදහස්වෙන්නේ පන්සලෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලද? අමතක කරන්න එපා මේ වෙනකම් ශ්‍රී ලංකාවේ බිහිවුන උගත් පඩිවරු, කිවිවරු ආදී සියලුම අය බිහිවෙලා තියෙන්න පන්සල් හා පිරිවෙන් ආශ්‍රිත පරිසරවල මිසක් ඔය කියන ක්‍රිස්තියානි මිෂනාරි පල්ලිවල නම් නෙමෙයි (නි)
ප්‍රසන්න, ඔබ හරියටම හරි (නි)
මේ දරුවාව ක්‍රිස්තියානි මිෂනාරි සහෝදරතුමන්ලාට භාර දුන්නා නම් හොද අධ්‍යාපනයක් ලබාදී රටට වැඩදායි හොද පුරවැසියෙක් වන්නට ඉඩ තිබුණා. (නි)
අතීතයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් විඥානය මෙහෙයවා ගතකළා වු මුලු ජීවිතයම පන්සලකි දහම් පාසලකි. අද යමි හොද දෙයක් ගිහියෙක් හෝ පැවිද්දෙක් සිදුකළ පමණින් එය සමාජගත වීමෙන් පෙනීයන්නේ පිරිසක් රංගනයේ යෙදෙන අතර තව පිරිසක් නරඹන්නන් ලෙස එයට ඔල්වරසන් දෙන රගමඩලක් තුල ධර්මය නමැති නාටකයද වානිජකරණයට හසුව සමාජගතවන තිරනාටකයක් ලෙසයි. (නි)
කොයිතරම් අගේද? (නි)
පත්තරේ දෑමිල්ලෙන් මේ දරුවට මේ සෙනෙහස අහිමි නොවේවා!(නදී)
යම් ප්‍රවතක් දුටුවම ඒ පිළිබඳව යම් යම් අදහස් පහල වෙන්නේ අපේ සිතිවිලි අනුවයි. පෘතුග්ජන මිනිසුන් වශයෙන් ඕනෑම කෙනෙක් තුල අඩුවැඩි වසයෙන් හොඳ නරක දෙකම තියෙනවා. හරියට අර තාපස තුමන්ලා ලගටයි සොර කණ්ඩායම ළඟටයි වැටුණු ගිරා පැටවූ දෙන්නගේ වගේ. මෙපමණ සද්භාවයෙන් කරන ක්‍රියාවක් අර සොර කණ්ඩායම ළඟට වැටුණු ගිරවා දකින විදිහට දැකීම සුදුසුද?(නදී)
මා නම් මේකට විරුද්ධයි. මොකද මේක පුර්ණ නරක ආදර්ශයක්. තව ටිකක් කල් යනකොට පන්සල ළමා අනාථ මඩමක් වේවි. පන්සල කියනේ පන්සලක් මිස ළමා අනාථ මඩමක් නොවේ.(නදී)
තිසල් සහෝදරයා, වටිනා මාතෘකාවක් ගැන අදහස් දක්වන්න. අපි හැමෝටම ලැබිලා තියෙන්නේ සම ලිංගික අතවරයකට අත වැනිමක් කීමෙන් බෞද්ධ භික්ෂූන් හෑල්ලුවකට ලක්කිරීමක් නේද? ඔයා නොකියා කියන දෙයක් මෙතන ගැබ් වෙලා තියෙනවා. කුඩා දරුවෝ හදා වඩා ගන්න පන්සල් තව තියෙනවා. අපේ හමුදුරුවන්නට මේ රත්තරන් කොලු පැටියටත් ඔබ සැමටත් යහපතක්ම සිදු වේවා(නදී)
මේකේ පැතී කිහිපයක්ම තියනවා. දරුවෙකුට අවශ්‍ය උණුසුම, ආදරය, කරුණාව ලැබෙනවා. පොඩි හාමුදුරුවරුවරුන්ට සහෝදර ප්‍රේමය. දරු හුරතල් ලබන වයසේ ඉන්න ලොකු හාමුදුරුවරුන්ටත් එක පිරිමැහෙනවා. මේවා ජීව විද්‍යාත්මක අවශ්‍යතා. පන්සල්වල මේ සෙනෙහස පිලිබඳ අවශ්‍යතාවය ගොඩක් දුරට පිරිමෙහෙන්නේ ඉන්න බල්ලා බළලා වාගේ සත්තුන්ගෙන්. මන් හිතන්නේ නෑ මේකෙන් පැවිදි දිවියට හානියක් වෙයි කියල. දරුවටත් යහපතක් මිස අයහපතක් නොවේවි. දැනටමත් "දරුවා", "මල්ලි" යන හැඟීම හිමිවරු අතරේ තියෙන්නේ. ඉතින් ලිංගික අතවර කරන්න තරම් නම් පහත තත්ත්වයට නොවැටේවි. කොහොමත් පෙරපාසල් ගෙන යන එක, පාසල් ගෙනියන එක වගේ තව බොහෝ වැඩ ඉදිරියේදී එනවා, ඒ ගෙනත් හිතල හොඳ දෙයක් කරන්න වෙනවා. හැමොටම යහපතක්ම උදා වේවා. (නදී)
පරිවාස වල, ළමා නිවාස වල හැදෙන ළමයින්ට වෙන දෙය අපි ඕන තරම් පත්තර වලින් දෙක තියෙනවා. කවුරු මොනවා කීවත් මේ ලමයව හදා ගන්න හාමුදුරුවනේ. නිවන් දකින්න කලින් සමාජ මෙහෙවර හුගක් දැනෙන යුගයක් මේක. (නදී)
මේ දරුවා අසරණයි. එයාට මේ හාමුදුරුනම කරන්නේ මහත් පින්කමක්, නිසි වයස එනකම් ඔහුට මේ විදිහට ආරක්ෂාව ලැබෙනවානම් හොදා. (නදී)
ආඩම්බරයි හසන්ත ආඩම්බරයි. (නි).
මේ වගේ උතුම් වැඩ කරන එකත්, මේවගේ දේවල් මිනිසුන්ට දැන ගැනීමට සලස් වන එකක් මහගු පින් කමක්.(නදී)
මට ඇස් වලට කදුළු එනවා.ඔබ වහන්සේලාට බුදු බව ලැබෙන්න ඕනෑ (නි)
උතුම් බුදු පුත්‍රයන් වහන්සේලාට මගේ නමස්කාරය හිමි වේවා! ඔබ වහන්සේලා මෙලොවට ජනිත කළ දෙමාපියන්ටද මේ පින් බලයෙන් සංසර ගමන කෙලවර කර ගැනීමට හැකි වේවා ! (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට බුදු බව අත් වෙනවා. (නි)
ප්‍රසන්නගේ ප්‍රතිචාරයට මමත් එකඟ වෙනවා. බුදු පුතනුවනි, ඔබ වහන්සේලාට නිවන් මග වැඩි දුර නැත (නි)
අගය කළ යුත ඉතාම යහපත් වැඩක් (ස)
රනිල් මේ ලමයව ක්‍රිස්තියානි මිෂනාරි එකකට දුන්නම අර ලඟදි වගේ ඌරෝ හදන හරක් හදන තැනක තියලා, මේ ළමයට කියවලා මරවයිද දන්නේ නැහැ නේද? තරහ ගන්න එපා මේකට. මම කිව්වේ අද ලංකාවේ වෙන දේවල් (නි)
ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක්.මේක දකිනකොට ගොඩාක් දුකයි.ඔබ වහන්සේට බුදුසරණයි. (නි)
මා අදහස් පලකලේ බුද්ධ දර්මය පදනම් කරගෙනයි. හිගි හෙයි හොද සියලු දේවල් භික්ෂුවට ඔබින්නේ නැත. සදහන් කර ඇති පොත කියවන්න. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ යනු, මාරගපල ලාභී යයි සැලකෙන භික්ෂුන් වහන්සේ කෙනෙක්. http://www.rerukanemahanahimi.lk පුජකයින්ට දරුසුරතල් බැලිය හැකි යි. භික්ෂුව පුජකයෙක් නොවෙයි , භික්ෂුව සියලු රහතන් වහන්සේලා ඇතුළුව පුජ්‍ය කොටයි සලකන්නේ. බෞද්ධයින්ට තෙරුවන් උසස් වන්නේ ඒ නිසයි. මේ දරුවාට උපකාර කළහැකි එකම ක්‍රමය මෙය යැයි කිව නොහැක.(නදී)
බුදු හාමුදුරුවෝ තමගේ දරුවටත් යහමග පෙන්නන්න එක්කගෙන ගියේ පන්සලකට. මම හිතනවා මේ හාමුදුරුවරු මේ අහිංසක දරුවටත් යහමග පෙන්නයි දරුවාට තේරෙන කාලය ආවම. (නි)
මහා ලොකු පිනක් කරගන්න මේ නිහඩවම, රටට වැඩ දායී පුද්ගලයෙක් කරා නම් හොදයි, හදා ගන්න බැරි නම් මේ අසරණයින්ට පන්සලකට හරි දීපු එක ලොකු දෙයක් දෙමව්පියන්. අද කාලේ වෙන්නේ කිරි කැටියන්ගේ බෙල්ල මිරිකලා දාන එකනේ හදා ගන්න බැරි උනාම,බොහොම පින් අපේ හාමුදුරුවන්ට.(නදී)
මෙතන බොහෝ දෙනා විවිද ආකාරයේ අදහස් දක්වා තිබෙන බවක් දක්නට ලැබෙනවා. නමුත් එක දෙයක් මතක තබා ගත යුතුයි . "නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ " . නිවන් දකින්නට පෙර පින් රැස කල යුතුයි . එම නිසා යමෙක් හොඳක් කරනවා නම් එය හොඳ විදිහට හොඳ ඇසකින් , හොඳ චේතනාවකින් දකින්න පුරුදු වෙනවා නම් ගොඩක් හොඳ බව මගේ අදහසයි . ඉන් ඔබ්බට හිතන්න යාම අවශ්‍ය නැත . ඔබ වහසේට සහ අදහස් දැක්වූ සියලුම දෙන හට තෙරුවන් සරනයි ! (නදී)
හැමෝටම අයිතියක් තියෙනවා තමුන්ගේ අදහස් නිදහසේ පල කරන්න. මේ හාමුදුරුවරු කරන දේ අගයන්න ඕනෑ, අපි හැමෝම. මට පෙනෙන විශේෂ දේ තමයි අපේ මුස්ලිම්/ ක්‍රිස්තියානි සහෝදරයෝ මේ දේවල් අගය කරන එක. ජාතිවාදයක්, ආගම්වාදයක් අපේ රටේ මතුවෙලා තියෙන වෙලාවක මෙහෙම සුබදායී දේ දකින්න ලැබෙන එක සතුටක් (නි)
වීරසිරි, ඔයා හරියටම හරි.(නදී)
මමත් මුස්ලිම්. ඒත් මේ ක්‍රියාව බොහොම ඉහලින් අගය කරනවා. මේ හාමුදුරුවරු අර බීලා කාර් එලවන දේශපාලන මට්ටමේ ජාතිවාදය අවුස්සන අයට වඩා ගොඩක් ඉහළින් ඉන්නවා. (නි)
පල්ලියේ ෆාස්ටර් කෙනෙකුට බාර දුන්නා නම් හරි. (නි)
සුරංග , මේ හාමුදුරු නම කරන පින්වත් මේ කටයුත්තට බාධා නොකර පාඩුවේ ඉන්න. සමහර මිනිස්සු අනිත් අයට පින් වැඩ කරන්න දෙන්නෙත් නැහැ. එයාලා කරන්නෙත් නැහැ. කිසිම ආගමක කියලා නැහැ පුජකවරුන්ට ළමයින් හුරතල් කරන්න එපා කියලා.මෙම හාමුදුරු නමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට බුදුසරනයි! (නි)
මම මුස්ලිම් ජාතිකයෙක්. සත්‍ය වශයෙන්ම මට හරි ආඩම්බරයි මෙම හාමුදුරු නම ගැන. මම කැමතියි මෙම පන්සලට උදව් කරන්න. මෙම හාමුදුරු නමට හා ලමයා වෙනුවෙන් උදව් කරන්න ජාති බේද අවශ්‍ය නොවේ. අපි සියල්ල එකම මනුස්ස ජාතියක්. (නි)
සිත පහන් වෙන දසුනක්. ඔය වගේ අසරණ දරුවන්ව පන්සල් වලට බාරදෙන එක කොච්චර හොදද, අතරමග දාන්නේ නැතිව. හාමුදුරුවනේ, ඔබ කරන්නේ නිවන් දකින වැඩක්. (නි)
මේ දරුවාව අතරමං කරලා යනවිට උදව්වට කවුරුත් නැහැ. පින්වත් හාමුදුරුවරු අවුරුදු දෙකක් ළමයා හැදුවා නම් ඔහුගේ අනාගතයත් උන්වහන්සේලා බලා ගනී. (නි)
ශාන්ට පිස්සුද? ඔලුව හෝද ගන්නවා කොහාට හරි ගිහිල්ලා. අපේ හාමුදුරුවරු කරන්න යන්නේ ලමයව හොද පුරවැසියෙක් කරන්න. ක්‍රිස්තියානි පූජකයන්ට දුන්නා නම් ලමයව ඌරු කොටුවක් බලාගන්න දී වෙන වැඩ වලටත් ගනීවි (නි)
අද මේ පුණ්‍ය ක්‍රියාව අගය කරනවා වගේම ගරු කරනවා. මේ දරුවාගේ මාපියන්ගේ කැමැත්ත ඇතුව මහන කරන්න. අපේ ආගම ගැන ආඩම්බරයක් දැනෙනවා.(නදී)
බොහොම පින් ඔබ වහන්සේලාට. නරකද ලංකාදීප පත්තරෙන් මුලික වෙලා පාටක සමාජයක් හදල මේ වගේ වැඩ වලට උදව් කරන්න හැදුවොත්.ලොකු පිනක් නේද එක? කල්පනා කරලා බලන්න. අපිත් එන්නම්.(නදී)
ගතට , සිතට, නෙතට, සවනට, මහත්ම මහා සැනසිල්ලක් අපේ හාමුදුරුවනේ. අද දකින්නට, අසන්නට ලැබෙන දේවල් ගැන බැලුවම ඔබවහන්සේ ඇතුළු සියලුම සමනේරයින් වහන්සේල්ට මතු බුදුන් දැක නිවන් දකින්ට මේ පින හේතු වේවා!(නදී)
සෙනෙහස වැරදියට තේරුම් නොගන්න. මෙතන වැදගත් වන්නේ පරමාර්ථය සහ චේතනාවයි (නි)
වැඩේ හොඳ බව ඇත්ත, ඒත් ජනකගේ අදහස මමත් අනුමත කරනවා.(නදී)
"ජනක", ඔබේ කියමන හරි. නමුත් හිතට එකග නොවෙන දේවල් කරන්න වෙනවා ජිවිතේ සමහර වෙලාවට. මේ උදාර පිංකම වචනයෙන් අර්ථ දක්වන්න බැහැ. අපේ හාමුදුරුවනේ,ඔබලා ඇති දැඩි කරපු,දෙමවුපියන්ටත් මෙපින් අත් වේවා! (නි)
වචනයේ පරිසමාර්ථ අර්තයෙන්ම මෙන්න බුද්ධ පුතයෝ! (නි)
අර 3වැනි පින්තුරය දකිනකොට මොන තරම් දුකක් ඇති වෙනවද කියලා කාටත් තේරෙයි (නි)
හාමුදුරුවරු මේ වගේ හොඳ දේවල් කරනවා නම් මෙරටට හොඳක් වෙනවා. හාමුදුරුවරු දේශපාලු වැඩයි බිස්නස් වැඩයි කරන්න ගියාම රට විනාසෙට යනවා. (නි)
මෙන්න ඉන්නවා කටපුරා හාමුදුරුවරු කියල කියන්ඩ පුළුවන් පිරිසක්. බෞද්ධ හාමුදුරුවරුන්ගෙ නුගුණ පමණක් දැක අදහස් පලකරන උදවිය මේ වගේ ප්‍රවෘත්තියකට අදහසක් පලනොකරන්නෙ තියෙන කුහක කමට.(නදී)
ඉතාමත් හොඳ වැඩක්. මරා දමන්නේ නැතිව පන්සලට බාරදූන් එකනම් බොහොම පින්. ඔබ වහන්සේලාට බුදුබව අත්වේවා.(නදී)
ජනක, ඔබ හරි වෙන්නත් පුලුවන්. නමුත් මට හිතෙන්නේ චේතනාව සහ අවබෝදය තමයි සසරෙන් එතෙර වෙන්න අවශ්‍ය. එම චේතනාව සහ අවබෝදය බුද්ධ වචනය අනුවනම්, එය අපිට ජිවිතේ යුතුකම් ඉටු කරන්න අවස්ථාවක් දෙනවා. අපි ගොඩ දෙනෙක් කරන්නේ ජීවිතය එපා කරගෙන කලකිරීම කියලා තමයි මට හිතෙන්නේ. නමුත් වියයුත්තේ ජිවිත අවබෝදය ඇතිකරගැනීමයි කිවොත් මම වැරදි නැතුව ඇති.(නදී)
ජනක, සංසාරෙන් එතෙර වෙන එක ටිකක් කල් ගියත් කමක් නැහැ මේවගේ උදාර වැඩක් කරලා.(නදී)
සෙනෙහසක් නැතිතැන කරුණාවක් ඉපදෙන්නේ නැහැ. ඔබවහන්සේලා පතන සංසාර පින් අනු මෝදනාව්ට යහපතක්ම වේවා!(නදී)
ජාතියේ පිනට මේවගේ හාමුදුරුවරු පහල වෙන්නේ මේ වගේ උත්තමයෝ ඉන්නවනම් බුද්ධාගම විනාශ මුඛයට යන්නේ නැහැ.(නදී)
කුඩා ළමයෙක් සිප ගැනීනේ ලැබෙන තෘප්තිය මේ ලෝකේ කිසිම දෙයකින් ලබන්න බැහැ.(නදී)
ඔබ වහන්සේලාට බොහෝම පින්. දැන් ඒ දරුවා කොච්චර ආදරයෙන් හැදෙනවා වැඩෙනවාද? (නදී)
බුදු බව ඇත්ත වෙන්න ඕනේ මේ කරන පින් කමට. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ලොකු ආඩම්බරයක් හාමුදුරුවනේ.(නදී)
බොහොම පින් ඔබ වහන්සේට.(නදී)
මේක ලොකු සත්කාරයක් උනත් මන් එක්තරා අතකින් කැමති නැහැ මේ වැඩේට. හේතුව දාරක ස්නේහය සංසාරෙන් එතෙර වන්නට ඇති එක්තරා බාදාවක් නිසා. හාමුදුරුවන්ගේ හිතේ දාරක ප්‍රේමය ඇති වෙනවා නේද මේ වැඩෙන්. මන් වැරදිනම් නිවැරදි කරන්න.(නදී)
අගය කල යුතු ඉතාමත් හොඳ වැඩක්.(නදී)
බලන කොටත් නෙත් වලට කදුළු එනවා. ඔබ වහන්සේලාට බුදුබව අත්වේවා. මේ කරන පින් දහමට. අපට ජාතියක් අවශ්‍ය නැහැ.(නදී)
ජනක, නිවනින් මෙපිට කළ හැකි ලොකුම පින්කමක් ලෙසයි මට නම් පෙනෙන්නේ. කාන්තාවක් ලෙස අතිශයින්ම අගයමි.(නදී)
අපවත්වී වදාළ රේරුකානේ චන්දවිමල මහ නාහිමි බණපොතක් ලියල තිබුන කොහොමද හාමුදුරුකෙනෙක් සිත මහණ කරගන්නේ කියලා. මම හිතනවා මේ පන්සලේ වැඩ වෙසෙන හාමුදුරුවරු එම බණ පොත කියවන්න ඇති කියා.(නදී)
නිසල්ගේ කීම මමත් අනුමත කරනවා.(නදී)
මෙවැනි සේවාවන් යුතුකම් සියලුම පන්සල්වලින් වෙනවනම් නිර්මල බුදුදහමට වෙනත් ආගමික අයත් හුගක් ගරු කරාවී. මොහමඩ් මුස්ලිම් වුවද ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි. නමුත් මේ වෙනතාක් බුදුදහමේ දේශනා කරපු කිසිමදෙයක් බොරු වෙලා නැහැ.(නදී)
වදන්නට පින් ඇතිමුත් හදන්න පින් නැත.(නදී)
මේක ළමා ආරක්ෂක දෙපර්තූමෙතුවෙන් දැක්කොත් ළමය පරිවාසයට අරගෙන ළමා නිවාසයකට දානවා. එතකොට දැන් මේ ළමයට හාමුදුරුවන්ගෙන් ලැබෙන ආදරය කරුණාව ලැබෙන් නැ.(නදී)
ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේලා වෙත , කුඩා දරුවෙක් අග හිඟ කම් නිසා කාලකන්නි වෙනවට වඩා මේ පන්සලට බාර දීපු එකෙන් ඔය දරුවා ඉදිරි අනාගත කාලයේදී රටට ජාතියට සහ ආගමට වැඩ දායක උසස් පුද්ගලයෙකු වෙනවා සහතිකයි. ඔබ වහන්සේලා කරන්නේ නිවන් දකින්න පුළුවන් පින්කමක්. ජීවිතයකට එලිය දීම විස්තර කරන්න බැහැ. ඇස් දෙක විතරක් නෙවේ ගුණ නුවන සහ බුද්ධිය ලබා දීම කියල නිම කරන්න බැරි අගයක්. එම මව් පියන්ටත් ලොකු පින්කමක්. එයාල ළඟ හිටිය නම් නොවරදවාම සිගමන් ඉල්ලන ළමයෙක් විදියට පාරට බහින්න බොහෝ දුරට ඉඩ තිබුනා. ඔබ වහන්සේලාට බොහොමෝ පින්. සසර දිග හෝ කෙටි වීමට වැඩ මිනිස් ජීවිතයකට එලිය දීම අද කාලයේ වඩා වැදගත් කියලයි මම නම් හිතන්නේ. හැමෝටම තෙරුවන් සරණයි.(නදී)
ජනක කියන දෙයට මම එකගයි . මම නම් එක්තරා අතකින් නොවෙයි තරයේ විරුද්දයි මේ කරන දෙයට. මේ ළමයා වහාම පරිවාස බාරයට පත් කල යුතුමය. දරුවා මෙලෙස සිප ගැනීම වැළද ගැනීම පැවිද්දන්ට නුසුදුසු වගේම සම ලිංගික අතවරයකට ඇත වැනීමක්මය. බොහෝ දෙනෙක් මා සමග ගැටුමට එන බවද මම දනිමි. එහෙත් වහා මේ දරුවා පරිවාස බාරයට ගත යුතුමය. එපමණක් නොව ඉතා කුඩා දරුවන් දෙමවුපිය අනුමැතියෙන් හෝ මහන නොකළ යුතුය.(නදී)
ළමයාගේ දෙමාපියන් කරලා තියෙන්නෙත් හොඳ දෙයක් ළමයාගේ ජීවිතය ගැන හිතලා. ඔබ වහන්සේලාට බොහොම පින්.(නදී)
මන් දන්නා හාමුදුරු නමක් අබාධිත වයසක ජෝඩුවක් පන්සලේ තියාගෙන සිය අතින්ම උපස්ථාන කරනවා. කාගෙන්වත් ආධාර ගන්නෙත් නෑ. උන්වහන්සේගේ නෑයොත් නෙවෙයි. හාමුදුරුවෝ කියන්නේ එක සමාජ යුතුකමක් කියලා.(නදී)
ජනක ඔබ හරි. මේ දේ කරන එක පිනක් උනත්, බැදීම් ඇතිකර ගැනීමෙන් සංසාරේ දික් වෙනවා.(නදී)
බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මෙහෙම කුඩා දරුවෙක් පන්සලට බාර දුන්නා දෙමාපියන් විසින්. භික්ෂුන් ඔහුව භාර අරන් හදා වඩා මහන කළා. බොහොම පින් අපේ හාමුදුරුවන් වහන්ස.(නදී)
බුදුරජාණන් වහන්සේ දේශනා කරා චේතනාව කර්මය කොට වදාරමි. (චේතනවම් බික්කාවේ කම්මන් වදාමි ) එයට හොඳ නිදසුනක්.(නදී)
සම්බුද්ධ සාසනය රැකිය යුතුයි.(නදී)
බොහොම අගෙයි, ඔව් දාරක ප්‍රේමය ඇතිවේ ඒක බාදාවක් තමයි. ඒකට හාමුදුරුවරු මෙය ඉගෙන ගෙන ප්‍රගුණ කල යුතුයි. ස්නේහය, ප්‍රේමය හිතේ ඇති උන බව දැන ගත යුතුයි. ඒ හා සමානව අනෙකුත් ක්ලේශයනුත් සිහියෙන් සිටීම ප්‍රගුණ කල යුතුය.(නදී)
අද කාලයේ අපේ ලංකාවට අවශ්‍ය මේ වගේ හිමිවරු . අපි සැවොම මේ වගේ හිමිවරු බොහෝ අගය කල යුතුයි. නමුත් අද බොහෝ හිමිවරු බුදු දර්ශනය පසෙක තබා කරන්නේ ආගම් බේද, ජාති වාදී අදහස් වපුරන එක. මේ හිමිවරු එයට ආදර්ශයක්. නිවන් සැප ලැබේවා.(නදී)
මේවා දැක්කම අපට මහන වෙන්න හිතෙනවා. අපේ ආගම මහා බොරුවක්.(නදී)
ජනක, දාරක ස්නේහය ඇතිවෙලා සංසාරයෙන් එතෙර වන්නට තව ටිකක් කල් ගියත් මොකද රත්තරන් වටිනා කිරි සප්පයෙකුට ආදරය, කරුණාව, රැකවරණය ලබා දීලා.(නදී)
පින් සිද්ධ වෙන දෙයක් උනත් හාමුදුරුවරු වශයෙන් මීට වඩා කල යුතු දේ තියනවා නේද? (නදී)
අගය කල යුතු ක්‍රියාවක්.(නදී)
ජනක, මේ හාමුදුරුවන් තවම ඉන්නේ පින් රැස් කරන අවධියේ බව අමතක කරන්න එපා.මේක පින් කමක්. (නදී)
බොහොම උතුම් වැඩක්. සියල්ලන්ටම ආදර්ශයක් වේවා.(නදී)