ඉතාලියේ මන්තෝවා නුවර ශ්‍රී ලාංකිකයෙක් ගඟකට වැටී මිය ගිය බව ඉතාලි පොලීසිය කියයි.
ඔහු ගඟට පැන්නේද, එසේ නැත්නම් වෙනත් හේතුවක් නිසා මරණයට පත්වූයේ ද යන්න සොයා බලන බව ඉතාලි පොලීසිය සඳහන් කරයි.
ඔහුගේ හාම්පුතා වන කම්හල් හිමියකු එම ගඟට එම ස්ථානයෙන්ම පැණ මීට පෙර සිය දිවි නසාගෙන ඇත.
අනුරාධපුරයේ සිට ඉතාලියට ගොස් පදිංචි වූ මෙම ශ්‍රී ලාංකිකයා එම හාම්පුතාගේ විශ්වාසවන්තම සේවකයෙන් විය.
පසුගිය මාස කිහිපියේදී මිලානෝ, නාපෝලි, වෙරෝනා හා මන්තෝවා නගරයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් දස දෙනකු පමණ සිය දිවි නසාගෙන ඇතැයි ඉතාලි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරපුරය මිනි පුරයක්ද ලාංකිකයන්ට(නු)
මේක නම් සැක සහිතයි.. මෙයාගෙ හාම්පුතා කළ දේම මෙයත් කළා වෙන්න බැරිද? ගගට පැන දිවි නසා ගත්තා කීවාම ඔක්කොම ඉවරයිද?(නු)
ඔන්න ඔහොමලු උනේ. මොනවා උනත් ඔබලාට නිවන් සුව (දී)
අයියෝ සල්ලි (දී)
සල්ලි වියදම් කරන් මැරෙන්නද රට ගියේ. මෝඩ මිනිස්සු (ස)