IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හම්බන්තොට සේවකයන්ට හෙට දවල් දක්වා කල් දෙයි

වැඩ වර්ජනයේ යෙදී සිටින හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් බ්‍රහස්පතින්දා (15) පස්වරු දෙකට පෙර සේවයට වාර්තා කළ යුතු බවත්, එසේ වාර්තා නොකළොත් එම සේවකයන් සේවය අත හැර ගියා සේ සළකන බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉවත් කරන සේවකයන් වෙනුවට අලුතින් පිරිස් හම්බන්තොට ප්‍රදේශයෙන් බඳවා ගන්නා බව ද ඇමැතිවරයා කියයි.



අදහස් (0)

හම්බන්තොට සේවකයන්ට හෙට දවල් දක්වා කල් දෙයි

කින් බෙනට් Wednesday, 14 December 2016 05:49 PM

ඇයි මේ අය මේ විදියට උද්ඝෝෂණය කරන්නේ? කරන්න තියෙන්නේ රැකියාව හොඳ නැත්නම්, ඉදිරිය පැහැදිලි නැත්නම් අස්වෙලා ගිහින් වෙන හොඳ රැකියාවක් හොයාගන්න එකනේ (නි)

:       0       0

පද්මිණි Wednesday, 14 December 2016 06:08 PM

බය වෙන්න එපා. අර දෙන්නම කිව්වා එයාලගේ ආණ්ඩුව ආවහම 480 ම ස්ථිර කරනවා කියලා. එතෙක් අටසිල් රකිමින් ඉන්නකෝ ඊයේ වගේ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 14 December 2016 07:47 PM

රටක් කරවන්නේ රජයක්ද, නැත්නම් විවිධ ආයතනවල සේවකයන්ද කියා රටට පෙන්වීමට මෙය මහඟු අවස්ථාවක්. එක්කෙනෙක් දෙන්නෙක් රස්සාව නැතිවෙලා ගෙදර එනකොට බිරිඳගෙන් ඉලපත්පාර, නැත්නම් කොහු පාර කනකොට තේරේවි දේශපාලුවෝ ඔවුන් රවට්ටලා තියෙනවා කියා (නි)

:       0       0

බමුණුසේන Thursday, 15 December 2016 12:21 AM

අනුර, අපේ ඔය පරාජිත සිතිවිල්ල සහ අපි සමහර රැකියා පමණක් උසස්කොට සැළකීම අපේ නිවට නියාලුකම පෙන්වීමක්. ඔබ ඔබ ගැන බැලයෙක් කියා සිතුවාට මම මගේ රැකියාව ඉතා උසස්කොට සිතනවා. හීනමානය නැති කරගන්න (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 15 December 2016 12:23 AM

පිටිගල, මෝඩකම තිබුනට එය පෙන්නන්න එපා. (නි)

:       0       0

මුණසිංහ Thursday, 15 December 2016 01:36 AM

ප්‍රශ්න වලට මේ විදියේ උත්තර හොයන්න නම් ආණ්ඩුවක් මොකටද? චීන සමාගමටත් පුළුවන්. අර්ජුන හදන්නේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගස්සලා ආණ්ඩුව තවදුරටත් අමාරුවේ දාන්නද. අගමැතිතුමනි, වැඩ බැරි අය සියල්ලම ඉවත් කරලා දක්ෂ අය දාන්න. (නි)

:       0       0

මුදලිගේ Thursday, 15 December 2016 01:48 AM

කරන්න තිබෙන හොඳම දේ ඒක තමයි (නි)

:       0       0

මුණසිංහ Thursday, 15 December 2016 01:48 AM

යම් රටක නැවක් තවත් රටක මුහුදු සීමාව තුළදී යම් අනතුරකට මුහුණ දුන්නොත් ඒ රටේ නාවික හමුදාපතිවරයා රාජකාරි වශයෙන් පුද්ගලිකව ඊට වගකිව යුතු වෙනවා.ඒ නිසා නාවික හමුදාපතිවරයාගේ මැදිහත්වීම, ඇඳුම සියල්ල නිවැරදියි. එහිදී හමුදාව ආරක්ෂක වළල්ලක් දානවා ඒ තුළට කිසිම සිවිල් කෙනෙකුට ඇතුළුවෙන්න බැහැ. නීතිය එ්කයි. යහපාලන ආණ්ඩුව අවංක නිලධාරීන් මහජන අප්‍රසාදයට ලක්කරවන තැනට වැඩ කටයුතු සිද්ධකරමින් තියෙනවා. වැරැද්ද ඒකයි. (නි)

:       0       0

චාමර Thursday, 15 December 2016 02:14 AM

රටේ යහපතට හැමදේම කරන්න (නි)

:       0       0

අප්පුහාමි Thursday, 15 December 2016 02:25 AM

මෙයාලා වර්ජනය කරන්නේ සාධාරණ හේතු වලට නෙමෙයි. එනිසා මේ විදිය හොඳයි (නි)

:       0       0

පාලිත කේ Thursday, 15 December 2016 02:27 AM

දඬුවම් දීම මෙතනින් හරි පටන්ගෙන ආදර්ශයක් දෙන්න ඕනෑ. නැත්නම් මේක ලොකු වසංගතයක් වෙනවා. රැකියා නැති වුණොත් කාටහරි ගැටළු වෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. හරියට වැඩ කරන්න බැරිනම් වෙන අයට ඒ අවස්ථාව දෙන එක හොඳයි. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 15 December 2016 02:30 AM

කාට කාටත් මේවා පාඩම් (නි)

:       0       0

සමන් Thursday, 15 December 2016 02:31 AM

මේක හොඳ ආදර්ශයක් නොවේ. අද හම්බන්තොටට තියන අත හෙට අනිත් අයට. එ්ක නිසා පරිස්සමින් කඩේ යන්න (නි)

:       0       0

අනුර Thursday, 15 December 2016 02:49 AM

බමුණු, මගේ ප්‍රකාශයේ වක්‍ර අදහසක් ඔයාට සම්පූර්ණයෙන් එකඟයි. මම අදහස් කළේ පාලකයෝ ඇතුළු අවිචාරවත් ප්‍රජාව අනෙක් වෘත්තින් ගැන හිතන හැටි. මගේ ප්‍රකාශය තුළ තියෙන්නෙ හාස්‍ය මුසු අතුල් පහරක්. මමත් ඔයා වගේම සියලු නීත්‍යානුකූල වෘත්තිකයින් වටිනා බව හිතන්නෙක්. (නි)

:       0       0

විකුම් Thursday, 15 December 2016 03:00 AM

අර්ජුන ඔබ හරි. විනය නැති රටේ ඔබ වැනි හොඳ කොන්දක් තියන අය සිටීම රටේ භාග්‍යයක් (නි)

:       0       0

තිවංක Thursday, 15 December 2016 03:06 AM

කරන්න තියන හොඳම වැඩේ තමා මේක (නි)

:       0       0

පාලිත Thursday, 15 December 2016 03:27 AM

කඩේ යන සහ ගිය අය තමා ඔය රට ආපස්සට අදින්නේ. සේවක අයිතීන් සහ අරගල, වර්ජන වලට අයිතිය තියනවා. නමුත් මෙතන යන්නේ වෙන වැඩක්. (නි)

:       0       0

බෙනට් Thursday, 15 December 2016 03:38 AM

විකුම්, කොන්ද තිබුනට වැඩක් නැහැ වැඩ කරන්න මිනිස්සු නැත්නම්. කොන්ද හොඳට තිබෙන්නේ ඕනෑ බඩු කරේ තියාගෙන යන අයගේ. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 15 December 2016 03:44 AM

25,000/- හේ දඩයටත් ඔය වගේ දැඩිව හිටියා නම්, මාරක අනතුරු කොච්චර නම් අඩුකරගන්න තිබුණද..? (නි)

:       0       0

සමින්ද Thursday, 15 December 2016 04:27 AM

මම දන්නවා හම්බන්තොට වාරයේ වැඩ කරන අය හුගදෙනෙක් නිල බලකායේ අය ඒගොල්ලෝ ගොඩාක් අයට නියම සුදුසුකම් නැහැ (බ)

:       0       0

රණසිංහ Thursday, 15 December 2016 04:40 AM

දැන් ඔය වරායෙන් අධික පාඩු ලබනවා කියල නේද කියන්නේ බලනකොට එක බොරුනේ අනික ප්‍රශ්න විසදන්නේ ගහල බැනල බෙල්ල මිරිකලා වගේ දේවල් කරලද (ර)

:       0       0

සිරි Thursday, 15 December 2016 05:39 AM

අන්න හරි අර්ජුන ඇමතිතුමනි. ජේ. ආර්. කළා වගේ කරන්න. (නි)

:       0       0

හිමානි Thursday, 15 December 2016 05:57 AM

නියමයි. ඔන්න ඔහොම තමයි වැඩකරන්න ඕනෑ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 14 December 2016 12:29 PM

හොඳ වැඩේ පරණ වන්දි බට්ටයන්ට. (බ)

:       0       0

බමුණු Wednesday, 14 December 2016 12:41 PM

ඔහොම නීති දොස්තරලටත් දානවද හලෝ දන්නවනේ පරලොව යවල තමයි නවත් වන්නේ කියල (බ)

:       0       0

දසුන් Wednesday, 14 December 2016 12:44 PM

1980 ජුලි මාසය මතක් වුනා. (බ)

:       0       0

ශාන් Thursday, 15 December 2016 07:27 AM

මීට පස්සේ දිගටම වර්ජන කරන හැමෝටම ඕක තමා කරන්න ඕන. නියමයි. (බ)

:       0       0

ජයන්ත Wednesday, 14 December 2016 12:59 PM

දැන් අරගොල්ලන්ගේ කට්ටිය අයින් කරලා, මෙගොල්ලගේ කට්ටිය දාගන්නයි යන්නේ........(බ)

:       0       0

ධම්ම Wednesday, 14 December 2016 01:00 PM

1980 ජුලි වර්ජක අපටත් එවක තිබුණු ආණ්ඩුව කළේ ඔය දේමයි. එයින් ප්‍රශ්න අවුල්වුනා මිස විසඳුනේ නැත. (බ)

:       0       0

සිල්වා බර්ලින් Wednesday, 14 December 2016 01:52 PM

අර මත්තල ඇතුළු වී ගබඩා වල තිබුන වී වලට මොකද වුනේ ? වී අලෙවි මණ්ඩලය සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය වී තොග තිබෙනවා , ඒවා එලියට දමන්නේ පුස්කා දිරා ගියාට පසුව සත්ව අහාර වලට (බ)

:       0       0

අනුර Wednesday, 14 December 2016 02:51 PM

බමුණු, දොස්තරල දෙවිවරු. ඔයත් මමත් ඇතුළු අනික් අය බැලයො. අපිට අයිතිවාසිකම් නෑ. ඒක තේරුම් අරන් හිත හදා ගමු. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 14 December 2016 03:26 PM

වැඩ කරන්න බැරි නම් රැකියා විරහිත තරුණයන්ට මෙම රැකියා ලබා දෙන්න. (බ)

:       0       0

ගෞරියෙල් Wednesday, 14 December 2016 04:31 PM

මේ අය ගෙදර යවන්න. එතකොට අනිත් අයවත් හැදෙයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 396 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 249 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 204 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 658 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 134 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site