IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


හැමෝම තවමත් කතා කරන්නේ සුජාතා කියලා

2016-11-11-ent-76

වර්තමාන කලා ක්‍ෂේත‍්‍රය ආලෝකමත් කරන්නට මෑතකදී බිහිවුනු හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල. ඇය කලා ක්‍ෂේත‍්‍රයට පැමිණ ඉතා කෙටි කලකදීම ක්‍ෂේත‍්‍රයේ වැඩි කතා බහට ලක්වුණු චරිතයක් වුණා.

පේ‍්‍රක්‍ෂකයන් අතර වැඩි කතාබහකට ලක්වුණේ මෑත කාලයේදී සිරස ඔඪ හි විකාශය වූ සුජාතා ටෙලිනාට්‍ය නිසා ඇය මෙම ටෙලිනාට්‍යයේ ‘‘සුජාතා ’’ චරිතය ඉතා හොඳින් රඟපෑ නිසායි ඒ වෙනුවෙන් ඉහළ ප‍්‍රතිචාර ලබාගන්නට හැකිවුණේ.

ඒ පිළිබඳව වැඩි විස්තර කතා කරන්නට මෙවර සිත්ගත් රංගනයෙන් එකතු කරගත්තේ ‘‘ සුජාතා’’ වු ෂෙහානි කහඳවල රංගන ශිල්පිනියයි.

 

ෂෙහානිගේ ජීවිතේ වෙනසක් කරපු ‘‘සුජතා’’ ටෙලිනාටය ගැන කතාකරමුද?

සුජාතා කියන්නෙ මගේ දෙවනි ටෙලිනාට්‍යය. රවීන්ද්‍ර විජේරත්න තමයි අධ්‍යක්‍ෂණය කළේ. සිරස නාලිකාවේ තමයි විකාශය වුණේ. මම දෙරණෙ

 

‘‘ඇසිඞ්’’ කියලා නාට්‍යයක් කළා. ඒ නාට්‍යයෙන් පසුව තමයි මට ‘‘සුජාතා’’ චරිතයට කතා කළේ.

 

‘‘සුජාතා’’ ගැන කතා කළොත්

2016-11-11-ent-77සුජාතා චරිතය තමයි පේ‍්‍රක්ෂකයන් මාව හදුනාගත් තැන. ඔවුන් අතරට මට එන්න ලැබුණේ මෙමඟින් සුජාතා ටෙලිිනාට්‍යයෙන් පසුව මට ක්‍ෂේත‍්‍රයේ වැඩ ගොඩක් ලැබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම අද යම් තැනක ඉන්නවානම් ඉන්නෙ ඒ සුජාතා හරහා ලැබුණු ආදරය සහ ප‍්‍රතිචාර නිසා. ඉතින් මම ‘‘සුජාතා’’ ටෙලිනාට්‍යයෙ චරිතයට ගොඩක් ආදරෙයි.

 

නෙහාරා පීරිස්ගෙන් පසුව නෙ ඔබට මේ චරිතය ලැබෙන්නෙ. ඉතින් වෙනත් කෙනෙක් කරපු චරිතයක් කරන එක ප‍්‍රශ්නයක් වුණේ නැද්ද?

නෑ. කිසි ප‍්‍රශ්නයක් වුණේ නෑ. මම ඒක සතුටින් බාරගත්තා. මොකද මම දන්නවා. මට හැඟුනා මේ තමයි මට එන්න තියෙන තැන කියලා. සහ මේ තමයි මගේ අවස්ථාව කියන දේ. ඉතින් මට ඒ මොහොතෙ කිසිදු බයක් ඇතිවුණේත් නෑ. ඒ චරිතය කරන්න. මොකද ඒ මගෙ ආරම්භය නිසා. වෙනකෙනෙක් කරපු චරිතයක් කරන්න ටිකක් අමාරුයි තමයි. මොකද මෙහිදී නෙහාරා අක්කා මේ චරිතය කළේ එයාගේ ස්ටයිල් එකටනෙ. එතකොට එයා මඟින් නතර කරලා ගිය සුජාතා මට මගේ කරගන්න බෑ. මොකද ඒ චරිතය එයාගෙ කරගෙන තිබුණු නිසා. එතකොට පේ‍්‍රක්‍ෂකයෝ සුජාතාව බලාපොරොත්තු වෙන්නෙ නෙහාරාගෙන්. ඉතින් මට පුළුවන් විදියට මම ඒ චරිතය කරගෙන ගියා. නෙහාරා අක්කව හොඳින් අධ්‍යනය කළා. එයා ඒ චරිතෙ කොහොමද කරලා තියෙන්නෙ කියලා.

 

නෙහාරා පීරිස්ගෙන් පසුව ඒ චරිතයට ෂෙහානිවම තෝරා ගැනීම පිළිබඳව මොකද හිතෙන්නෙ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මාව ඒ සඳහා තෝරාගැනීම අහම්බයක් වුණත් ඒ කොහොමත් මට එන්න තිබුණු එකක් කියලා හිතෙනවා. මොකද ඒ චරිතෙ නෙහාරා අක්කට පසුව එයාගෙ විදියට සුදුසු වෙන කෙනෙක් නෑ. එයාගෙ පාට. කොණ්ඩෙ උස හැමදේම ගැලපෙන කෙනා තමයි මම. ඒ නිසා මට හිතෙනවා. ඒ චරිතය මට ලැබෙන්නම තිබුණු චරිතයක් කියලා.

 

සුජාතා චරිතය ඔයාට දැනුණෙ කොහොමද?

සුජාතා කියන්නෙ හොඳට ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෛද්‍ය ශිෂ්‍යාවක්. ඒ වගේම ඇයට පවුලෙ ප‍්‍රශ්න බොහොමයකටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් ඒ ප‍්‍රශ්න විසදගෙන පොඩි ආරවුල් මධ්‍යයේ යන චරිතයක් විටෙක අභිරහස් ලෙස ගලා ගෙන යනවා. ඇත්තටම ඒ චරිතය හරි ප‍්‍රාසාංගිකයි කියලා හිතුණා. මොකද මට ඒ චරිතයෙ කරන්න දේවල් ගොඩක් තිබුණා. බයික් පදින්න, පීනන්න, ඒ වගේ දේවලූත් ඉතින් මම මේ කතාවෙන් මගේ ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සහ අත්වින්දා ඒ ගැන හරි සතුටුයි.

 

ඒ සඳහා දායකවුණු අනිත් රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහය කොහොමද?

හොඳ සහයක් ලැබුණා. මේ නාට්‍යය කණ්ඩායමේ හැම දෙනාගෙන්ම. මම මේ ක්‍ෂේත‍්‍රයට අලූත් මගේ දෙවනි නාට්‍යය තමයි සුජාතා.ඉතින් මම රංගනය කියන දේ ගොඩක් දැනගෙන හිටියෙ නෑ. දෙබස් ටිකක් කියන්න විතරයි පුළුවන්කම තිබුණේ ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ මේ නාට්‍යයෙ අධ්‍යක්‍ෂවරයා රන්ජන් ප‍්‍රසන්න ඇතුළු මගේ මවට රඟපෑ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය. ඒ වගේම මගේ සහය නළුවන් වන මාධව විජේසිංහ, කසුන් යසස් ඇතුළු ඒ හැම දෙනාගෙන්ම ඉතා ඉහළ සහයෝගයක් ලැබුණා. ඉතින් ඒ කණ්ඩායමේ හැම දෙනාගෙන්ම ලැබුණ සහය මත තමයි මේ චරිතය සාර්ථක කර ගන්න හැකිවුණේ.

 

සැබෑ ජීවිතයේ ෂෙහානිව සහ කතාවෙ සුජාතාව සංසන්දනය කළොත්?

ඒ චරිත දෙක වෙනස්. මම වෛද්‍ය ශිෂ්‍යාවක් නෙමෙයි. ඒ දේවල් නැති වුණත් දඟලලා. දුවලා, පැනලා ඉන්න කෙනෙක් තමයි මම ඉතින් මගේ ජීවිතේ සමහර දේවල් ඒ චරිතෙ තියෙනවා.

 

මේ කතාවේදී ෂෙහානිට ආදර ජවනිකාවලට මුහුණ දෙන්න වුණානෙ. ඒ දේවල් කරන්න අපහසු වුණේ නැද්ද? නැත්නම් මීට පෙර අද්දැකීම් තිබුණද?

අයියෝ....... ඒවා කරන්න අද්දැකීම් ඕනෙ නෑනෙ. මට කරන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම සුජාතාද? ඒක රඟපෑමක් විතරනෙ. ඒ නිසා අපහසුවක් නෑ. රංගන ශිල්පිනියක් වුණාම ඒ හැමදේමට මුහුණ දෙන්න වෙනවනෙ.

 

සුජාතාට ලැබුණු පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර කොහොමද?

අම්මෝ ඉතාමත් ඉහළයි. ආදරණීය පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර නම්. මගේ ඇත්ත නම ඒ කියන්නේ ෂෙහානි කහඳවල කියන කෙනාව කව්රුත් දන්නේ නෑ. හැමෝම තවමත් කතා කරන්නේ සුජාතා කියලා. ඉතින් ඒ ආදරේ හැමදාටම ඒ විදියටම තියෙනවා.

 

මේ චරිතයට සහ ඔබට පේ‍්‍රක්ෂකයො මේ තරම් ආදරය කරයි කියලා හිතුවද?

එහෙම හිතුණෙ නම් නෑ. ඇත්තටම මගේ ඔළුවට මුළින්ම ආවෙ කොහොමද මේ චරිතය කරන්නේ කියන දේ විතරයි. ඉතින් මේ ලැබුණු ප‍්‍රතිචාර මගෙ ඉදිරි ගමනට ලොකු ශක්තියක් කියලා හිතෙනවා.

 

මේ චරිතය සහ ටෙලි නාට්‍යය නිසා ජීවිතයට ලැබුණු වටිනාකම් ගැන කිව්වොත්?

මම කළින් ටෙලි නාට්‍ය කරලා තිබුණෙ නෑ. ක්ෂේත‍්‍රයට ගොඩක් අලූත්. මෙමගින් තමයි මාව හැමෝම දැන ගත්තේ. අපි තැනකට ගිහින් හැසිරෙන්නෙ කොහොමද? කණ්ඩායමක් එක්ක වැඩ කරන විදිය.

ඒ හැමදේම ඉගෙන ගත්තා. රංගන ක්ෂේත‍්‍රයේ තියෙන නීති රීති සියල්ලක්ම ඉගෙන ගත්තෙ ”සුජාතා” හරහා තමයි. මගෙ ජීවිතේට වටිනා දේවල් ගොඩක් එකතු කර ගන්න හැකි වුණා. මම අදටත් දුක් වෙනවා ඒ නාට්‍යය අවසන් වීම ගැන. ඇත්තටම සුජාතා කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය.

 

ධනු විජේරත්න

 

2016-11-11-ent-78



අදහස් (0)

හැමෝම තවමත් කතා කරන්නේ සුජාතා කියලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 31 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2295 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1830 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 636 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site