‘අගත අනාගත චෞරයන්ට එරෙහිව යළි නැගිටිමු’ තේමාව පදනම් කරගනිමින් ‘යුක්තිය ජනරාශි සංවිධානය’ ඇරඹුම හා ඒ පිළිබඳ දැනුවත් කිරිමේ පළමු පාගමන නෙළුම් පොකුණ රඟහල ඉදිරියේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා අද (18) ගමන් කළේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, පාඨලී චම්පික ඇමැතිවරු, කලාකරුවෝ , විද්වත්හු ද ඊට එක් වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කියන්න මෙයාලට තියෙන සුදුසුකම මොකක්ද? (නි)
ඔර්ජිනල්ම කට්ටිය තමයි මේ උඩම පින්තූරේ ඉන්නේ. අනේ මරු මරු. (නි)
ඇත්තටම මට හරිම ආසයි මේ වගේ කියන කතා අහන්න. එ්ත් ඒ කතාකරන ශෛලිය සහ විලාසය, ආවේගශීලී බව, එකිනෙකාට කරුණු කියාගන්න හැටි ඇහුවම මට කිසිම ප්‍රියක් දැනෙන්නේ නැහැ. අපේ රටේ සිටිය බුද්ධිමත් මිනිසුන් සියල්ලම මරලා මැරිලා සහ රට හැර දමා ගියා (නි)
සෙනෙවි, නියම උදාහරණයක්නේ. (නි)
අනිත් හොරු අල්ලනකොට ඒවා නවත්තලා බැඳුම්කර හොරා අල්ලන්න කියනවා. අපි කියන්නේ මේ දෙවර්ගයේම හොරු අල්ලන්න. ප්‍රසිද්ධ කරන්න. දඩුවම් දෙන්න. (නි)
මේ ලොකුම හොරුනේ එකතුවෙලා තියෙන්නේ. මේ අයට යනඑන මං නැතුව ඉන්නේ. (නි)
මේක නම් මාර ඩ්‍රාමා එකක්. හොරුම කියනවා හොරා එපා එපාමයි කියලා. කාට කියන්නද? (නි)
දැන් හොඳට බයවෙලා. ඔහොම යමු. බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. හොරු කව්ද කියලා රට දන්නවා දැන් (නි)
මේ රටට අවශ්‍ය නායකයන් කණ්ඩායම. සුභ ගමන්. (නි)
ආ ඔය ඉස්සරහින්ම එන්නේ හොඳ කට්ටිය (නි)
බැඳුම්කර හොරු අල්ලනු! (නි)
මේකේ කයිවාරු ගහන ගොඩක් අයට වැඩිය පොඩියට හරි ඔහොම දෙයක් කරන එක අගය කරනවා. හොරුන්ට එරෙහිව නැගිටිමු කියලනේ කියන්නේ, මොකක්ද එ්කේ තියෙන වැරැද්ද? (නි)
මේක හොරුන් හොරුන්ට විරුද්ධවීමක්. හාමුදුරුවෝ ඔය උස්සගෙන යන්නේ බුදුන් දෙසු ධර්මයද? දානය වැළඳුවා නම් උස්සාගෙන යායුත්තේ ධර්මය මිසක් දේශපාලන බැනර් නොවේ (නි)
අපි ඔබ සමඟයි, අපි ඔබ සමඟයි, අපි ඔබ සමඟයි... අපි මුට්ටිය අරන් ඔබ පසුපසම එනවාමයි (නි)
දැන් මෙයාලට සෙනඟත් නැහැ. එල්ලෙන්න වැලුත් නැහැ (නි)
නන්ද ගල්ගමුව, ඔබේ අදහසට ස්තුතියි. හොරකම හොඳ දෙයක් නොවේ. එහෙත් කාටවත් කළනොහැකි වූ දෙය කර, රටට යමක් කර කොමිස් ගැසූ සිංහල හොරුන්, කිසිවක් නොකර වැල්පොළී වනසේ මහා පරිමාණයෙන් හොරකම් කරන විදේශීය හොරුන් සහ ඔවුන් රකින අයට වඩා හොඳයි. (නි)
වීදුරු ගෙදර සිට ගල් ගැසීම තමයි කරලා තියෙන්නේ. (නි)
බැඳුම්කර හොරුන්ගෙන් පටන්ගමු. (නි)
ආයෙත් හොරු එපා කිය කියා සද්ද කරන වෙලේ හොරුන්ට ආපසු නොඑන්නට කට්ටිය වැඩකළාම ඉවරයි. (නි)
ෂා! කට්ටිය දැක්කහම බඩ පිරෙනවා (නි)
නියම සෙට් එකක්නේ එකතුවෙලා තියෙන්නේ චෞරයන්ට එරෙහිව නැගිටින්න? කටින්ද මන්දා මේවා කියන්නේ. (නි)
බැඳුම්කර හොරා මුලින්ම අල්ලලා දඬුවම් කර ඉතිරි හොරුන්වත් ඇතුළට යවමු. (නි)
ඔතන බැඳුම්කර හොරු එහෙම නැද්ද? (නි)
මොන වගේ මිනිස්සුද දන්නේ නැහැ මෙතැන අදහස් දාන්නේ? මිනිස්සු එකතුවෙලා බලපෑම් කරන්නම ඕනෑ තමයි වැඩක් කරගන්න. කිසිම රටක දෙයක් නිකන් දිනාගැනීමක් නැහැ (නි)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලකයෝ යනු අපට නම් හොරුන්මය (නි)
ඔක්කොම හොරු..... (නි)
මොවුන් නම් හරිම සුද්දවන්තයෝනේ. විලිලැජ්ජා නැතුව සුදු ඇඳගෙන ඉන්න හැටි දැක්කම, අපිට එක එක විදිහට හිතෙනවා නේද? (නි)
මහත්තයෝ, ලොකු හොරු අල්ලලා පොඩි හොරු අල්ලමු (නි)
මේ ළඟදි ලක්ෂ 50 විතර බෙන්ස් කාර් එකක් ජනතාවගේ මුදලින් අරන් එහෙම කළ එක හරි කියපු අයත් මෙතන ඉන්නවා නේද? එතකොට තමා යටතේ තිබෙන අධිකාරියක සභාපතිකමට තමාගේ අයියව පත්කරලා එ්ක හරි කියපු උත්තමයත් ඉන්නවා නේද. එතකොට අර කාවද හප්පලා මම කළේ නැහැ කියපු එක්කෙනත් ඉන්නවා. අනික එක්කෙනා ගැන ලිස්ට් එකක් තියෙනවා. ඒවා හොයන්න එෆ්සීඅයිඩී එකෙන් එන්න කිව්වම කට්ටි පැන පැන ඉන්නවා. ලෙනින් මොරායස් මහත්තයා හිටියා නම් චිත්‍රපටියක් හදන්න තිබුණා "හතර දෙනාම චෞරයෝ" කියලා (නි)
සූ ගාලා සෙනග නේ (බ)
අයෙත් මිනිස්සු රවට්ටන්න සෙට් වෙලා ඉන්නේ ගෝලයෝ ටික දැක්කම හිනත් යනවා . (හේ)
කවුද දෙයියනේ දැන් ඔය හොරු කියන්නේ? පරණ ආණ්ඩුවේ අයද? නැත්නම් අලුත් ආණ්ඩුවේ අයද? (නි)
භාණ්ඩාගාර හොරා අල්ලලා ඉන්න මුලින්ම (නි)
මේ නීතිය ගාවාගෙන කරන හොරකම රජයට පෙනෙන්නෙ නැහැ නේද? (නි)
අපි ඔබ සමඟයි (නි)
ඇයි මේ අය බයවෙලා? (නි)
එදා සිට පාලිමේන්තු නියෝජනයෙන් සිදූවූ වැදගත් වෙනසක් හෝ යහපතක් ජනතාවට ලැබුනේ නැත. හැමදාමත් කෙරුනේ කොමිස් ගැහිල්ලයි. එය නොකරපු ඇමතියෙක් නැත. රටට දැනෙන මොකුත්ම නොකරන ඔබලාට වඩා නිදහස ලබාදුන් හොර රජතුමා අපිට වටින්නේය. ඔබ මොන සංදර්ශන දැම්මත් ජනතා සිතින් ‘හොර රජු‘ මැකීමට නොහැක (නි)
කට්ටියට රටේ වෙන වැඩ නැද්ද කරන්න. නිකන් සල්ලියි කාලයයි කන වැඩ කර කර ඉන්නවා. රටට වැඩක් කරන්න ඔය විදියට එකතුවුණා නම් මොකද. හොඳටම බය වෙලා වගේ පේන්නෙ. ඕවම කර කර ඉන්න මේ අවුරුදු දෙකත්. මිනිස්සු හොඳට සළකයි. (නි)
නියම කට්ටියක්නේ එකතුවෙලා ඉන්නේ? (නි)
බැඳුම්කර හොරා අපිටත් එපා! හොරුන්ගෙත් හොරු (නි)
එතකොට අර කිසිම දෙයක් නොකර මහා පරිමාණයෙන් මහබැංකු මගඩියට අසු වූ කෙනා සහ එයාව රකින එක්කෙනා ගැන මේගොල්ලෝ කියන්නේ මොකක්ද? (නි)
මොකක්ද මේ සංවිධානය? අපි හොරු ප්‍රතික්ෂේප කළේ ජනවාරි 8. (නි)
හොරු එපා කියලා සේරම හොරු අයින් කළොත් කීදෙනෙක් විතර ඉතුරුවේවිද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. (නි)
හොරු හොරාකති. හොරුන්ගෙත් හොරු අනිත් හොරුන්ට එරෙහිව කෑගසති. (නි)
අනේ අපොයි සූ ගාලා පනහක් විතර ඉන්නවා හොරා එපා කියන්න. පැහැදිලියි නේද දැන් කව්ද හොරු කියලා. ඔය ඉන්න කට්ටිය හොරුන්ටම එකතුවෙලා වගේ (නි)
අා! මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ...... (නි)
පික්පොකට් කාරයනුත් පොකට් එකක් ගහලා "ඔන්න හොරෙක් ඔන්න හොරෙක් අල්ලපියව් කියමින් දුවනවා" අපි ඕනෑතරම් දැකලා තියෙනවා (නි)
ටීෂර්ට් තොප්පි දීලත් හොයාගෙන තියෙන්නේ 100 කටත් අඩු ගානක්. (නි)
දැක්මක් නැති අයට දැක්මක් නැති තේමාවක් (නි)
මේ පා ගමන බැඳුම්කර හොරාව රකින්නද නැත්තම් එළවන්නද කියන එකයි අපි හොයන්න ඕනෑ. (නි)
ඔය ගමන යන අය අතරත් හොරු ඉන්නවා. හොරා යැයි නොකියා කියන හොරා නැත්නම් ඔය ගමනට යන වැඩි දෙනෙක් මෙලහකට වැලිගම්පිටියේ (නි)
ගල් අඟුරු හොරු, පෝර්ට්සිටි හොරු, සතොස හොරු, සෙන්ට්‍රල් බංකු හොරු, බෙහෙත් හොරු, ඉඩම් හොරු, විල්පත්තු හොරු, වී හොරු, පොල් හොරු සේරම ඉන්නේ කොහේද? (නි)
බැඳුම්කර හොරුද? වරාය හොරුද? නැව් හොරුද? (නි)
සොලමන්, කුමාර, ඔයගොල්ලන්ගේ කටේ මසුරන් දාන්න ඕනෑ. මීටවැඩිය මට ලියන්න දෙයක් නැහැ. (නි)
එපා කියන්න කලින් හොරා අඳුනගෙන හිටියා නම් නේද හොඳ? (නි)
ඒ පාර හොරුම පාගමන් යනවා. හොරු එපා කියමින් පාගමන් යන්නේ තමුන්ටම එරෙහිවද? ලෝකය හිනස්සන වැඩ. (නි)
මාර සෙනඟක්නේ ඉන්නේ... (නි)
සෙනෙවිගේ කතාව හරියටම හරි (නි)
අනේ අනිච්චං කිවුවලු
හොරු එහේද මෙහේද අපිට ප්‍රශ්නයක් නැහැ. මහජන මුදල් කොල්ලකන කොයි හොරාත් අපිට එපා (නි)
ලොකුම හොරු තමයි දැන් ඉන්නේ ඇමති මණ්ඩලයේ වැඩිපුර ඉන්නේ (නි)