උප්පැන්න, මරණ සහ විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන හොරට සකසන පොතුහැර පදිංචි හැට දෙහැවිරිදි පුද්ගලයකු කුරුණෑගල ඔරලෝසු කණුව හංදියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
සැකකරු ළග තිබී රජයේ විවිධ තනතුරු දරන නිලධාරීන්ගේ රබර් මුද්‍රා කිහිපයක්ද, සකස් කරන ලද හොර සහතික කිහිපයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල පැත්තත් එක විදියකට දියුණු වේගන එනවා.. නැතුව බැහැනේ ආශ්චර්යමත් ලංකාවෙ ගොඩ නගනකොට..!(නු)
ඇවිදින කච්චේරියක් වගේ (ස)
රජයේ කාර්යාලයකින් ඉක්මනින් වැඩක් කරගන්න අමාරු උනත් මෙයාගෙන් වැඩේ ඉක්මනින් කරගන්න පුළුවන් ඇති.(නදී)
ජනතා පහසුවට විමධ්‍යගත කරපු එකද්ද ? (ස)
අයියෝ ජංගම සේවාවකින් මිනිසුන්ට කොච්චර පහසුවක්ද? ඔවැනි තැනක් තියෙනකොට..!(නු)
අපේ රටේ වැඩි හරිය ඉන්නේ හොරු තමයි. .පේන්නේ නැද්ද වෙන රටවල්වලටත් ගිහින් කරන වැඩ (ස)
හොර වැඩ අහුවුන නිසා රෙජිස්ටාර් අමාරැවේ, එයා එයාගේ මරණ සහතිකයම හදා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ.(නදී)
මෙම හොර කච්චේරි ක්‍රමය අද ඊයෙ සිට සිදුවන්නක් නොවේ.යුද්දෙ කාලේ රටින් පනින්න වෑඩිදෙනකුට මෙයාලා සේවය සෑපයුවා.ඉතාලි හොර විසා හදන්න,හොර පාස්පෝට් හදන්න මෙයාලගෙන් තමා උප්පෑන්න ගන්නේ.පාස් පෝට් කන්තෝරුවෙත් මෙයාලගේ තෑරව්කරුවෝ ඉන්නවා.මේවගේ කෙනෙක් ඈල්ලුවොත් අතරින්න එපා. පෑය 48 ක් නෙමෙ ඊටවඩා තබාගෙන හරි පුලුවන් තරම් ප්‍රස්න කරලා කරුනු සොයාගන්න.මේක ජාලයක් මේ අයගේ දුරකතන සිම් කීපයක් තිබෙනවා.රට රට වල තෑරව් කරුවන්ගේ පවා.රහස් පොලීසියේ මහත්වරුන්ට මෙයාව බාරයි.(නදී)
මනුස්සයකුට සහතියක් ගන්න ආණ්ඩුවෙන් අවුරුදු ගනන් කාලය ගන්නවා.. විකල්පයක් ලෙස මිනිසුන් මේ වගේ අයගෙන් එකදවසකින් කරගන්නවා.. මේවා නැතිකරන්න නම් ආණ්ඩුවෙ කාර්යාල කාර්යක්ෂම කරන්න ඕන..!(නු)
ඩයස් මහතා වෙත; ඔබතුමා ඔය කියන දේවල් රහස් පොලීසිය අද වෙන්නැති දැනගන්න ඇත්තේ.. රටට යමක් කරන්න බලන්න... (ස)
මහජනයා කෙරෙහි අනුකම්පාවෙන් වෙන්න ඇති. දැන් හැම සේවාවක්ම ගනන් ගිහින්නේ (ස)
පොඩි යෝජනාවක්! හොදයි නේද ලංකාවේ තියෙන සියළුම හොර කචිචේරි නීති ගත කළොත්.(නදී)
මෙයාව අත්අඩංගුවට ගන්න එපා. කන්තෝරුවකින් මාසයකින් කරගන්න බැරි වැඩේ මෙයා දවසින් කරලා දෙනවා. උසස් තනතුරක් දීලාා කාර්යාලයක් දාලා දෙන්නයි තිබුනේ.(නදී)
රාජ්‍ය තාන්ත්‍රය බොහෝදුරට දැන් දූෂිතයි. ඔවුන්ගෙන් සිරගෙවල් පිරී ඉතිරෙනවා. (නි)
ඔය වගේ වැරදි කරන අයට දෙන දඬුවම් ප්‍රමාණවත් නැති නිසයි දිගින් දිගටම කිසිම බයක් සැකක් නැතිව හැම පළාතකින්ම මේවගේ දේවල් අහන්න වෙන්නේ.මේ වගේ වැරදි වැඩ කරන අයට දැඩි දඬුවම් දෙනවනම් වල්කවා ගැනීම අපහසු වෙන්නේ නැහැ. කොහෙද ඉතින් අපේ රටේ නීතියත් එක එක්කෙනාට එක එක විදියටනේ ක්‍රියාත්මක වෙන්නේ.ඒ නිසා වැරදි වැඩ කරන්න මිනිස්සු බය නැතිවෙලා තියෙනවා.අනේ මන්ද කවද මේවා නැතිවේද? (නදී)
මම කෙනෙක්ගෙ උප්පැන්නයක් හදන්න අවුරුදු ගානක් දුක් විදිනවා. නීතියට හදන්න හදන නිසා. හැමදාම ගියාම මොකක් හරි කියල ආපහු එවනවා. අසරණ කෙනෙක්ට මේ රජයෙන් උප්පැන්නයක් හදන්නවත් උදව්වක් කරන්නැහැ. මේව කියන්න කෙනෙකුත් නැහැ. හොරු අල්ලන්න කලින් රාජ්‍ය සේවය හරියට හදන්න. මිනිස්සුන්ව අමාරුවෙ දාන රාජ්‍ය සේවයක් නෙවෙයි, මිනිස්සුන්ට සේවය කරන රාජ්‍ය සේවයක් හදපල්ලා. ලංකාව ගැන ලැජ්ජයි. උප්පැන්නයක් හදන්න අවුරුදු 2කට වඩා යනවා.(නදී)