IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය ක.ක.ස රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සදහා යැයි පවසමින් අල්ලස් වශයෙන් රුපයිල් 20,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකවරියක සහ තරැව්කරුවන් තිදෙනකු ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයක තල්දියවල, අතුරුගිරිය පදිංචි ගම්ලත් රත්නායකගේ සචිනි සිතාරා ජයසිංහ, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයක කිතුල්පිටිය, බණ්ඩාරගම පදිංචි අලුත්ගෙදර ජයලත් පාලිත ගුණසිංහ, ලොතරැයි අලෙවිකරුවකු වන හෙට්ටිපොළ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රාමනායක සහ දුරකතන සිම්කාඩ්පත් අලෙවිකරුවකු වන මීගමුව පාර කදාන පදිංචි කසුන් කලිදු චන්ද්‍රසේන යන අයවලුන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මලලසේකර මාවත, කොළඹ 07 ලිපිනැති කරුණානායක මුදියන්සේලාගේ නුවන් ජානක සෙනෙවිරත්න යන අය විසිනි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබිය



අදහස් (11)

හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය ක.ක.ස රිමාන්ඩ්

Muthu Thursday, 16 February 2023 07:31 PM

හදන්න ඕන වලිගෙ ඉඳන් නෙවෙයි. ඔලුවේ ඉඳන්. මේවා ඉතා පහත් වැඩ... තමන් අල්ලස් දීම ප්‍රතික්ෂේප කරලා අනික් මිනිස්සු වගේ හිටියා නම් ඉවරයි... අර මිනිස්සුන්ගේ මුළු ජීවිතේම ඉවරයි. රටේ වංචා අල්ලස් කොමිස්වල ඔලුව තියෙන්නේ දේශපාලුවන් හා උසස් නිලධාරීන්. හාල්මැස්සන් මරලා කිසිම කෙනෙකුට වැඩක් නෑ. මෝඩ ආතල්...

:       17       11

විපරමා Thursday, 16 February 2023 08:04 PM

මහ අය කෝටි ගණන් පගාව ගන්න කොට අනික් අය කියලා නිකම් ඉඳීවිද? තෝරු, මෝරු කොහෝමටත් බේරෙනවා. හාල්මැස්සන්, කූනිස්සන් තමයි අහුවෙන්නේ?

:       1       3

පිටිගල මිලානෝ Thursday, 16 February 2023 08:06 PM

අල්ලස් දුන්නු කෙනාගේ කනෙන් අල්ලලා ඇතුලට දාලා අනිත් ඔක්කෝම නිදහස් කරන්න. අල්ලස් දුන්නු එකා කිසිම වගකීමක් නැතුව රුපියල් විසිදාහකට ජීවිත ගණනාවක් සහ පවුල් ගණනාවක් අනාථ කළා. මේක ජඩ සෙල්ලමක් කියලා තේරුණොත් හොඳයි…!

:       3       5

chandima Thursday, 16 February 2023 08:07 PM

රට ගොඩගන්නවා කියලා ඇවිත් බකන් නිලාගෙන ඉන්න අය අත්අඩංගුවට ගන්නේ නැතිද?

:       2       2

karolis Thursday, 16 February 2023 08:10 PM

ලංකා සමාජය කඩා වැටුණේ දේශපාලනය නිසාද නැත්තන් සමාජය නිසා දේශපාලනය කඩා වැටුණේද?

:       0       20

සිතුම්Thursday, 16 February 2023 08:33 PM

සමාජයේ මිනිසුන් නිසා දේශපාලනේද කුරවල් වුණා. දැන් මිනිසුන් දේශපාලන මුවහමට තඩි බානවා.

:       0       5

PereraThursday, 16 February 2023 11:33 PM

නුසුදුසු පුද්ගලයන් බලයට පත්කළ නිසා...

:       0       1

de silva Friday, 17 February 2023 03:38 AM

අගමන විගමන දෙපදෙමෙන්තුවට අවශ්ය සියලුම ගොඩනගිලි , පරිගනක අතුලු උපකරන තිබෙනව , අවශ්ය පමනට වඩිය සේක පිරිස් සිටිනව , අවශ්ය ලිපි ලෙකන , මුද්‍රරන ගෙනවගන්න ඩොලර් , විස අයඩුම් කරන විදේශිකයන් හරහා ලැබෙනව , පස්පොර්ට් නිකුත් කිරිමට මිස ගනනක් ගතවෙන බොරු පොලිම මෙ නිලදාරින් විසින් පගාව ගැනිම සදහා නිර්මානය කරන ලද්දක් , කරුනාකර ජනපති , අගමති අතුලු බලදාරින්ගෙ අවදනය යොමු කර මෙ ප්‍රශ්නය විසදන්න .

:       0       2

Sanjana lakshan Friday, 17 February 2023 08:19 AM

අල්ලස් ගත්බවට පැමිණිල්ල ඉදිරිපත් කෙරූ පුද්ගලයා එම අල්ලස් මුදල දී ඔහුගේ කාර්යය ඉටු වූ පසු එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්නම් ඔහුත් අල්ලස් දී කාර්ය ඉටු කරගැනීම වරදක් නොවේද? අල්ලස් දීම හා අල්ලස් ගැනීම යන ක්‍රියාවන් දෙකම වරදක් නොවේද? දන්න කෙනෙක් සිටියි නම් මෙයට පිළිතුරක් ලබා දෙන්න...

:       2       3

රොෂාන් විජේසිංහ Friday, 17 February 2023 11:21 AM

අල්ලස් ගැනීම වගේම අල්ලස් දීමත් ලොකු වැරැද්දක්. මෙයා පිරිසිදු කෙනෙක් නම් අල්ලස් දීලා වැඩේ කරගන්න කලින් පැමිණිලි කරන්න ඕනෑ. ඕකට කියන්නේ අමනකම කියලා...

:       0       1

රොෂාන් විජේසිංහ Friday, 17 February 2023 11:16 AM

අංක වලින් ලියන්න බැරි ගණනින් හොරා කාපු, කොමිස් ගහපු ප්‍රභූ යැයි කියන හොර, තක්කඩි අල්ලන්න කොන්ද පණ නැති වුණාට දුප්පත්කමට ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න එකාව අල්ලන්න හොඳට කොන්ද කෙලින් වෙනවා. මෙහෙමත් නිලධාරීන්. කන බත් කටක් ගානේ සාප වෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2030 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1428 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 108 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3040 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 768 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1523 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 309 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 600 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1738 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site