කොළඹ කොටුව දුම්රිය පොළේ දී කතකගේ රන් මාලයක් හා පෙන්ඩනයක් කඩාගත් තරුණයකු මාලය ගිල දැමූ බවත් මාලය බඩේ ඇති බවත් එක්ස්රේ පරීක්ෂණයේ දී සොයාගත් බවත් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට වාර්තා කෙළේය. දුම්රිය සේවකයන් විසින් අල්ලා ගැනුණු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කැර විරේකයක් මගින් රන් භාණ්ඩ සොයා ගන්නැයි නියම කළ මහේස්ත්‍රාත් ඔහු ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කෙළේය. ඔහු මෙවැනි සිද්ධි 25කට පමණ හවුල් යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි
කොහොමත් මේ මාලේ ආයි කරට දා ගන්න නම් බැරිවෙයි
ඒ මාලේ කොහොමත් ගිනිවතුරෙ දාලා තමයි ගන්න වෙන්නේ. ඒකේ තියෙන විශ බීජ වලට වෙන ලෙඩ හැදෙන්න පුලුවන්.
ගොඩක් වෙලාවට බස්වල කෝච්චිවල රත්තරන් බඩු කඩන හොරු කරන්නේ ඔය ගිලින වැඩේ තමයි.මොකද එතකොට කැඩුවද නැද්ද කියලා හොයා ගන්නා අමාරුයි කියලා හොරු හිතනවා.මොකද අල්ලගෙන පරීක්ෂා කළාම හොර බඩු ලඟ නැත්නම් මම කැඩුවේ නෑ කියලා බේරෙන්න පුළුවන් කියලයි ඒ අය මෙහෙම කරන්නේ..එත් මෙයාලට උසාවියෙන් විරේකයක් කරන්න ඉස්සර පොලීසියෙන් හොඳට විරේකයක් හම්බ වෙන්න ඇති.
හෙට උදේ වැසිකිළි යන්න කලින් ගන්න වෙයි නේද?
ටෙලිවිෂන් එහෙමත් එළියට ඒවිද දන්නේ නැහැ.
විරේකෙට බඩගියොත් හොදයි. බඩවැල් ටිකත් ඇදගෙන එළියට නෑවිල්ලා.
අපිට දැන් හොරුන්ගෙන් කරදරයක් නෑ. අපේ රන් ආභරණ සියල්ල බැංකුවේ තිබ්බා.
දවස් දෙකක් බඩේ තිබ්බා..හෙට විරේකෙ උනාම එළියේ....
මෑන් මිට කලින් ගිය වැසිකිළියත් පරීක්ෂා කරන්න කියලා පොලිසියට කියන්න ඕනි. තව නඩු බඩු ඇති
රෑට නිදා ගන්න කොට මාල මුදු ටික ගිලලා නිදා ගන්නවා.උදේට වැසිකිළියෙදි ගන්නවා
එතකොට පෙන්ඩන්ටි එක මෙයාගේ පෙණහැල්ලෙද? අපෝ මට නම් රත්තරනුත් එපා වෙනවා
ඊයා...........මට ඔය ටික එපා......