වසරක් සඳහා වලංගු තාවකාලික රියදුරු බලපත්‍ර හොරට ගසා විකිණූ බව කියන තිදෙනෙක් පොලීසිය විසින් බණ්ඩාරගම මිල්ලනිය ඔකන්දූවේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තු විශ්‍රාමිකයකු (66) වූ මොහු ත්‍රීරෝද රියදුරකු හා එක්ව මේ ජාවාරම කර ඇතැයි පොලීසිය සැක කරයි.
ඔහු රුපියල් අට දහසකට විකුණන හොර අවසර පත්‍රය රියදුරකු අතට පත් වන විට රුපියල් 20,000ක් පමණ වෙතියි ද කියති.
කළුතර මෝටර් රථ පරීක්ෂකගේ නිල මුද්‍රාවද ව්‍යාජ ලෙස තබා, ආබාධිතයනට පවා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇතැයි පොලීසිය පවසයි.
ඇසක් නොපෙනෙන යතුරුපැදියකරුවකු ළඟ තුබූ එවැනි බලපතක් සෝදිසි කරද්දී ඇති වූ සැකයෙන් මෙම වැටලීම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහරියක් ඉන්නේ රට හොරු. බොරු කාරයෝ. මේවට දඩුවම් දෙන්නේ නැහැ. මොකද රටේ නීතියක් නැහැ නීතියට කොන්දක් නැහැ..(නදී)
හොර වැඩ කරන එකාටත් මොළයක් තියෙන්න ඕනේ තියලා කියන රටක නේද අපි ජීවත් වෙන්නේ..(නදී)
ඕවට ලොකු කට්ටියත් සම්බන්ධ ඇති. නැත්තම් ගජරාමෙට කරන්නේ කොහොමද? (නි)
රාජ්‍ය පරිපාලනයේ විශ්‍රාමිකයෙක් නම් පළපුරුදු වැඩකාරයෙක් වෙන්නම ඕනෑ. (නි)
නීතියක් නැතිකම වගේම උග්‍ර අකාර්යක්ෂමතාවෙත් මේවට වග කියන්න ඕනෑ. (නි)
හැබයි ඇහුවම කියන්නේ අපි තරම් උතුම් ජාතියක් මේ මිහි පිට නැහැ කියලා. ඇගේ දුවන හැම ලේ බිංදුවකම තියෙන්නේ වංචාව හොරකම. (නි)
මේ රියදුරු බලපත්‍ර අරගත්ත අයට තමයි ජනාධිපති තුමා හයියෙන් යන්න දෙන්න හදන්නේ.(නදී)
දැන් රටේ රජකරන්නේ වංචාව,බොරුව තව මොනවාද?(නදී)
රජයේ විශ්‍රාමිකයෙක් නම් පෙන්ෂන් එකවත් ගෙවන්න එපා, ඔය කරපු නීති විරෝධී වැඩේ හැටියට. (නි)
අපි හැමදෙනා අවදියෙන් ඉමු අන්තාවදින්ව පරාජයකරන්න, පසුව කාලය ඉතිරිව තිබුනොත් හොර මැරකම්, දුෂිතයන්, මිනීමරුවන් මංකොල්ලකෑම් නීතී විරෝධී මත්පැන් පරාජය කරමු හොඳේ.. (ස)
ඉක්මනින් නව තාක්ෂණ ක්‍රම උපයෝගී කරන්න පොලිසියට පහසුකම් සලසන්න. (නි)