රජයේ අභ්‍යාස ලාභී සමූඛ පරීක්ෂණයට හොර උපාධි සහතික ඉදිරිපත් කළ බව කියන තරුණියක හා එක්දරු මවක මාතර කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මාතර දිසාපති ඩබ්ලිව් කේ කේ අතුකෝරාල මහත්මියගේ පැමිණිල්ලක් අනුව දික්වැල්ල උරුගමුවේ 26 හැවිරිදි තරුණියක ද, දෙයියන්දර කැටියපේ එක් දරු මවක ද අත්අඩංගුවට පත්වී සිටිති. ඔවුන් දෙදෙනාට රුහුණු සරසවියෙන් හා ශ්‍රී ජයවර්ධන සරසවියෙන් නිකුත් කළ බව කියන සහතික හොර සහතික බව එම විශ්වවිද්‍යාලවලින් දැන්වූ බව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕගොල්ලන්ගේ ගෙවල් වල හොර සහතික එහෙම ගහලා නැහැ නේද? (නි)
එයාලගේ දෙමවුපියන්ගෙත් සහතික පරීක්ෂා කළොත් හොද නැද්ද? (නි)
විශ්ව විද්‍යාලෙ ගිහින් උපාධි දෙනකම් හිටියොත් නාකි වෙයි.(නදී)
අද රටේ අධ්‍යාපනයට වෙලා තියෙන තත්වය බලපුවහම මෙහෙම වෙන එක සාමාන්‍යයි (ස)
බොරුව, වංචාව , දූෂණය තමයි අද ලංකාවේ ඉදිරියෙන්ම තියෙන්නේ. (නි)
හුගක් දෙනෙක් හොරටනේ විභාගේ ලිවුවේ. (නි)
හොර වැඩට නැහැ ඉඩ
තව හොරට රුකියා ගත්ත අය කොපමණ ඉන්නවාද?(නු)
දඩුවම් කිරීම සාධාරණයි. (නි)
වැඩේ වැරදියි තමයි
නංගියේ ඔහොම නොකරන් දිසාපතිනියට.... (නි)
අයියෝ සල්ලි
මෝඩයින් ආචාර්ය පට්ටම් ගන්න කාලේ මේවත් වැඩද? (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
මෙහෙම උනොත් ඉගෙන ගනිපු යට තැනක් නැති වෙනවා නේ. හැබැයි ඔය ගමන විභාග දෙපාර්තමේන්තුවෙන් තියන විභාග වල සහතිකත් බැලුව නම් හොදයි හොර ඒවා ගොඩක් ඇති. මොකද හොර ඒවා හදන තැන් නම් ගොඩක් තියනවා නේ(ස)
හොර වැඩ හොඳ නෑ....(ස)
ඕවා හැදුවත් එකයි බොරු ආචාර්‍ය පට්ටම් දුන්නත් එකයි.(ස)