IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


හොරිවිල වෙදකම් හදාරන්න එතෙරින් එති

කැඩුම් බිඳුම් වෙදකමේ රහස් සොයා විදේශ සිසුහු හොරිවිල එති. විස්කම් වෛද්‍යවරයකු වු අභාවප්‍රාප්ත  හොරිවිල හේරත් හාමි පාරම්පරික වෛද්‍යවරයාගේ පුත් ආයුර්වේද වෛද්‍ය එස්.එන්. එච්. සෙනෙවිරත්න මහතා හමුවී දේශීය ශාඛවලින් ඇට බද්ධ කිරීම, පත්තු බැඳීම, පෙට්ටනි තැවීම ආදිය ගැන විදෙස්  සිසු පිරිසක් මේ දිනවල අධ්‍යයනයක යෙදී  සිටිති. බ්‍රිතාන්‍යය, කුවේට් හා ඕස්ට්‍රේලියා සිසුහු ඒ අතර වූහ. වන බෙහෙත් සොයා ගැනීම ඉතා අමාරු බව වෛද්‍යවරයා කියයි.



අදහස් (0)

හොරිවිල වෙදකම් හදාරන්න එතෙරින් එති

ජයලත් Thursday, 26 April 2012 06:09 AM

ඇත්තටම මේක සෑහෙන්න හොද දෙයක්

:       0       0

මෛත්‍රී Thursday, 26 April 2012 08:06 AM

දැනටමත් අපේම බෙහෙත් බොහොමයක් අපි සල්ලි දීලා ගන්නවා

:       0       0

ඩබ්ලිව්.කණිෂ්ක Thursday, 26 April 2012 08:29 AM

මේ වැඩේ නම් ලංකාවටම ආඩම්බරයක්. ඒත් වෙද මහත්තයෝ පරිස්සමින්

:       0       0

සිංහලයා Thursday, 26 April 2012 08:31 AM

අපේ පාරම්පරික වෙද කමත් ඉවර වෙයිද දන්නේ නෑ මේ වැඩ වලින්

:       0       0

නිමල් Thursday, 26 April 2012 08:36 AM

මේවා බටහිර බෙහෙත් වෙළෙන්දන්ගේ උපක්‍රම වෙන්නත් පුළුවන්.අපි හොද කල්පනාවෙන් ඩැඩ කරන්න ඕනි

:       0       0

සදුනි Thursday, 26 April 2012 08:50 AM

භයානක නම් තමා.ඒත් අපට නැති උනන්දුවක් ඒයාලට තියෙනවානේ.අපි දැන්වත් අපේ දේ ඉෙගන ගන්න හිතුෙවාත් මොකද?

:       0       0

අනෝජ් Thursday, 26 April 2012 09:14 AM

මේක නම් භයානක දෙයක් පිටරට අය මේ දේවල් ප්‍රයෝජනයට අරන් බෙහෙත් පෙති වර්ග හදලා අපිටම ආයි විකුණන්න පුළුවන්. මේව ඉගෙනගෙන ගිහිං මේවට පේටන්ට් ගනී. අපේ බෙහෙත් පැල හොරෙන් අරන් යයි. මෙවට වගකිය යුතු බලධාරීන් සොයා බලා ඉක්මන් පියවර ගන්න එක තමයි හොද.

:       0       0

එම්.එස් Monday, 30 April 2012 04:42 PM

විදේශිකයන්ට අහු වෙන්න නම් එපා. පරිස්සමින්

:       0       0

ප්‍රසන්ග Thursday, 26 April 2012 11:03 AM

අද මුළු ලෝකෙම තියෙන දේවල් වලට වඩා අපේ නැති උණ ශිල්ප ශ්‍රාස්ත්‍ර වල තිබුණු වටිනාකම වැඩියි. ඒත් කිසි කෙනෙක් ඒවා දන්නේ නෑ.අපේ විනාසේ අත ලගයි. ඒක පැහැදිලි වෙනකොට සියල්ල අවසාන වෙලා තියේවි.

:       0       0

ප්‍රීතිමාලි Thursday, 26 April 2012 11:28 AM

අපේ රටේ අයට අපේ රටේම ඉගෙන ගන්න දේවල් තිබිලත් ඒවා ගැන එතරම් තැකීමක් නොකරන නිසා කවදා හෝ මේ දේවල් පිටරැටියන්ටම අයිති වේවි. මතු පරපුර ගැනත් අප සිතිය යුතුයි.

:       0       0

ආර්.පතිරණ Thursday, 26 April 2012 12:32 PM

පේටන්ට් බලය පිලිබඳ අදහස මාද අනුමත කරමි අපි නොදන්න ( සුදු ) මහත්තුරු නෝනල නොවැ

:       0       0

රජිත Wednesday, 25 April 2012 02:31 PM

මේ වේද මහතාගේ වෙදකම් ඉතා අනගියි. අත් දැකීමෙන් කියන්නේ. ආතරයිටිස් වලට පවා බෙහෙත් තිබේ. වේද මහතාණනි ඔබට පින්.

:       0       0

සන්ජීව Wednesday, 25 April 2012 02:41 PM

රටටම ආඩම්බරයක්

:       0       0

අනුර(Iraq) Wednesday, 25 April 2012 02:43 PM

අපේ කහ රැකගන්න හොද අවස්ථාවක්

:       0       0

නුවන් රංගන Wednesday, 25 April 2012 03:04 PM

මේව ඉගෙනගෙන ගිහිං මේවට පේටන්ට් ගනී. ඊට පස්සෙ දේව හාස්කම් එහෙම නැත්තං බටහිර මායාවරුන්ගේ පෞරාණික බෙහෙත් විදියට අපිට එවනවා. දෙන්න එපා වෙද මහත්තයෝ...

:       0       0

නියම සිංහලයා Wednesday, 25 April 2012 04:04 PM

මේවා අදාල බලධාරීන්ගේ පරීක්ෂාව යටතේ සිද්ධ විය යුතුයි

:       0       0

දයා(සවුදි) Wednesday, 25 April 2012 04:23 PM

ගමේ වැඩ ගමට අගයක් නැති උණාට ලෝකයේ බොහෝ රට වලින් මෙතනට ඇවිත් සුවය ලබා ගත්ත අය බොහොමයි. ජීවකයා ජීවත්ව ඉන්දෙද්දි මෙවැනි ශික්සණ රෝහලක් කරවන්න තිබ්බ නම් කොච්චර හොදද?

:       0       0

සුරන්ග Wednesday, 25 April 2012 04:51 PM

ඉගෙන ගත්තට කමක් නෑ. පේටන්ට් එහෙම ඉල්ලන්න එපා ඔන්න.

:       0       0

සමීර Wednesday, 25 April 2012 04:52 PM

උගන්නන ඒවට පේටන්ට් බලපත්‍රය ගත්තනම් හොදයි නේද? නැත්නම් ඔය ඉගෙන ගත්ත අය කියාවි ඒවට අයිතිය එයලට හිමි කියලා. මේක විහිලුවක් නෙවේ. නැත්නම් පසු කාල‍යකදී ඔවුංගෙන් අවසර ගන්න වෙවි අප රටේ කරන වෙදකම් වලට.

:       0       0

දමිත් Wednesday, 06 March 2013 08:00 PM

මට වෙද මහත්තයව කොළඹදී මුනගැහෙන්න පුළුවන් තැනයි, දවසයි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් පිං. (නි)

:       0       0

කුමාර Wednesday, 25 April 2012 04:55 PM

ගුරු මුෂ්ටිය තියා නොගෙන පසු පරම්පරාවට කියා දෙන්න ඕනි.

:       0       0

එන්.ජයසූරිය Wednesday, 25 April 2012 04:56 PM

ආඩම්බරයට කරුණක්. එත් අපේ දේවල් රැක ගැනීමත්, ඉදිරිය රැක ගැනීමත් අනිවාර්යයෙන් කරන්න ඕනි දේවල්

:       0       0

ඉන්ද්‍රානි Thursday, 26 April 2012 02:35 PM

අනේ මටත් ආතරසිටීස් තියෙනවා. බෙහෙත් පුලුවන් තරම් ගත්තා හරි ගියේ නැහැ. ඒ වෙදැදුරු තුමාට ආතරයිටීස් හොද කරන්න පුලුවන්ද. කවුරුහරි ඒ විස්තර සමග එතුමා හමුවන විදිය දාන්න. පින් සිදු වෙනවා.

:       0       0

/- Wednesday, 25 April 2012 06:17 PM

රිටිගල කන්දේ ඇති බෙහෙත් පැල ආරක්ෂා වෙත්වා

:       0       0

කාංචන Wednesday, 25 April 2012 06:34 PM

පස්සේ අපිට බේත් ගන්න පිටරට යන්න වෙයිද දන්නේ නෑ

:       0       0

ශාන් Wednesday, 25 April 2012 08:07 PM

විදේශිකයෝ විශ්වාස කරන එක නම් ඒ තරම් හොද දෙයක් විදියට මම නම් දකින්නේ නෑ

:       0       0

අරුණ ශාන්ත කුමාර Thursday, 26 April 2012 03:51 PM

හොරි විලට යන හැටි දැනගන්න 0773416157ට කථා කරන්න. ස්තුතියි

:       0       0

කේ.කේ. Wednesday, 25 April 2012 08:53 PM

මේක නම් භයානකයි

:       0       0

කේ.ජේ.හේරත් Thursday, 26 April 2012 04:17 PM

ලෝකෙටම අපේ වෙදකම දෙන්න. හැබැයි පේටන්ට් එක අපේ ළග තියා ගන්න

:       0       0

නිලන්ත Wednesday, 25 April 2012 09:24 PM

පිටරට අය මේ දේවල් ප්‍රයෝජනයට අරන් බෙහෙත් පෙති වර්ග හදලා අපිටම ආයි විකුණන්න පුළුවන්. මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න ඕනි

:       0       0

උදයංග Tuesday, 01 May 2012 03:12 PM

මෙම වෙද මහතා ඉතා හොද වෛද්‍යවරයෙක් බව ඉදුරාම කිව හැක.

:       0       0

පුවත් විපරමා Thursday, 26 April 2012 07:07 PM

මේ ගැන එච්චර කලබල වියයුතු නෑ. විදේශික සිසුන් ගොඩක් ඉන්නවා කිව්වට ඡායාරූප හතරෙම ඉන්නේ එකම විදෙස් කාන්තාවක්.

:       0       0

නිම්ල් Wednesday, 25 April 2012 10:24 PM

වෙද මහත්තයා නම් ඇත්තම මහත්තයෙක්. හැබැයි හොරිවිල නම විකුණන් කන අයගෙන් ප්‍රවේශම් වෙන්න

:       0       0

සී.ජයසූරිය Thursday, 26 April 2012 01:14 AM

අවංක සිතින් ඉගෙන ගන්න අයට විතරයි මේ වෙදකම උණත් හරියට පිහිටන්නේ

:       0       0

සිරානි Tuesday, 01 May 2012 05:57 PM

මේවා බොහොම පරිස්සමින් කරන්න ඕනි වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 337 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 1205 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 819 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 296 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 1006 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 230 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site