කැඩුම් බිඳුම් වෙදකමේ රහස් සොයා විදේශ සිසුහු හොරිවිල එති. විස්කම් වෛද්‍යවරයකු වු අභාවප්‍රාප්ත හොරිවිල හේරත් හාමි පාරම්පරික වෛද්‍යවරයාගේ පුත් ආයුර්වේද වෛද්‍ය එස්.එන්. එච්. සෙනෙවිරත්න මහතා හමුවී දේශීය ශාඛවලින් ඇට බද්ධ කිරීම, පත්තු බැඳීම, පෙට්ටනි තැවීම ආදිය ගැන විදෙස් සිසු පිරිසක් මේ දිනවල අධ්‍යයනයක යෙදී සිටිති. බ්‍රිතාන්‍යය, කුවේට් හා ඕස්ට්‍රේලියා සිසුහු ඒ අතර වූහ. වන බෙහෙත් සොයා ගැනීම ඉතා අමාරු බව වෛද්‍යවරයා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේටන්ට් බලය පිලිබඳ අදහස මාද අනුමත කරමි අපි නොදන්න ( සුදු ) මහත්තුරු නෝනල නොවැ
දැනටමත් අපේම බෙහෙත් බොහොමයක් අපි සල්ලි දීලා ගන්නවා
මේ වැඩේ නම් ලංකාවටම ආඩම්බරයක්. ඒත් වෙද මහත්තයෝ පරිස්සමින්
අපේ පාරම්පරික වෙද කමත් ඉවර වෙයිද දන්නේ නෑ මේ වැඩ වලින්
මේවා බටහිර බෙහෙත් වෙළෙන්දන්ගේ උපක්‍රම වෙන්නත් පුළුවන්.අපි හොද කල්පනාවෙන් ඩැඩ කරන්න ඕනි
භයානක නම් තමා.ඒත් අපට නැති උනන්දුවක් ඒයාලට තියෙනවානේ.අපි දැන්වත් අපේ දේ ඉෙගන ගන්න හිතුෙවාත් මොකද?
මේක නම් භයානක දෙයක් පිටරට අය මේ දේවල් ප්‍රයෝජනයට අරන් බෙහෙත් පෙති වර්ග හදලා අපිටම ආයි විකුණන්න පුළුවන්. මේව ඉගෙනගෙන ගිහිං මේවට පේටන්ට් ගනී. අපේ බෙහෙත් පැල හොරෙන් අරන් යයි. මෙවට වගකිය යුතු බලධාරීන් සොයා බලා ඉක්මන් පියවර ගන්න එක තමයි හොද.
අද මුළු ලෝකෙම තියෙන දේවල් වලට වඩා අපේ නැති උණ ශිල්ප ශ්‍රාස්ත්‍ර වල තිබුණු වටිනාකම වැඩියි. ඒත් කිසි කෙනෙක් ඒවා දන්නේ නෑ.අපේ විනාසේ අත ලගයි. ඒක පැහැදිලි වෙනකොට සියල්ල අවසාන වෙලා තියේවි.
අපේ රටේ අයට අපේ රටේම ඉගෙන ගන්න දේවල් තිබිලත් ඒවා ගැන එතරම් තැකීමක් නොකරන නිසා කවදා හෝ මේ දේවල් පිටරැටියන්ටම අයිති වේවි. මතු පරපුර ගැනත් අප සිතිය යුතුයි.
ඇත්තටම මේක සෑහෙන්න හොද දෙයක්
අනේ මටත් ආතරසිටීස් තියෙනවා. බෙහෙත් පුලුවන් තරම් ගත්තා හරි ගියේ නැහැ. ඒ වෙදැදුරු තුමාට ආතරයිටීස් හොද කරන්න පුලුවන්ද. කවුරුහරි ඒ විස්තර සමග එතුමා හමුවන විදිය දාන්න. පින් සිදු වෙනවා.
හොරි විලට යන හැටි දැනගන්න 0773416157ට කථා කරන්න. ස්තුතියි
ලෝකෙටම අපේ වෙදකම දෙන්න. හැබැයි පේටන්ට් එක අපේ ළග තියා ගන්න
මේ ගැන එච්චර කලබල වියයුතු නෑ. විදේශික සිසුන් ගොඩක් ඉන්නවා කිව්වට ඡායාරූප හතරෙම ඉන්නේ එකම විදෙස් කාන්තාවක්.
විදේශිකයන්ට අහු වෙන්න නම් එපා. පරිස්සමින්
මෙම වෙද මහතා ඉතා හොද වෛද්‍යවරයෙක් බව ඉදුරාම කිව හැක.
මේවා බොහොම පරිස්සමින් කරන්න ඕනි වැඩ
මට වෙද මහත්තයව කොළඹදී මුනගැහෙන්න පුළුවන් තැනයි, දවසයි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් පිං. (නි)
ආඩම්බරයට කරුණක්. එත් අපේ දේවල් රැක ගැනීමත්, ඉදිරිය රැක ගැනීමත් අනිවාර්යයෙන් කරන්න ඕනි දේවල්
රටටම ආඩම්බරයක්
අපේ කහ රැකගන්න හොද අවස්ථාවක්
මේව ඉගෙනගෙන ගිහිං මේවට පේටන්ට් ගනී. ඊට පස්සෙ දේව හාස්කම් එහෙම නැත්තං බටහිර මායාවරුන්ගේ පෞරාණික බෙහෙත් විදියට අපිට එවනවා. දෙන්න එපා වෙද මහත්තයෝ...
මේවා අදාල බලධාරීන්ගේ පරීක්ෂාව යටතේ සිද්ධ විය යුතුයි
ගමේ වැඩ ගමට අගයක් නැති උණාට ලෝකයේ බොහෝ රට වලින් මෙතනට ඇවිත් සුවය ලබා ගත්ත අය බොහොමයි. ජීවකයා ජීවත්ව ඉන්දෙද්දි මෙවැනි ශික්සණ රෝහලක් කරවන්න තිබ්බ නම් කොච්චර හොදද?
ඉගෙන ගත්තට කමක් නෑ. පේටන්ට් එහෙම ඉල්ලන්න එපා ඔන්න.
උගන්නන ඒවට පේටන්ට් බලපත්‍රය ගත්තනම් හොදයි නේද? නැත්නම් ඔය ඉගෙන ගත්ත අය කියාවි ඒවට අයිතිය එයලට හිමි කියලා. මේක විහිලුවක් නෙවේ. නැත්නම් පසු කාලයකදී ඔවුංගෙන් අවසර ගන්න වෙවි අප රටේ කරන වෙදකම් වලට.
ගුරු මුෂ්ටිය තියා නොගෙන පසු පරම්පරාවට කියා දෙන්න ඕනි.
මේ වේද මහතාගේ වෙදකම් ඉතා අනගියි. අත් දැකීමෙන් කියන්නේ. ආතරයිටිස් වලට පවා බෙහෙත් තිබේ. වේද මහතාණනි ඔබට පින්.
රිටිගල කන්දේ ඇති බෙහෙත් පැල ආරක්ෂා වෙත්වා
පස්සේ අපිට බේත් ගන්න පිටරට යන්න වෙයිද දන්නේ නෑ
විදේශිකයෝ විශ්වාස කරන එක නම් ඒ තරම් හොද දෙයක් විදියට මම නම් දකින්නේ නෑ
මේක නම් භයානකයි
පිටරට අය මේ දේවල් ප්‍රයෝජනයට අරන් බෙහෙත් පෙති වර්ග හදලා අපිටම ආයි විකුණන්න පුළුවන්. මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න ඕනි
වෙද මහත්තයා නම් ඇත්තම මහත්තයෙක්. හැබැයි හොරිවිල නම විකුණන් කන අයගෙන් ප්‍රවේශම් වෙන්න
අවංක සිතින් ඉගෙන ගන්න අයට විතරයි මේ වෙදකම උණත් හරියට පිහිටන්නේ