හාල් වලින් මත්පැන් පෙරීමේ ස්කාගාරයක් මාතලේ දිස්ත්‍රික්කයේ විවෘත කිරීමට රජයේ මන්ත්‍රීවරයකු සැරැසෙතියි මධ්‍යම පළාත්සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර මහතා දඹුල්ල යාපාගම දී අද (28) මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. රජය අශ්චර්ය කරා ගෙන යන ගමනේදී මත් පැන් අශ්චර්ය මාතලෙන් අරඹන්නට යන බව පෙනී යතියිද ඔහු කීවේය.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුව ඔහුට කතා කළේය. අරක්කු පෙරන තැබෑරුම් හිමි ඇතැමුන් තමනට බොරු චෝදනා කළත් ඉඩම් අගලක්වත් කොල්ල කා නැතැයිද , මගේ ජාතකයත් හොදයි මව්පියොත් හොදයි යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේ රයිස් වයින් තියෙනවා (නි)
අතුරු නිෂ්පාදන හොඳයි. හැබැයි මේවගේ දේකට නෙමෙයි.. (ස)
තිතට මත ආශ්චර්ය මත් සිරි ලංකාව.(නදී)
හාල් වලින් හදන තෙල් ඕම්ට්‍රේලියාවේ තියෙනවා. මේක කාට හරි පටන් ගන්න බැරිද. (නදී)
නාමලී, අපි හාල් වලින් බත් කනවා නම්,හාල් වලින් මත්පැන් පෙරුවම මොකක්ද තියෙන වරද? (නි)
නොම්බර 1 තරල සාරය, නොම්බර 2 ඊතෛල් මීතෛල්, නොම්බර 3 නිදන්, නොම්බර 4 හාල් මද්ද්‍යා සාර. කොහොමද වැඩ ? (නදී)
ඇයි දෙයියනේ හැම එහෙකටම දොස් කියන්නේ? ගොවියාගේ වී ටික කුණු කොල්ලෙට යාම නවතිනවා. කටුස්සෝ ගෙම්බෝ දාපු කසිප්පු බීලා මැරෙන එක අඩු වෙනවා. රාජ්‍ය අනුග්‍රහය යටතේ, "අපනයනය සඳහා පමණයි" කියලා පටන් ගත්තාම රැකියා ප්‍රශ්නය අඩුවෙනවා. දේශපාලන සහ පොලිස් අනුග්‍රහය යටතේ දැනට පවත්වාගෙන යන කර්මාන්ත නීතිගත වෙනවා. පොලිසියට වැඩ අඩුවෙනවා. නැද්ද මං කියන්නේ? (නි)
මොනවද මේ කියවන්නේ ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
එතකොට පොල් වලින් පොල් අරක්කු. හාල් වලින් හාල් අරක්කු . සීනි වලින් සීනි කරින්ජන්. මේවා කෝවත් පරාන කූඩුවට අහිතකර දේවල්. මතට තිත කියන්නේ මේකට වෙන්න ඇති නේද ?(නදී)
" සකේ " නිෂ්පාදනය කරන්නේ 100% ක් ම සුදු සහල් වලින්. මද්‍යසාර ප්‍රතිශතය 8% යි. මෙය කොරියාව, චීනය, ජපානය වැනි රටවල ප්‍රමුඛත්වයක් ගන්නවා. ශීත ඉර්තුව අවසන් වෙන අප්‍රේල් මාසයේ සකුරා මල් පිපෙන මොහොතේ, ජපානයේ සෑම නගරයකම, ගමකම, පවුලේ අයවලුන්, නෑදෑයෝ, මිතුරන් එකට එකතුවෙලා සතුට බුක්ති විඳිනවා. කිතුල්, පොල් රා වගේ ශරීරයට ඉතාමත් හිතකරයි. ජපනුන් එකසිය ගණන් ජීවත් වෙන්නේ හෘද රෝග නැතිව මේ නිසයි. මෙම ව්‍යාපෘතිය ලංකාවට ඉතාමත් යෝග්‍යයි. කසිප්පු බීලා මැරෙනවට වඩා.(නදී)
ඔය අරක්කු චීනයේ සාමාන්‍ය දෙයක්. (නි)
අඩුවෙලා තිබුනේ හාල්පිටි ස්ප්‍රීතු විතරයි (නි)
බෝතල් වලට අමතරව පෑකට් වර්ගයකුත් හදුන්වා දීමෙන් දුප්පත් අයට මිලදී ගෑනීමට පහසුයි.(නදී)
හාල් වලින් පෙරන අරක්කු ඇඟට හරි ගුණයිලු. සියරට දේ සිරි සැපදේ නිසා "මතට තිත" මේකට අදාල වෙන්නේ නැහැ හොඳේ. (නි)
හාල් වලින් පෙරන අරක්කු කියන්නේ කන ජාතියක්ද , නැත්නම් ජාතිය කන දෙයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
තිතට මත මලේ. ජපානයේ ඕකට කියන්නේ ‘සකේ‘ කියලනේ. ජපන්නු හපන්නු උනේ සකේ බීළලු. නරකද ඉතින් හපන්නු වෙන්න හිතුවම.(හපන්නේ සත්තුලු ).(නදී) )
මතට තිත. දේශපාලඥයින්ට නම් කොමාව. ඒකනෙ තිත තියලත් ලෝකෙ පළවෙනි තැන ලැබුණෙ. (නි)
හාල් ගණන් යයි වගේ (නි)
හාල් වලින් පෙරන සැර බීම චීනයේ තියෙනවා. ඒවා ඇගට ගුණයි. හැබැයි ඉතින් ලංකාවේ අයියලා ඕක නාන්න ප්‍රමාණයට බීවාම අගුණයි. වෙන කෑම ජාතිත් එහෙම තමයි. අපිට බොන්න හොද නැත්නම් පිටරට යවන්න පුලුවන්නේ. හැමදේටම ආගම දහම පටලවා ගත යුතු නැහැ. සෑම දෙයෙහිම හොද නරක දෙකම තියෙනවා. (නි)
අපි හාල් වලින් බත් කනවා නම්,හාල් වලින් මත්පැන් පෙරුවම මොකක්ද තියෙන වරද? (නි)
හිහිහි හි හි හි හිනාත් යනවා අද ලංකාවේ වෙන දේවල් දැක්කම... ආශ්චර්යය බේරෙනවා!! (නි)
හාල් වලින් පෙරන මත් පැන් ඉතා ඉහළ පානයක්. චීනයේ, වියට්නාමේ, කමොබිජියාවේ, ලාඕස් තායිලන්ඩ්, කොරියා, ජපන් වල. ඉතින් ලංකාවෙත් පටන් ගත්තට කමක් නැහැනේ. කසිප්පු වලට වැඩිය හොඳයි නේ හාල්. ජය වේවා! (නි)
ඇයි ආයුබෝවන්ඩ, අර ටොන් ගණන් විසිකරන එළවලු වලින් මත්පැන් ටිකක් පෙරුවා නම් මොකද වෙන්නේ? කොහොමත් කුණුවෙලා යන එකනේ. එතකොට ජනතාවට අඩු ගානට අරක්කු හරි බොන්න පුළුවන් අප්පා. (නි)
හාල් වලින් ජපන් බීම හැදුවා නම් "සකී" කියලා ජපානෙට දීලා විදේශ විනිමය හොයන්න පුළුවන් (නි)
එතකොට මතට තිතට මොකද වුණේ? (නි)