IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හාල් - පොල් රටින් ගෙන්වීමට කැබිනට් තීරණයක්

(අජන්ත කුමාර අගලකඩ)

ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ජීවන වියදම ඉහළ යාමට සියයට 60 ක් බලපා ඇත්තේ සහල් සහ පොල් මිල බව එම කැබිනට් රැස්වීමේදි ඇමැතිවරුන් පෙන්වා දී ඇත.පොල් මිල සියයට 33 කින්ද සහල් මිල සියයට 27 කින්ද ජීවන වියදම ඉහළ යාමට බලපා ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් සහ පොල් ආනයනය කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

ජීවන වියදම ඉහළ යාම පිළිබඳව කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ජීවන වියදම පාලනය සඳහා සහල් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලෙස සතොසට දැනුම් දුන්නද සතොස එම කාර්යය නිවැරදිව සිදුකර නැති බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බවද වාර්තාවේ.

ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති රිෂාද් බදියුදින් මහතා සතොසට සහල් ගෙන්වීමට මුදල් අමාත්‍යාංශය මුදල් නොදුන් බවට චෝදනා කර ඇතැයි ද වාර්තාවේ. ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත්වූ අදහස් සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සහල් ආනයනය සඳහා තිබෙන සියලූ බාධක ඉවත් කර සහල් ආනයනය සඳහා ඉඩ දෙන්නැයි උපදෙස් දී ඇත.

මේ අතර පොල් මද ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මේ අතර පොල් තෙල් නිෂ්පාදනය කර අපනයනය කරන ව්‍යාපාරිකයින්ට ආනයනය කරනු ලබන පොල් මද ලබාදී ඔවුන් සතු පොල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමටද එහිදී තීරණය වී තිබේ.



අදහස් (11)

හාල් - පොල් රටින් ගෙන්වීමට කැබිනට් තීරණයක්

Chinese chef Wednesday, 06 December 2017 04:35 AM

ටින්කළ රයිස් ඇන්ඩ් කරි ගේනවා ලාබෙට දුන්නම මීට වැඩිය හොඳයි. අපට රූපවාහිනියෙන් තව මිල අධික චිත්‍රපටි ටිකකුත් දෙන්න. කන්න දෙනවනම්, බොන්න දෙනවා නම් තව මොනවද ඕනේ කියන්නේ? කතිරය දෙපාරක්ම ගහන්න.

:       1       178

Rasi Wednesday, 06 December 2017 04:35 AM

අවුරුද්ද පුරා වහින, සාරවත් පසක් තිබෙන රටක්, දේශපාලකයන් විසින් ගෙනත් තිබෙන දුර පේනවද? පොලුත් රටින් ගේනවා නම් ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතුයි. මන්ද අච්චර, මෙච්චර අපනයනය කරනවා කිව්වට වැඩක් නැහැ. කෘෂිකර්මාන්තය මේ රටේ සංවර්ධනය කරගන්න බැරිනම් !

:       2       257

RaveendraWednesday, 06 December 2017 11:26 AM

Rasi ඇතුළු සියල්ලොගේ ම අදහස් සමග එකග වන්නෙමු. පොල් අමුවෙන් ගෙනාවොත් ඕක ගාන්නත් වෙලාවක් යනවා එතකොට රුපවාහිනී වල පෙන්නන කසිකබල් නාට්‍ය බලන්න වෙලාවක් නැතිවෙනවා එනිසා පොල් සම්බෝලත් , කට්ට සම්බෝලත් හදලාම ගෙන්න ගමු. වැඩේ ගොඩක්ම පහසුවෙනවා. බැලුවොත් නම් තියෙන හැම විෂයකටම " ලොකු ලොකු මූසල අම්බරුවෝ " හැටහුටාමාරක් ඉන්නවා හෙට අනිද්දා වෙනකොට වතුරත් ගෙනෙවූ.... " මොකා බලයට ආවත් " අවසන්ප්‍රතිපලය මෙය වනු ඇත.

:       0       141

Asanga- Bahrain Wednesday, 06 December 2017 05:12 AM

රටේ අමන පාලකයන් රජකරනකොට ඔහොම වෙනවා. අනේ අපේ රටට වෙච්ච දෙයක්.

:       35       137

Thushara -Qatar Wednesday, 06 December 2017 05:40 AM

වී ඇටයක්... පොල්ගෙඩියක් නිකම් විසි කරත් පැලවෙන මේ මහපොළොවේ... ජාතියක්, රටක් වශයෙන් අපි සැම දෙනා ලජ්ජාවිය යුතු දෙයක්... රජාත්, පොළොන්නරුවේ නේද..? කවදත් ඉතින් පිටරටින් එනකම් බලන් එන්න රටක්නේ මේ....

:       1       131

Senarath Wednesday, 06 December 2017 05:56 AM

හාල්, පොල් ටිකත් පිටරටින් ගෙනෙන්න පටන්ගෙන. ඒ වුණාට අගමැතිතුමා කියන්නේ අපි දියුණුවෙමින් ඉන්නවා කියලා. එහෙම කියනවා ඇත්තේ එතුමා සහ ඇමති මණ්ඩලය දියුණුවෙමින් ඉන්නවා කියන එකද දන්නේ නැහැ.

:       17       229

Thilina Wednesday, 06 December 2017 07:32 AM

බලන්න අපේ සරල ජනාධිපතිතුමයි, අගමැතිතුමයි දෙන්නම එකතුවෙලා ජාත්‍යන්තරය ජය ගෙන තියෙන හැටි. මෙතුමලා නැත්තම් පිටරට හාල්, පොල් අපිට කවදා කන්න ලැබේවිද?

:       2       330

Muhan Wednesday, 06 December 2017 08:35 AM

යහපාලන ලොක්කා මීට මාස කිහිපයක පෙර ඉඳන්ම පිට පොට ගහනවා මේ දේ ක‍රන්න. ගේන මගුලක් ඉක්මණට ගෙනෙන්න.

:       56       188

himal Wednesday, 06 December 2017 10:40 AM

හාල් වේවා!!! පොල් වේවා!!! රටින් ගෙන්නුවේ අද ඊයේ නෙවෙයි. රටේ පොල් ඉඩම් කට්ටි කරලා විකුණද්දී, ගොවියෝ හැමදාමත් රසායනික පොහොර පස්සේ දුවද්දී ඵලදායිතාව කොහොමත් අඩු වෙනවා. මේකට කට්ටිය එරෙහි වේවි. ඒත් ලංකාවේ වී ගොවියා රකින්න නම් හාල් වලින් එතනෝල් හදන්න දීලා ගොවියට ඉහළ මිලක් දීලා, පාරිභෝගිකයාට රටින් ආනයනය කරලා දෙන්න වෙනවා. නැත්නම් හැමදාම අතරමැදියා ගසා කනවා.

:       107       1

Bamunuarachchi Wednesday, 06 December 2017 02:33 PM

රටේ පොල් හිඟයට දේශපාලකයෝ වග උත්තර කරුවන් වන්නේ කොහොමද කියා මම නම් නොදනිමි. ලොකු පොල්වතු තිබුණු අය ඒවා පාලනය කර ගත නොහැකි නිසාත් එකවර විශාල මුදලක් ලබා ගැනීම සඳහාත් ඉඩම් කොටස් කර විකිණුවේය. දැනට අවුරුදු 40-50 කට පෙර ඉඩම් කට්ටි කැඩුවේ පර්චස් 20 කැබලිය. ඒවායේ ගේ සාදා පොල් ගස් 4-5 වවා ගැනීමට ඉඩතිබුණි. දැන් ඉඩම් කට්ටි කරන්නේ පර්චස් 10 හෝ ඊට අඩුවටය. ගෙය සාදා ගත් විට මල් පැලයක් හැරුණු විට වෙන කිසිම ගසක් සාදා ගැනීමට නොහැක. ගත්තේ පොල් වත්තක කොටස් නම් ගෙය සාදා ගැනීමට තිබුණු පොල්ගස් කැපීමට සිදුවිය. එය තමයි පොල් හිඟයේ මූලික හේතුව. මගේ පර්චස් 20 ඉඩමේ පොල් ගස් 6 ක් ඇත. ඉන් ලැබෙන පොල් අපේ පරිභෝජනයට හොඳටම ප්‍රමාණවත්ය. ගෙඩි 10 විකුණාගත් විට පොල් කඩන්නන්ගේ ගාස්තුව ඉතිරි පොල් වෙලා කුඩා කැබලිවලට කපා ගේළඟ තිබෙන තෙල් හිඳින තැනට දී අවශ්‍ය පොල්තෙල් හිඳගන්නේය. අනාගතයේදී ඉඩම් කට්ටි කැඩී බෙදීයාම වළක්වා ගන්න නම් පවුලේ ළමයි දෙදෙනාට සීමා කරන්න. අපි පවුල දෙදෙනෙකුට සීමා කළොත් රැකියා ප්‍රශ්න, ඉඩම්, පාසල් ප්‍රශ්න බොහොමයක් විසඳෙනවා. ඒත් මුස්ලිම්වරුන් බුරුතු පිටින් ඉන්න නිසා අපේ ළමයින්ට හිමි සම්පත් ඒ අයගේ ළමයින්ට යනවා.

:       1       262

Bamunuarachchi Wednesday, 06 December 2017 11:46 PM

ජනගහනය වැඩි වුණොත් නිවාස වැඩිවෙනවා. එවිට තිබෙන ඉඩම කුඩා කෑලිවලට කඩ කඩා නිවෙස් සාදන්න වෙනවා. එවිට පොල්ගස් තබා තණකොළ ටිකක්වත් සාදා ගන්න ඉඩ නැතිවෙනු ඇත. ජනගහනය පාලනය කරමු. මේ අයට දෙන පහසුනම් නවතා දමමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 9 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 30 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 108 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 326 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 371 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 414 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site