ජිලාල් ඇන්ඩසන් හොලිවුඩ් නිලියගේ පස්යාල නුගදොළ වත්තට විදුලිය ගැනීම සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි අනුර වීරරත්න බණ්ඩාර නම් හිටපු හමුදා සෙබළකුට එරෙහිව පවරා ඇති අනුඩ උපදෙස් පතා නීතිපතිට යැවූ බව රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද සැළ කළේය.
පරීක්ෂණ අවසන් බවත්, සැකකරු වත්තේ බාරකරුව සිටි බවත් ඔහු මේ ගනුදෙනු ගැන තොරතුරු සොයා ගත් බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
වැඩිදුර විභාගය සැප්තැම්බර් 31 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හමුදාවට හොඳ පුහුනුවක් දෙන බව ලෝකෙම දෑන ගන්න හොඳ සාක්ෂියක්. චෑනල් 4 එකටත් යයිද මනදා.(නදී)
ඔය මුදලින් නුගදොල වත්තට පමණක් නොවෙයි මුළු පස්යලටම විදුලිය දෙන්න තබුණා. ! ගණන දිහා බැලුවහම කාගේ බොරුවක්ද කියා හිතන්න අමාරුයි (අ)
මේ නඩුව ඉක්මනින් විසදා සාධාරණ තීන්දුවක් දෙන්න. නැත්නම් ජාත්‍යන්තර දෝෂාරෝපණ වලින් කතාවෙන්නේ හමුදාවේ කිර්තියයි රටේ නමයි ගැන මිසක් , පුද්ගලයා ගැන නෙමෙයි. (නි)
හොලිවුඩ් නෙමේ අඟහරු ලොවෙන් ආවත් අපේ මිනිස්සු මාටියා ගහන එක ගහනවා.(නදී)
දන්නවද මේ නිළිය කවුද කියලා? ලෝක ප්‍රකට එක්ස් ෆයිල්ස් කථා මාලාවේ ස්කලීගේ චරිතයට පණ පොවපු ගිලියන් ඇන්ඩර්සන්. අපි හුගක් අය ආසාවෙන් කථාව බැලුවානේ. අන්තිමට අපේ රටේදීම ඒ මනුස්සයාට එක්ස් ෆයිල් එකක් අරින්න වුනා. සියලුම දක්ෂ නිළධාරීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා ඇයට සාධාරණයක් කරලා රටේ නම රැකගන්න කියලා. ස්කලී නෝනා ඔයා අපිත් එක්ක තරහාවෙන්න එපා. පුලුවන්නම් මෝල්ඩර්ටත් ලංකාවෙන් ඉඩමක් අරන්දෙන්න.(නදී)
ඔය හොරු හැකි ඉක්මනින් හිරේට යවන්න.(නදී)
නීතිපතිතුමා හොඳ තීන්දුවක් දෙයි. (නි)
හොලිවූඩ් නිලියට හිස් අතින් ඇමරිකාවට යන්න වේවිද? (නි)
උතුම් ජාතිය අපි තමයි කියලා කෑගහන්නේ නැතුව නරකද මේවා කඩිනම් කළොත්? අන්තිමට මේ මිනිස්සු මේවා අරන් ජිනිවා ගියොත්? (නි)
මේක තමයි අපෙයි බටහිරෙයි වෙනස. අපි හැමදේටම කල්මරමු. හැබැයි වැඩක් කරන්න ගියාම කවුරුත් නැහැ. (නි)
ඔබ ජිනිවා යන්න. (නි)
ආයෝජකයන්ට ලංකාවට එන්න කියනවා මිසක් යෝජකයන්ව ලංකාව තුලදී වංචාකාරයන්ගෙන් , හොරුන්ගෙන්, කප්පම්කාරයන්ගෙන් බේරගන්න ක්‍රමයක් අපේ රටේ නැහැ. කරුණාකර මේ ගැන සොයාබලන්න. (නි)
මට පුළුවන්කමක් තිබුණා නම් නඩුවට හොද විසදුමක් දෙනවා. (නි)