හලාවත ධීවරයාගේ මරණයට හේතුව වෙඩි උණ්ඩයක් හිසට ඇතුළුවීම බව හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය ඩී කේ විජේවර්ධන මහතා නිගමනය කළේය.
හලාවත මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතාගේ නියෝගයෙන් මේ පරීක්ෂණ පැවැත්වූයේ දෙදරැ පියකු වන හලාවත එගොඩවත්තේ වර්ණකුලසූරිය ඇන්ටනි පනාන්දු මහතාගේ (32) මරණය සම්බන්ධයෙනි. ඔහුගේ මළගම සෙනසුරාදා (18) සිදුකිරීමට නියමිතය. ඔහුගේ බිරිය මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියාය .
පොලීසිය හා යුදහමුදාව නගරයේ ආරක්ෂාව තරකැර ඇත. හමුදා බෆල් රථ ද තැන තැන රඳවා ඇත. පෙර දින ගැටුම් සිදුවූ වැල්ල පාරේ සිට කණ්ඩායම් වශයෙන් නගරයට පැමිණීමට පොලීසිය අවසර නොදෙයි. නගරය සාමකාමීව ඇත. මළ ගෙදරට කළුකොඩි ද ඔසවා ඇත. වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්ර මහතා පොලිස් සුභසාධක අරමුදලින් රුපියල් පන්ලක්ෂයක චෙක්පතක් පවුලේ සමීප ඥාතීනට භාර දුන්නේය.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පොලිස් නිලධාරීන්ගේ රැස්වීමක් සඳහා හලාවතට පැමිණීමට ද නියමිතව සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් කඩ කරනවා
වෙන රටක නම් ඉල්ලා අස් වෙනවා..
ඇන්ටනී ඉල්ලුවේ මිල මුදල්වත්, රජකමවත් නෙමේ. අඩු මිලට භූමි තෙල් බෝතලයක්. එත් එක යට විතරක් නෙවේ අපි සියලුදෙනාටම.
මුළු මරන එකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි මේ...
කොටින්ට වෙඩි තියපු තුවක්කු අද ජනතාවට!!!
මේකට වගකියන්න ඕනෙ අහිංසක ජනතාව උසිගන්වපු අයයි. අපිත් හලාවත. අපි දන්නව ඇත්තටම වෙච්ච දේ. කඩු, කැති, මන්න උස්සන් එන අයට බණ කියල වැඩක් තියේයැ. හමුදාව වැරදි නෑ...
සෙනෙහස පූදා අම්මාවරුන් වගේ දහඩ්ය හෙලා මහ සාගරය වගේ ඔවදන් දෙවා අගනා මූතූ මැනික් වගේ ඇති දැඩ් කළා අප සමණල පැටවූ වගේ............
අප දන්නා විදියට රටක ආරක්ශක අංශ සිටින්නේ රටේ පොදු ජනතාවගේ ආරක්ෂාවටය. එසේ නම් රටේ ජනතාවගේම සල්ලි වලින් මිල දී ගන්නා ජීව උණ්ඩ වලින් රැක ගත යුත්තේ ජනතාව රවටා මහ මගට ඇද දමන අමන දේශපාලකයන් නොව යුක්තිය වෙනුවෙන් මොර දෙන ජනතාවය.
මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 5ද?
දරු දෙන්නාගෙ සම්පූර්ණ නඩත්තුව වෙඩිතියපු අය ගෙවන්න ඕන..
කව්රු කලත් මෙය මිනි මැරුමක්. ලක්ෂ 5 ට මනින්න පුලුවන්ද ජීවිතේ?
ඇන්ටනී ඉල්ලුවේ මිල මුදල්වත්, රජකමවත් නෙමේ. අඩු මිලට භූමි තෙල් බෝතලයක්.
මේකත් කාගෙ හරි කුමන්ත්‍රණයක්ද කොහෙද?
අලව්ව දුම්රිය අනතුරට රියදුරු වැරදිකාරය වගේ මේකටත් මැරුණු කෙනා වැරදිකාරය වෙයිද දන්නෙ නැහැ.
අපරාදෙ දරු පැටව් දෙන්නා.
සල්ලිවලින් පුළුවන්ද ජීවිතේ වටිනාකම දෙන්න? පොලීසිය මේ වගේ වැඩ කරන්නේ කාගේ උවමණාවටද?
ලක්ෂ 5ක් දුන්න සේරම ඉවරයි.
පොලීසිය රැකිය යුත්තේ දේඥපාලන+යන් නොව නීතිය හාසාමය යි.
පොලිස් අරමුදචලෙන් සල්ලි දුන්නේ පොලිසියෙන්ද වෙඩි තිබ්බේ? වෙඩි තැබූ අය දණහිසට වෙඩි නොතිය ඇයි හිසට වෙඩි තිබ්බේ?
කෝ සාධාරණය?
හරිම පව් පොදි අය දෙන්නා.
මේකද සාධාරණය?
පොලිසීයට පුළුවන් ඔන්න ඔය වගේ අහින්සකයෙක්ට වෙඩි තියන්න
අන්තිමට කියයි මෙයාම වෙඩි තියාගෙන කියලා.. අබුඩාබි අපගේ ශෝකය..
මේවට වන්දි නෙමේ. වැරදි කායන් හොයල දඩුවම් දෙන්න ඕන...
මේක මහ අපරාධයක්..
පවු අහිංසක දරුවො? මේ අයගේ වගකීම කවුද බාරගන්නේ?
අනේ පවු පොඩිවුන් දෙන්නා. මේකෙන් පොඩිවුන්ට තමයි වන්දි ගෙවන්න වෙන්නේ..
සල්ලි දුන්නට පව් සේදෙනවද? දීවරයාගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ පහද?
යුද්දෙ දිනුවට වැඩක් නෑ රට අරාජික වෙලා.