IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හලාවත ධීවරයෙක් මරුට

හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩිතැබීමෙන් එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකු මියගිය බව රෝහල් ආරංචි කියයි. කතුන් ඇතුළු පන්දාහක් දෙනා ලාම්පුතෙල් හා ඞීසල් සහනාධාර ඉල්ලමින් පෙළපාළි පවත්වද්දී පොලිස් අධිකාරි කාර්යාලය අසලදී වෙඩිතැබූ බව ධීවරයෝ කියති. සිවු වරක් පමණ කඳුළු ගෑස් ගැසූ බවද ඔවුහු පවසති. පොලිසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා යුදහමුදාව එක් පසෙකද, පෙළපාළිකරුවන් තවත් පසෙකද සිටින අතර ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ක්ලෝඞ් හයසින්ත් පියතුමා හා තවත් පියතුමන්ලා මැදට වී ගැටුම් සමනය කිරීමට වෙහෙසෙති. මේ අතර හලාවත පල්ලියේ සීනුව ගැසීමෙන් පසු ධීවරයෝ හාරපන් දහසක් එහි පැමිණි බවද කියති. මියගිය ධීවරයාගේ දරු දෙදෙනා මියගිය ධීවරයා



අදහස් (0)

හලාවත ධීවරයෙක් මරුට

සුනිල් Wednesday, 15 February 2012 03:11 PM

ධර්ම රාජ්‍යයක් ගොඩ නගන්නේ මෙහෙම?

:       0       0

සමන්ත Wednesday, 15 February 2012 03:30 PM

අනේ අර දරු දෙන්නට යන කළ මොකක්ද?

:       0       0

සමන් Wednesday, 15 February 2012 03:49 PM

වෙඩි තිබ්බ අයටයි, වෙඩි තියන්න කියලු අයටයි ස්වභාව ධර්මයෙන් දඩුවම් හම්බෙයි..

:       0       0

හලාවත කොල්ලෙක් Wednesday, 15 February 2012 04:06 PM

මේ පින්තුරය මගේ ජීවිතේ දැකපු දුකම හිතෙන පින්තුර වලින් එකක්. මේ අහිංසක ළමයින්ට මොකද වෙන්නේ ?

:       0       0

KK Wednesday, 15 February 2012 04:13 PM

දැන් ඉතිං කොමිසමක්දාල තුවක්කුවේ වර්ගය මොකක්ද, උණ්ඩයේ පාට, හැඩය මොකක්ද ඒක ආවෙ උතුරෙන්ද දකුණෙන්ද කොපමණ දුරකින් ආදිය සොයල වාර්ථාව හමස්පෙට්ටියට දාන එකයි!

:       0       0

අරුණ Wednesday, 15 February 2012 04:25 PM

හරිම දුකයි, හැකි නම් ලිපිනය හා දුරකථන අංකය එවන්න. පවු, අහිංසක ළමයින්ට උදවුවක් කරන්නම්. සැ.යු - දුරකතන අංකය හා ලිපිනය ඊමේල් කර ඇත.

:       0       0

සංජීව Wednesday, 15 February 2012 04:26 PM

මේ මොනවද වෙන්නේ? ආයෙ නම් කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා.

:       0       0

සංජීව Wednesday, 15 February 2012 04:26 PM

මේ මොනවද වෙන්නේ? ආයෙ නම් කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා. මේවට වගකියන්න ඕන කවුද?

:       0       0

මහජනයා Wednesday, 15 February 2012 04:27 PM

මේ ළමයන්ට පමණක් නෙව මුළු අනාගත පරම්පරාවටම බුදු සරණනේ පිහිට ලැබේවා!

:       0       0

ශාන් - සෞදි අරාබි Wednesday, 15 February 2012 04:34 PM

මේ එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකු මියයාමට වග කිව යුත්තෙ පන්දාහක් දෙනා කුපිත කල අය. මියගිය ධීවරයාගේ දරු දෙදෙනා අද අසරණය පන්දාහක් දෙනා කුපිත කල අය මේ දරු දෙදෙනා බලාගණිද . පෙළපාළිකරුවන් මෙය වටහා ගත යුතුයි.

:       0       0

හලාවත කෙනෙක් Wednesday, 15 February 2012 04:36 PM

රජයට තිබුන්නැද්ද තෙල්මිල ඉහල යන්න කලින් සහනාධාර සඳහා වැඩ පිලිවෙලක් හදලම ඒක කරන්න.

:       0       0

ඒ ජේ සේනාවිතාන Wednesday, 15 February 2012 04:44 PM

රටක් රාජ්‍යයක් ඉල්ල නෙමේ මේ අය උද්ගෝෂනය කළේ...

:       0       0

කසුන් කුමාර Wednesday, 15 February 2012 05:15 PM

ලාම්පුතෙල් හා ඞීසල් සහනාධාර ඉල්ලමින් පෙළපාළි කිරීම වැරදිනම්,මිනිස්සුන්ට උහුල ගන්න බැරි තරම් තෙල් මිල ඉහල හරිද...

:       0       0

තවත් කොල්ලෙක් Wednesday, 15 February 2012 05:38 PM

මොකවත් වෙන්නේ නැහැ කොල්ලෝ . ඒ අයගේ දුක ඒ අයටම නැති කරගන්න වෙනවා . ඊලග ඡන්දෙදි අපි හැමෝම අයෙත් රැවටෙනවා . ඉවසන්න බැරිතැන පාරට බහිනවා . අයෙත් එකෙක් දෙන්නක් මැරෙනවා . අහිංසක දරුපවුල් අනාත වෙනවා . දුප්පතා හැමදාම දුප්පත් , දේශපාලකයෝ හැමදාම පොහොසත් . ඕක තමයි ඇත්ත .

:       0       0

නාලක Wednesday, 15 February 2012 06:03 PM

මේ රට දැන් පොඩි මිනිස්සුන්ට අයිති නෑ..

:       0       0

අනුර Wednesday, 15 February 2012 06:13 PM

දරුවන්ට මෙවන් දුකක් දෙන්න එපා. මේ දරුවො අපි හැමෝගෙම දරුවො විදියට හිතනව නම්.. ආරක්ෂක අංශයටත් එසේ හිතන්න නුවන පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

:       0       0

nafri Wednesday, 15 February 2012 06:23 PM

ජීවිතවලට වඩා වටින දෙයක් තියනවද?

:       0       0

දයාන් තිලින කුමාර Wednesday, 15 February 2012 06:24 PM

ආණ්ඩුව ඉන්දන මිල ඉහල දමා ඉන් නැගෙන ජනතා විරෝදය මැඩ ලීමට මිලිටරි ය යොදා ගැනීම ප්‍රජාතන්ත්‍ර වාදයට ගැසූ කනේ පහරක් !

:       0       0

අමිල විජේසිංහ Wednesday, 15 February 2012 06:25 PM

අදාල අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේන්න..

:       0       0

අමල් සමරවීර - මාලදිවයින Wednesday, 15 February 2012 06:30 PM

මේ දරුවා අඬන්නේ ටික වෙලාවකට නෙවෙයි. ජීවිත කාලෙටම. පුංචි දරුවන්ට මේ විදියට අඬන්න සිද්ධ කරන්න එපා.

:       0       0

චතුරංග Wednesday, 15 February 2012 06:41 PM

මෙහෙම දේවල් කරලා රටක් හදන්න බෑ..

:       0       0

නලින්ද Wednesday, 15 February 2012 07:45 PM

දැන්වත් කරන්න පුලුවන් කෙනෙකුට දෙන්න..

:       0       0

ජගත් කුමාර Wednesday, 15 February 2012 08:05 PM

සමාදානයේ සැතපේවා සොයුර !!!

:       0       0

සුජීව Wednesday, 15 February 2012 08:07 PM

රටකට ගිය කලක්..

:       0       0

රුවන් Wednesday, 15 February 2012 08:11 PM

වෙඩිතිවලා ප්‍රශ්න විසදන්න එපා. අහංසක ළමයින්ට අනාගතයක් නැතිවෙනවා දෙමව්පියො නැති වුණාම..

:       0       0

කොරියන් ශ්‍රීලාංකිකයන් Wednesday, 15 February 2012 08:18 PM

පොලීසියත් මනී මරණවද?

:       0       0

මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Wednesday, 15 February 2012 08:40 PM

රජය රුපියල් කෝටියක් දුන්නත් මේ ළමයින්ට තාත්තව සල්ලි වලට ගන්න පුළුවන්ද?

:       0       0

මලින්ද Wednesday, 15 February 2012 08:51 PM

මේ පුOචි ලමයින්ට කාගෙ සරනද?ඈයි මේ මිනිස්සුන්ට හිතන්න බෑරි මට මෙහෙම උනොත් මගේ දරුවො අසරනවෙනව වගේම,අනෙකගෙ දරුවොත් අසරණ වෙනව කියල.

:       0       0

ජගත් Wednesday, 15 February 2012 09:04 PM

කවුද මේ අපරාධෙ කළේ?

:       0       0

කැලණි Wednesday, 15 February 2012 09:08 PM

අහින්සක දාරුවො මහාපරේ, මෙයාලට ඔනෙ බලෙ ඉන්න මිසක් මිනුසුන්ට සෙවය කරන්න නෙමේ.

:       0       0

ls me Wednesday, 15 February 2012 09:37 PM

මගෙ ජීවිතයේ දැකපු දුක හිතෙනම ඡායාරූපයක්. මේ අහිංසක දරුවන්ට කාහේ පිහිටක්ද?

:       0       0

අසංක Wednesday, 15 February 2012 10:17 PM

ඔබ ඔය වෙඩි තියන්නේ සැමගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයටයි..

:       0       0

හලාවත පාඨකයෙක් Wednesday, 15 February 2012 10:20 PM

මේ දරු 2දෙනාට පිහිට වීම රජයේ යුතුකමක්

:       0       0

waikkala Thursday, 16 February 2012 02:00 AM

වෙඩි තියපු අයගේ බයික් වලට ගහන ඉන්ධනවල මිලත් අඩුකරන්න කියලයි මෙයාලා පාරට බැස්සේ..

:       0       0

රවීන්ද්‍ර Thursday, 16 February 2012 02:52 AM

ඇයි දුප්පත් මිනිස්සුන්ටම මේ වගේ දේවල් කරන්නේ?

:       0       0

ටෝනි නිශාන්ත Thursday, 16 February 2012 03:45 AM

මේ වගේ සිදුවීමේ තරයේ ප්‍රතික්ෂේප කරනවා.. මිලානෝ - ඉතාලිය

:       0       0

සනේෂ් Thursday, 16 February 2012 06:54 AM

කවුද මේකට වග කියන්නේ?

:       0       0

දක්සින Thursday, 16 February 2012 07:04 AM

අපේ රටේ ජනතාව මීට වඩා දැඩි තීරණයක් ගත යුතුයි

:       0       0

හලාවත ‍ප්‍රියන්ත Thursday, 16 February 2012 07:12 AM

පියතුමනි, ඔබගේ මෙහෙය උත්තරීතරයි.

:       0       0

සම්පත් ශ්‍රී Thursday, 16 February 2012 07:45 AM

දැන් මේ ආන්ඩුව කොයි පාරෙද යන්නේ?

:       0       0

නිලන්ත Thursday, 16 February 2012 07:56 AM

දුක දන්නේ නැති අය.. මිනී මරලා වන්දි දෙන රටක් වෙන නැතිව ඇති..

:       0       0

සංජීව Thursday, 16 February 2012 08:02 AM

සත්‍ය සෑමදා යටපත් කල නොහෑක. මේ අහිංසක පොඩි අය දෙන්නාගේ අනාගතය විනාශ කිරීමට අනදුන් අයට මේවා පඩිසන් දෙයි..

:       0       0

දයානාත් විජේසිංහ Thursday, 16 February 2012 08:12 AM

හරිම දුකයි මේ දරුවන්ගේ පින්තූරය දැක්කම..

:       0       0

ප්‍රියන්ත Thursday, 16 February 2012 08:21 AM

හිත හදාගන්න කියන්න තමයි තියෙන්නේ.. තාත්තාව මැරුවෙ ආශ්චර්යට එය බාධාවක් නිසා..

:       0       0

කොඩිතුවක්කු Thursday, 16 February 2012 09:26 AM

මිනිසුනේ දැන්වත් පටු බේද අතඇරලා නැගී සිටින්න..

:       0       0

ප්‍රසන්න සංජීව Thursday, 16 February 2012 09:33 AM

මේක කරපු අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන්න ඕන.. පව් අපි වෙනුවෙනුයි නැති වුණේ..

:       0       0

ගාල්ලේ කොල්ලෙක් Thursday, 16 February 2012 09:38 AM

අලුත්ම ක්‍රමය වෙලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න අහන අයත් නෑ. කියන අයත් නෑ. පාරට බැස්සාම ගහනවා..

:       0       0

මංජුල Thursday, 16 February 2012 09:55 AM

දෙවියො කියල කෙනෙක් ඉන්නවද කියලා සැකයි.. නැත්නම් මේ වගේ අපරාධ වෙන්නේ කොහොමද? මේ ළමයින්ගේ ඇස් දෙකෙන් වැටෙන කඳුළු බින්දුවක් ගානේ පඩිසන් දෙන්න ඕන..

:       0       0

විශ්‍රාමික පොලිස් පොඩ්ඩෙක් Thursday, 16 February 2012 09:56 AM

පොලිසියේ මෙවැනි නිලධාරීන් සැමටම අගෞරවයක් මොවුන් වහාම පන්න දමන්න. දැඩි දඬුවම් දෙන්න

:       0       0

චූටී හැඩකාරයා Thursday, 16 February 2012 10:27 AM

දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් ප්‍රජාතාන්ත්‍රිකව පාලනය කරන්න කියලයි..

:       0       0

DS Thursday, 16 February 2012 11:26 AM

ආරක්ෂක සේවයේ සොයුර, සොයුරියනි, පසුපස හෑරී මදක් බලන්න. ඔබට පිටුපස සිට අණ දෙන්නේ තෙල්, ගෑස්, විදුලි බිල් ඉහල දැමීමට වගකිවයුතු අයම නේද?

:       0       0

සුමන මානඩුව Thursday, 16 February 2012 04:45 PM

හමුදාවෙ සහ පොලීසියෙ සූරයනි, එදා ඔබට රැක දෙන ලෙස දෙවියන් යදපු ජනතාව රැකගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 738 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1956 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 412 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 161 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 181 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1526 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 28 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site