IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හුවාහින් දුම්රිය පොළේ රාජකීය විවේකාගාරය

2016-11-26-ent-13

ජනතාවට එදිනෙදා ගමනාගමන පහසුකම් සපයා ගැනීමට තිබෙන දුම්රිය ස්ථානයක් සංචාරකයින් පිනවන ආකර්ෂණීය නැරඹුම් මධ්‍යස්ථානයක් වුවහොත් එය කෙතරම් අපූරුවට තියෙයිද? මගී ප‍්‍රවාහනයෙන් ඔබ්බට ගොස් ආකර්ෂණීය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් මේ අපූරු දුම්රිය මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ තායිලන්තයේ ය.

බැංකොක් අගනගරයේ සිට කිලෝමීටර් 200ක පමණ දුරකින් පිහිටි හුවාහින් නගරය එරට ප‍්‍රසිද්ධම සංචාරක මධ්‍යස්ථානයකි. හුවාහින් නගරය සංචාරකයින් අතර වඩාත්ම ආකර්ෂණයට ලක්ව පවතින්නේ මේ අපූරු දුම්රිය ස්ථානය නිසාය.

තායි දකුණු දිග දුම්රිය මාර්ගයේ අංක එකේ දුම්රිය ස්ථානය ලෙස හැඳින්වෙන හුවාහින් දුම්රිය ස්ථානය තායිලන්තයේ සේම මේ වන විට මුළු ලෝකයේම ජනප‍්‍රියම දුම්රිය ස්ථානය වශයෙන්ද වාර්තා ගත වී තිබේ.

පසුගිය දා අභාවප‍්‍රාප්ත තායිලන්තයේ භූමිබෝල් අදුල්යාතේජ් රජු ගිම්හාන කාලය විවේකිව ගතකරන රජ මාලිගයද හුවාහින් දර්ශනීය මුහුදු තීරය අද්දර පිහිටා තිබෙන අතර ඒ හේතුවෙන් මෙන්ම රජුගේ විවේකය සඳහා ඉදිකෙරුණු රාජකීය දුම්රිය විවේකාගාරයක් සහිත දර්ශනීය ගොඩනැගිල්ල නිසාද හුවාහින් දුම්රිය ස්ථානය බෙහෙවින් ප‍්‍රසිද්ධව පවතී.

වර්ෂ 1911 දී අරඹන ලද හුවාහින් දුම්රිය ස්ථානය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන්නේ 1940 වසරේදීය. 1967 වසරේදී එවකට තායිලන්තයේ රාජ්‍ය දුම්රිය අමාත්‍යවරයාව සිටි කර්නල් සියන්ග් චූලාචෙරිට් මහතා විසින් රාජකීය දුම්රිය විවේකාගාරය ඉදිකරනු ලැබීය. මෙය ‘‘ප‍්‍රා මොන්කුට් ක්ලැමේ’’ නමින් නම්කර ඇත.

එම කාලයේදී මෙම දුම්රිය ස්ථානය අලංකාර කිරීම පිණිස භාවිතා කළ තද රෝස පැහැය සහ ක‍්‍රීම් වර්ණය හේතුවෙන්ම හුවාහින් දුම්රිය ස්ථානය බෙහෙවින් ජනප‍්‍රිය වූ අතර අද වන විට එම වර්ණයන් හුවාහින් නගරයේ මංමාවත්වල විවිධ නාම පුවරු මෙන්ම රාජ්‍ය ගොඩනැගිලිද වර්ණ ගැන්වෙන පොදු වර්ණයක් බවට පත්ව තිබීම විශේෂ කරුණකි.

 

2016-11-26-ent-12

දිනපතාම විදෙස් සංචාරකයින් දහස් ගණනක් මෙම ස්ථානය දැකබලා ගැනීම සඳහා පැමිණෙති. එහි අපූරු වර්ණවත්භාවය, පිරිසිදුභාවය සමග ඡුායාරූප සඳහා තිබෙන අලංකාර පසුතලය හැරුණු විට වෙන කිසිදු විශේෂත්වයක් එහි දක්නට නොමැත. නමුත් වර්තමාන ලෝකයේ සංචාරක ප‍්‍රවර්ධනය සඳහා ගැලපෙන දේ ප‍්‍රවර්ධනය කොට ඒ පිළිබඳව මුළු ලොවටම ප‍්‍රචාරයක් ලබාදීමට තායි රජයේ සංචාරක අමාත්‍යාංශය ගන්නා වෙහෙසේ ප‍්‍රතිඵලයක් ලෙස හුවාහින් දුම්රිය ස්ථානය හැඳින්විය හැකිය.

මේ අදහස පෙරදැරිව මේ අපූරු දුම්රිය ස්ථානය නැරඹීම සඳහා සවාරි සංචාරක සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි නාලක කරුණාකලගේ මහතා අපව රැගෙන ගියේ බැංකොක් නුවර සිට ඒ සඳහා ඇති අධික දුර ද නොසළකමිනි. ඒ ඔහු තායිලන්තයේ විසුවද ශ්‍රී ලාංකිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට දක්වන අතිමහත් කැමැත්ත නිසා ම ය.

‘‘වසරකට තායිලන්තයට ලක්ෂ දෙසීයකට වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් ඇදිලා එන්නේ තායි ජාතිකයෝ තම රට ලෝකයට මාර්කටින් කරන්න තියෙන නිර්මාණශීලි දක්‍ෂ පිරිසක් නිසයි. අපේ රටේ තිබෙන ඇල්ල, බණ්ඩාරවෙල, ඔහිය, ඉදල්ගස්හින්න, දෙමෝදර, බදුල්ල, නානුඔය, මහනුවර, පේරාදෙණිය දුම්රිය ස්ථාන හුවාහින් දුම්රියපොළට වඩා කොච්චර ලස්සනද? අදටත් මේ දුම්රිය ස්ථාන හරහා විදේශිය සංචාරකයෝ ගමන් කරනවා. මේ දුම්රිය ස්ථාන හරිම අපිරිසිදුයි. ඒවගේම අක‍්‍රමවත්. මේ ස්ථානවල පිරිසිදු බව ඉහළ නංවලා, අපේ රටට ගැලපෙන ආකාරයට අලංකාරවත් විදිහට සකස් කළොත් හුවාහින්වලට වඩා මුළු ලෝකයේම ප‍්‍රසිද්ධ වෙයි. ඒ සඳහා නිර්මාණශීලි මිනිස්සු අපේ රටේ නැද්ද? ‘‘මේ නාලක මහතා අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ බලධාරින්ට යොමුකළ ප‍්‍රශ්නයයි. මේ අපූරු දුම්රිය ස්ථානය හා වැඩිදුර විස්තර , "Savaritravels.com", වෙබ් අඩවියෙන් බලා ගැනීමට පුළුවන.

 

සටහන සහ ඡායාරූප - පුෂ්ප කුමාර ජයරත්න

2016-11-26-ent-19
KONICA MINOLTA DIGITAL CAMERA
2016-11-26-ent-16
2016-11-26-ent-15
2016-11-26-ent-14



අදහස් (0)

හුවාහින් දුම්රිය පොළේ රාජකීය විවේකාගාරය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1600 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 509 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 191 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 131 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 87 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site