කැලණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් ඉහළ උසාවියේ නඩු පැවරීම සඳහා සියලු ගොනු නීතිපතිවෙත යොමුකිරීමට අවසර දෙන්නැයි රහස් පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන මහතා මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවියගෙන් අද ඉල්ලීමක් කළේය.
පළමු, දෙවැනි සහ තෙවන සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අර්ශ කුලරත්න මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි නීතීඥ කැළුම් කුමාරසිංහ මහතා පැවසුවේ තුන් වැනි සැකකරු සමග අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථය සැකකරුට අයත් නොවූවක් බවයි. එය විනීතා එදිරිසිංහ නම් කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවත්, එබැවින් එම ත්‍රීරෝද රිය නිදහස් කරන ලෙසත් නීතීඥවරයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.
එම ත්‍රීරෝද රිය රඳවා තබා ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්කි තිබේද යන්න ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසිය නියෝග කළාය.
සුජීව රංග කුමාර පෙරේරා, අයේශ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන පළමු, දෙවැනි සහ තෙවැනි සැකකරුවෝ මැයි 16 වැනි දින දක්වා නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් සහ ඩබ්ලිව් පී සමන් නිශාමන් මීට පෙර මහාධිකරණයේ නියමය පරිදි ඇප ලදහ.
විදේශ ගතව සිටින හය වැනි සැකකරු දොන් ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි ,
හරි ඉතින්. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු (නි)
මෙම නඩුවේ ප්‍රමානවත් සාක්ෂි නොමැති බැවින් ත්‍රී රෝද රථය වරදකරු බවට පත්කළා නම් හොද නැද්ද? මම කිවුවේ මට තේරෙන හැටියට. (නි)
තරාතිරම එපා දඩුවම තමයි (දී)
වරදට දඩුවම
මොකද්ද ඒ ප්‍රශ්නය
අයියෝ සල්ලි
අනේ! නිදහස් කරලා දමන්න. අපිටත් ඕවා අහලා ඇගේ ලේ ටික රත්වෙනවා. අපිට කියන්න වචන නැහැ මේවට. (නි)
ඕකත් එහෙනම් ඉක්මනටම ඉවරයි. (ස)
මොනවද මේ වැඩ (දී)
වලි කාගෙන, නීතිපතිවරයෙක් පත්කරගත්තෙ ඉන්න බැරුවට නෙවෙයිනෙ. අනේ කාලේ වනේ වාසේ කීවලු.(නදී)
මම හිතාගෙන හිටියේ ඒ නඩුව ඉවරයි කියල නේ ... (නි)