IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


හිස්බුල්ලා හමුවන්න නීතිඥවරුන්ට අවස්ථාව තියෙනවා

 
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීමට , ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවත් , එම ප්‍රවේශයන් ලබා දිය හැකි  දින වකවානු පිළිබද  හෙට (15) දින අධිකරණයට නිල වශයෙන් දැනුම් දෙන බව නීතිපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
 
දැනට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීමට , ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් අද  අභියාචනාධිකරණය හමුව් කැදවූ අතර එහිදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මෙම දැනුම් දීම සිදු කරන ලදී

ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි.
 
මෙම පෙත්සම   කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණයට දන්වා සිටියේ  පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස්  හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරැණු දක්වමින් කියා සිටියේ අත්අඩංගුවේ පසු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඉකුත් 

සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.
 
අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමු වී උපදෙස් ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ලිපි 10 ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුනත් ඒ සඳහා අවස්ථාව නොලැබුණු බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ  අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අවස්ථා හතක දී පමණ ඔහුට නීතිඥවරු හමුවීමට අවස්ථාව ලබා දී ඇති බවත් , ඔහුව හමුවීම සඳහා නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දීම අහිමි කර ඇති බවට මෙම පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා පිලිගත නොහැකි බවත්ය.
 
 
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු ආසාදිත තත්ත්වයකට පත්වූ අතර,  තවත් නිලධාරීන් 400 ක් පමණ නිරෝධානයට යොමු කෙරුණු බව පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ හේතුවෙන් පසුගිය දිනවල සැකකරුවන් හමුවීමට ප්‍රවේශය සලසාදීමේ ක්‍රියාදාමයේ කිසියම් අඩාල වීමක් සිදු වූබවද කියා සිටියේය.
 
එහෙත් මේ වන විට  තත්ත්වය පාලනය කර තිබෙන හෙයින් අත්අඩංගුවේ පසුවන නීතීඥවරයා  හමුවීම සඳහා අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා  අධිකරණය හමුවේ කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් , මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයිද අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ විරෝධතා මතු කරමින්  ඉල්ලා සිටියේය.
 
 
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට දිනයක් සහ වේලාවක් ලබා දීමට සූදානම් නම් තමා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට ක්‍රියා නොකරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

එහිදී අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේ අත්අඩංගුවේ පසු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගෙන් නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දිය හැකි දිනය සහ වේලාව අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
 
එම ප්‍රවේශයන් ලබා දිය හැකි  දින වකවානු පිළිබද අද (15) දින අධිකරණයට නිල වශයෙන් දැනුම් දෙන බවද අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා විනිසුරු මඩුල්ලට දන්වා සිටියේය.
 
 
ඒ සදහා පෙත්සම අද (15)  දින යළිත් කැඳවන ලෙසද  අභියාචනාධිකරණය නියම කළේය

නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඔහුගේ නීතීඥ චලන පෙරේරා මහතා  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති .
 
 
පෙත්සමින් සඳහන් කර ඇත්තේ දැනට රැදවුම් භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථාව සලසා දී නොමැති බවය.
 
 
අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමුවීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ ද ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද පෙත්සමේ වැඩිදුරටත් සදහන් වේ.
 
ඒ අනුව අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ප්‍රවේශය ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙසද පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී.
 

 



අදහස් (2)

හිස්බුල්ලා හමුවන්න නීතිඥවරුන්ට අවස්ථාව තියෙනවා

Kamal Koyrala Tuesday, 15 December 2020 05:30 AM

හිස්බුල්ලා මහත්තයත්, නීතීඥයෙක්, ඔහුත් ඔහුගේ නඩුවටම කතා කරන්න පුලුවන්... නැතිනම් අරමුදලේ ඇති කෝටි ගණන් නිදහස් කරලා නිදහස් වෙලා ඇමැති කමකුත් ලබාගන්න පුළුවන්...

:       0       2

MOHOMED Tuesday, 15 December 2020 01:21 PM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඔක්කොම ජනාධිපති, අගමැති අහිංසක මිනිහෙක්... මෙක තමයි ලංකාවෙ නීතිය... ලැජ්ජයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 217 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 812 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 542 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 220 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 840 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 197 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site