ශ්‍රි ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය දුර්වල නිසා ජිනිවා යෝජනාවෙන් ශ්‍රී ලංකාව පැරදුන බව හෙළ උරුමයේ නායක ඔමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශයට පිළිතුරු විදේශ ඇමති ජි එල් පිරිස් මහතා ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රොඩ්නි පෙරේරා ලංකාදිප එසැණටපැවසීය.
ඒ සමගම රෝම තානාපති කර්යාලයයේ නිළධාරි හිගය ගැන විමසීමේදි ඔහු කියා සිටියේ තව දින කිහිපයකින් අලුත් නිලධරයින් රෝමයට එවන බවයි. මාස කිහිපයක මුළුල්ලේ සිට රෝම තානාපති කාර්යාලයයේ නිලධාරින් හතර දෙනෙකුගෙ හිගයක් පවති. රෝම තානාපති කර්යාලයේ ඉදිරිපස කවුළු වල ලියවිලි බාරගන්නා ඇතැම් නිළධාරින්ගේ ක්‍රියා කළාපය නිසා තමන් බොහෝ අසරණ වී සිටිතියි ඉතාලියේ පදිංචි ශ්‍රි ලාංකිකයෝ බෙහෝ අවස්ථාවල ලංකාදිප එසෑණට පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මහත්තයෝ (දී)
අනේ තරහා ගන්න එපා ඇමතිතුමනි. හෙළ උරුමයේ කතාව හරි. (නි)
ලියකියවිලි ප්‍රශ්න කියන්නේ පාස්පෝට් සහ වීසා ප්‍රශ්න. මෙය නිරවුල් කරන්න ආගමන විගමන ශාඛාවක් තානාපති කාර්යාලයේ අරින්න වෙයි.(නදී)
ඉතා හොදයි (දී)
මමත් කියන්නේ ලංකාවේ ආර්ථිකය දුරුවල නිසා නොවෙයි (දී)
අපිට පිළිතුරු වැඩක් නැහැ. වැඩයි ඕනෑ. අපිට සාධාරණයක් කරන්න (නි)
පැරිස් කාර්යලටත් හොඳ කෙනෙක් එවන්න. මේ අයගේ යන්න කාලය හරි උනත් පන්දන් බලෙන් කාලය දිග කරගෙන ඉන්නවා.ඇමැතිතුමනි කරුණාකරලා මේ අයව ලංකාවට ගෙන්න ගෙන හොද අයව එවන්න.(නදී)
තමන්ගේ ස්ථාවරය කියන එක කාගේත් අයිතියක් (දී)
මේකෙ ඉන්න සමහර ඔළුව මාරුකරපු පාස්පෝට් වල අයිතිකාරයින්ට ඔළුව දෙන්න පුළුවන් තරමේ නිළධාරියෙක් ආවොත්? (නි)
තානාපති කාර්යාල වල ඉන්න බහුතරය ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
මෙතන එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක්‍රියාත්මක වෙන්නේ තවත් එක් යටත්විජිතවාදයක්. (නු)
ලොකු එකාගේ පටන් පොඩි එකා දක්වාම හොරකම් කරන රටක මේකත් ලොකු කජ්ජක්ද? (නි)
දැන් මොකද්ද ඇත්ත නැත්ත (දී)
ලිපිලේඛන බාර ගැනීම හා මුදල් එකතු කිරීම ඉක්මනින් කරන අතර, අන්තර්ජාලයටද සම්බන්ධ කළා නම් කොලඹ ඉදන්ම දවසේ එකතුව බලා ගන්න හැකි වෙනවා.ඒ ක්‍රමය වඩා පහසුයි. (නි)
මොන පිළිතුරු දුන්නත් විදේශ ප්‍රතිපත්තියේ දුර්වලකම් ගැන අපි දන්නවා. (නි)
අපෝ තානාපති කාර්යාල වල වැඩ ගැන නම් ඔබ තුමා කතා කරන්න එපා. ඔබ තුමා බුද්ධිමත් වගේම උගත්. නමුත් ඔබ තුමා වටේ ඉන්න නුගත්තු රැසක්.(නදී)
එතුමාගෙන් දැනගන්න කැමැතියි තානාපති කාර්යාලවල වැඩ පිළිවල ප්‍රගතිය, නිතිපතා විමර්ශනය කරනවාද කියලා.(නදී)
පිළිතුරු අවශ්‍ය කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන්. අපේ තානාපති සේවය ඇත්තටම කඩා වැටිලා.(නදී)
අපේ කඩා පනින හමුදාවට වැඩේ භාර දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයිනේ. (නි)