මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීක දෙමාපියන්ගේ දරුවන් විසින් තෙවැනි වරටත් කරලියට ගෙන එනු ලබන ‘‘හෙළ දරු වරුණ‘‘ සංස්කෘතික කලා මංගල්‍යය අප්‍රෙල් 21 වැනි සෙනසුරාදා සවස ලන්ඩන් නුවර හොවුන්ස්ලෝ ලැම්ටන් පාසල් ශාලාවේදී නොමිලයේ වේදිකාගත වීමට නියමිතය. එංගලන්තයේ ජීවත්වන ලාංකික සිසුන් ජාතික ඇඳුමින් සැරැසී මුල සිට අග දක්වාම හෙළ බසින් පමණක් මේ ප්‍රසංගය ඉදිරිපත් කරන බවත් වන්නම්, වෙස් නැටුම්, ගිරි දෙවි සමගින් ජන කමි, ජනගායනා, වේදිකා නාට්‍යය , ජවනිකා, ළමා ගීත, ගැමි නැටුම් ඇතුළු තවත් බොහෝ අංග කරලියට ගෙන එන බවත් සංවිධායකයෝ කියති.
වයස අවුරුදු 3 සිට 18 දක්වා දූ දරුවෝ සියයකට අධික ප්‍රමාණයක් ඊට එක් වෙති.
2007 දෙසැම්බරයේ දීත්, 2009 ඔක්තෝබරයේදීත් මෙවැනි කලා උළෙල පැවැත්විණි.
නර්තන ආචාර්යය ඒ. පී. අත්තනායක සමග රසිකා කුමාරගේ සහ මධුකා මාරසිංහ නර්තනාචාරිනියෝ වෙති.
දේශීය ආහාර පාන සංග්‍රහයක් ද තවත් විශේෂාංග, දේශීය ආරකට හුරු ඇඳුමකින් සැරැසී පැමිණෙන ලෙස සංවිධායක කමිටුව ආයාචනා කරයි. ස්වර්ණා වීරසිංහ මහත්මිය ද කමල් අභයතිලක සහ විජේරත්න බණ්ඩාර මහත්වරුද සංවිධාන කමිටු සාමාජිකයෝය. හෙළ දරු වරුණ සංකල්පය සහ ප්‍රධාන සංවිධායකත්වය ලන්ඩනයේ වෙසෙන ආසිරි බණ්ඩාරයන්ගේය.
204
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හෙළ කලා උළෙලක් ලන්ඩනයේ
ධම්මික Friday, 30 March 2012 07:28 PM
බොහොම අගේ කළයුතු වැඩක්. ඔබ සැමට තව තවත් දිරිය ලැබේවා.
චානක ද සිල්වා Friday, 30 March 2012 09:24 PM
මෙය ප්‍රචාරය කරන්න උත්සාහ ගන්න කියා මම එසැණ කර්තෘ මණ්ඩලයෙන් ඉල්ලනවා. මා සතුව සිංහල අකුරු හෝ සිංහල යතුරු පුවරුවක් නැහැ. මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම විශිෂ්ඨයි. මේ ළමයි පවා ගොඩ සුද්දන් බවට පත්වෙලා. ඔවුන්ට තමන්ගේ මව් භාෂාව කථා කරන්න බැහැ. ජීවත්වන්නේ එංගලන්තයේ. අපේ සංස්කෘතිය ඔවුන්ගෙන් ගිලිහී යනවා. එංගලන්තයේ ඉන්න අපේ සිංහල ළමුන්ගෙන් මව් භාෂාව ඈත්වෙනවා. අපි පාසල් ගිය කාලයේ කියපු සැබෑ ගොඩසුද්දන් බවට ඔවුන් පත්වෙලා.
පූජ්‍ය වගේගොඩ සීලානන්ද හිමි Friday, 30 March 2012 11:33 PM
අනිත් රටවල දරුවන්ටත් මග පෙන්වීමක්. ඔබ සැමට තෙරුවන් සරණයි.
ලකී ගනේවත්ත. Saturday, 31 March 2012 12:28 AM
හෙළ බස ,හෙළ සිරිත රැකුනොත් තමයි හෙළබිම රැකෙන්නේ. මෙවැනි උදාර කටයුතු වල යෙදෙන ඔබ සැම ලක් මවුගේ උතුම් දරුවන් ලෙස අපේ ආශීර්වාදයට හිමි කරුවෝ වම්හ.
සමන්ත ඒකනායක Saturday, 31 March 2012 03:52 AM
අපේ රටේ දේවල් අමතක කරලා වෙනත් සංස්කෘතීන් බදාගන්න දඟලන ඇත්තෝ අපේම රටේ ඉන්න යුගයක බටහිර රටක ඉඳලා අපේ දේ අපේ අනාගත පරපුරට කියා දීම ඉතාම විශිෂ්ටයි. කෙනෙක් යමක් අලුතින් කරනවාට සහ සිතනවාට අකමැති පිරිසකුත් අපි අතරේ ඉන්නවා වගේම ඔය දේවල් වලට අකුල් හෙලන්නට බලාගෙන දේශප්‍රේමී ලේබලය බොරුවට නමට විතරක් අලවගත්තු පිරිසකුත් බලා ගෙන ඉන්නවා. ඒ ගැනත් කල්පනාකාරීව හිතලා සියලු බාධක ජය ගෙන ඉදිරියට යන්නට ආසිරි බණ්ඩාර මහත්මා ඇතුළු පිරිසට ජය ප්‍රාර්ථනා කරනවා....
anura silva from glasgow Saturday, 31 March 2012 05:01 PM
ආසිරි බණ්ඩාර මහත්මා ඇතුළු පිරිසට තව තවත් දිරිය ලැබේවා.