අඩි 70 ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු නව හැවිරිදි නැගනිය බේරාගැනීමට 13 හැවිරිදි අයියා සමත් විය.
නැඟනිය ළිඳට වැටී පළමුවරට උඩට මතු වන විටම ඇය බේරා ගැනීමට මේ පුංචි විරයට හැකි විය.
මෙම කතාව ඇසෙනුයේ හලාවත අතුවන ගමෙනි. සිංහල අවුරුදු දා නාන්ට ළිඟට ගිය අචිනි ධනංජය දැරිය ද ඇය බේරා ගැනීමට ළිඳ බට නිපුන් ධනංජය ද දිවි බේරා ගත්තේ මහා හාස්කමකින් යැයි වැඩි හිටියෝ කියති.
මේ දෙදෙනාගේ පියා අජිත් පුෂ්ප කුමාර මහතා (42) පෞද්ගලික බස් සේවකයෙකි.
ඔවුන්ගේ මව දයානි අමරසේනයි. ඔවුනට දරුවෝ තිදෙනෙකි.
වැඩිමහල් පුත් නිපුන් මහගම මහවිදුහලේ නවවැනි පෙළේ උගනී.
අවුරුදු දා මව අවුරුදුදට සූදානම්වෙමින් සිටියායා. පියා සිය මෝටර් සයිකලයෙන් වෙළෙඳ පොළට ගියේය. දරු තිදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.
අචිනි ළිඳට ගියාය. ඇය නාමින් සිටියදී ළිඳට වැටුණාය. නිපුන් ඒ බව දුටුවේය. ඔහු කෑ ගැසුවේය.
නංගී ළිඳට වැටුණු බව කියා මුළු වැර යොදා කෑ ගැසුවේය. ඒ සමගම ළිඳේ කඹය අසල ගසක ගැට ගැසුවේය.
කඹේ දිගේ වහා ළිඳට බැස්සේය. පතුලක් නොපෙනෙන ළඳට වැටුණු නංගි ගිලෙමින් සිටි බව ඔහු දැක්කේය. ඒත් ඔහු කලබල වූයේ නැත.
නංගී වැරේන් අල්ලා ගත්තේය. දෙන්නාම කඹේ එල්ලී සිටියහ. ඒ සියල්ලටම මිනිත්තු 10ක් පමණ ගතවන්නට ඇත.
නංගී බේරාගතත් කඹය දිගේ ගොඩට ගන්නා සැටි නිපුන්ට ප්‍රශ්නයක් විය.
ළිඳට බසින්නට පෙර ඔහුගේ කෑගැසීම ඇසුණු නෑයෝත් අවට වැසියෝ ඒ වන විට ළිඳ වටේ රැස්ව සිටියහ.
නංගී ගොඩ ගන්නා හැටි නිපුන්ට කියා දුන්නේ ළිඳ ළඟට දුව ආ අතුවන නිමල්සිරි හේරත් මහතාය.
නංගීගේ ඉන වටේ කඹය ඔතා ගැට ගසන ලෙස ඔහු නිපුන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඔහු කඹය නංගිගේ ඉන වටේ බැන්දේය. නිපුන් ද දෑතින්ම කඹයේ එල්ලුනේය. ළිං ගැට්ටේ සිටි ගැමියේ අඟළෙන් අඟට කඹය අදිමින දෙදෙනා ගොඩට ගත්තේය. වෙළෙඳ පොලට ගිය නිපුන්ගේ පියා ගෙදර එන විට දරුදෙන්නා ළිඳ ඇතුළේය. කළු ගලෙන් බැඳ ඇති මේ ළිඳට මෑතදී කිසිවකු බැස නැත.
වසර කිහිපයකට සැරයක් ළිඳ ඉසින නමුත් ළිඳට බැස වැඩි වේලාවක් සිටිය නොහැකි බව නිපුන්ගේ පියා පවසයි. හුස්ම ගැනීමට ඇති අපහසුව ඊට හේතුවයි.
ගොඩට ගත් වහාම අචිනි හලාවත රෝහලට රැගෙන යනු ලැබීය.
වතුර ටිකක් පෙවී තිබු ඇය ප්‍රතිකාර ලබා ඊයේ (16) රෝහලෙන් පිටවී ගියාය.
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ළිඳට පැන නංගී බේරාගනී
ජනක Monday, 23 April 2012 03:57 PM
කොහොමද ටිකිරි මොළේ!
ලක්මිණි Friday, 06 July 2012 05:20 PM
නියමයි මල්ලි.ඔයා විශිෂ්ඨයි