IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ළමයින් ගන්න ලක්ෂ 90ක් අරන්

අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව පාසලට ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, එම මුදල් විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පාසලක විදුහල්පතිවරයකු ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.

පෞද්ගලික බැංකුවක ඇති එම ගිණුමට බැර කර ඇති මුදල රුපියල් ලක්ෂ 90කට ආසන්න බවට හෙලිවී ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි සඳහන් කරයි.

පාසලේ පවතින පුරප්පාඩු සඳහා දෙක ශ්‍රේණියේ සිට දහය ශේණිය දක්වා  සිසුන් ඇතුළත් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් විදුහල්පතිවරයා අධ්‍යාපන ලේකම්ට යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පසුගිය අගෝස්තු 26 වැනිදා අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා විදුහල්පති නිර්දේශ යටතේ සිසුන් 91 දෙනකු ඇතුළත් කර ගැනීම අනුමත කරන බව ලිඛිතව විදුහල්පතිට දන්වා ඇත.

දෙක ශ්‍රේණියට සිසුන් 35ක් ද, තුන ශ්‍රේණියට   හතක් ද, හතර ශ්‍රේණියට  හතරක් ද, හත ශ්‍රේණියට   21ක් ද, අට ශ්‍රේණියට  13ක් ද, නවය ශ්‍රේණියට හතක්  සහ දහය ශ්‍රේණියට සිසුන් හතරක්ද ඇතුළත් කිරීම අධ්‍යාපන ලේකම් විසින් අනුමත කැර ඇත.

ඒ අනුව ඇතුළත් කර ගත් සිසුන් බහුතරයකගෙන් එලෙස මුදල් එකතුකර ගෙන ඇතැයි කියති.  එම මුදල ලබා ගෙන ඇත්තේ පාසල් කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුම් අංකය ලබා දී එම ගිණුමට මුදල් බැර කරන ලෙස දන්වමිනි.

අධ්‍යාපන ලේකම්ගේ එම ලැයිස්තුවේ අංක 78 යටතේ සිටින සිසුවා අට බී ශ්‍රේණියට ඇතුළත් කරගෙන ඔහුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අයකර ගෙන ඇති අතර ඔහුගේ මව කටුබැද්දේ පෞද්ගලික බැංකු ශාඛාවකින් එම මුදල කණිෂ්ඨ ආදිශිෂ්‍ය අංගමයේ ගිණුමට බැර කර ඇත. 

 හදිසි අවශ්‍යතාවක් මත එම දරුවා වෙනත් පාසලකට ඇතුළත් කිරීමට දෙමාපියන්ට අවශ්‍ය වූයෙන් එලෙස ලබා ගත් රුපියල් ලක්ෂයක මුදල නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් දරුවාගේ මව පසුගිය සැප්තැම්බර 27 වැනිදා විදුහල්පතිට ලිඛිතව  දන්වා ඇති බවත්, එම මුදල තමා සොයා ගත්තේ ඉතා අමරුවෙන් බව දන්වා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක්  පැවසීය.

ඒ අනුව එම රුපියල් ලක්ෂයක මුදලින් රුපියල් පනස් දහසක මුදලක් නැවත ලබා දීමට විදුහල්පති අනුමැතිය දී ඇත. මේ සිද්ධියත් සමග මුදල් අයකිරීම ගැන තතු හෙළි වී තිබේ.

නීත්‍යනුකූලව පිළිගන්නා ප්‍රධාන ආදිශිෂ්‍ය සංගමයක් තිබියදී කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ නීත්‍යනුකූල නොවූ ගිණුමකට මුදල් බැර කිරීම සම්බන්ධයෙන් සහ තවත් කාරණා කිහිපයකට විරෝධය පාමින් එම විදුහලේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික වරයා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

අධ්‍යාපන ලේකම්ගේ 2008/41 චක්‍රලේඛයේ දෙවැනි වගන්තිය අනුව ආදි ශිෂ්‍ය සංගමයට හෝ වෙනත් සංවිධානයකට හෝ පාසලට ඇතුළත් වෙන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය කර ගත නොහැකි  බව සහ එලෙස මුදල් ලබා ගන්නේ නම් විදුහල්පතිවරුන් එයට වග කිව යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් බවත්  අධ්‍යාපන අමාතයංශයේ උසස් නිලධාරියෙක්   පැවසීය.

 



අදහස් (0)

ළමයින් ගන්න ලක්ෂ 90ක් අරන්

නයන Wednesday, 24 April 2013 10:38 AM

ගාල්ලේ ගැහැණු පාසලක අතේ සතේ නැතිව හිටි ප්‍රාථමිකේ විදුහල්පතිනියක් පහු කාලෙක අත පිරෙන්න වළලු දැම්මා.මම හොදටම දන්නවා. (නි)

:       0       0

ගාමිණි Tuesday, 23 April 2013 08:33 PM

අහිංසක කාර්යාල කාර්ය සේවකයින් , ග්‍රාමසේවක ,සමුර්ධි නිලධාරීන් ,රජයේ ලිපිකරුවන්,පස්සේ එලවන අල්ලස් කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විදුහල්පති වරුන්ගේ පස්සේ එලවන්නේ නැත්තෙ!දෙමව්පියන් ගස්උඩ ,වහල උඩ නගින කන් අධ්‍යාපන ඇමැතිවරයා කට ඇරගෙන බල ඉඳීම ලැජ්ජාවට කරුණක්! (අ)

:       0       0

දයා Wednesday, 24 April 2013 11:31 AM

දිසා‍‍පාමොක්ලා මේ රටේ දැන් නැත්තේ මේක අබුද්ධෝත්පාදක කාලයක් නිසා වෙන්න ඇති. (නි)

:       0       0

චන්දි Tuesday, 23 April 2013 09:46 PM

ලක්සෙට ලාබයි නේ. ගාල්ලේ සමහර තැන්වල හතරකුත් ගන්නවා (නු)

:       0       0

ලලිත් Tuesday, 23 April 2013 10:10 PM

රටට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

සිල්වා Tuesday, 23 April 2013 10:36 PM

රට ආශ්චර්යය කරා යනකොට ඔහොම තමයි. (නි)

:       0       0

සරත් Tuesday, 23 April 2013 10:52 PM

ගාල්ල නගරයේ තියෙන බාලිකා පාසලක තමයි දුෂිතම ක්‍රියා සිදුවන්නේ. අනේ අනිච්චං සංසාරේ..! කොච්චර කිව්වත් කව්ද හොයන්නේ කොල්ලෝ? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 24 April 2013 12:13 PM

අද ලංකාවේ ජාතික පාසලක ළමයෙකුට උගන්වන්න ජාත්‍යන්තර පාසලක වියදමට සමාන වියදමක් දරන්න සිද්ධ වෙලා. ප්‍රයිවට් ටියුෂන්කාරයෝ අධ්‍යාපනයේ රජවෙලා. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 24 April 2013 12:09 AM

මගෙන් ලක්ෂ 2ක් ඉල්ලුවා පාසලේ සංවර්ධනයට කියලා, පළමු පන්තියට දාන්න. (නි)

:       0       0

අමිල එස් මෙන්ඩිස් Wednesday, 24 April 2013 12:23 PM

මේ ගැන නම් කියල වැඩක් නැහැ මොරටුවේ ඉඳල ගල්කිස්ස පාසලකට මාරු වෙච්ච විදුහල්පති තුමෙකුත් ඉන්නවා ඔය වගේ සල්ලි ගරා කන මිනිහව අහුවෙලා අන්තිමේට මිනිහට බ්යි පාස් එකකුත් කරාලු එකෙන් දැන් ඒ විදුහල්පති තුමා ගහපු සල්ලි වලින් තමි බයිපාස් එකත් කරගෙන තියෙන්නේ මොන පරීක්ෂණ කරත් තාමත් නිදහසේ ගරානා පාර මේ විදුහල්පති තුමා කරගෙන යනවා. පාසලේ ආදී ශිෂ්යෙකුගේ පුතෙක් දාගන්න ගිහිල්ලත් සල්ලි ඉල්ලලා තියෙනවා.(නදී)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 24 April 2013 12:47 AM

අද විදුහල්පතිකම කියන්නේ ඇමතිකම් කැලේ. සිතූ පැතු සම්පත් දෙන කප්රුකක් (නි)

:       0       0

මුණසිංහ Friday, 26 April 2013 07:40 AM

සල්ලි ගන්න එක සාදාරන නැහැ . නමුත් සමහර පාසල්වල මාසෙක ලයිට් බිල සහ විවිද ක්‍රීඩා ඇතුළු දේවල් වල වියදම ලක්ෂ ගණනක් වෙනවා. ඒවා දෙන්නා කව්ද? එහෙම නම් ඒවා නවත්තන්න වෙනවා. එහෙම නතර කලොත් එකට මොකද කියන්නේ? ලොකු ගැටලුවක්!(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 24 April 2013 12:36 PM

අපෝ ලක්ෂ 90 ද අරගෙන තියෙන්නෙ? අපේ ගමේ නම් ඕවා සාමන්‍ය දේවල්. දන්නවනෙ ඉතාලියට වැඩියෙන්ම එන ගම මොකක්ද කියලා (නි)

:       0       0

නැතුමී Wednesday, 24 April 2013 12:47 PM

අද කාලේ රජයේ ඉස්කෝල වලට වඩා හොදය පෞද්ගලික ඉස්කෝල (නි)

:       0       0

රාජු Wednesday, 24 April 2013 05:30 AM

මේ කතාව ඇත්ත නම් කසෙන් ගහන්න තියෙන්නේ ගම වටේ එලව එලවා. එහෙම නැත්නම් මේ නඩුව අහන්න දෙන්න තියෙන්නේ බස් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර එල්ලුම් ගස් යවපු නඩුකාර හාමුදුරුවන්ට! (නි)

:       0       0

වරුණ Wednesday, 24 April 2013 08:01 AM

ආශ්චර්යය දොරේ ගලනවා හෝ ගාලා... (නි)

:       0       0

රංජනී Wednesday, 24 April 2013 08:21 AM

විදුහල්පතිලා ඔහොම නම් රටක් හදන්නේ කොහොමද? රැකියාවෙන් පන්නලා දාන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 538 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 735 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 449 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 936 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1743 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 426 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site