IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ෆොන්සේකා දිගටම නවලෝකේ

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට තවදුරටත් නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර  ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) අවසර දුන්නේය. ෆොන්සේකා දිගටම නවලෝක රෝහලේ ඉන්න ඉඩ දෙනවාද නැද්ද පිළිබඳව අද (9) අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහි දී එම විනිසුරු මඩුල්ල ෆොන්සේකා ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ නිර්දේශ ඉදිරිපත් වන තුරු ඔහුට නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දෙමින් ඉකුත් අප්‍රේල් 25 වැනි දා කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නියෝග කෙළේය. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ නව ලෝක රෝහලේ දී විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ ප්‍රතිකාර ගන්නා ඔහුට කොළඹ ජාතික රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත නොහැකි බවයි. නීතිපති වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේ දී ෆොන්සේකාගේ ආරක්ෂාව තහවුරු  කිරීම සම්බන්ධයෙන්  ගැටළු ඇති වන බව බන්ධනාගාර කොමසාරිස් පෙන්වා දී ඇති බවයි. පෙනහළු රෝගයක් හේතුවෙන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ෆොන්සේකා කොළඹ ජාතික රෝහලට  මාරුකර යවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කෙළේ ඉකුත් හතර වැනිදාය.



අදහස් (0)

ෆොන්සේකා දිගටම නවලෝකේ

කුමාරිකා Thursday, 10 May 2012 01:29 PM

සිංගප්පූරු ගිහින් ප්‍රතිකාර ගන්න ඇයි ජෙනරාල් තුමාට අයිතියක් නැත්තේ?

:       0       0

ෂෙරිෆ් - සෞදි අරාබියේ රියාද් සිට Friday, 11 May 2012 03:16 AM

මට මේ ලගදි දකුණු අප්‍රිකානු කළු ජාතිකයෙක් මුණ ගැසුනා මා සේවය කරන ස්ථානයේදී. ඔහු මගෙන් ඇහුවා මොන රටේද කියා. මම කිව්වා ශ්‍රී ලංකාවෙ කියලා. එවිට ඔහු මගෙන් ඇහුවා ජෙනරාල් සරත් ෆොන්සේකාගේ තත්ත්වය කොහොමද කියලා. මම නිහඩ වුණාමයි එවිට ඔහු ප්‍රකාශ කළේ ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ තවත් නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් කියලා.

:       0       0

මාතර මල්ලි Friday, 11 May 2012 03:17 AM

මේවා දකිද්දි අපිටත් තද වෙනවා.මේ උතුම් මනුස්සයෙක්.ඔබට ඉක්මන් සුව!

:       0       0

ඩැනී Thursday, 10 May 2012 04:42 PM

අනෙක් සිරකරුවන් දෙස බැලූ කල ලංකාවේ ඉපදීමත් ලැජ්ජාවට කරුණක් යැයි සිතේ

:       0       0

උපාලි Friday, 11 May 2012 11:52 AM

ඔබට ඉක්මන් සුව!

:       0       0

උපාලි Friday, 11 May 2012 11:56 AM

ෆොන්සේකා මහතාණෙනි, ඔබට ඉක්මන් සුව!

:       0       0

නෙල්සන් Thursday, 10 May 2012 06:04 PM

කොන්ද පණ ඇති වීරයාණෙනි ඔබට ජේසු පිහිටයි

:       0       0

මාධව Wednesday, 09 May 2012 08:15 PM

ශ්‍රී ලාංකිකයින් හැටියට මේ වෙන දේවල් ගැන අපිට නම් ලැජ්ජයි

:       0       0

පෙරේරා Thursday, 10 May 2012 07:06 PM

මේ අයිතිවාසිකම් හිරේ ඉන්න අනික් අයටත් දෙන්න ඕනි

:       0       0

යූ.කේ. Wednesday, 09 May 2012 08:25 PM

තණකොළ නොබුදිති සිංහ පැටවු

:       0       0

පලිරත්න Wednesday, 09 May 2012 08:45 PM

අගවිනිසුරුතුමියට ස්තුතියි.

:       0       0

උමේහා Wednesday, 09 May 2012 09:59 PM

ඉක්මනට සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා

:       0       0

jithmal Thursday, 10 May 2012 07:36 PM

නෙල්සන් තමුන්ගේ කොන්ද පනනැත. පොඩ්ඩක් හොඳට බලන්න

:       0       0

අජිත් Wednesday, 09 May 2012 11:23 PM

ඔබට ජය. ඔබයි අප ගලවාගත් වීරයා.

:       0       0

බුද්ධි Thursday, 10 May 2012 08:01 PM

මෙතුමාගේ හයියෙන් තමයි අපේ කොල්ලෝ දිනුවේ

:       0       0

නෙල්සන් Thursday, 10 May 2012 08:17 PM

දත් එද්දි විදුරුමස් රිදෙනවා

:       0       0

මතුරට Thursday, 10 May 2012 02:15 AM

රට ත්‍රරස්ත වාදීන්ගෙන් බේරා ගැනීමට කොටස්කරුවෙක් වුණ ජනරාල්තුමනි ඔබතුමාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.

:       0       0

දි සිල්වා Thursday, 10 May 2012 03:08 AM

ෆොන්සේකා රෝහලේ. කරුණා, කේපී ආණ්ඩුවේ

:       0       0

කිවි Thursday, 10 May 2012 07:06 AM

නවලෝකෙට එන්න කලින් හිටියේ මොන ලෝකෙද?

:       0       0

නිලන්ත Thursday, 10 May 2012 08:15 AM

නිකං කට තිබුණු පලියට දොඩවන්න එපා. අපිව බේරා ගත් වීරයා කොයි ලෝකෙන් ආවත් අපිට රජෙක් තමයි

:       0       0

ලසන්ත Thursday, 10 May 2012 08:18 AM

සිංහයෙක් වගේ පුද්ගලයෙක්

:       0       0

වසන්ත Thursday, 10 May 2012 08:58 AM

ඔබ සැවොම උසස් පුද්ගලයින්

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 02:43 PM

රට දැය සමය බේරාගත් උතුම් ජන නායක අතිගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමනි ත්‍රිරවිධ රත්නයේ ආරක්ෂාව ලැබී ඔබතුමාට ඉතාම ඉක්මනින් සුවය ලැබේවායි මම මගේ මුළු හෘදය ශාක්ෂියට එකඟව අවංකව ප්‍රාර්ථනා කරමි. එතුමා මුලින්ම දේශපාලන පක්ෂයක් හදාගෙන චන්දය ඉල්ලූ වෙලාවේ මම ඇතුළු අපේ පවුලේ සියළු දෙනාම ආගමික වතාවත් කර උදෑසන එතුමාට චන්දය ප්‍රකාශ කලේ එතුමා දිනනබවත් එන් පසුව මේ රටට සෞභාග්යනමත් සමයක් උදාවන බවත් සිහින දකිමින්.එත් මෙරටේ බහුතර කුහක ආත්මාර්ථකාහී බලලෝභී පිරිස ඒ උදාර අරමුණ ව්‍යාජව කඩාකප්පල් කරලා දාලා ඔබකුමාට නින්දා අපහාස කර ඔබතුමා නිකරුනේ සිරගත කරලා.ඔබතුමාගේ අද දවස අපායක් කරලා. මට මේ මනුස්ස ලෝකේ ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ අනේ මේ මගේ තිරිසනුන් එක්ක ඉපදෙන්න තරම් මම පවු කරලා තිබුනනේ කියලා හිතෙනවා.තව දේවල් හිතේ තියෙන ආවේගයට ලියවුනොත් ඒක ප්‍රසිද්ධ මාධ්‍යයකට උචිත නොවන බැවින් ඒ ගැන හිතා නිහඬ වෙනවා. ඒවා සියල්ල සාපයක් වී අදාළ අය වෙත යොමුවේවි

:       0       0

ෆාරු Thursday, 10 May 2012 11:18 AM

නිකං ඕන්නැති කතා කියන්න එපා හරිද?

:       0       0

වසන්ත Thursday, 10 May 2012 11:59 AM

අනිත් සිර කරුවන්ටත් නවලෝකේ ඉන්න දෙනවද එහෙනම්? මොකද නීතිය කාට උණත් එක වෙන්න ඕනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 264 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 178 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 938 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 1198 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 1197 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 327 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 137 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 36 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1073 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site