හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට තවදුරටත් නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) අවසර දුන්නේය. ෆොන්සේකා දිගටම නවලෝක රෝහලේ ඉන්න ඉඩ දෙනවාද නැද්ද පිළිබඳව අද (9) අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහි දී එම විනිසුරු මඩුල්ල ෆොන්සේකා ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ නිර්දේශ ඉදිරිපත් වන තුරු ඔහුට නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දෙමින් ඉකුත් අප්‍රේල් 25 වැනි දා කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නියෝග කෙළේය. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ නව ලෝක රෝහලේ දී විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ ප්‍රතිකාර ගන්නා ඔහුට කොළඹ ජාතික රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත නොහැකි බවයි. නීතිපති වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේ දී ෆොන්සේකාගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගැටළු ඇති වන බව බන්ධනාගාර කොමසාරිස් පෙන්වා දී ඇති බවයි. පෙනහළු රෝගයක් හේතුවෙන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ෆොන්සේකා කොළඹ ජාතික රෝහලට මාරුකර යවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කෙළේ ඉකුත් හතර වැනිදාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් සිර කරුවන්ටත් නවලෝකේ ඉන්න දෙනවද එහෙනම්? මොකද නීතිය කාට උණත් එක වෙන්න ඕනි
රට දැය සමය බේරාගත් උතුම් ජන නායක අතිගරු ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමනි ත්‍රිරවිධ රත්නයේ ආරක්ෂාව ලැබී ඔබතුමාට ඉතාම ඉක්මනින් සුවය ලැබේවායි මම මගේ මුළු හෘදය ශාක්ෂියට එකඟව අවංකව ප්‍රාර්ථනා කරමි. එතුමා මුලින්ම දේශපාලන පක්ෂයක් හදාගෙන චන්දය ඉල්ලූ වෙලාවේ මම ඇතුළු අපේ පවුලේ සියළු දෙනාම ආගමික වතාවත් කර උදෑසන එතුමාට චන්දය ප්‍රකාශ කලේ එතුමා දිනනබවත් එන් පසුව මේ රටට සෞභාග්යනමත් සමයක් උදාවන බවත් සිහින දකිමින්.එත් මෙරටේ බහුතර කුහක ආත්මාර්ථකාහී බලලෝභී පිරිස ඒ උදාර අරමුණ ව්‍යාජව කඩාකප්පල් කරලා දාලා ඔබකුමාට නින්දා අපහාස කර ඔබතුමා නිකරුනේ සිරගත කරලා.ඔබතුමාගේ අද දවස අපායක් කරලා. මට මේ මනුස්ස ලෝකේ ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ අනේ මේ මගේ තිරිසනුන් එක්ක ඉපදෙන්න තරම් මම පවු කරලා තිබුනනේ කියලා හිතෙනවා.තව දේවල් හිතේ තියෙන ආවේගයට ලියවුනොත් ඒක ප්‍රසිද්ධ මාධ්‍යයකට උචිත නොවන බැවින් ඒ ගැන හිතා නිහඬ වෙනවා. ඒවා සියල්ල සාපයක් වී අදාළ අය වෙත යොමුවේවි
ෆොන්සේකා මහතාණෙනි, ඔබට ඉක්මන් සුව!
ඔබට ඉක්මන් සුව!
මේවා දකිද්දි අපිටත් තද වෙනවා.මේ උතුම් මනුස්සයෙක්.ඔබට ඉක්මන් සුව!
මට මේ ලගදි දකුණු අප්‍රිකානු කළු ජාතිකයෙක් මුණ ගැසුනා මා සේවය කරන ස්ථානයේදී. ඔහු මගෙන් ඇහුවා මොන රටේද කියා. මම කිව්වා ශ්‍රී ලංකාවෙ කියලා. එවිට ඔහු මගෙන් ඇහුවා ජෙනරාල් සරත් ෆොන්සේකාගේ තත්ත්වය කොහොමද කියලා. මම නිහඩ වුණාමයි එවිට ඔහු ප්‍රකාශ කළේ ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ තවත් නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් කියලා.
දත් එද්දි විදුරුමස් රිදෙනවා
මෙතුමාගේ හයියෙන් තමයි අපේ කොල්ලෝ දිනුවේ
නෙල්සන් තමුන්ගේ කොන්ද පනනැත. පොඩ්ඩක් හොඳට බලන්න
මේ අයිතිවාසිකම් හිරේ ඉන්න අනික් අයටත් දෙන්න ඕනි
කොන්ද පණ ඇති වීරයාණෙනි ඔබට ජේසු පිහිටයි
අනෙක් සිරකරුවන් දෙස බැලූ කල ලංකාවේ ඉපදීමත් ලැජ්ජාවට කරුණක් යැයි සිතේ
සිංගප්පූරු ගිහින් ප්‍රතිකාර ගන්න ඇයි ජෙනරාල් තුමාට අයිතියක් නැත්තේ?
ශ්රී ලාංකිකයින් හැටියට මේ වෙන දේවල් ගැන අපිට නම් ලැජ්ජයි
නිකං ඕන්නැති කතා කියන්න එපා හරිද?
ඔබ සැවොම උසස් පුද්ගලයින්
සිංහයෙක් වගේ පුද්ගලයෙක්
නිකං කට තිබුණු පලියට දොඩවන්න එපා. අපිව බේරා ගත් වීරයා කොයි ලෝකෙන් ආවත් අපිට රජෙක් තමයි
නවලෝකෙට එන්න කලින් හිටියේ මොන ලෝකෙද?
ෆොන්සේකා රෝහලේ. කරුණා, කේපී ආණ්ඩුවේ
රට ත්‍රරස්ත වාදීන්ගෙන් බේරා ගැනීමට කොටස්කරුවෙක් වුණ ජනරාල්තුමනි ඔබතුමාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.
ඔබට ජය. ඔබයි අප ගලවාගත් වීරයා.
ඉක්මනට සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා
අගවිනිසුරුතුමියට ස්තුතියි.
තණකොළ නොබුදිති සිංහ පැටවු